Wednesday, May 28, 2014

අම්බපාලි - අරුන්දතී





අම්බපාලී
නුඹේ තරු ඇස
යනෙන එන යළි
කෙටි ගමන් වල
පෑව මග සොම්නසේ අරණට
සෑමදාටම දෙන්න මා වෙත


පාළු වැහිබර කෝඩු අහසට
අදුරු සිත්තම් ඇදුණු හදවත
රිදුණු පෑරුණු තැනින් සම වුණ
ඉතිං අපි පෑහේවී සොදුරිය


වීසි කළ පර මලෙක කදුළුම
මගට නොවැටී රැදෙයි මා ඇස
අන්ධකාරේ එතෙර වෙන්නට
අරුන්දතියව එන්න මා වෙත 

Sunday, May 25, 2014

නිදිකුම්බා මලේ ඇහරෙන්න

ඇහැරෙන්න නිදිකුම්බා මලේ
දිගු නින්දකට නොවැටී
මා එක්ක එන හෙවනැල්ලටත්
මා ගිය වගක් නොදැනෙන්න දී
මා පා වැදී ඇකලී උන්නු දැන් කල් වැඩී

හිනැහෙන්න තොල් වල පැටලිලා
හැගුමක් නැතේ හිත හුදෙකලා
කදුළක් දිගේ නුඹ එල්ලිලා
මතකයට යළි මගෙ පා තබා
කස පහර දෙන හැටි නට නටා

පැටවුන් එකා පිට ගොඩ ගසා
හිත් තුරුල්ලේ කූඩුව තනා
මල් හීනයක මම හංගලා
සිරකර දමා අගුළුත් දමා

තනි කර මාව ඔබ ඉගිලිලා

අන්න හැමෝම කියපු ෆලෝ ගැජට් එක බ්ලොග් එකේ උඩට ගෙනාවා.කිව්ව අයට ස්තූතියි හඹා එන සෙනෙහස කියලා ඇති

Thursday, May 22, 2014

ඕං ස්ටාට් කළා

( වමේ සිට හිමාෂි කරුණාරත්න,නිරාශා එදිරිසිංහ,නිහ්මං රණසිංහ,අමිල නිදහස දිසානායක,වසන්ත කුමාර,උදේනි අල්විස් සහ තීක්ෂණ ගම්මන්පිල)
පැලවෙන බොරු සමග නැලවෙන ජිවිත "ගැලවිජ්ජා" ඊයෙ  කිරුළපොන ගන්ධාරා එකේ දි ආරම්භ වුණා.මේක මේ රටේ වෙන මාරම වැඩේ නෙමෙයි.හැබැයි නාට්‍යයක් හැටියට සහෘද දායකත්වය උපරිම විදිහට ලැබිල මේ වැඩේ ගොඩ යයි කියන විශ්වාස තමයි මේකෙ මාර වැඩේ.හෙට කසාද බදිද්දි අද මහ රෑ 12 ටත් බස්සටෑන්ඩ් එකේ හිටියෙ මම නාට්‍ය්‍ය හින්ද.ඒ වගෙම පවුලෙ එකා යකා වුණ මම මගේ ජීවිතයෙ හොදම යාළුවා වුණ මගේ තාත්තගෙ මරණය ගෙදර තියල යෞවන සම්මාන නාට්‍යයෙ ඇක්ට් කරා.හැබැයි මේ අතර මගෙ සමහර අය හිතන විදිහෙ නරක පුරුද්දකුත් තිබුණා.ඒ දැනෙන දේ කියන්න පසුබට නොවීම.ඒ නිසා මම පත්තර පිටුවල නාට්‍ය කරන කෙනෙක් විදිහට අසාධාරණ සහ වැරදි දේ ෂේප් න්‍යායෙන් සාකච්ඡා කළේ නැහැ.ඒ නිසාම අවවාද කිහිපයක් මිත්‍රයො අතරින් ආවෙ මගේ නාට්‍ය ලයිෆ් එකට ඒක හොද වෙන එකක් නෑ කියලා.ඒත් ඉතිං මම මොනව කරන්නද?මම මම විදිහට ජීවත් වෙන්න ඕනි.
                                          කාලයත් එක්ක මට වේදිකාව ස්පර්ශ කරන්න ආරාධනා අඩු වුණා.පස්සෙ නැතිව ගියා.ඒත් මගේ නාට්‍ය උණ එහෙම්ම තිබුණා.මේ අතර වැලිකඩ බන්ධනාගාරයෙ නාට්‍යත් එක්ක මේක වැඩි වෙලා වේවලන්න ගත්තා.90% වුණු නාට්‍යයක්වත් නොබලපු මිනිස්සු මම හොද නාට්‍ය්‍යකට දායක කර ගත්තා.ඒත් ඒකට තියෙන ඉල්ලීමට අනුව තවම නාට්‍යය දුවන්න විදිහක් හදා ගන්න වගේම ඒ නිසා මට වන අවුල තේරුම් ගන්න පවතින බන්ධනාගාර සම්ප්‍රදායට තේරෙන්නෙ නැහැ.
ඒ නිසා නාට්‍යක් කරන්න ඕනි කියල තීරණය වුණහම කර ගන්න විදිහක් නැතිව ලියැවිලා තිබ්බ ගැලවිජ්ජා එලියට ආවා.
                                        අනේක වූ ගැටළු එක්ක ගැලවිජ්ජා ගැලවෙන්න බැරි ගැටළුවක් වෙයි කියල හිතුණා.ඒත් ගැටළු වලින් ගැලවෙන්න තුන පහ පැකට් කරන්න හෝ වෙන දෙයක් කරන්න දන්නෙ නැති නිසා දන්න නිසා හොදට කරන්න පුළුවන් ඒ වෙනුවෙන් යමක් ආයෝජනය කරන කෙනාට සතුටක් දෙන්න පුළුවන් නිසාත් මම ගැලවිජ්ජා ලාංකේය වේදිකාවට ගලප්පන්න උත්සාහ කළා.සහෘදයො සෑහෙන්න මේකට මාව උනන්දු කළා.
                                     ඒත් ගස් වලින් කඩන්නැයි සල්ලි? ඇයි මිනිස්සුන්ගෙන් අහන්න බැරි නාට්‍යයකට උදව් කරන්න බැරිද කියල?තමන්ට කිසිම දෙයක් නොවන දේශපාලන ක්‍රමයක් නියෝජනය කරන්නට සල්ලි වියදම් කරල මිනිස්සු තෝර ගන්න රටක,පිං තකාගෙන දන්සල් වලට කියල අරක්කු ගැලුමක් එක්ක හාල් මුට්ටෙක බත් උයන දන්සල් වලට භක්තියෙන් ආධාර කරන රටක නාට්‍යයක් කරන්න සල්ලි ඉල්ලන එකේ වැද්දක් නැහැ.අපි සහෘදයො කිහිප දෙනෙක් ඒ ගැන කතා කළා.
                                    මුහුණු පොතේ වැඩේ ලිව්වා.බ්ලොග් එකෙත් ලිව්වා.හුග දෙනෙක් කතා කළා.දීපාල් ගෝමස් වගේ සහෘද කණ්ඩායමේ මිත්‍රයො එළිපිටම උදව් කරනවා කියලා ඇවිත් මුහුරත වෙලාවෙ සහෘද දෑතින් උදව්ව අත මිට මොලවලා ගියා.එහෙම දේවල් වෙනකොට ජීවත් වෙනවා කියලා දැනෙනවා.තවත් අය මේකට එකතු වෙයි කියලා විශ්වාස කරන්නත් ඒ දීපාල්ගෙ සෙනෙහස මගේ බලාපොරොත්තුව පළල් කළා.මුහුණු පොතේ මම දකින තව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා.ඔවුන් පළමු වරට ඔසවා තබන්නට පැනෙන් නොනැවතුණු දේ මම කළා.අරගල කරමින් පෙනී හිටමින් කළ ඒ දේවල් වලටත් මම බලාපොරොත්තු නොවුණු ප්‍රතිඋපකාරයක් මේ වෙලාවෙ ලැබුනොත් යහපත්.
                                   ඒ නිසයි මම කියන්නෙ අවම ගණන රැපියල් 50 ක් පමණයි.ඊට වැඩි වුණාට කමක් නැහැ.ඒත් එහෙම නොවුණ කියල අවුලකුත් නැහැ.මම ආයෙම ලියනවා.මග තොටේ එමුබ වුණාම තේ එකක් බොමු මචං කියලා,අයියෙ කියලා කියන හැමෝම මගෙ තේ ගින්න හිතන්නෙ නැතිව මේ වෙලාවෙ ඒ 50 මගේ ගිණුමට බැර කරන්න.මගේ බඩට දැනෙන රස මිනිස්සු වැඩි පිරිසකට හිතට රස දැනෙන වැඩක් කරන්න මම පාවිච්චි කරනවා.පුළුවන්ද?මම බලා ඉන්නවා නැවතත් මාව ජීවත්වෙන බව පෙන්නන්න සහෘද කැළගේ සෙනෙහස ගැන අපිරිමිත විශ්වාසයෙන්.
                                 මාස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මුහුරත් උළෙල සදහා ප්‍රවීන කලාකරු බුද්ධදාස ගලප්පත්ති,ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධනයේ අධයක්ෂ ෆාහිම් උඩයාර්,ශසික ඩ්‍රයිවින් ස්කූල් අධිපති වීරසිරි විතානගේ ඇතුළු සහෘද හිතවතුන් රැසක් එක් වූ අතර,මුහුණු පොතේ සහෘදත්වය ප්‍රකාශ කරමින් සහෘදයෝ සිමා සහිත සමූහය නියෝජනය කරමින් දීපාල් ගෝමස්,සහ සමුපත් සුදසිංහත් සහභාගි වුණා.
                                නිර්මාණයට රංගනයෙන් නිශ්මං රණසිංහ,උදේනි අල්විස්,හිමාෂි කරුණාරත්න,නිරාශා එදිරිසිංහ,සුරේෂ් හර්ෂජීව සහ තීක්ෂණ ගම්මන්පිලත් එකතු වෙනවා.සංගීතය අමිල නිදහස දිසානායකගෙන් වන අතර,පසුතල නිර්මාණයෙන් දායක වෙන්නෙ හිමාෂි කරුණාරත්න.ආලෝක නිර්මාණය වසන්ත කුමාර ‍විසින් සිදු කරන අතර ඇදුම් නිර්මාණය නිශ්මං රණසිංහ විසින් සිදු කෙරෙනවා.අංග රචනයේ ගැලවිජ්ජා සදහා දායක වන්නෙ සුරේෂ් හර්ෂජීවයි
                               ඔබේ මගේ නාට්‍යය වෙනුවෙන් දක්වන සෙනෙහස ගිණුම්ගත විය යුතු ආකාරය ලංකා බැංකුවෙ නිදහස් චතුරස්‍ර ශාඛාවෙ ගිණුම් අංකය 70991900 නම ආර්එම්එන්එම් රණසිංහ
                                    පහත දැක්වෙන්නෙ මිරර්ග්ර්ල් වෙබ් අඩවිය මේ මුහුරත පිළිබද තැබූ සටහන සහ ඡායාරූප ගොන්නයි.

