Friday, June 20, 2014

මයිනහම සීරුවෙන්


දර්ගා නගරයේ ගිනි පුපුරු නිවී ඇත.ඒ මතු පිටින්ය.ඒත් මයිනහම සීරුවෙන් සිටියි.ඇවැසි වූ සැනින් යළිත් එය අවුලවන පිණිස අදින්නට පටන් ගන්නවා සැක නැත.

හුග දෙනෙක් සිංහල බෞද්ධයෝය.සරලම බසින් කියන්නේ නම් ඒ නිසා පොරවල් ඔවුන්ය.අනිත් අය හාල් පාරුවෝය.එසේනම් මේ හාල් පාරුවන්ගේ පැවත්ම තීරණය කිරීම පැවරෙන්නේ මේ පොරවල්වලට ය.නමුත් මේ අය කරන්නේ ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යය සාධක සැපයීම පසෙක ලා ඔවුන්ට බයේ කෑ ගැසීමය.වියරුවෙන් පහර දෙන්නට මං සෙවීමය.පොරක් එසේ වන්නේ ඒ පොරකම ඇතුළත ඇති හීනමානය නිසාම විය යුතුය.

මේ හීනමානයට හේතුව තමන් ඉන්නා මතය පිළිබදව ඇති අවිශ්වාසයය.නැතිනම් දෙගිඩියාවය.බුදු දහමේ හැටියට සියළු සත්වයෝ නිදුක් විය යුතුය.මිනිසා වසලයෙකු හො බමුණෙකු විය යුත්තේ ක්‍රියාවෙන්ය.මේ දර්ශනය තුළ බුදු හාමුදුරුවෝ "මේ දර්ශනය ගෙන හැර පාන්නේ ලෝකයටමය.බෞද්ධයන්ට පමණක් වලංගු විය යුතු බව හෝ සියල්ලෝම බෞද්ධයෝ විය යුතු බව වත් නොකියති.අවබෝධ කර ගැනීමේ ස්වභාවය නැණ පමණින් යැයි කියන්නේ ද ඒ නිසාය.

දැන් පැහැදිළි වන්නේ පොරවල් මේ දර්ශනය අවබෝධ කර ගෙන සිටින නැණ පමණමය.ඔවුන්ට අනුව සිංහල බෞද්ධයන්ට පළමු තැන හිමි විය යුතුය.නීතිය සහ සියල්ල සැකසිය යුත්තේ එලෙසය.සුදුස්සාට නිසි තැන ලැබීම සළකා බැලිය යුත්තේ ඉන් අනතුරුවය.බෞද්ධ හිමිනමක් ගමන් කරනා මගක ඔහුට ප්‍රථම කිසිවෙක් නොයා යුතුය.එය සිංහල බෞද්ධ නොවන්නේනම් තවත් බරපතලය.එවැනි අවස්ථාවක පහර දීමකට ලක් වූවේ නම්,ඉන් මිදීමට උත්සාහ නොකළ ගුටි කෑම සදහා ගැලපෙන ඉරියව්වකින් නොසැලී පිළිමයක් සේ සිටිය යුතුය.

මෙවැනි පහර දීම් අපට අනුව හිංසනය වුව,මේ දත් පමණින් ආගම තේරුම් ගත් අයට අනුව එය අයිතිවාසිකම් ය.සියල්ල අතහැර යන බව පදනම් කර ගත් අනිත්‍ය පිළිබදව මෙනෙහි කරන දහමක,අයිතිය ගැන කරන ප්‍රකාශ බහුලය.මෙම අයිතිය වෙනුවෙන් එනෙකා මරා හෝ කටයුතු කළ යුතුය යන්න පිළිබද කරන ප්‍රකාශ කොතෙකුත්ය.

