Saturday, June 7, 2014

අසිරිමත් උපත




මට පෙරේදා රාත්‍රියේ අමුතු තරු අහසේ පෑයු බවක් මතක නැත.සමහර විට අහස බලන්නට අමතක වීම නිසා එවැන්නක් සිදු වන්නට හැකි නිසා මම ඒ ගැන නොසළකමි.එහෙත් පෙරේදා හවස්වරුවේ සිට අනුරාධපුර රෝහල ලුම්බිණි සල් උයන මෙන් සරසෙන්නට ඇත.පුරුෂ ලිගුවක ආනුබාවය ගැන සදහන් නොමැති ඇත් පැටවෙක් නෙළුමක් නැති නම් අඩු තරමේ ගදපාන මලක් හෝ ගෙන ගර්භයට වැද ඇති කළ කළලයකින් ඈ දරුවෙක් වදන්නට විලි රැදා සැදී උන්නාය.අෑ නිරෝෂා ය.නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානි නොහොත් නයි නළගනය.

සිද්ධිය එසේ නොවන්නේනම් ඇය මරියා ට අත් වූ ඉරණමට මුහුණ දුන්නාද?ජුසේ ගෙ නිශ්පල බව තිබියදීම දෙවියන් අතින් ඇය ගැබ් ගත්තාද?මෙන්න මෙවැනි බොහෝ හැගීම් පහළ කරමින් බ්‍රේකින් නිව්ස් පවා යොදමින් නිරෝෂාගෙ දරු උපතට සූදානම් වීමේ සිට ජනමාධ්‍ය පෙළහර පාන්නට විය.විලියම් කුමාරයාට දාව කේට් කුමරිය පැටවා ගැසීම තරමටම මේ පුවත වැදගත් වූයේ මන්ද?

එයින් පැහැදිළි වන්නේ අපේ ජනමාධ්‍ය ප්‍රධාන ධාරාවේ ප්‍රශ්න වලින් දුරස්ව,  කුණු රසය වැළදීමට පාඨකයාව හුරු කිරීමට දක්වන කැමැත්තයි.මතු පිටින් සරලව පෙණුන ද එය දේශපාලනික කාරණයකි.එසේම මාධ්‍යකරුවාගේ සදාචාරයේ වර්ගපලය හැකිලී යාමකි.

නිරෝෂා යනු අපේ සදාචාර බසින් හදුන්වන විට බඩුවකි.බඩු නරකය.බදින්නට නම් ගැලපෙන්නේම නැත.බඩුවක් කරන්නේ නීතියට අනුව වැරද්දක් නිසා මේ විදිහට කියන්නට තරම් අපේ සමාජය නීති ගරුකය.මාධ්‍යද මේ සාමාන්‍ය ජනයා ගණයට වැටි ජඩ වීම යුතු ද යන්න නිරෝෂාගේ ගැටළුවත් සමග මට මාධ්‍ය ගැන පැන නගින ගැටළුවයි.

නිරෝෂා සැගවි සිටියේ කාලයක් නයා ගෙන් පසු ඇය ගැන නයාගෙ කතාව ඉක්මවා ජනමාධ්‍ය විසින් වැපුරූ දේ නිසාය.ඇයගේ පෞද්ගලික ජීවිතය පත්තර වලින් තරු මැරූ බොහෝ දෙනෙක් කල්පනා කළේ ඇයට දෂ්ඨ කරන්නේ නොහොමද කියා ය.මේ තත්ත්වය නිසා ඇයගේ ජීවිතයට පිරිමි කෙනෙක් අයිති කර ගන්නට නොඑන තත්ත්වයක් උද්ගත වූ අතර හැමෝටම අවශ්‍යය වූවේ ගොඩ වී බැස යන්නටය.

ඒ තත්ත්වය තුළ දැන් ඇයට දරුවෙක් ලැබෙන්නට යන්නේය.දරුවෙක් ලැබිලාය.මේ දරුවා ගොඩ වී බැස ගිය අයෙකු විසින් අමතක වී දමා ගිය දෙයක්ද?එසේත් නැතිනම් ඇයව කවුරුන් හෝ විවාහ කර ගැනිම නිසා ලැබුණු දෙයක්ද?