Sunday, May 18, 2014

ගම්මන්පිල හඹා යාම

ගම්මන්පිල කියන්නෙ ප්‍රසිද්ධ චරිතය, උදය ගම්මන්පිල.එයා පළාත් සභා ඡන්දෙ කළේ සම්මාදමෙන්.ඒකට හේතු වුණේ එයා පට්ට දුප්පත් වීම නිසා නෙමෙයි.ප්‍රචාරක මාධ්‍යයක් විදිහට ඒක ආකර්ශණීය වෙන නිසයි.එහෙම ඉල්ලීමක් කරන කොට පේනවා එයාට විශාල මිනිස් කැළක් සිටින බව.ඒකත් එක්ක භාවිතා කරපු උපක්‍රමය නිසා අතේ තියෙන තුට්ටු දෙකත් බේරගෙන ගම්මන්පිල ගොඩ ගියා.
මමත් දැන් කියන්න යන්නෙ එහෙම සම්මාදමක් ගැන.
මේ මගේ අලුත් නාට්‍යය.මේක කරන්නයි සම්මාදම් වෙන්න කිව්වෙ.ගම්මන්පිලට 100 දුන්නෙ රටයි පළාතයි හදල,ලක්ෂරි කාර් පර්මිට් වගේ වරප්‍රසාද ලබා ගැනීමටත් එක්කනෙ.මේකෙ ඇත්ත ඊට වඩා වෙනස්.පසු ගිය අවුරුද්ද පුරාම මම හිටියෙ බන්ධනාගාරය ඇතුළෙ.වරදක් කරල නෙමෙයි.වැරදි කරුවන්ගෙ නාට්‍යමය හැකියාව පෝෂණය කරල ඔවුන් සමග නාට්‍යයක් කරන්න.නාට්‍යයට පාදක වුණේ වීර කැප්පෙටිපොල චරිතය.නාට්‍යය ලියා අධ්‍යක්ෂණය කිරීම සදහා මට තිබුණු අභියෝගය නාට්‍යයට සම්බන්ධ ශිල්පීන් 90% ක් නාට්‍ය බලා නොතිබීම.
මේ කාලය තුළ ඇතැම් වෙලාවට මේ කාර්යයන් සදහා වන ගෙවීම මටම හොයා ගන්නත් වුණා.ඇතැම් වෙලාවට පොරොන්දු වු පරිදි බන්ධනාගාරයට ගෙවා ගන්න බැරි වුණා.එපමණක් නොවේ නාට්‍යය පිටපත රැගුම් පාළක මණ්ඩලයට දීල ආවම පුනරුත්ථාපන නිලධාරියෙක් ගිහිං ඒකෙ බලපත්‍රය බන්ධනාගාර අධිකාරි නමට අරං ආවා.මේත බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීමක් වුණත්,එ් වරදෙ වැඩි කොටස බාර ගන්න වෙන්නෙ රැගුම් පාළක මණ්ඩලයෙ ක්ලාක් ට.
කොහොම හරි කාලය ඉගිළ ගියේ නාට්‍ය ගැන විශාල සමාජ අවධානයක් ඇති කරමින්.ඇතැම් රජයේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යකරුවෙක් වූ නිසාමද මම එහි අධ්‍යක්ෂ බව කියන්නට පැකිලුණා.විද්‍යුත් මාධ්‍ය නාට්‍යයේ අධ්‍යක්ෂඛ පසෙක තබා නිලධාරින් කැදවා නාට්‍යයේ ආකෘතිය ගැන සාකච්ඡා කළා.මේ සියල්ල දරා ගෙන වැඩ කරන අතරෙ ආර්ථික වශයෙන් මාව ටිකෙන් ටික හිදිල බිංදුවක් බවට පත් වුණා.යාළුවො කිහිප දෙනෙක් දුරකතනය සහ අන්තර්ජාලය යාවත්කාලීන කරමින් මාව සංවාද තුළ නිර්මාණ තුළ සමාජය එක්ක තියන්න උත්සාහ කළත් අනිත් දේවල් බිද වැටෙන්න පටන් ගත්තා.
ආගම විශ්වාස නොකරන නිසා අවුලක් නැති වුණත් ඒ ගැන හිතන අයට ගැටළුවක් වෙන විදිහට ගෙදර පවුලේ පිළිකුලට ලක් වෙමින් මගේ මවගේ දෙවර්ෂ පූර්ණ බණ සහ දානය දී ගන්න බැරි වුණා.මානසික අර්බූදයක් නිසා විශේෂ අධයාපනය ලබන පුතා තවම අළුත් වාරෙට පාසල දැකලවත් නැහැ.යාළුවන්ට බල කරන්නත් බැරි නිසා කපපු පෝන් එක දැන් දවස් දෙක තුනක ඉදල එන කෝල් වලට උත්තර දෙන්න සීමා වෙලා.(ගන්න බැහැ කපලා)
මේ ප්‍රශ්න අස්සෙ මේකෙන් ගොඩ එන්න කරන්න පුළුවන් මොකද්ද?ඒ වෙනකොටත් ලියල තිබුණු ඩ්‍රාමා එක කරමු.හුග දෙනෙක් කතා කළා.වචන ශක්තිය කරගෙන මම වැඩේට බැස්සා.උඩ තියෙන බැනර් එන ඒ නාට්‍යයට අදාළයි.22 පුංචියට මුහුරතක් තියලා ආරම්භ කරන්න නියමිතයි.මම සම්මාදම් කරන්නෙ ඒ වැඩේට.සාර්ථක වුණොත් ඩියුටි ෆ්‍රී වාහන බලපත් හෝ වෙනත් මහා ආර්ථික වාසියක් මට ලැබෙන්නෙ නැහැ.පවුලෙ ආසන්නම ප්‍රශ්න (ගෙවල් කුලී,විදුලි සහ ජල බිල්පත්.දරුවන්ගෙ අධ්‍යාපන ගැටළු) විසදගෙන හිනා වෙන්න විතරක් ලැබෙයි.ඊට අමතරව දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විද්‍යාලය සහ බොරැල්ල සිවලි මධ්‍ය මහා විද්‍යාලයේ කලා සහ මාධ්‍ය වැඩ සදහා නොමිලේ දක්වන දායකත්වයටත් පහසුවක් වෙයි. 
දේශපාලකයෙක් විදිහට සමාජය ඉදිරියෙ කරන ඉල්ලීම කලාකාරයෙක්ට කරන්න අයිතියක් නැති බව සිතන අයට මට රිදෙන්න ගහන්න පුළුවන්.මම හරි හොදායි කියල ජඩ දේශපාලන සංස්කාතියක පැවත්ම වෙනුවෙන් අන්දල ගන්න සීයට වඩා මේ පනහ වටිනා දායකත්වයක් කියල හිතන්න පුළුවන් අයත් ඇති කියල මම විශ්වාස කරනවා.
ඒ වගෙම ලංකවෙ අති දැවැන්ත සහ විශිෂ්ටතම නිර්මාණයක් බවට මේ නාට්‍යය පත් වෙන එකක් නැහැ.හැබැයි සිර ගෙදර සියයට 90 ක් නාට්‍යය නොබලපු මිනිස්සුගෙන් සාර්ථක නිර්මානයක් කළ මට ආත්ම විශ්වාසයක් තියෙනවා හොද නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි කියලා.බලමු මොකද වෙන්නෙ කියලා. . .
ආර්එම්එන්එම් රණසිංහ
ලංකා බැංකුව නිදහස් චතුරස්‍ර ශාඛාව
ගිණුම් අංකය 70991900





Tuesday, May 13, 2014

හොඩ මහත්තුරු. . .

ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන.
ඕක තමයි ජනප්‍රිය කතාව.අපි වරදකට ගැහැණියක් අල්ල ගන්න කොච්චර මහන්සි වුණත් බැහැ.බලනකොට දන්න කියන පිරිමි හුග දෙනෙක් ඒ වගේ.ඒත් අච්චුව වැදිලා චංචල වස්තුවක් බවට පත් කරල තියෙන්නෙ ගැහැණිය.
පිරිමි ශ්‍රද්ධාවන්තයො...?
මට සාපේක්ෂවනම් මේක වැරදියි නිසා පිරිමි විරෝධතාවයක් ගොනු කරන්න මේ සටහනේ මුලදිම මම ඉදිරිපත් වෙන බව කිව යුතුයි.පිරිමි බබාලා නෙමෙයි.හැම ගැහැණියක්ම වරදෙ බැදෙන්නෙ පිරිමියෙක් එක්ක.අද වෙන කොට සම ලිංගික කටයුතු ඉහළ ගිහිං කියන එක ඇත්ත වුණත් වැඩි වශයෙන් වරදේ බැදෙන ගැහැණිය(මුල්‍යමය පදනමකින් හෝ) ඒක කරන්නෙ ආදරයක් බැදීමක් ඇතිව නෙමෙයි බොහෝ විට.කිසියම් පිරිමියෙක් විසින් අත් කර දුන් ඛේදණිය ඉරණමට දෙස් දෙවොල් තබමින්.
එයාට මම කිව්ව මට අතනට . . . කරනවට ආසයි කියලා. . .
සිය බිරිද පිළිබද සැකයක් ඇති කර ගනිමින් ඇය දමා යන්නට ඉහත වචන හේතුවක් කර ගත් පිරිමි ඉන්න රටක් මේක.සෙල්ලම් බඩුවක් වගේ තමන්ට ඕනි ඕනි විදහට ගැහැණියව යොදා ගනිමින් රති කෙළියෙ යෙදෙන පිරිමියෙක් ගැහැණියෙක් තමන්ට මේ ආකාරයෙන් සතුටක් ලැබෙන බවට යෝජනා කළාම ඒ ගෑණිව සැක කරනවා.
ඒත් ඒ  කාලකණ්නියා අහපු ප්‍රශ්නය මමත් ඇහැව්වා.
ඔයාට කවුරු හරි ඊට ඉස්සර එහෙම දෙයක් කරල තිබුණද?
..........................................................................
පිස්සුද මහත්තයා.ඒ යකාගේ එකට මම එහෙම කරන කොට මටත් හිතුණා මටත් එහෙම වුණා නම් හොදයි කියලා.
ගැහැණියගේ කතාව එබදු  වුව ද සැබවින්ම යමෙක්ට මෙය අලුතෙන් ඉගැන්විය යුතු දෙයක්ද? පිහිනන්න මාළුන්ට උගන්නන්නේ නැත.කුරුල්ලන් පියාඹන්නට ක්ලාස් යන්නේද නැත.
අර මහත්තයා මාරයි.
වරක් එවැනි කාන්තාවක් මට පෙන් වූ පුද්ගලයා ගැන ඇය තුළ ඇත්තේ පැහැදීමකි.
මම ෂෝට් ටයිම් එකක සල්ලි අරං එයා එක්ක නයිට් එකම ඉන්නවා
ඇය ඒ පැහැදීම තව දුරටත් පහදමින් පවසන්නේ ඒ මහත්තයා මගෙන් අහ අහ මට ඕනි හැම දේමත් කරනවා.මමත් එහෙමයි.යනුවෙන් පවසන්නීය.
අප්පට සිරි හරියට බැදල වගේනෙ.
මම යළිත් ඇය ඉදිරියෙ මෝඩ විමි.
බැදපු එව්වො කොහෙද මහත්තයා එහෙම හිතන්නෙ.බැන්ද නොබැන්ද කියල නැහැ.හුගක් පිරිමින්ට ඒ අයගේ නිමිත්ත විතරක් නෙමෙයි මේකත් දෙයියෝ හදල තියෙන්නෙ ඒ අය කැමති විදිහට පාවිච්චි කරන්න කියලයි හිතං ඉන්නෙ.
ඇය කියා ගෙන යන්නේ ඇය සතු අත්දැකිමෙන්මය.
මමනම් එහෙම නැහැ.මට අවශ්‍යය හැම දෙයක්ම එයාගෙන් ඕන වගේම එයාට ඕන හැම දෙයක්ම මම දෙන්න ඕනි කියලයි හිතන්නෙ.
මම ඇයට මගේ හැඩතල කියන්නට විමි.
මහත්තයටත් නයිට් එකක් ෂොට් ටයිම් එකේ ගාණේන් අදින්න ඕනි වෙලාද?
ඇයගේ පිළිතුරෙන් මම නිරුත්තර විමි.
අපි හැගීම් දැනීම් තියෙන අය.යන්තර සූත්තර වලින් ප්‍රතිචාර නැහැනෙ මහත්තයො.එහෙම ටෙක්නීසියන්ල ආවම අපි කරන්නෙ එයාට ඕනි විදිහට ඇජෙස් කර ගන්න උදව් වෙන එක විතරයි.
ඇය සිය ජීවිතය පිළිබද කෙතරම් පුළුල් තේරුම් ගැනීමක සිටින්නේ ද යන්න මම මේ මොහොතේත් කල්පනා කරමි.
සෙට් වෙනවනම් නිකං හරි ඉන්නවා.නිකං වැඩේ කරන්න බැරි අපේ වියදම් පියව ගන්න ඕනිනෙ.මට පුළුවන් දේ තමයි අර මහත්තයට තියෙන ආදරේ වෙනුවෙන් මම කරන්නෙ.ෂෙෘ්ට් ටයිම් එකේ ගාණට නයිට් එක අදින එක
ඇය යළිත් මීට පෙර පෙන් වූ පුද්ගලයා ගැනම පවසන්නේය.ඒ එවැන්නෙකුගේ අඩුව සහ හිස්තැන මේ ජීවිතය පුරා පිරි පවතින නිසා විය යුතුය.
මටනම් සල්ලි දීල ඉන්න හිතෙන්නෙ නැහැ.එතන මානුෂීය ගණු දෙනුවක් නැහැනෙ.
මම මගේ ප්‍රතිපත්තිමය කාරණා පහදමින් සැබෑවටම ආදරයෙන් වෙලී බැදී සමනය කරගන්නා ලාලාශාවකින් මෙපිට දෙයක් ගැන සිතා ගන්නට අපහසු බව මම ඇයට පැහැදිළි කළෙමි.ඇය ඇසු ප්‍රශ්න වල දී වයස වැනි කාරනා එතරම් සැළකිල්ලක් නොදක්වන කරුණු බවත් පැහැදිළි කළෙමි.
සියල්ල අසා සිටි ඇය නැගී සිටියාය.
සුරංගනා කතා කිව්වට තෙත් වෙන කිසි දෙයක් මගේ ශරීරය පුරාවටම දැන් නැහැ මහත්තයා.හැම ගැහැණියක්ම හැම මානුෂීය ගණු - දෙනුවක් අවසානයේම ඉන්නෙ දුකෙන්.කොයි මොහොතෙ හරි දාලා ගියොත්,අනාත වෙන්නෙ පිරිමියා නෙමෙයි ගැහැණිය.ඔය පොලිස්කාරයො වගේ එව්වො අපිට බනින කොට හිතන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නැහැ.මුං මේ අනාත කරල ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගන්න පාරට බහින්න සිද්ධ කරල තියෙන්නෙ උං වගෙම හොඩකාරයො කියලා.
ඇයගේ මුවින් ආ අලුත් හොඩ වචනය අපූරුය.ඒ හොඩය දිගු සීමාවෙ සෑම දෙයක්ම තමන් සතු කර ගැනීමට හැකිය.ගහ කොළ පතුරු ගසමින් එවැනි හොඩ කරන අපරාධ හෙන්ඩුව යොදා පාලනය කරන්නට නොයා හොඩය විසින්ම පාලනය කරන්නේ නම් කෙතරම් හොදද?
මේ හොඩ කරුවන් සිය සීම‍ාවේ ඇති සෑම දෙයක්ම තමන් සතු සහ තමන්ට ඇවැසි සේ භාවිතා කළ හැකි දේ බවට සිතා ගැහැණිය දෙස හෙලන සෙල්ලම් බැල්මට මා කැමති නැත.
සියළුම ගංගා ඇදට ගලන්නා සේ .....
සෑම ගැහැණියකම වරදේ බැදිය හැකිය.මේ පිරිමි ඔළුවල මැවුණු අපහාසාත්මක නිර්මාණය තුළින් පිරිමියාට අත් කර දි ඇති ශුද්ධාත්මය තුළ වැසී තිබෙන පිරි තිබෙන කුණු ද ගලේ උලා පිරිසිදු කළ යුතු රෙද්දක් තරම්ය.වැරදි කරන ගැහැණුන් මෙන්ම පිරිමින් ද වෙති.වරදේ නොබැදෙන්නෝද වෙති.බොහෝ විට ගැහැණු වරදට පොළඹවා ගන්නෝ සහ වරදේ යොදවන්නෝ පිරිමින්ය යන යථාර්තයද අපි පිළිගත යුතු වන්නෙමු.
පිරිමියා නාවා දෝවා ගෙට ගැනීමෙන් සියළුම වැරදි නිදොස් කර ගත හැකි බව පවසන කියමන නිර්මාණය වී තිබෙන්නේ කෙතරම් අමානුෂීක සහ නින්දිත පිරිමි ඔළුවක් තුළ ද යන්න සිතිමද පුරුෂ ලිංගයක් ඇතිව සිටීම ලැජ්ජාවට පත් කිරීමකි.ගැහැණිය‍ගේ කණ්‍යභාවය පිළිබද සංකල්පය ඒකපාර්ශවික ලෙස ඔළුව තුළ රුවා ගෙන සිටින පිරිමි මානසිකත්වය එය අහිමි වීමේ ඛේදයේ පුරුෂ පාර්ශවීය දායකත්වය නොතකා හරිමින් කරන නිර්ලජ්ජිත සහ ම්ලේච්ඡ අදහස හිරිකිතය.එසේම සංඛේතාත්මකව ජීවියෙක් පිහිටීමට ගැහැණියගේ ඉන්ද්‍රීය පද්ධතිය තුළ තිබෙන හැකියාව පුරුෂ ලිංගික පද්ධතිය තුළ නොමැති කම විවේචනයට ලක් කරමින් පුරුෂයාට එය ලැබුණු වරප්‍රසාදයක් ලෙස සිතන්නට යාමෙන් අපේ උත්පත්තිය සිදුවන ඉන්ද්‍රියට කරන අවමානයද මාතෘත්වය නොසළකා හැරිමක් නොවන්නේ ද?
ඒ නිසා හොඩය සිතූ හැටියට භාවිතා කිරීම ගැන මගේ විරෝධයක් නැත.නමුත් ස්ත්‍රී ලිංගය යනු හොඩයේ යටත් සහ එහි උවමනාවන් වෙනුවෙන් නිර්මාණය වූ සෙල්ලම් බඩුවක් හෝ ගෞරවයෙන් සහ වටිනාකමෙන් අඩු දෙයක් ලෙස සිතන්නට යාම පිළිකුල් සහගතය.
තවත් විදිහකින් කියන්නේ නම් පිරමියෙකුට ගැහැණිය සමග හැසිරීමෙන් කිසිවක් අහිමි නොවනවා සේම ගැහැණියකට ද පිරිමියෙක් සමග ඇසුරු කිරීමට නිදහසක් තිබෙන බවත්.පිරිමියාට හිමි නිදහස නොවන්නේනම් ගැහැණියකට කිසිවක් අහිමි නොවන බවත් සිතිය හැකි පුරුෂ බුද්ධියක් නිර්මාණය කර ගත යුතු කාලය මේ ධර්මද්වීපයට දැන්වත් ළගා විය යුතුව ඇත. 

Tuesday, May 6, 2014

ගුරු පාර සරසන්න. . .