මට බෞද්ධාගමේ තියෙන සියළු ගාථා මතක නැත.මතක තියා ගන්නට අවශ්‍යයද නැත.මා උදේ හවා බුදුන් වදින්නේ නැත.සිල් නොගනිමි.එහි වටිනාම දේ සියල්ලෝ නිදුකින් නිරෝගිව සුවයෙන් සිටිනු දැකීම වෙනුවෙන් කරන උත්තරීතර පැතුමය.එහිදී සියල්ල දෙස එසේ බලනු විනා අන් ජාතීන් දෙස සහ ආගමිකයන් දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් බැලීමට මම කැමති නැත.

මට මගේ දේවල් අත හරින්නට පුළුවන.මේ රටට  මට වඩා සේවයක් වන්නේ යැයි කුමන හෝ මාධ්‍යයකින් වන්නේ නම් ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් මට ඒ පරිත්‍යාගය කළ හැකිය.එසේ කළ අවස්ථා ද ඇත.මම හිතන්නේ ඒ බෞද්ධකම කියාය.එය කුමන හෝ වෛරී සංවිධානයක ගැත්තෙක් හෝ ඉත්තෙක් වී සෝදා හරින්නට මා අකමැතිය.

ඒ නිසාම දර්ගා නගරයේ සිදුවීම හරහා මම කම්පාවට පත්වන්නේ බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස් කළ දේ පිළිබදවය.අනෙකාගේ වපසරිය කවරේද යන්න බෞද්ධයා විසින් සිංහලයා විසින් දමන සීමාවන් තුළ නිර්නය කරන්නට දීම සහ එසේ අදහස් වන ප්‍රකාශ කිරීමම හානිකරය.මෙය දේශපාලන කියවීමක් වන්නේ නම් එයින් ඇති වන ප්‍රතිපලයන්ට අනුව ලොව පුරා විසිරී සිටින ලාංකේය පිරිස් වලට ඒ රටවල වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේ අයිතිය අහිමි වුව හොත් කරන්නේ කුමක්ද යන්නත් ඒ දේශපාලනය තුළ ප්‍රකාශයට පත් විය යුතුය.දැනට ක්‍රියාත්මක සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාර කිසිවක් එය විග්‍රහ කරන්නේ නැත.

ධර්මය බඩ ගින්නේ අවබෝධ කර ගත නොහැකිය.නමුත් දැන් සිදු වන්නේ හිස් බඩවල් වලට වෛරය පිරිවීමය.සැබෑ ධර්මය අවබෝධ කර දීමට යාම මුනින් අත හැර වූ කළයකට වතුර වැක්කිරීමක් බදු වන්නේ එබැවින්ය.මිනිසුන්ට ඇති සමාජ දේශපාලන සහ ආර්ථික ගැටළු හමුවේ ඇති කළකිරීම නිසා ඇති වූ හිස් බව ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් පුරවා වෛරයේ ගිණි පුපුරු ඒ මත තබා මයිනහම ඇදිම මේ මොහොතේ ස්වභාවය වී ඇත.එවිට රත් දැල්ලේ යකඩය තැලී පණ ගැසී නිර්මාණය වන්නේ සැබෑ ගැටළුකාරී තත්ත්වයන් කපා දැමීමට අවශ්‍යය ආයුධ නොවේය.පවතින බඩජහරි දේශපාලනයට ඇවැසි අවිය.

මේ කොන්ත්‍රාත්තුව පිණිස ලොව අවිහිංසාවාදීම සහ ප්‍රජාතන්ත්‍රවාදීම ආගමික දර්ශනය බිලි වෙමින් තිබීම ඛේදයකි.එයින් ඈත් වීමට කළ හැකි දේ සැබෑ බෞද්ධයන් වීමම පමණි.උදේ හවහ බුදුන් වැදීමෙන්,දන්නා සියළු ගාථා එක හුස්මට කියැවීමෙන් හෝ මේ තත්ත්වය නිර්මාණය කළ නොහැකිය.සියළු සත්වයන්ට නිදුක්,නිරෝගි බව පතමින් සුවය ප්‍රාර්ථනා කිරීම ඒ සදහා ඇති එකම විකල්පය වන්නේය.