පළමු තත්ත්වය තුළ දී කාරණය දෙවිදිහකට විය හැකිය.දරුවා කාගේද කියාවත් දන්නේ නැති වන්නට ද පුළුවන.එසේම කවුරුන් හෝ ඇයව අනියම් බිරියක් ලෙස තබා ගෙන තබා දුන් දායාදයක් ද විය හැකිය.එසේ නොවී ඇයව සෙනෙහසින් පෙර වැරදි අමතක කර ආදරයෙන් භාර ගත් අයෙක්ට දාව මේ දරුවා උපන්නේ නම් දැන් මේ මාධ්‍ය සිදු කරන්නේ සාමාන්‍ය සමාජයට ඔහු අනියමින් පොන්නයෙක් කර හදුන්වා දීමය.

මොකද සාමාන්‍යයෙන් ඒ උත්තරිතර පිරිමි කමට සමාජය කියන්නේ එසේය.ඒ මතය වෙනස් කරන්නට ජනමාධ්‍ය කිසිවක් නොකරන අතර ඔවුන් කරන්නේද ගැහැණියගේ ලේ බිංදුව ලෙව කන්නට බලා සිටින තිරිසන් සමාජයේ තෘප්තිය වෙනුවෙන් කන්‍යාභාවය දේවත්වයට පත් කර සැළකීමය.මේ දෙවිවරු විසින් හොලවන ලේ අනාත භාවයේ ගිලෙන බව කියමින් සහ සිතමින් ඊට එරෙහිව වචන පාවිච්චි කරන්නට මාධ්‍ය සදාචාරයේ ඉඩක් නැත.

නමුත් නිරෝෂා වැන්නියක් යළි යළිත් දූෂණය කිරීමට මාධ්‍ය සදාචාරයේ ඇති ඉඩ නම් ඇදෙන සුළුය.නිශ්චිත වර්ගපලයක් නොමැති ඒ ඉඩ කුණු ඔබන්නට ඔබන්නට පුළුල් වෙමින් පිරිමින්ට ස්වයං විනදනය පිණිස සහ ගෑණුන්ට කම්බුලේ අත ගසා ගෙන සදාචාරය ගැන කියන්නට ඕන තරමට කරුණු සම්පාදනය කර දෙන්නේය.

දැන් නිරෝෂා මාතෘකාව කර ගනිමින් මාධ්‍ය කරන්නේ ඇයට පෙර ජීවිතයෙන් ගැල වී යන්නට ඇති ඉඩ වසා දැමීමය.යළිත් ඇය බඩුවක් කිරීම හෙවත් බඩුවකට යහපත් ජීවිතයකට ප්‍රවේශ වීමට ඇති අයිතිය අවලංගු කිරීමය.උදේ හවා බුදු බණ පැතිරෙන රටක බඩුවයි කියා කොන් කරන චරිත වලට ද හරිනම් ගෞවරණිය ජීවිතයකට අයිතිය තිබිය යුතුය.

බුඩුව හෑල්ලුය.ඒකට අනින බඩු කාරය‍ා පට්ටපොරය.සමාජය සැකසී තිබෙන්නේ මේ විදහට ය. මාධ්‍ය ඊට එරෙහිව කැරළි ගැසිය යුතු වුවත් සිදු වන්නේ සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ඨියෙන්ම නිරෝෂ දෙස බැලීමය.ඇය නළගණක ව සිටීම අයථා ලිංගික සබදතා සහිත ජීවිතයක් පැවතීම නිසා ඇයට විවාහ වන්නට හෝ දරුවෙක් වදන්නට හෝ අයිතිය අහිමි කිරීම අපේ මාධ්‍ය සංස්කෘතිය වී ඇත.