අද දවස තල්ලු වෙමින් තිබෙන්නෙ ආර්ථික අවශ්‍යයතාවයන් සමග පොර බදන්නටය.ගුරුවරයාටද මේ තත්ත්වය පොදුය.එහෙත් මේ කඩා වැටෙන ලෝකයට හෙට මේ ගුරුවරයාගෙ ළමයාද පා තැබිය යුතුය.එවිට සල්ලි වලින් පමණක් ඒ දරුවාට ලබා දෙන අවශ්‍යයතාවයන් තුළින් යහපත් ලෝකයක් තැනෙනු ඇතැයි සාමාන්‍යයෙන් බහුතරයක් දෙමව්පියන් සිතානාකාරයෙන්ම ගුරුවරු ද සිත්නනේය. එහෙත් අපේ දරුවා ඉගෙන ගැනීමෙන් අනතුරුව පා තබන සමාජය යහපත් එකක් විය යුතු බව සිතන්නන් හිගය.සමාජයට අවශ්‍යය එවැනි මව්- පියන්ය.
කුඩු,ගංජා මෙන්ම ස්ත්‍රී දූෂණ මංකොල්ල මේ සමාජයේ ආදර්ශයට ගැනීමට විවර වූ ඉඩ-කඩ වැඩිය.එවැනි පරිසරයක ජීවත්වන දරුවන් වෙනස් කිරීම දුෂ්කරය.නමුත් ඒ දුෂ්කරතාවය ජය ගැනීම අත හැරීමට ගුරුවරයෙක් කල්පනා කරන්නේ නම් ඊ ළග තත්පරයේ ඔවුන්ට සිය දරුවන්ව යොමන්නට වන්නේ අදටත් වඩා අනාරක්ෂිත සමාජයකටය.
පාසලේ පංතියේ පොත පත වැඩ නොකිරීම නිසා හෝ දෙනු ලබන අධ්‍යාපන වැඩ වැරදීම නිසා දරුවාට තලා පෙලා සැකසිය හැකි සමාජයක් අද නැති බව තේරුම් ගැනීම වැදගත්ය.ඒ අධ්‍යාපනික අතපසුවීම් වල නිමිත්ත පිටුපස බොහෝ විට ඇත්තේ ඓතිහාසික ඛේදවාචකය.දරුවාගේ මව්පියන් අකුරු නොදත්තෝ වීමේ අපරාධයට දරුවන්ට දඩුවම් විදින්නට වන අවස්ථා මම අගනුවර පශළ මධ්‍යම පාංතික දරුවන් වෙසෙන පාසල් වලදි බොහෝ විට දැක ඇත්තෙමි.
ඒ දරුවන් අධ්‍යාපනය සදහා ආකර්ශනය කර ගැනීමේ පරිසරයක් නිවස තුළ තිබිය නොහැකිය.ඒබව තේරුම් ගෙන පංතියෙ නියමිත විෂය ධාරාවන්ගෙන් පරිභාහිර කටයුතු හරහා දරුවාට පාසල ආකර්ශණිය තැනක් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට ගුරුවරයා උත්සාහ ගත යුතුය.වඩා නිර්මාණශීලි පරිසරයක දරුවාගේ භාහිර ක්‍රියාකාරකම් ඇගයෙන ආකාරයේ අධ්‍යාපනික වට පිටාවකට යාම මෙවැනි පරිසරයන්හී ගුරුවරුන්ගේ කාර්යය විය යුතුය.
මේ තත්ත්වය ජය ගැනීමට එරෙහි ප්‍රදාන බාධක දෙකක් පහසුවෙන් හදුනා ගැනීමට හැකිය.ඉන් පළමු වැන්න එවැනි ඕනෑ කමක් සහ හැගීමක් නැති කමය.දෙවැන්න අධයාපන නිලධාරින් සතුටු කිරීම පිණිස විෂය නිර්දේශය ආවරණය නොකර තිබීම ගුරුවරයා රාජකාරි පැහැර හැරීමක් බවට පත් වීමට ඇති ඉඩය.
උදාහරණයකට අද සැම පාසලකම පාහේ ක්‍රියාත්මක වන ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන විෂය නිර්දේශය ආවරණය කිරීම අතපසු කරන ගුරුවරයා අතින් ඒ පාසලට පළාතට සහ රටට ජයග්‍රහණ ගෙන එන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් බිහි වන්නේය.බැලූ බැල්මට මෙවැනි ක්‍රීඩා ගුරුවරයෙක්ට වරප්‍රසාද හිමිවිය යුතු වුවත් ඔහුගේ ගුරු අත්පොතට අනුව ඔහු විෂය නිර්දේශය සපුරා නැත්නම් වන්නේ නිදහසට කරුණු සපයන්නට සිදු වීමය.  
එසේම අද ගුරු වෘත්තිය ඉලක්ක කර ගන්නන් ඒ සදහා යොමුවන සාධක කිහිපයක් ගුරු වෘත්තීයේ ගුනාත්මක භාවය සම්බන්ධයෙන් කිසිසේත් අදාළ නොවන බව ද සැළකිල්ල යොමු කළ යුතුය.පළමුවෙන්ම එය නිදහස් වෘත්තියක් ලෙස අනෙක් වෘත්තීන් අභිබවා සිටින බව තේරුම් ගැනීමය.ඊට හේතු වන්නේ අනෙක් සේවා හා සසදද්දී දවසින් වැඩි කාලයක් සේවයෙන් බැහැරව සිටීමට ලැබෙන නිල ඉඩ-කඩය.නිවාඩු වැඩි වෘත්තියක් ලෙස ගුරු වෘත්තීයට ලැබෙන විශේෂ වරප්‍රසාදය ය.එසේම මෙම ඉතිරි කාලය පුද්ගලික පංතියක් කිරිමට යොමු වීමට ඇති ඉඩ සහ නිල ගුරුවරයෙක් නිසා එයින් ලැබෙන පිළිගැනීම ද මෙහිදී සැළකිල්ලට ගත හැකිය.ඒ නිසා ගුරු වෘත්තියට වැටුප් කිහිපයක් ඉපයිය හැකි පසුබිමක් නිර්මාණය විම මෙහිදී සැළකිල්ලට බදුන් වන්නේය.
ගුරුවෘත්තිය මත සමස්ත රටේම අනාගතය රැදී තිබෙන බව වටහා ගැනීමකින් යුතුව එම වෘත්තීයේ නිරත වන්නන් ඇත්තේ අතේ ඇගිල ගණනටත් අඩුවෙන්ය.එසේම පවතින සමාජ වටපිටාව අනුව බොහෝ දරුවන් මව්වරුන්ගේ පියවරුන්ගේ තුරුළේ ගෙවන කාලයට වඩා වැඩි කාලයක් ගුරුවරයා හා ගෙවන බව තේරුම් ගෙන දරුවාගේ ඉදිරි දැක්ම සැකසීම තමා සතු වගකීමක් වී තිබෙන බව තේරුම් ගෙන සිටින ගුරුවරු සිටින්නේ ද අතළොස්සකි.
විශේෂයෙන්ම කොළඹ වටපිටාවේ දරුවන්ගේ දහවල් කාලය ගෙවෙන්නේ දිවා සුරැකුම් මධයස්ථාන ආශ්‍රිතව බව බොහෝ විට සත්‍යයකි.එසේත් නැතිනම් මව්-පිය සෙනෙහස පාසලෙන් පසුව මේ දරුවන්ට විදින්නට ලැබෙන්නේ පස්වරු 6 - 7 වන විටය.මේ ආර්ථික රටාවේ ස්වභාවය අනුව අත් විදින්නට වන දේ ය.ගම්වල මේ තත්ත්වය අඩු වුව ද පෙරට වඩා ඉතා ඉහළය.ඒ නිසාම ගුරුවරයා සහ ළමයා අතර පරතරය වඩා සමීප විය යුතු තත්ත්වයකට පත්ව ඇත.කොළඹ ප්‍රදේශයේ ඇතැම් පාසලක මේ නිසාම මනෝ උපදේශන කාර්යය සදහා ද ගුරුවරයෙක් පත් කිරීම සාමාන්‍ය සිරිත වී ඇත.ඔවුන් කිහිප දෙනෙක්ගේ අත්දැකීම් අනුව බොහෝ දැරියන් ගැහැණුන් වි බොහෝ කල්ය.ඒ අනාරක්ෂිත බව විසින් ලද දායාදයන් ඔවුන්ට හිමි වන්නේ අපේ මහා සංස්කීතිය තුළ ලිංගිකත්වය පිළිබදව ඇති සංවෘත භාවය නිසා බව අප අවබෝධ කර ගත යුතුය.
එහෙත් මේ කාරණා පිළිබදව විෂය නිර්දේශයේ නැත.එ් නිසා මහා සංස්කෘතිය ඇතුළත ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ලිංගික ඇසුරක් ආරක්ෂිතවන ආකාරය ගැන පහදන්නට ගියහොත් ඔහුට හෝ ඇයට වන්නේ සිය රැකියාව අහිමි කර ගන්නටය.දරුවන්ට කුණු හරුප කියා දුන් අසික්කිතයෙක් ලෙස පාරට බසින්නටය.එහෙත් එසේ කියා නොදීමෙන් වන්නේ නිසි වයසට පෙර දරු ගැබක් සමග හුදෙකලා වීමට ඇති ඉඩ-කඩ පුළුල් වීමය.
ඒ නිසා නූතණ ගුරුවරයාගේ දැක්ම සහ භාවිතාව ‍එහි උත්තරීතර පරමාර්ථ වලට යටත්ව වෙනස් විය යුතුව ඇත.අනාතය වෙනුවෙන් සමාජය සූදානම් කළ යුතු වගකීම ගුරුවරයා සතුව ඇත.මේ වගකීම ලෙස අද ගුරුවරයාට විෂය භාහිර ක්‍රියාකාරකම් ලෙස ළමුන් පෙළ ගස්වන්නට අණ ලැබෙන්නේ දේශපාලකයන්ට කොඩි වනන්නටය.ඔවුන් ගේ දේශපාලන ව්‍යාපෘති බැබලවීම පිණිස යුධ ජය සමරා යන පා ගමන්වල දී දරුවන් හවුල්කරුවන් කරන්නටය.මේවාට අභියෝග කිරීම එක්වරම කළ යුතුව නැත.එහෙත් ඔට වඩා සාරවත් වූ සමාජ පද්ධතියක් නිර්මාණය කරන්නට අපට ඉඩ ඇත.ඒ සදහා වන මග පෙන්වීම කිරීමට ගුරුවරයාට ඇති ශුද්ධ වූ අයිතිය ඔහුගේම ඇගිල තුඩු අගින් රූටා බිම වැටී ඇත.
දර්ශි ගුරුවරයා සොයා ගැනීම අද සමාජයේ අති දුෂ්කරය.එහෙත් තියෙන සීමාවන් යටතේ හෝ අනාගතය වෙනුවෙන් ඊ ළග පරපුර සැකසීම අඩු-පාඩු ඇතිව හෝ සිදු කරන්නේ ගුරුවරයා බව අප නොකළ යුතුය.එහෙත් එය ගුරුවරයාගේ උත්තම ලක්ෂණ ක්‍රමයෙන් ක්ෂය වී ගිය සමාජ වපසරියක තවත් එක් රස්සාවක් පමණක් බවට පත් වී තිබීම අනාගතය අදට වඩා අයහපත් ලෝකයක් කරනු ඇත.ගුරුවරයා සිටින්නේ උගන්නන්නට නොවන බව මගේ හැගීමය.ඔහු මග පෙන්වන්නෙක් විය යුතුය.යහපත් මිනිසෙක් වන්නේ කෙසේද යන මග පෙන්වීම නිවැරදිව කරන්නේ නම් ඊට වරප්‍රසාද ලෙස මේ සමාජයට වැදගත්,නැණවත් යහපත් නිර්මාණශීලී නිර්භය මිනිසුන් බිහි වනු ඇත.නොසැලී නිසි ලෙස නිසි තැන නිසි තීරණ ගන්නා මිනිසුන් බිහිකීරිමේ වගකීමේ පරමාදර්ශය අත්හළ ගුරු පරපුරක් විසින් අත් කර ගෙන තිබෙන වෘත්තීය ඛේදවාචකය පිළිබද ගුරු වෘත්තීය සමිති මෙන්ම ඒ පිළිබද ප්‍රතිපත්ති සකස් කරන්නන්ද සිතිය යුතු කාලය තවත් ප්‍රමාද නොකළ යුතුය.  
ගුරුවරයා බෝධිසත්වයෙක් වීම නොව සමාජ යථාර්තය තේරුම් ගත් සහ ඒ තුළ තිබෙන අභියෝග දරුවාට හදුන්වා දිය හැකි සහ යුතු නිදහස් මනසකින් වැඩ කළ හැකි පුද්ගලයෙක් වීම අද දවසේ අවශ්‍යයතාවය වී ඇත. 

Monday, May 5, 2014

සෙරෙප්පුවයි ඔරොප්පුවයි

කන්තලේ ප්‍රදේශයේ ගුරුවරියකගේ සපත්තු මාලය මේ දිනවල ජනප්‍රියම මාතෘකාවන් අතර වැදගත් තැනක් උසුලයි.ගුරුවරුන්ට නොදැනෙන කරුණාවක් තෙතක් ඇති පොලිසියක් ගැන නිතර නිතර මතුව එයි.එහෙත් මෙය හුදෙකලා සිදුවීමක් ලෙස ගනු විනා මේ වෘත්තීන් දෙක සංසන්දනය කරන්නට යාම අනුචිතය.මන්ද පොලිස් නිලධාරීන් ගැන අසන තෙතැති කතා අභිබවා ගුරුවරුන්ගේ සෙනෙහස ගැන කියන්නට බොහෝ කතා සමාජය තුළ තිබෙන බැවිනි.
මේ පොලිසියේ නිලධාරියෙක්ගේ හුදෙකලා වැඩකි.අනිත් අතට ගුරුවරියකගේ හුදෙකලා වැඩකි.ඇත්ත එයය.සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙක්ගේ හැසිරීම් වෘත්තීයට වැඩි බරක් දී සමාජ ගත කරන්නට යාමෙන් හොදකට වඩා විය හැකි නරකක් තිබෙන බව අප අවබෝධ කර ගත යුතුය.පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් බලන විට පොලිසිය කෙසේ හැසිරුනිද යන්න පිළිබදව අපි හොදින්ම දුටුවෙමු.මේ ශිෂ්‍යාවගේ අනාගතයේ දවසක සරසවි දියණියක ලෙස සිය ඉල්ලීම් ඉල්ලා පාරට බටහොත් මේ නිලධාරියා නියෝජනය කරන පොලිසියම සෙරෙප්පු පැළදි පයට ආයෙමත් කිසි දවසක සෙරෙප්පුවක් පැළදීමේ උවමනාවක් ඇති නොවනාකාරයේ ක්‍රියාවක් කිරීමට ද ඉඩ ඇත.
ජීවිතය එළිය කරන්නට අධ්‍යාපනයෙන් ඇයට ඒ දක්වා යාමට අත්වැල සපයන්නෝ ගුරුවරු වෙති.ඒ අත්වැල අල්ලාගෙන නැගිටින දි්‍යණිවරු පුතුනුවෝ පොලිසීය දැයට අහිමි කළ අවස්ථා ගැන කතා ද බොහෝය.
මේ සටහනේ අරමුණ පාවහන් පිදූ නිලධාරියා පූජාසනයෙන් ඇද දමා සෙරෙප්පු පැළදුව ගුරුවරිය එහි හිදුවීම නොවේය.එම නිලධාරියා පුදසුනට සුදුසු වුව,ගුරුකම සහ පොලිසිය යන වාත්තීන් දෙක ගත් විට ගුරුවරු වඩාත් පිදුමට සුදුස්සෝ වන්නාහ.එසේම එම ගුරුවරිය එම සිසුවියට සෙරෙප්පු මාලය පැළදීමට හේතු වු කාරණා ඇයගේ පාර්ශවයෙන් කිසිම තැනක විග්‍රහ වූයේ නැත.මිනීමරුවාට අයෙක් මරන්නට බල පෑ හේතු කවරේද යන්න ඉදිරිපත් කරන්නට දී  දඩුවම අඩු - වැඩි කරන සිරිතක් පිළිගත් නීතියේද ඇත.පුස් කෑ කඩතොළු වූ කීතිය ගැන පූර්ණ විශ්වාසයක් නැතත් එවැනි සම්ප්‍රදායක් තිබෙන බව හැබෑය.
එසේම එසේ නීතිය පිළිබද විශ්වාසය බිද වැටීමට සපත්තු රැගෙන දුන් නිලධාරියා නියෝජනය කරන නිල ඇදුම් ලූ පිරිස කළ හානියද බරපතලය.
පොලිසියේ අහම්බයෙන් හමු වු හොද එකෙක් ලෙස මේ සිදුවීම නොගත් විට මේ නිලධාරියා ගැසූ තොරණේ විදුලි ආලෝකය අතර රැදුණු කොටු අතරට සමාජයේ නීතිය පිළිබද විශ්වාසය දවා හළු කරමින් සිටින අසමජ්ජාති නිලධාරි පිරිසට ද රිංගා ගන්නට ඉඩ ඇත.අප එය පැහැදිළිව තේරුම් ගත යුතුය.මෑතම සිදුවීම් ගත් විට හම්බන්තොට සිදුවීම අත් බැද බලා සිටියේ පොලිසියය.මිනිසුන් ගස් බැද දමද්දි අත් බැද සිටියේ ද පොලිසිය ය.විශාල ආන්දෝලනයක් ඇති කළ කුඩු සම්බන්ධ සිදුවීම් වලදී නම කියැවෙන ඉහළ පුරවැසියන්ගෙන් කට උත්තරයක් හෝ නොගන්නේ ද පොලිසිය ය මෙවැනි සිදුවීම් එක පෙළට පේලි ගැස්වීම පලක් නැත.ඇතැම් සිදුවීම් වලදි පුද්ගල තරාතිරම සහ දේශපාලනය ඉදිරියේ පොලිසිය මුනිවත රකින්නේ අසාධාරණය පිළිකුල් කරන පොඩි එකෙක් හූවකින් කරන සංග්‍රහය තරම් විරෝධයක් නොදක්වා ඊට සම්පූර්ණ අනුබලය දෙමින්ය.
ඇතැම් විට මේ සිදුවීම ප්‍රදේශයේ බලවත් දේශපාලකයෙක් අතින් සිදු වූවා නම් ඒ සම්බන්ධයෙන් සියල්ල සගවා තබා දරුවාට එම කාරණය ප්‍රසිද්ද නොකරන ලෙස බලපෑම් කරන්නට සිදු වන්නේ ද පොලිසියටය.ඇතැම් විට මේ පාවහන් ප්‍රදානය කළ නිලධාරියාටම එම ක්‍රියාවලිය මෙහෙයවන්නට සිදුවන ආකාරයේ පාපයක හවුල්කරු වන්නට සිදු වන්නට ද ඉඩ ඇත.නමුත් මේ ප්‍රදානය අතිශයින් මානුෂික වටිනාකමක් හිමි වර්ථමාන පොලිසය තුළින් විද්‍යාමන වේ යැයි අපේක්ෂා නොකළ හැකි සිදුවීමක් බව පිළිගත යුතුය.
එම අහම්බයේ නොසිට මේ සිදුවීම පොලිසියේ පොල්ලෙන් ගුරුවරයාට තැලෙන්නට ඉඩ දෙනාකාරයේ අතිශ්‍යොක්තියෙන් හුවා දැක්වීමේ භයානක කමක් ඇත.ගුරු භක්තියට එයින් සිදුවන හානිය සමස්ත ගුරු පරපුර අතර සහ සිසු සමාජය අතර තියෙන ගණු-දෙනුවේ ස්වභාවයට හානිකර සංකල්ප එකතු කිරීමක් විය හැකිය.එසේම එම සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරිය කියූ දේ කවරේද යන්න සටහන් කිරීමද,එසේ කිසිවක් කීම ඇය ප්‍රතික්ෂේප කළ බව හෝ නොකියා සිටීමද මාධ්‍යකරුවා පොලිස් ප්‍රකාශකයෙක් වීම තෙක් තල්ලු කරන්නේය.එයද ඉතාමත් බරපතළ තත්ත්වයකි.
ලේඛණයට මුල් වන සිදුවිමට  අනුව මෙම පාසල, මෙම සිසුවිය ඉක්මවා ගිය විශාල ආර්ථික පදනමක් ඇති සපත්තු ජෝඩුවක් යනු කජු කනවා වැනි වැඩක් තරමට ආර්ථිකය සරු මිනිසුන් සිටින පාසලක් වීමට නොහැකිය.එසේනම් මෙම සිසුවිය පමණක් දඩුවමට යටත් වීමට ඇයගේ පාර්ශවයෙන් ද සාධාරණ නොවුණ ද ඇයට ද කීමට යමක් තිබෙන බව පැහැදිළිය.සෙරෙප්පු මාලා පැළදීම කිසිසේත්ම අනුමත නොකළ හැකි නමුත් සිදුවීම වාර්තාකරණයේදී සමාජයේ වැදගත් වෘත්තියක් ලෙස ගුරුකම සළකා ඇය එවැනි මානසික තත්ත්වයට වැටීමට තුඩු දුන් හේතු ද ඉදිරිපත් කළේ නම් වැදගත්ය.
මන්ද එක පොලිස් නිලධාරියෙක්ට සමස්ත පොලිසියේ වැරදි හෝදා දමන්නට නොහැකි ආකාරයෙන්ම එක ගුරුවරයෙක්ට සමස්ත ගුරු සේවාවේම හොද සෝදා හරින්නට ද ඉඩ නොදිය යුතු බැවිනි.නූතණ ගුරුවරයාගේ භූමිකාවෙ පරමාර්ථ සහ අභිමතාර්ථ යන කරුණු සම්බන්ධයෙන් විශාල ගැටළු ඇති නමුත් තවම නම් ගුරුකම පොලිසියට වඩා ඇගයිය යුතු තත්ත්වයක ඇත. 