එහෙත් වරින් වර ඇදෙන මයිනහමට ගිනි පුපුරු ඇවිලී පණ ගැසී එන බව අපි දකිමු.ඇතැම් විට ඒ ගිණි පුපුරු වලින් අප ද දැවී අළු වි යා හැකිය.එහෙත් එකක් සහතික කර ලියා තැබිය යුතුය.මේ මයිනහම ඇද පණ පොවා ජාතිවාදී ආයුධයක් තැනීමට නම් මගේ හදවත නම්‍යශීලී නොවෙන බව සහතිකය.

එසේම මම සිංහලයා බෞද්ධ විය යුතුව ඇතැයි විශ්වාස නොකරමි.විශෙෂයෙන් ඕනෑම ජාතියක අයෙකුට බෞද්ධ වීමේ හැකියාව සහ අවස්ථාව ඇති බව මගේ විශ්වාසය වන්නේය.බුදුන් වහන්සේට ද ජාතියක් හෝ කුලයක් නොතිබිණ.බෙදීම් වලින් වන්නේ නිරනත්රයෙන් පාර්ශවයක් හෝ පාර්ශව ගණනාවක් පීඩාවට පත් වීමය.එහෙත් අද රටේ ක්‍රියාත්මක වන බෞද්ධාගම කුල මත පදනම් නිකාය වලට බෙදී ගිය ආගමක් වී ඇත.නිවැරදි බුද්ධාගම ස්ථාපිත කිරීමේ විප්ලවය එසේනම් ඊට පෙර ඇරඹිය යුතුය.සිංහල බෞද්ධයා රැකීමට පෙර කුල පදනම් නිකාය සහිත බුද්ධාගම බෞද්ධ නිකාය බවට පත් කිරීම පළමුවෙන් ඇරඹිය යුතුය.

හැකිනම් දර්ගා නගරයට පිවිසෙන්නට පෙර බෙදීම් වලින් තොර එක දර්ශනයක් සහිත ආගමක් ලෙස බෞද්ධාගම එහි සැබෑ ස්වරූපයට ගෙන එන්න. එය නුතණ බෞද්ධාගමේ සැබෑ අභියෝගය වන්නේය.

17 comments:

  1. ලියල තියෙන දේ සහතික ඇත්ත . ධර්මය මිත්‍යාවක් බවට හරවගත්තු සුළු පිරිසක් නිසා මුළු මහත් ලෝකයේම ගෞරාවයට පාත්‍ර වූ දර්ශනයක් අගෞරවයට පාත්‍ර වීම කිසි සෙත් අනුමත කල නොහැකි දෙයකි.

    ReplyDelete
    Replies
    1. චිවරයට ගරු කරල මිනිස්සු ගොඩක් වෙලාවට නිශ්ශබ්දව හිටියා.වටරැක විජිත සිද්ධියෙන් පසුව ඒ ගැන තිබෙන ගෞරවයත් අහෝසි වෙමින් පවතින බව පේනවා.මේ තත්ත්වය ඇති කරන්නෙ බොදු හාමුදුරුවොත් බුද්ධාගම තමන්ගෙන් ඉල්ලගත්ත වගේ ඉන්න පාදඩයන් පිරිසක්.හැබැයි කවද හරි දවසක මේ මනුෂ්‍යත්වයට නිගා දෙමින් මුන් කරන මේ කුපාඩිකම් වලට වන්ද ලැබෙන කොට මේ රටේ බෞද්ධාගම අතහැර ගිය පිරිස් වැඩි වී තිබෙයි

      Delete
  2. රටේ නීතිය රැකගන්න බැරිනම් ආණ්ඩුව කුමටද?
    මේ බොඩු බල්ල සෙන්නා ගැන කට නොහොල්ලන මහනායක වාහෙලා කුමටද?
    මුං සේරම හොරු.