එසේම මේ වාර්තාකරණයේ තියෙන අනිත් කාරණය උපදින දරු පැටවාට ගෞවරවණීය ජීවත්වීමේ අයිතිය ගර්භාෂයෙන් එබී බලන්නටත් පෙරම අහෝසි කර දැමීමය.ඇය හෝ ඔහු දෙස කාලකණ්නි සමාජයට බඩුකාරයාගේ දුව හෝ පුතා දෙස බලන්නට සමාජය හුරු කිරීමය.මම ඊයේ රාත්‍රියේ දැන ගත් පරිදි වෙලේ සුදාගේ දියණියන් දෙදෙනා ඔවුන් ඉගෙනගත් පාසල් වලින් ඔහු කුඩුකාරයෙක් බව දැන ගත් විට ඉවත දමා ඇත.ඊට පෙර එම දරුවන් දෙදෙනා පාසල් සංවර්ධන අරමුදලට පරිත්‍යාගග කරන කොට ගත් මුදල් ද වෙලේ සුදාගේ කුඩු වලින් ලද ඒවාය.එසේනම් ඒ මුදල් ගෑවුණු ගෑවුණු තැන් කඩා පිළිසකර කළ යුතුය.

වෙල‍ේ සුදාගේ කතාවේ ඔහු අධ්‍යාපනය සම්බන්ධ අයිතිය නොලද අයෙකි.ඒ පරපුරට ලැබුණ උරුමය සුදාගේ දූවරුන් ද ගත යුතු බව සිතන ගුරු මෑණිවරුන් ගැන කවර කතා ද?මාධ්‍යයට මේවා පුවත් වන්නේ අඩුවෙන්ය.වෙලේ සුදාගේ දූලා ට ඔහොම්ම වෙන්න ඕනි කියන සාමාන්‍ය කුහක සහ වෛරී සමාජ මතයේම මාධ්‍යය සිටීම එයට හේතුව වන්නට පුළුවන.එහෙත් ඒ දි්‍යණිවරුනටත් වන්නේ සුදා මෙන්ම සමාජ විරෝධි කටයුත්තකම නියැලෙන්නට නම් ඔවුන්ව පාසලෙන් එළියට වීසි කළ විදුහල්පති මෑනියන්ගේ ද දරු පරපුරේ අය ද ඊට ගොදුරු වීමට ඉඩ ඇත.ඒ වැනි අවස්ථාවක මතක් කළ යුත්තේ ඒ දියණිවරුන්ගේ මාතාව නොව ඒ අහවල් දේ කළ යුත්තේ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහොසි කළ ගුරු මෑනියන්ටය.

දැන් නැවතත් නිරෝෂාගේ දරු උපත අසිරිමත් උපත කර එය විකිණීමට දගලන අය ද කල්පනා කළ යුත්තේ මේ තමන් විසින් විකුණන්නේ මනුස්සයෙක්ට ජීවත් වීමට ඇති අයිතිය බවය.කුණු වූ ශ්‍රක්‍රාණු කදු යට ජීවත් වෙන හැම ගැහැණියක්ම කල්පනා කළ යුත්තේද නිරෝෂාගේ හිස මත කඩා වැටෙන හැම කුණු කන්දක්ම සුළු මොහොතක වෙනසකින් තමන්ගෙ හිසට ද කඩා වැටිය හැකි බවය.පිරිමි සිය ලිංගයේ හාස්කමෙන් දුර්ගන්ධය හමන නිරෝෂාගේ ජීවිතය තුළ පැසවා හැරව ගලන හැම තුවාලයකම ඇත්තේ තමන්ගේ නොහොබිනා කම් බව සිතිය යුතුය.

නිරෝෂාට සහ ඒ පැටියාට ජීවත්වීමට ඇති අයිතිය සථාපිත නොක‍ොට ස්වයං විනද්නයේ යෙදෙන මාධ්‍යකලාවෙ ශුක්‍ර තරලයෙන් බෝ පැල සකස්කිරීමේ ව්‍යාපෘතිය නවතා නොදමන්නේනම් නිරෝසාගෙ පැටියාට නොව සිය පැටි පැටික්කියන්ටද අනාගතයේ හමුවන්නේ මිනිස්ගුණ ධර්ම හිදී ගිය ව්‍යාජත්වය ධර්මද්වීපයක් පමණි.


33 comments:

  1. මාධ්‍ය විසින් ජීවය දී මාධ්‍ය විසින්ම මරා දැමීම

    ReplyDelete
  2. නෑ ඒකිව පටන් ගත්තු දවසෙ ඉදන්ම විකුණනවා

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මචෝ මෙවන් පසු විපරම් මගින් කෙරෙන්නේ ද ඇයට අගතියක් නොවේද? එය දැනට සෑම අංශයකම මාධ්‍ය මගින් වනසා හමාර බව ඇත්ත.