හෙට රටට රන් ගේන්න මංගඤ්ඤපං කැකුලො

‍මිට වසර ගාණකට ඉස්සර දෙහිඅත්තකණ්ඩියට ගියෙ ජාතික ක්‍රීඩා උළෙලෙ පාපැදි,මැරතන් සහ ඇවිදීම තරග ආවරණය කරන්න.මේ තරගත් එක්ක ප්‍රාදේශිය වශයෙන් පාසල් එකතු කරල පවත්වන මාර්ග ධාවන තරගයකුත් තියෙනවා.මේ තරගය ජයගත්තු ක්‍රීඩකයා වු‍ණේ ටී ඩබ්ලිව් රත්නපාල.හෙනානිගල හෙම අහල පහල හින්ද මට නිකමට  හිතුනා මේ අකුරු දෙකේ තේරුම තල‍ා වරිගෙ වෙන්න බැරිද කියල.විශාල කාල පරතරයක් තබමින් මේ තරගය ජය ගත්ත රත්නපාල ඇත්තටම තලාවරිගෙ රත්නපාල වුණා.


මේ ආදි වාසිකමයි,හැකියාවයි දෙකම ගත්තම මේ චරිතය ඉදිරියට ගේන්නෙ කොහොමද කියන එක මම කල්පනා කරල බැලුවා.සේරටම කලියෙන් කොළඹින් ගිය ජනමාධ්‍ය කණ්ඩායමට ඉක්මණින් කොළඹ බලා පිටත් වෙන්න ඕනි නිසා මට ඒ බස් එකෙන් බහින්න වුණා.මම බස් එකෙන් බැහැල රෙදි මල්ලත් උස්ස ගෙන වලල ක්‍රීඩා පාසලේ සුසන්ත ප්‍රනාන්දුගෙ මෝටර් සයිකලයට ගොඩ වුණා.තරගෙ දිනපු රත්නපාල කියපු මං සළකුණු ඔස්සෙ රත්නපාල ගෙ ගෙදර හොයා ගෙන ගියා
ප්‍රධාන පාරෙ ඉදල කිලෝ මීටර් 5 ට වඩා දුර පයින් ගෙවා ගෙන තරගෙ දිනපු රත්නපාල ගෙදර ඇවිත් තිබුණෙ ජයග්‍රහණයෙ පණිවිඩය ආදිවාසි ගම්මානයෙන් මෙපිට තබලයි.ඒ නිසා ගෙවල් වලට යන මං සළකුණු අද තරගෙ දිනපු ළමය නේද කියල අහළම අපේ අතේ තියන්න මිනිස්සු ඉදිරිපත් වුණා.ආදි වාසි ගම්මානයෙ ප්‍රවේශයෙදිම හමබ වුණු පාපැදියක නැගුණු කොලු පැටියා ආදි වාසි පරපුරේ රත්නපාල ගැන තොරතොරු දන්න කෙනෙක්.කොල්ල යමින් හිටපු ගමන නවත්තල අපිට පාර පෙන්නන්න තමන්ගෙ පාපැදිය ඉස්සර කර ගත්තා.
ලස්සන වැව් බැම්මක් උඩින් දිවෙන පාර වම් අත පැත්තට තියෙන බෑවුමකින් හරවල අපිට රත්නපාලගෙ ගෙදර පෙන්නුවා.අපිට ඉස්සර වුණු කොල්ල රත්නපාල අක්කලගෙ ගෙදර ගිහිං ඇති බව කියමින් එක්කං එන්න පිටත් වුණා.අපි බෑවුමෙන් මදක් ඇතුළට වෙන්න තියෙන වැලි පාරේ යතුරු පැදිය හසුරුව ගන්න බැරිව දුක් විදල අන්තිමට පරාජය බාර අරගෙන ගේ ළගට යතුරු පැදිය තල්ලු කරං ගියා.
කිලෝ මිටර් 10 ක දුරක් දුවල ඇවිත්,ආයෙමත් ගෙදරට කිලෝ මීටර් 5 ක් පයින් ආපු රත්නපාල මහන්සි නොබල රස්තියාදු ගහන එක ගැන මම ඒ වෙන කොටත් මදක් විමතියෙන් හිටියෙ.විනාඩි කිහිපයකදි ඒ විමතිය දෙගුණ තෙගුණ කරපු රත්නපාල අපිව යතුරු පැදියෙන් බිමට බස්සපු වැලි පොළවෙ පාපැදිය හැසිරුවෙ එක අතින්.ඒ අනිත් අත අක්කගෙ අත දරුවට වෙන් කරල තිබුණු නිසා.
මේ කොල්ල නම් මරු දෙයක් කරයි
මට මගේ හිත කිව්වා.පාසලේ සාමාන්‍ය පෙළ පංතියෙ හිටියත් රත්නපාල ඊට වඩා වයසයි.පාසල් යන අතරෙම ආර්ථිකය එක්ක ඔට්ටු වෙන්න පොඩි පොඩි වැඩ කරන අතරෙ හෙනානිගල වැවේ මත්ස්‍ය සම්පතෙන් බිදක් ගෙදර අයගෙ බඩ - කට පුරවන්න අරං එන එකත් රත්නපාලගෙ රාජකාරියක්.වැඩ ටික ඇහැව්වම මට මැවුණෙ අපි අහල තියෙන ආදි වාසින්ගෙ වගතුග.සත්තු පස්සෙ හති නොබලා දුවන,පනින දඩයම් ලක්ෂණ මේ තරුණයගේ හති නොවැටෙන ජාන වලත් තිබෙන බව මට හිතුණා.ඒත් ඊ ළග අවුරුද්දෙ දකුණු හෙනානිගල කණිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටි සිසුවෙක්  ලෙස එළියට බහින්න නියමිත රත්නපාලට ඊ ළග නිමේෂයෙ උරුම වැව යි බිලී පිත්තයි බව ඒ ගමේ උරුමය ගැන පැහැදිළි කරපු රත්නපාලව පුහුණු කරන ක්‍රීඩා ගුරුවරිය කියල තිබුණා
මේක වෙනස් කරල රත්නපාල රටේ උරුමයක් කරන්න බැරිද?
වෙහෙසක් නොදැනෙන මේ ක්‍රීඩකයා ලංකාවට ජයග්‍රහණ ගේන මැරතන් ක්‍රීඩකයෙක් කරන්නෙ කොහොමද?එහෙම නැත්නම් ඇගෙ ජානවලම තියෙන අනන්‍යතාවය යොදා ගෙන මේ ක්‍රීඩකයව බාධක දිවීමේ ක්‍රීඩකයෙක් කරන්න බැරිද?
ඒ ඔක්කොටම ඉස්සර මේ කොල්ලව රැක ගන්න ඕනි.සමස්ත ලංකා පාසල් මට්ටමේ ජයග්‍රහණ ලබල තියෙන නිසා ඒ හැකියාවන් යොදා ගෙන මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු කර ගන්න වින්ග් කමාන්ඩර් දීපාල් මුණසිංහ තීරණය කරනවා.මගේ මිත්‍රයා මම සොයා දුන් ක්‍රීඩා සම්පත් වලට සිය ක්‍රීඩාවට ගෞරවණීය තත්ත්වයක් ඇති වෙන පදනමක් දැමූ නිසා රත්නපාල පමණක් නොව ගුවන් හමුදාවේම මලල ක්‍රීඩාව ඉහළ තලයකට එසැවී පැමිණියා.
අවුරුදු ගණනක් නමුත් රත්නපාල පිළිබද ගත් තීරන පලදායක වුණේ නැහැ.ඒත් මුල සිටම රත්නපාල යොමු කළ යුතු පුහුණුකරු වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ කුලතුංග බවට මම ගෙනාපු යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ.ඒ නිසා රත්නපාලට ගුවන් හමුදාව වෙනුවෙන් පදක්කමක් නෙලා දෙන්න කුලතුංග හමුවන තෙක්ම බලා සිටින්නට සිදු වුණා.
කුලතුංග කියන්නෙ ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම මැදි දුර ධාවකයා හැටියට පිළිගැනෙන චමින්ද විජේකෝන් වැන්නන් රටට හදුන්වාදුන් පුහුණුකරු වුණත් ඔහු ඔහුට නියමිත කොට ඇදීමේ කාර්යයෙන් ඔබ්බට පෙරහැරවල අදින්න යන්න දගලන්නෙ නැහැ.මේ රටේ තියෙන ක්‍රමයට කවුරුත් පෙරහැර වලට අන්දල එක්ක යන්නෙත් නැති නිසා කුලතුංග හැමදාම හැංගුණ චරිතයක්. 
මේ හැංගිච්ච මනුස්සය ළගට රත්නපාල ගෙන ඒමේ මගේ සිහිනය පල දැරුවට පස්සෙ දවසින් දවස රත්නපාලගෙ හැංගුණ දක්ෂතා මතු වෙන්න පටන් ගත්තා.එහි ප්‍රතිපලයක් විදිහට රත්නපාල ගුවන් හමුදාවට ආවට පස්සෙ ලබපු පළමු ජාතික මට්ටමේ ජයග්‍රහණය අද ලබා ගත්තා.ඒ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියෙ අවුරුදු 23 න් පහළ මීටර් 10000 තරගයේ තෙවන ස්ථානය දිනා ගත්තා.එමෙන්ම ඔහු මෙම තරගාවලියෙදි මීටර් 5000 පස් වන ස්ථානය දිනා ගත්තට අමතරව එම ඉසව් දෙකේම සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කරන්නත් සමත් වුණා.
දැන් රත්නපාල සූදානම්.තවමත් ඔහු දිහා ආදි වාසියෙක් විදිහට පහත් විදිහට බලන අත දරුවො නැතිව නෙමෙයි.ඒ ඹවුන් අපෙන් උදුරා ගත් දෙයක් නැති බවත් අපි කුවේනිගේ උරුමය පැහැර ගත් 
මංකොල්ලකාරයන්ගේ පරපුරේ බවත් නොදන්නෝයි.මේ මොහොතේ වැදගත් වන්නෙ රත්නපාල හරි මගට යොමු කිරීමයි.
කුලේ අයියෙ කොල්ලව බාධක දිවීමට දාල බලමුද?
මං ඒ වචන වලට අමතරව ඔහුගේ පරවේනි සාධක ද එයට බල පෑ හැකි බව කුලතංගට පැහැදිළි කළා.
ඇත්ත අපි කරල බලමු.26 ක් විතර වුණාට පස්සෙ මැරතන් වලට ගේමු!
කුලතුංග එකග වෙනවා.සමහර විට මේ එකග වීම මම මෙච්චර කල් රත්නපාල දුටුව හැටි හරි ගිය හැටියටම හරි ගියොත්...
සමහර අය වැඩිය මුහුණ දීල කතා නොකරන රත්නපාලගෙ කුලෑටි ගති කැලේ සිරිත් හැටියට දැණුනත් 
ජාතික සූරයන් සූරයන් වී සිටින ඇතමුන්ට පත්තරකාරයාගේ සීමාව ඉක්මවා මව් පියන් ලෙස පෙනී හිටියද අද වෙන කොට කතා කර දුක සැප අසන්නටවත් කෘතවේදිත්වයක් නැති තරමට මනුස්ස කම් කැලෑ වැදී ඇති තත්ත්වයක ...
රත්නපාල ජයග්‍රහණයේ හතියත් සමග ...
නිශ්මං ස්ර් මං තුන් වෙනියා...ගුවන් හමුදාවට ආවට පස්සෙ ගත්ත පළ වෙනි පදක්කම ස්ර් ...යනුවෙන් කිමට මනුස්සකමක් තිබීම ගැන  මගේ හිතේ තියෙන්නෙ ආදරණිය ගෞරවයක්.
ගුවන් හමුදාවෙ පඩියෙන් දුවන දේවල් කරනව ඇරෙන්න සතෙක් ගහල තාත්තා මරුණු ගෙදර අම්මට රෙදි කැල්ලක් අරං දෙන්නවත් දුප්පත් සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කරන්නවත් උඹට අයිතියක් නෑ ලෙස සිතන කාලකණ්නි නිලධාරින් ද සිටින බව මම මීට වසර ගණනකට පෙර දැක ගත්තෙ බහරේන් වලදි.
ධාවන සපත්තු රැගෙන දීමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහය දැක් වූ පුද්ගලයන්ට එය ලබා දිය නොහැකි ලෙස කාලය හරස් කළ කණ්ඩායමේ කළමණාකරු බහරේන් ශ්‍රී ලාංකියන් ඉදිරියේ ප්‍රකාශ ක‍ළේ එම ක්‍රීඩකයන් ධාවනය සදහා හමුදා වල සේවයට බදවා ගත් ඒ සදහා ගෙවීම් ලබන නිලධාරීන් නිසා ආර්ථික අපහසුකම් නැති බවයි.එවැනි පදනමකින් ක්‍රියාත්මක වන ලංකාවෙ ක්‍රීඩාවෙ ඉදිරි ගමන සදහා රත්නපාලට යම් දිරි දීමක් කළ හැකි මාවත් කවරේද යන්න තීරණය කරන්න ඔහුගේ ජීවිතය ඔහුගෙන්ම දැන ගැනීමෙන් ඔබට පුළුවන් වෙයි.
මේ තියෙන්නෙ රත්නපාලගෙ දුරකථන අංකය - 0713748275 
  