    ReplyDelete
  3. නිශ්මා...මේ ලිපියේ ඡේදයෙන් ඡේදයට දෙසැරයක් කියෙව්වා. මේ ලියන්නේ මටම හිතෙන සිතුවිලි නේද යැයි කල්පනා වුනා. ඒ සිතිවිලි හරි ලස්සනට අකුරු කරලා. උඹ සැබෑ දක්ෂයෙක්. නිවැරදිව හිතන්නත්, නිවැරදිව ලියන්නත් හැමෝටම බැහැ. ඒ නිසා තමයි උඹ බ්ලොගට සීමා නොවී නැවත පත්තරයකට ලියන්න ඕන.

    මේ බල්ලන්ටත්, බල්ලන්ට කන්න බොන දෙන අයටත් දිනෙක දඬුවම් ලැබේවී. මනුස්සයෙකුට මනුස්සයෙක් ගරු නොකරනා තාක් කල් මේ අවනඩුව, ආගමික මතයන් හෝ අදහස් තුලින් විසඳන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක මගේ පත්තර අනුන්ගෙ අරූ

      මම ස්පෝර්ට්ස් වෙබ් එක කරද්දි වුණත් ක්‍රීඩා කේෂ්ත්‍රයෙ අය ඔය දේ කිව්වා.

      හැබැයි එහෙම ලියන්න පුළුවන් මගේ දෙයක් හදා ගන්න කවුරුත් මාව රකින්න ආවෙ නැහැ.මිනිස්සු ඉන්නෙ (උඹට නොවන බව තදින් සදහන් කරමි)තමන් වෙනුවෙන් අවදානම ගන්න මිනිහ පාවිච්චි කරල තමන්ගෙ වැඩේ කර ගන්නයි.ඒ මනුස්සය ජීවත් කරවන්න අවශ්‍යය නැහැ.මේ ඛේදවාචකය ඇතුළත ක්‍රීඩාවේ මාධ්‍ය අරගල අදේශපාලනික වෙනවා.අතාර්තික වෙනවා.බලං ඉදල හූල්ලනවා ඇරෙන්න කිසි දෙයක් කරන්න බැහැ.

      ඒ වගේම මාධ්‍ය තුළ ඉන්න අයත් එහෙමයි.අපි පය තියෙනවට බයයි.ඒ නිසා ලොසින්ජර් දෙමින් කාලය මරනු මිස අපේ වචනයක් හෝ අකුරක් මාධ්‍යයට එකතු වන්නට දෙන්නේ නැහැ.

      මේ මිත්‍යාව ඇතුළෙ පිණුම් ගහන්න ඕනි නැහැ අරූ.මේක හොදයි.අපේ හදවත විවර කර තබන්න වේදිකා කිහිපයක් තියෙනවා.මේ දවස්වල උඹලගේ උදව්වෙන් කර ගෙන යන ඩ්‍රාමා එකත් එහෙම එකක්.

      Delete
  4. ආගම් අරහං....! අපි නිදහස් මිනිස්සු...!!

    ReplyDelete
    Replies
    1. ඒත් කාටවත් ආගම අදහන්න එපා කියලා නීති දාන්න ඕනි නැහැනෙ සුමිත්.මේක ඇදහීමක් නෙවෙයි වද දීමක්නෙ

      Delete
  5. මෙතැන් වරද ආගමේ නෙවෙයි නීතියේ , මම හිතන්නේ නිශ්මන් කියන්න හදන දේ එකමයි, ආගම නීතියක් කරගත්ත මිනිස්සු නිසා තමයි ලෝකෙටම මේ වින්නැහිය වෙලා තියෙන්නේ,

    ප්‍රශ්නය ඇති කරපු සහ ප්‍රශ්නය නිසා අනවශ්‍ය ලෙස ආවේගශීලී වූ දෙපාර්ශවයම මෙතන වැරදියි. අනවශ්‍ය ලෙස කුපිත කරවන්නන්ට සහ කුපිත වී වලන් කඩේට පැනපු ගොන්නු වගේ හැසිරෙන සියල්ලන්ට දඬුවම් කල යුතුයි, එත් ඉතින් එක කරන්නට කෝ නීතියක්