      Delete
    2. මම හිත්නනෙ නෑ මචං එහෙම.
      වෙන්නෙ මොකද්ද කියන එක දැන ගන්නවා එතකොට කිහිප දෙනෙක් හරි.
      විරෝධයක් නැගෙන්න ඕනි නිහඩතාවය තමයි අති භයානක
      මට මතක නැහැ හරියට වචන. බ්‍රෙෂ්ට්ගෙ කවියක් තියෙනවා ඒකේ අදහස අපි අනුන්ට ගහන්න දීලා නිහඩව සිිටින හැටි සහ අවසානයේ ඒ සංස්කාතිය අපිව ගොදුරු කර ගැනීමයි.මේකට විරුද්ධ දෙයක් සහ සිදුවන්නේ කුමක්ද යන්න ගැණත් නොලියනවානම් සිදු වන්නේ දැනට සිදුවෙමින් තිබෙන දේ තර්කයකින් තොරව සමාජය මත පැතිරී යාමයි නේද?

      Delete
    3. මටත් නලින් අයියා අහපු ප්‍රශ්නයම අවා.නමුත් ඔබේ පිළිතුර ඒ ප්‍රශ්නයට හොඳ විසඳුමක් දුන්නා.

      Delete
    4. මේ යුගයේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොද මිනිසුන්ගේ නිහඩතාවය ය

      Delete
    5. මෙය නිශ්මං විසින් නොව මාටින් ලුතර් කිං විසින් කියන ලද්දකි

      Delete
  3. නයි නළගන ගැන ලිපි සහ යුටුබ් වීඩියෝ කීපයක් නරඹා තිබුණු නිසා ලිපිය කියවන්න හිතුණේ. හරිම කණගාටුයි අපේ රටේ තත්වය ගැන. ඔබේ ලිපිය ඇගේ ඇස ගැටුනොත් ඇය ශක්තිය ලබාවි...අපේ රටේ මිනිස්සු මාධ්‍ය ලෝකයේ ඉහලම තාක්ෂණය එක්ක ගනුදෙනු කරන්න උනන්දු උණත්... ආකල්ප වලින් ඉන්නේ ගල්යුගයේ ,ඔබේ ලිපිය තුල සියල්ල පැහදිලි, මට විශ්වාසයි ඇය පහුගිය කාලයේ මිනිස්සුන්ගෙන් බැට කාපු හැටියට ඇය ශක්තිමත්ව දරුවා සමග මුහුණ දේවි ජිවිතයට ...

    ReplyDelete
    Replies
    1. ඇයගේ දරුවාට කරන හානිය තමයි නරකම

      Delete
  4. මේ ගැන කවර කතා ද? කළ හැකිව තිබුණේ එකම දෙයයි අනුරාධපුර බුද්ධිකගෙන් පුවත ලැබිලත් එය පුවත් පතට නොගෙන සිටීමයි.

    ReplyDelete
  5. ජනමාධ්‍ය මේ වගේ සිද්ධි වලට කොහොමත් එකතු වෙනවා ප්‍රසිධ වෙන්න.මට කියන්න තියෙන දේ මේකයි. කන්‍යාභාවය කියන දේ තුල තදින් එල්බගත්තු මෝඩ මිනිස්සුමයි අවසානයේ ගෑනුන්ට වෙන ලිංගික අතවර ගැන බොරු අර්ථකථන දෙමින් සමාජයම පීඩාවට පත්කරන්නෙත්. අවාසනාවකට කාන්තාවන්ගෙන් බොහොමයක් මේ කුහක මිනිස්සුන්ටම වන්දනාමාන කරනවා.

    ReplyDelete
  6. අලුත්ම තත්ත්වය තමයි දැන් මාධ්‍ය වාර්තා කරන, ඇය සහ දරුවා රෝහල තුළ දී මරන්න සැළසුමක් තිබෙන බව.මේ නිසාම ඇය මේ දක්වා සැගවී සිටි බව ද ඒ වාර්තා වලම කියනවා.එතකොට කවුද ඇයව සගවා සිටින තැනින් ඇයගේ පෞද්ගලික ජීවිතයට එබී ඒ සැළසුම් කරුවන්ට ඔත්තුව දුන්නෙ? මාධ්‍ය විසින් නේද?