Friday, May 2, 2014

අපි සමරන නූතන චිකාගො



ලංකාවෙ මැයි දිනය සමරන හැටි දැක්කම එක දෙයක් පැහැදිළියි.මේ අය සමරන්නෙ 1886 සිදුවීම නම් නොවන බව.කම්කරු අයිතීන් කෙසේ වෙතත් ස්වීය ලාබ ප්‍රයෝජන උදෙසා පොදු අරමුණකින් අරගල කිරීම පසෙක ලා ඕනෑම තක්කඩි හෝ ජඩ වැඩක් කිරීමට සෑදි පැහැදී සිටින පිරිසගේ රංගනයන්ගෙන් තමයි ලංකාවෙ බොහෝ මැයි දින රැළි පිරී යන්නෙ.
පැය අටේ සේවය දිනා ගැනීම සමරනවා ඇරෙන්න අපේ රටේ නූතණ වැඩ කරන පුද්ගලයාගේ භූමිකාවට මේ මැයි දින වලින් ලැබෙන්නේ මොනවාද කියන එක ලොකු ගැටළුවක්.අද වැඩ කරන ජනතාව මත පැටවෙන අදෘශ්‍යමාන ගැටළුව තමයි අධික බදු බර.විවිධ වු ව්‍යාපෘති හරහා එකතු වෙන දැවැන්ත ණය බර පයවා ගැනීමට ගසන බද්දේ දැඩි අපහසුව විදින්නට වී තිබෙන්නෙ පහළ ශ්‍රේණියේ කම්කරුවාටයි. අධික පංති විෂමතාවය විසින් ආර්ථික වශයෙන් සමානත්මතාවය දුරස් කරන තිබෙන පොළවක මිනිසුන්ට තිබෙන පොදු අරමුණ වන්නේ ඒ ඒ තත්ත්වයන්ට සාපෙක්ෂව ගොඩ නැගෙන ආර්ථික පීඩනයෙන් ගැලවීම පමණයි.
ඒ්ත් මේ කාරණය වචන වලට ගොනු කර ඉතිහාස කතා කියන මැයි දින රැලියකට වඩා ලෝකයේ අවධානය රටේ කම්කරු ජනතාවගේ පීඩනය වෙත ළගා කිරීමට සුදුසුම දේ මේ ව්‍යහුය යටතේ තිබෙන කම්කරු දිනය වර්ජනය කිරීමයි.කම්කරු අයිතීන් වෙනුවෙන් කරන්නට දෙයක් නැති,කියන්නට ඉඩක් නැති සමාජ ව්‍යහුයක කම්කරු දිනය පවත්වා ඇති ප්‍රතිපලයක් නොවන බව පවසා සියළු වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනය හකුලා ගන්නට ප්‍රගතිශිලි දේශපාලන ක්‍රියාදාමයන් උනන්දු විය යුතු බවයි මගේ හැගීම.
එසේ නොවන තැන වන්නෙ බජව් දාන කම්කරු රැළි වල වයින් ග්ලාස් වලට වැටෙන කම්කරු රුධිරය වෙනුවෙන් බයිට් හදන්නට අනෙකුත් දේශපාලන ව්‍යාපාර මුක්කු ගැසීමයි.ඒ අතරින් කෞශලයා,අජිත් ලා මීගමුවෙ මැයි දිනය වෙනුවෙන් පැවත් වූ සංගීතය මේ සිස්ටම් එකෙන් එළියට මැයි ආකල්පය අරං යන්න ගත්තු හොද උත්සාහයක්.මේ වෙන දේවල් තෙරුම් ගන්න රහක් ඇති මිනිස්සු ටිකක් හදන්න හරි මේ වගෙ දෙයකින් සමත් වෙනවා.
එසේ නොවන සම්ප්‍රදායික මැයි රැලි වලින් වෙන්නෙ මේ යන ක්‍රියාදාමය ශක්තිමත් කරන්න සිය පක්ෂයේ ධනය නිකරුණේ කාබාසිනියා කිරීම පමණයි.මැයි දිනය නොපවත්වා හෝ මැයි දිනය දිනයේ වචනයක් හෝ කතා නොකර අහිමි වී යන කම්කරු අයිතීන් වෙනුවෙන් දෑත් මුව බැද සත්‍යග්‍රහයක් කරන්නට උත්සාහ කිරීමේ අදහසක් කිසිදු දේශපාලන පක්ෂයකට එන්නේ නැහැ.එසේම කුමන හෝ සංකේතාත්මක ක්‍රියාවලියකින් මුළු රටම එක මොහොතක කම්කරු අයිතීන් දිනා ගැනීම සදහා සංඥාවක් ලබා දීම සදහා පෙළ ගැස්වීමට කිසිදු දේශපාලන පක්ෂයකට මතක් වන්නේ නැහැ.
වෙන එකම දේ බලය ඇති සහ බලය අපේක්ෂා කරන සියළු පක්ෂ නූතණ චිකාගෝ ලෙවල් එකේ මැයි දින පැවත්වීමයි.ෂොට් එකක් දා ගත්තු අය සටන පාඨ ලෙස සිය විරුද්ධ දේශපාලන මතධාරින් කෙරෙහි වෛරය වපුරමින් කියන සටන් පාඨ අනතුරුව වේදිකාවෙ සම්භාවනීය යැයි කියා ගන්නා පිරිසගේ මුවින්ද නිකුත් වීමෙන් ඉනික්බිති පැවත්වෙනසංගිත සංදර්ශනයක බීමත් රැගුම් වලින් සැපයෙන් සැබෑ යථාර්තය අමතක කරන නිර්වින්දන ආතල් එකෙන් පසුව සියල්ලෝ සතුටින් විසිර යති.
වර්ථමානයේ මැයි දිනය ගැන නොදැන හෝ දැන සැබෑම පිංතූරය එලියට ආවේ තොණ්ඩමන්ගෙන්ය.ඔහු ගේ වීඩියෝව දැනටමත් විවිධ ආකාරයෙන් අන්තර්ජාලයෙන් විකාශය වෙමින් තිබෙන අතර නියමාකාරයේ චිකාගේ චන්ඩියෙක් ලෙස ඔහු කැමරාකරුවෙක්ද වීසි වෙන සේ තල්ලු කරමින් සිය නායකත්වය සහ දේශපාලනය ප්‍රකට කරද්දි අර තල්ලු වූ පුද්ගලයා නියෝජනය කරන පංතියෙ ජනයා සිය නායකයාට හුරේ තබමින් ආහිර්වාද කරන අයුරුද කැමරාකරුගේ බෙල්ලෙන් අල්ලන්නට දිගු කළ දෑත අනතුරුව වනන අයුරින් පැහැදිළි වෙයි.
ඒ එදා චිකාගෝ කම්කරු අරගලයට තුඩු දුන් වර්ථමාන චිකාගෝවේ පවතින ජඩ සංස්කෘතිකාංග වල ලක්ෂණම ගෙන එන්නකි.මාෆියා ව්‍යාපාරයේ ප්‍රධානීන්නට විරුද්ධ වන්නන්ට හෝ කුමානකාරයක හෝ බාධාකාරීන්ට සමාවක් නැත.ඔහුගේ අනුගාමිකයන්ගේ ආශිර්වාදය නායකයාගේ පැවත්ම වෙනුවෙන් වචණයකින් හෝ විරුද්ධයැයි හැගෙන ඔනෑම කෙනෙකු මරා දැමීමට හිමි වන්නේය.මේ මිය යන්නේ කාගෙ කවුද යන්න හෝ ඒ තමාගේ මට්ටමේම අයෙක් යන්නද වැදගත් නැත.ආත්මාර්ථය සහ නිවට සහ බයාදුකම දායාද කර ගත් ඒ සංස්කෘතියේ ප්‍රතිරූපනය දකින නූතණ මැයි දිනයක දෙපයින් නැගිටීමට කම්කරුවාට ශක්තිය සබයනු වෙනුවට දෙදනණින් වැටී සිය නායකයන්ට නමස්කාර කිරීමත්,මිනිසුන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමත් ප්‍රසිද්ධියේ කරන්නට තරාතිරමකින් තොරව සියල්ලෝ එ්කත්පස්ව සිටිති.
මැයි දිනය සැමරිය යුතු චිකාගෝ සිද්ධිය අපට අමතකව ඇත.ඒ සටන එ් දක්වා  නොවුණු සටණක් ලෙස ඇවිලී ගියෙන් ලෝකයට වැදගත් වුණි.අද ඒ සටන්කාමින්ගේ මතකයට නිගා දෙනු වෙනුවට ඔවුන්ට අභිමානය ගෙනෙන්නට වත්මන් කම්කරු අයිතීන් කප්පාදුව වෙනුවෙන් මැයි දිනය සැමරිම පිළිබදව මීට වඩා නිර්මාණශීලිව සිතිය යුතුව ඇත.නැතිනම් වන්නේ අරගලයේ නිමිත්ත සහ ස්වභාවය නූතණ චිකාගෝ නුවර මැර සහ ජඩ සංස්කෘතියත් සමග මුසු වී සැබෑ අරගලයේ කීර්තිය සෝදා පාළුවට ලක් වීමය.
මංපැහැරීම්,ප්‍රසිද්ධියේ සිදුවන මංකොල්ල,සමුහ ස්ත්‍රී දූෂණ වැනි කාරණා සාමාන්‍යයෙන් චිකාගෝ ලෙවල් එකේ වැඩ ලෙස හදුන්වයි.ඒ නූතණ චිකාගෝවේ ගති ස්වභාවයය. එවැනි යාන්ත්‍රණයක් හිස ඔසවන්නට බලපාන සමාජ දේශපාලනික කාරණා හිස ඔසවමින් තිබෙන තත්ත්වයක කවුරුත් කරන්නන් වාලෙ කම්කරු දිනය සමරන්නේ ද නැද්ද යන්න පවතින ප්‍රගතිශීල යැයි කියා ගන්නා දේශපාලන පක්ෂ සිය න්‍යාය පත්‍ර ඇතුලේ තදින්ම කල්පනා කළ යුතුය.