    ReplyDelete
  6. උඹ හරි නීතියක් නැහැ මචං.නීතිය එකිනෙකා කෙරෙහි බලපාන ආකාරයෙ වෙනස තමයි මේකට ප්‍රධාන හේතුව

    ReplyDelete
  7. රටක නීතිරීති සකස් විය යුත්තේ ආගම් ජාති අනුව නොව මිනිස් අයිතීන් සහ වගකීම් අනුවය. ඉන්පසුව ඒවා සියල්ලන්ට එකසේ ක්‍රියාත්මක විය යුතුය. රටක නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොවීමේ භයානකම අවස්ථාවකට තමයි අපි ඇවිත් ඉන්නේ. දේශපාලකයෙකුට, බලපුළුවන්කාරයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීමේ පුරුද්ද, ජාතිවාදයට, අන්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම දක්වා ආ කල ඇතිවන ප්‍රතිඵල අතිදරුණුයි.

    ReplyDelete
  8. පැහැදිළියි සහෝදරයා මේක දේශපාලනික උවමනාවන් මත රටේ පවතින පොදු ගැටළු ජනතාවට අමතක කරවීමට දෙන නිදි ගැන්වීමේ එන්නතක්

    ReplyDelete
  9. රජය විස්න් බුද්ධාගමට මුල් තැන දෙන්න ඕන කියලා ව්‍යවස්ථාවෙම සඳහන් වෙලා තියෙනවා. ඒක ලිව්වේ වර්ගවාදී චම්පිකවත්, නානසාරවත්, ගොම්මන්පිලවත්, දත් දොස්තරයවත්, ආචාරය නලීන්ද සිල්වාවත් නෙමෙයි. මාක්ස්ලගේ ලෙනින්ලගේ පුතෙක් වෙච්චි කොල්වින් ආර් ද සිල්වා.

    එවන් රටකට කවදා පායයිදෝ සූර්යයා..

    ඉතින් රාජ්‍ය අනුග්‍රහයෙන් ගේම් දෙනකොට ඔහේලා කළබල වෙන්න එපා.. ඒ පැත්තේ ඉන්න නියම සිංහල බෞද්ධ එකෙක්ගෙන් ඇහුවම, මාර කළකිරීමක් ඇති වෙනවා..

    ReplyDelete
    Replies
    1. අපි එංගලන්තෙන් අරං ආපු සමාජවාදයනෙ කළේ.දේශපාලන සම්බන්ධකම් මත සහ ආර්ථික හැකියාවන් මත එංගලන්තයට ගිය අය සමාජවාදී දේශපාලනේ අරං ඇවිත් ඒකෙ අයිතිකාරයො වුණා.

      දෙපැත්තම එකම පංතියක නායකයො යටතෙ හැදුණා වැඩුණා

      ජේවීපී තමයි ඒක වෙනස් කළේ,ඒත් එයාලත් අන්තිමට මේ දෙපැත්ත එකක් කියලා නොගෙන මහින්දටයි චන්ද්‍රිකාටයි අහු වුණා.

      Delete
  10. ආගම්,ජාති විදියට තියෙන මේ බෙදීම තියෙන තාක් කල් මේ විගඩම් කාලෙන්,කාලෙට එක එකවිදියට එළියට එවි.
    වැදගත්ම දේ රටේ නිතිය එක ලෙස ක්‍රියාත්මක නොවීමේ ඛෙදවචකයයි.අධ්‍යාපන,වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන නිතිය මේ වගේ අන්තවාදීන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවීම ගැන ආණ්ඩුව වගකීම ගත යුතුමයි.

    ReplyDelete
  11. දකුණු අත වැරදි කළා කියලා වම් අතින් කපලා දායිද?

    ReplyDelete
    Replies
    1. ඔව් එකත් ඇත්ත.ආණ්ඩුව කරන වැරදි වලට ආණ්ඩුව තමන්ටම දඩුවම් කරනගන්නේ නැහැ.ආණ්ඩුවට දඩුවම් කරන්න ඕනේ අපි ජනතාව ජන්ද බලයෙන්.

      Delete