    ReplyDelete
    Replies
    1. උන් ගොතන බොරු උන්ගේ අතේම පත්තු වෙනවා.

      Delete
  7. මටත් මේ news එක පේන්න බැරි වෙලා තිබුනේ. අපි හරි ලොකුවට නුතන තාක්ෂනය එකක්ක ගනුදෙනු කරනවා අරක් කරනවා මේක කරනවා කියල අපේ ගොඩක් මාධ්‍ය බෙරිහන් දුන්නට මේ වගේ වැඩකට නැති දේවල් වලට දෙන ප්‍රචාරය දැක්කම මට පේන්නේ අසුචි ගොඩවල් ලෙවකන්න ඒ අයගේ තියෙන ආසාව ත් ගල් යුගයේ මානසිකත්වයත් පමණයි.කෝටි ගණනින් වංචා කරන අල්ලස දුෂණය වපුරන අයගේ නමවත් කියන්නට බයවෙන නම් ඇහෙන කොට රෙද්ද පල්ලේ මලපහවෙන ජනමාද්‍යයට මේ වගේ සමාජයෙන් බලහත්කාරයෙන් කොන් කරන ලද කාන්තාවකගේ පුද්ගලික ජීවිතයේ අඩු පාඩු හොයන්න ඉදිරිපත්වෙන්න කිසිම ලැජ්ජාවක් නෑ.ඔය විදියට මහන්සි වෙලා රටේ ඉන්න වංචා කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ කොමිස් කාක්කෝ ගැන ලිව්වනන් මීට ගොඩක් කාලෙකට කලින් අපෙර් රට ඇත්තටම් ලෝකයේ ආශ්චර්යය බවට පත්කරගන්න තිබුන...කොහෙද ඉතින්...

    ReplyDelete
  8. මෙහි ඇත්තම කතාව නම් ජීනා හිරේට ගිිය පසු ඇයගේ පුතා ක්ලියෝපැට්‍රා හි හිමිකරුවන ඇගේ පුතා තෝමස් විසින් තම ව්‍යාපාාරය ප්‍රචලිත කරගන්න නයි නළගන හරහා පුවතක් මැව්වා කියන එකයි. එය ඉහටටත් උඩඩින් මේවන විට සිදුවලො තියෙන්නේ. මාධ්‍ය මැට්ටෝ මේ ළණුව කෑවා දිරවගන්න බැරි විදියට. බ්ලොග් කාරයොත් කැවා ඒ ළණුවේ කොන්.

    ReplyDelete
  9. අපේ හුඟක් දෙනා මධ්‍ය වලින් බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි කුණු දෙයක්.එකයි මේ රටේ ගොඩක් වෙලවට පුවත් වටිනාකමක් ලැබෙන්න ඕනේ දේවල් යට ගිහින් මේ වගේ ඒවා නිව්ස් වෙලා එන්නේ.
    මේ විදියට රටේ ගැණුන්ට ළමයි හම්බ වෙන ඒවා නිව්ස් වෙන.ඒයා පොට් එකට ප්ලෙන් බාන ඒවා නිව්ස් වෙන කිසිම රටක් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ sun වැනි පත්තරත් තියනවා බටහිරත්. ඕප දූපවලට කොයි එකත් කැමතියි අකමැති වගේ පෙන්නුවට.

      Delete
    2. එක ඇත්ත,නමුත් ලංකාවේ බොහොමයක් මාධ්‍ය මුල් තැන දෙන්නේ මේ වගේ නිව්ස් වලට.මම දැක්කා මේ නිව්ස් එක අද ලංකාදීප පත්තරෙත්.

      Delete
    3. මනෝ...යුරෝපය ගොසිප් ගොහොරුවක්. හැබැයි මිනිස්සුන්ට තෝරාගැනීමට ඉඩ තියෙනවා.සන් නම් සන්....ටයිම්ස් නම් ටයිම්ස්..ඒ පොඩි උදාහරනයක් විතරයි.