හැම දේම සෙල්ලං

 


හැමදේම සෙල්ලමට අරං ඉන්නව වගේ පේන වගකිව යුත්තො දිහා අපි සැකෙන් බැලුවෙ කේන්තියෙන් බැලුවෙ.ඒත් එයාල ඇත්තටම සෙල්ලං කරනව කියල මේ ළගදි හමබන්තොට පැත්තෙදි ඔප්පු වුණා.සෙල්ලං පොලිසිය බලා ඉද්දි සෙල්ලං නගරාධිපති කෙනෙක් ඇවිත් ලෙල්ලං කරන නැටුමක් නටද්දි සෙල්ලං පොලිසිය සෙල්ලමට වගේ අතේ තිබුණු අවි ආයුධ පැත්තකින් තියලා හ්ම් සද්දයක් නැතිව සෙල්ලමක් කළා.ඒ අය වචනයක් කතා කළේ නැහැ හරියට දත් පෙන්නුවොත් අවුට් කරන සෙල්ලමට ඉන්නව වගේ.
මීට ඉස්සර හමුදාවෙ සෙල්ලං මේජර් කෙනෙක් සෙල්ලං ඇමති පුතෙක් එක්ක මේ වගේම සෙල්ලමක් කරල සෙල්ලමට වගේ කණ පලා ගෙන සෙල්ලම් හිනාවක් දැම්මා.එදා ඕක හිතුණත් කිව්වෙ නැහැ.ඊට පස්සෙ දවසක ඒ ඇමති පුතාටම සෙල්ලං වාහන වලින් ආපු කට්ටියක් ඔඩෙල් එකේ කාර් පාක් එක සෙල්ලම් පිට්ටනියක් කියල හිතා ගෙන සෙල්ලමට වගේ නෙලල ගියා.මේවා සීසීටීවී කැමරා වල සනිටුහන් වුණත් ප්‍රසිද්ධ මාධ්‍යයක කැමරා ඉස්සරහ වුණේ නැහැ.හම්බන්තොට දි ඒ දේ වුණා.මේ සෙල්ලම ගැන පළමු රූපවාහිණි විකාශය රූපවාහිණි කීපයකදිම විකාශය වෙද්දි විපරම ලියන මහින්ද අබේසුන්දරට මල පනින වැඩ ටිකකුත් වුණා.මනුස්සය ලියන්න හිටපු විපරම් කිහිපයකම කරුණු ටික හම්බන්තොට නගරාධිපතියි,පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි සෙල්ලමට වගේ කියල දැම්මා.
මම සිද්ධිය ආරංචි වුණ ගමන්ම කිව්වා හම්බන්තොට නගරාධිපතිතුමා ආවෙ විපක්ෂ මංත්‍රීන්ගේ ආරක්සාවට කියල කියයි කියලා.එ් වචන ටික ෆේස්බුකියෙ කොටල නැගිටල ගිහං සුළු දිය පාරක් දාලා එද්දි මෙන්න නගරාධිපතිතුමා මගේ පේටන්ට් එකට අභියෝග කරල.මම දැන ගත්ත එතුමා වගේම පොලිසියෙ මහත්තයගෙනුත් විහිළු කරලනම් බේරෙන්න බැරි විත්තිය.
ඒ නිසා හොද විහිළුවක් කරන්න කල්පනා කර කර ඉද්දි මතු වෙච්චි රත්තරං ඇමතිතුමා කියාපි එතනට ආවෙ තැඹිලි විකුණන මිනිස්සු ඒ වරා ගැන ගුවන් තොටුපළ ගැන කියපුවට කේන්ති ගිහිං කියල.මම ඒ වෙලාවෙ කියපු සෙල්ලම් කතාව විතරක් තවම බේරිල තියෙනවා ඕං.
තුවක්කු වලට කුරුළු මූනිස්සම් දාලා පුංචි හිලක් හැදෙන්න වෙඩි තියලයි තැඹිලි විකුණන්නෙ කියල කියපු කතාව විතරයි මේ ගැන කියපු සෙල්ලම් කතා වලින් මට තනි අයිතිය තියෙන ඔප්පුවක් තියෙන්නෙ දැන්.
හම්බන්තොටින් මේ ආපු සෙල්ලම කොච්චර දුර ගිහිං ද කියන්නෙ අද හවස වෙන කොට අපේ ක්‍රිකට් බෝඩ් එක ගුවන් ප්‍රවේශපත්‍ර සහ වීසා සම්බන්ධයෙන් කරල පෙන්නපු සෙල්ලමට අද අයිසීසී මහත්තුරුත් චූ පෙරාගෙන හිනා වෙනව ඇති.අයර්ලන්තෙ යන කණ්ඩායමේ තිසර පෙරේරා ගෙ වීසා නැති කමට වඩා මේකෙ වැදගත් කම කියන්නෙ අයර්ලන්තෙ යන්න ගිය තුන් දෙනෙක්ට ආසන නැතුව ආපහු හැරිල එන්න වෙච්චි එකයි.ඒ සෙල්ලම කරන්න ක්‍රිකට් ආයතන බලධාරින් තෝරගෙන තිබුණෙ උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල සහ ධම්මික ප්‍රසාද් කියන ක්‍රීඩකයන් තිදෙනයි.මේ නිසා ලෝක සූරතාවයක් දිනපු රටක ක්‍රිකට් පරිපාලනයෙ සෙල්ලම් නිසා කුසලානෙ ගෞරවය ගැන ඒ රටේ ජනමාධ්‍ය ඉහළින් කතා කරමින් ඉන්න මොහොතක අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම කියල ක්‍රීඩකයන් එකොළහක් යනවා.
කොහොමද ඒ  සෙල්ලම.
කියන්නත් බයයි මේ වගේ ඒව විහිළුවට කිව්වට ඇත්තටම වෙන්නත් ඉඩ තියෙන නිසා අයර්ලන්තයෙ ඉන්න ලාංකිකයන්ට එයාර්පෝට් එක ළග ග්‍රවුන්ඩ් එකකට එන්න කියල හොද හතර දෙනෙක් තෝර ගත්තොත් මෙහෙන් ආයෙ ගෙන්න ගන්න යන වියදමත් ඉතුරුයි.එහෙම ඒ ගාණ ඉතුරු කර ගන්න පුළුවන් කමක් තියෙනවනම් අපේ නිලධාරීන් කිහිප දෙනෙක්ට සෙල්ලමට වගේ අයර්ලන්තයට ගිහිං එන්නත් පුළුවන් නිසා මේ වැඩෙත් ඉදිරියට නැගල යන්න හොද සෙල්ලමක් වේවී.
මේ වගේ වරදක් කියන්නෙ වෙන රටකනම් ලොකු වරදක් වුණාට අපේ සෙල්ලං දීපයට නම් මේක අතිශයින් සුළුම සුළු සෙල්ලමක් විතරයි.ඒ නිසා කවුරුත් මේ වැඩේ වෙනුවෙන් සෙල්ලමටවත් තනතුරෙන් අස්වෙලා වරදේ වගකීම බාර ගන්නෙ නැති බවනම් සියයට සීයක් විශ්වාසයි.ලෝකෙ කාටවත් දෙවැනි නොවුණු අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොවේ අද ඉදල ලොව වෙන ක්‍රිකට් පරිපාලනයකට හිතා ගන්නවත් බැරි වැඩක් කරල දාපු සෙල්ලම නම් ආයෙ කිසිම දවසක වෙන කිසිම රටකට හිතා ගන්නවත් බැරි බවනම් විශ්වාසයි හොදටම
මේක බිද දායි කියල හිතන්නත් පුළුවන් අපිටම විතරයි.ක්‍රිකට් ආයතනේට කරන්න තියෙන්නෙ එකම දෙයයි සංචාරයකදි ඔක්කොම ක්‍රීඩකයො විතරක් තියල නිලධාරි ටික විතරක් යන්න ඕනි.ඒක මරු සෙල්ලම නේද?ඒ තරම් ලොකු හිනා  යන වැඩක් කොහෙන් කියල අල්ල ගන්නද මිනිස්සු
ජයවේවා!

Thursday, May 1, 2014

ඇගේ සහ අගේ අවුල

ඇදුම් නිර්මාණය වන්නෙම පිරිමි ඇග වැඩිය වැහෙන්න සහ ගෑණු ඇග වැඩිය පේන්න.මේ ශරීර දෙකේ නොපෙනෙන අවයව ගන්නකො.ඒව වහ ගන්න හැදිල තියෙන ඇදුම් වලටත් මේ ආනිසංසයමයි නේද?කොල්ලෙක් ෂෝට් එකක් ගහල යද්දි හොදට හැඩට උගෙ කකුල් දෙක තියෙනවනම් ඒකට කියන්නෙත් මරු නේද?කේලලෙක්ගෙ වගෙ කියල සමහර විට කරන්න හිතෙන දේකුත් කියනවා.
කොහොම හරි කාන්තා ශරිරය වැඩිය නිරාවරණය නොවන ඇදුම් නැති සංස්කෘතියක් තියෙනවනම් ඒ මුස්ලිම් සංස්කෘතියෙ විතරයි.ඒත් දැන් දැන් ලංකාවෙ විවෘත සමාජයත් එක්ක ගණ -දෙනු කරන මුස්ලිම් ජනයා ඒ විදිහට අදින්න පටන් අරං තියෙනවා.(හැබැයි ඊට සාපේක්ෂව කාන්තාරෙ දූවිල්ලෙන් ආරක්ෂා වෙන්න වගෙ ඇස් සහ මුහුණ වහ ගෙන අමාරවෙන් යන මුස්ලිම් කාන්තා ප්‍රතිශතය ද වැඩි වෙලා තියෙනවා.)
කොහොම හරි මේ කාරණා වලින් ගම්‍ය වන්නෙ කාන්තා ශරීරය ආකර්ශණිය වැඩියි කියන එක.පෙන්නන්න ලස්සනක් තියෙන්නෙ ඒ ශරීරයෙ කියන එක.හැඩ වැඩ ගැන කවි ලියවිලා තියෙන්‍නෙම කාන්තා සිරුර ගැන නෙ.ඒ කාලෙත් මේ විදිහට හැඩ පේන්න අදින්න ඇති.නැත්නම් කොහෙද එහෙම ලියන්නෙ.
හැබැයි මේ විදිහට ගැණු ඇග වැඩිය එලියට පේන විදිහට සහ පිරිමි ඇග වැහෙන විදිහට ඇදුම් නිර්මාණය වෙන්න විද්‍යාත්මක හේතුවක් බලපෑවද දන්නෙ නැහැ.ලංකාවෙ සාමාන්‍යයෙන් පිරිමියෙක් පහසුවෙන් ඉන්න කරන්නෙ කමිසයකින් තොරව උඩු කය තබා ගෙන සිටීමනෙ.මේක ඇතැම් අයගෙ ඔළු ඇතුළෙ වැඩ කරන්නෙ නැහැදිච්ච කමක් හැටියටනෙ.
මාතෘකාවෙන් පිට යනව වගේ.ආපහු ලස්සන ඇග දිහාටම හැරෙමු.විදයාත්මකව හෝ වෙනත් කාරණාවක් මත ලෝකයේ වැඩි පුරම ඇදුම් නිර්මාණය වන විට කාන්තා ඇග පසග කැපි පෙනෙන නිරාවරණය වෙන විදිහට වැඩ සිද්ධවෙලා තියෙනවා.ඒක බොරු නෙමෙයි.හැබැයි මේ නිර්මාණ කරන්න ගියහම පොඩි අවුලක් හැදෙනවා.වැඩියම වෙන්නෙ නිර්මාණය භාවිතා කරන කෙනා තරම් දියුණු නැති වුනහම දකින කෙනා මේ පේන ටික දරන් ඉන්න බැරිව පිස්සු කෙළිනවා.
සමහරු අද දූෂණ වැඩි වෙන්න මේ ඇදුම බලපානවා කියන්නෙත් ඒකනෙ.ඇගේ චුට්ටක් දැක්කම අග පරිස්සම් කරගන්න බැරි පිරිමිකමට ශික්ෂණයක් නැහැ කියන කතාව වෙනුවට පිරිමි වගේම පිරිමි යටත් විජිතවල ගැහැණු චින්තණයද සිය වචන සොල්දාදුවො එලියට දාන්නෙ හැඩට ලස්සනට ඇදං ඉන්න ගෑණිගෙ සිමාවන් පාලනය කරන්න.
අඩු ගානෙ මේව දැක්කම හැගීම් ඇවිසෙන්නවනම් නොදැක්ක ගාණට (අපි වගේ) ඒක විදින්නවත් අපේ පිරිමින්ට විනයක් නැති කම ගැන කණගාටු වෙනව ඇරෙන්න ගෑණුන්ගෙ කොට ඇදුම මට නම් ප්‍රශනයක් නෙමෙයි.හැබැයි ඔය අදින අයත් තමන්ට මෙහෙම ඇදං යන එක කිචි කැවෙන වැඩක් නම් පිරිමි අමාරුවෙ නොදා දිගට ඇදං යනවනම් හොදයි.
මම එහෙම කියන්නෙ මමම විදපු කරදරයක් හින්ද.දවසක් රත්මලානෙ තෙලවලින් බස්සෙකට ගොඩවුණු මට ඉද ගන්න ලැබුණෙ දණහිසේ සිට ඉණ ට ගත් විට දණහිසේ සිට වැඩි පුමාණයක් ඉහළට නිරාවරණය වී තිබූ ගවුමක් ඇද සිටි සහෝදරියක් ළගයි.ඇය පෙණුමෙන්ම නාගරික සංස්කෘතියෙන් මේ වියතේ ගවුම විතරක් ගත් අයෙක් බව පැහැදිළිව පෙණුනා.ඒ වගේම ආසාවට ඇන්දට ඒන ඇයට නුහුරු බවත් පෙණුනා.ඒ නිසාම චුවිංගම් වලින් නිර්මාණය කළ ගවුමක් ලෙස සිතා ඇව දිගින් දිගටම එම ගවුම අදින්න පටන් ගත්තා.ඒත් චුවිංගම් නොවන නිසා ගවුමේ වෙනසක් සිදු නොවන අතර සිදු වූ එකම දේ වූයේ මේ ඇදිල්ල දෙස බලන්නට වැඩි දෙනෙක් ඇයගේ කකුල් දෙස අවධානය යොමු කිරිම පමණයි.
අතශයින් සුන්දර දෙපා යුවළක් (මගේ කැමැත්තට සාපේක්ෂව) නොවුණ ද කුමක් හෝ වැදගත් දෙයක් මෙහි සගවන්නට ඇතැයි යන හැගීමෙන් මම ද එය නිරීක්ෂණය කළ ද විශාල ආකර්ශණයක් ඒ කකුල් වල නොතිබි අතර ඒ සදහා වැඩියෙන් ආකර්ශණය වන්නට එකම හේතුව ලෙස මා දුටුවේ ඇය කරනු ලබන ඇදීමේ ක්‍රියාවලිය පමණයි.
එන්න එන්නම සෙනඝ වැඩි වන විට චීත්ත කෑල්ලක් සායම් ගියත් අදින්න ආස අයට මේ කකුල් ද හොද වැඩි බව මට දැණුනා.ඒ නිසා ඒ කකුල් හිමිකාරියගේ අවධානය දිනා ගැනීමට එවැනිනෙක් කුමක් හෝ ගැටළුවක් ඇති කිරීමට ඉඩ ඇති නිසා එහි ගොදුරක් වීමට ආසන්නයේම සිටින්නේ මම නිසාත් ජේආර් කියා ඇතිවාක් මෙන්ම මැතකදි හම්බන්තොට දී පොලිසිය ඔප්පු කර පෙන්නුවාක් මෙන්ම මම මගේ ආරක්ෂාව පිළිබදව සිතා ක්‍රියාත්මක වුණා.
සාමාන්‍යයෙන් කරේ එල්ලෙන මගේ සාගත මල්ල මම ඇයට පිරිනමා එය තියා ගන්නට යැයි ආරාධනා කළා.ඇය අත ඇති පුංචි අත් බැගය මෙන් සිව් ගුණයක් පමණ වූ මගේ ගමන් මල්ල ඇයගේ උකුල උඩට පැමිණියහොත් අනිවාර්යෙන්ම නිරාවරන ප්‍රදේශය වැසී යන බැවින් මම ඇයට එම උපකාරය කරන්නට සිතුවද ඇය එය ප්‍රතික්ෂේප කළේ අවිහිංසක හිනාවකින්.නමුත් ඉන් අනතුරුව ඇය යළිත් කිසිදාක අදින්නට බැරි සාය අදින්නට උත්සාහ නොකර බම්බලපිටියෙන් බැස යන තුරුම දෑත නිදහසේ තබා ගෙන පැමිණියා.
පොල් පටවන ගාණනට පටවන බස් එකේ මින්ස්සුන්ට දැනෙන දැඩි කායික වේදනා අපහසුකම් එක්ක හුගක් අයට නංගිගෙ කකුල් දෙක වටින්නෙ නැහැ.සමහර විට මේ ගැන කියලා බනින්න වනචරයි කියල අදහස් ප්‍රකාශ කරන්න ආස අය එයාලගෙ ඇත්ත ආශාව ඉටු කර ගනිමින් මෙහි වැසි ඇති සහ ඇරී ඇති ප්‍රමාණයන් ගණනය කරන්නට අත්සාහ ගන්න ඇති.
හැබැයි එහෙම තමන්ගෙ කකුල් දෙක තව කෙනෙක් දකින එකේ අවුලක් තියෙනවනම් කොටට අදින්න එපා.සිය ශරීරයේ හැඩය අපූරුවට මතු කර පෙන්නන්න කැමති හැඩ ඇගක් තියෙන කෙනෙක් ඒහෙම අදින එක සමාජ පොලිසියට බයේ නවත්තන්න ඕනිත් නැහැ.ඕක දැක්කම අපරාධ වෙනව කියන අය වගේම දරං ඉන්න බැරුව අපරාධ කරන අයත් කරන්න තියෙන්නෙ ඒ කාන්තාවන්ට බැන අඩ ගසන එක නෙමෙයි.ඒව දැකල අපරාධ කරහම නඩු හබවලට පැටලිලා කොච්චර වියදමක් කරන්න වෙනවද?සමහර වෙලාවට හිරේ විලංගුවෙත් වැටෙන්න වෙයි.ඒ නිසා ඊට අඩු වියදමකින් කරන්න තියෙන්නෙ හොද මානසික වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගන්න එක.
සමහරු කියන්නෙ මේ ඇදුම් සංස්කෘතියට ඔරොත්තු දෙන්නෙ නැහැ කියල.එහෙම කියන අය ගැනත් බයයි.ඇයි දෙයියනේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්න ගියොත්.ඒ ගැන කිව්වම කියන දේකුත් තියෙනවා.ඒ කාලෙට වඩා අද දියුණුයි. කියලා දියුණුව කියන්නෙ කාන්තාවන්ගේ ලස්සන පියයුරක් දැක්කම,වටොර ටිකක් දැක්කම ඉවසන්න බැරි තරම් විනයක් නැති එකද ශික්ෂනයක් නැති එකද?ඒකට කාන්තාවන්ගෙ ශික්ෂනයක් නැති කම කියනවට වැඩිය තමන්ගෙ ශිෂ්නයේ දරා ගැනීමේ ප්‍රවනතාවය වැඩි කිරීම තමයි කළ යුත්තෙ.
හැඩට දැක්කම ආසයි.පේන තරමට කැමතියි.ඒක විදින්නෙ නැතිව විදීම පාලනය කර ගන්නෙ නැතිව අපි කොහොමද එක එක්කෙනාගෙ රුචු අරුචිකම් තීරණය කරන්නෙ.ඕක තමයි අන්තිම තැන.කවුරුත් පාලනය කරනවට වැඩිය තමන්ට තමන් පාලනය කර ගන්න එක ලේසියි.නිරාවරණය වෙන ඒවා ස්පර්ශ කරන්න බලපෑම් නොකර කැමැත්තෙන් ලැබෙන දෙයක් ස්පර්ශ කර ගෙන බලන්න ලැබෙන දෙයින් යම් වින්දනයක් ලබා ගෙන පිරිමිකමට බ්‍රේක් නැහැ වගේ හිතෙන ලැජ්ජ හිතෙන දේ නොකිය ඉන්නවනම් ඒක ගෑණුන්ටත් හොදයි පිරිමින්ටත් හොදයි.එහෙම නේද?