      Delete
  10. Anonymous හී සදහන් මෙය සත්‍ය වෙන්න පුළුවන්.මෙහි ඇත්තම කතාව නම් ජීනා හිරේට ගිිය පසු ඇයගේ පුතා ක්ලියෝපැට්‍රා හි හිමිකරුවන ඇගේ පුතා තෝමස් විසින් තම ව්‍යාපාාරය ප්‍රචලිත කරගන්න නයි නළගන හරහා පුවතක් මැව්වා කියන එකයි.සමහර විට මාධ්‍ය තෝමස් ගෙ උපායට අහුවෙලා වෙන්නත් පුළුවන්.නැතිනම් දිවිපාර්ශවික එකගතා මත වෙච්චි දෙයක් වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. මේ විස්තර හරියටම දන්නේ මේ පුවත මෑවූ මවුබිම පත්තරේ ඉෂාර රත්නකාර. ඔහු තමා පුවත මැව්වේ.

      Delete
    2. උට පුවත මවා ගන්න වුණේ නැහැ

      Delete
  11. මගේ නයි පැටියට ආස වෙයිද දන්නේ නෑ. පිස්සු හුකන පත්තර කාරයෝ.

    ReplyDelete
  12. //අනාගතයේ හමුවන්නේ මිනිස්ගුණ ධර්ම හිදී ගිය ව්‍යාජත්වය ධර්මද්වීපයක් පමණි.// ඔය අනාගතේ වැඩි ඈතක නම් නෙමේ.

    කතා කල යුතු දේ යට ගසා ගැනීමට මේවා හොද පුවත්නෙ නිශ්මං අයියා.

    ReplyDelete
    Replies
    1. ඒකත් තව ලං කර ගන්න හදන්නෙ බං

      Delete
  13. අපේ මාද්‍යත් හරියට එදා වේල ටුවර්ස් වගේ වෙලානේ දැන්.. ඒ හන්දා ඉතින් මේ වගේ දේවල් වෙන එක ගැන ඉතින් පුදුමයකුත් නෑ..

    ReplyDelete
  14. ලංකාවෙ හැම එකාම කැමති කුණු රහට ඒකයි වෙලා තිවයන්නෙ
    අපේ කිසිම පත්තරයක නෑ
    සැබෑ ප්‍රවෘත්ති වටිනාකමක් ඇති යමක්

    ReplyDelete
  15. ඒ ජීවිතය ඇගේ...බොහොමයක් බදු වලට මෙන් ඇයටත් දුකිත කතාවක් තියෙන්නටද පුළුවන්... ඒවා සොයා බලා ඇය වන දුක්විදින්නියන් උදෙසා යමක් කරනවා වෙනුවට ඇගේ නමින් හම්බ කරනවා පත්තර කාරයෝ..උදවු කරනවා කියා ඇගේ ඇගෙ පහස විදින්න හදනවා තවත් සමහරු...

    ReplyDelete
  16. අද දෙරණ නිව්ස් බැලුවා. ඒකෙත් නයි රිංගලා.
    මේ කොයි යන්නේ.....

    ReplyDelete
  17. ලංකාවෙ නිව්ස්නම් ගොඩක් නයි තමයි.තමන්ගෙ නිව්ස් ගැන අරින නයි ටික කොච්චරද?

    ReplyDelete
  18. "වෙලේ සුදාගේ දූලා ට ඔහොම්ම වෙන්න ඕනි කියන සාමාන්‍ය කුහක සහ වෛරී සමාජ මතයේම මාධ්‍යය සිටීම එයට හේතුව වන්නට පුළුවන"
    බාලචන්ද්‍රන් ලා ගැනත් ඉසිප්‍රියාලා ගැනත් අපේ සමාජය සහ මාද්යකාරයො හිතුවෙ එහෙම තමයි.
    විජේවීර මරනකොටත් හිටියෙ දැන් ඉන්න දේශප්‍රේමී ආන්ඩුවනම් ඒ දරුවන් පස් දෙනාටත් අයුධ පෙන්වන්න එක්ක යන්න ඉඩ තිබුණා

    ReplyDelete
  19. උතුරේ හෝ දකුණේ කියා වෙනසක් නැත.ජාතිය හෝ ආගම බලපාන්නේ එක සීමාවකට පමණි.වෙළදාම ආත්මය කුලියට දීමට හැකි තරමට පුළුල්ව පැතිරී ඇත.නීතිය ද එහි හුවමාරු භාන්ඩයක් විය නොහැකිද?

    ReplyDelete