Tuesday, February 3, 2015

පැණි සහ ලුණු මිරිස්

මොකද වෙන්නෙ?

හුග දෙනෙක් මේ විදිහට අහනවා.දින 100 ඉවර වෙලා 101 වෙනකං උත්තරයක් දෙන්න බැහැ මේකට.මේ වැඩේ අලුත් වීම එකක්.බහුතර ඔළු ගාණට බලය තීරණය විය යුතු නැහැ කියන එක නම් මම විශ්වාස කරනවා.ඒ ඔළු ගාණ නැත්නම් වැඩිම මනාප කියන දේවල් වලින් මේ රටට හොදක් වෙලා නැහැ.වැඩි දෙනා කැමති දේ වැඩි දෙනාට සේවය නොකරයි කියන එකට හොද උදාහරනයක් හැටියට මේ ඡන්ද ක්‍රමය ගන්න පුළුවන්.
කතිරය කියන්නෙ වැරද්දම තමයි..හරි ලකුණ දාන්න පුළුවන් දේවල් කතිරයෙන් ලැබෙන්නෙ නැහැ.අවසානයෙ ඒ වගෙ නිගමනයකට අවා.දැන් පාර්ගිමේන්තුව ගන්න තීරණ සාපේක්ෂව හරි වගේ දැනෙනවා.ඒ අය කතිර අඩු කට්ටිය නිසා වෙන්න පුළුවන්.මේ විදිහට සැනින් වෙනස් විය හැකි බලයක සහිත ව්‍යවස්ථාදායකයක් තියෙනවනම් මේ වගෙ වැඩ කරයි නේද කියලා හිතෙනවා.

කෙහොම නමුත් ඇමතිවරු ලෙස තීරණ ගැනීමේ බලය පැවරි තියෙන පිරිස සිටි පිරිසට වඩා බුද්ධිමත් පිරිසක් වීම සතුටුදායකයි.එ වගේම බලය රැක ගැනීම උදෙසා ඉන්න හැම කෙනෙක්ම ඇමතිවරු කිරීමක් දකින්නට නොලැබීමත් සතුටුදායකයි.ඒත්ඔළු ගෙඩි ගණනින් බලය තීරණය කරන සම්ප්‍රදාය ඇතුළෙ මේ ගමනට යා හැකි දුර කෙටි විය හැකියි.ඒකට හොදම උදාහරණය සපයමින් විමල් වීරවංශ,දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව ඇතුළු පිරිස සූදානම් වෙන්නෙ මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට කැදවාගෙන ඒමට.

සටහන ආරම්භයේ නිවැරදි දේ ඔළු ගෙඩි ගාණෙන් මනින්න බැහැ කිව්වට විමල්,වාසු,දිනේෂ් මෙන්ම ඒ පිරිස සමග ඉන්න සියල්ල තනිව බලය සදහා අවශ්‍යය ප්‍රමාණයට ඔළු ගෙඩි සොයා ගන්නට බැරි පිරිසයි.ඒ නිසා ඔළු ගොඩකට හේත්තු වී මහජන නියෝජිතයෙක් වෙනු හැර තනිව පක්ෂයක් හැටියට පැමිණ බලපෑම් කිරීමට මේ පිරිසට හැකියාවක් නැහැ.ඒ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග තවත ව්‍යාකූල වුණා.

විමල්ගෙ පක්ෂයෙ අචල චාගොඩ ඇතුළු පිරිසක් කැඩී ගියා.දිනේෂ්ගෙ පක්ෂයත් දෙකඩ වුණා.වාසුගෙ පක්සයෙ කැඩෙන්න තරම් පිරිසක් කොහොමත් නැහැ.කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂවල ද දෙකඩ වීමක් වුණා.ඒ නිසා මේ අයට පක්ෂයක් හැටියට මහජන නියෝජතයෙක් හෝ වී පාර්ලිමේන්තුවට ඒම පහසු නැහැ.ඒකට විකල්පය හැටියට ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්ෂ යි.ඔහු හරහා ශ්‍රී ලංනිපය දෙකඩ කර වෙනම බලවේගයක් ලෙස මැතිවරණයට පිවිස යම්කිසි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පත් වීම ඒ පිරිසගේ උත්සාහයයි.

ඉන් එහා ගිය ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඔවුන් සතුව නැහැ.විමල් සහ දිනේෂ් අන්ත ජාතිවාදි ආගම්වාදි ස්ථාවරයක කටයුතු කරද්දී වාසු,තිස්ස විතාරණ සහ ඩීව් සිටින්නේ ජාතිකත්වය පිළිබදව කතා කරමින්.නමුත් බලය වෙනුවෙන් තිස්සල,ඩීව්ල මෙන්ම වාසුත් සිය මැතිවරණ ව්‍යාපාරයම ජාතිවාදී ආගම්වාදී ග්‍රෝත්‍රිත ස්වභාවයකට ලක් කළ මහින්ද එක්ක රැදෙන්න සූදානම්.මේක හරියට පැණි එක්ක ලුණු මිරිස් කනව වගෙ වැඩක්.ඒත් මේ මිශ්‍රණයට කැමති පිරිසක් සමාජයේ ඉන්න බව අමතක කරන්න බැහැ. 

සංයුතිය නිරීක්ෂණයේදී එය කෙතරම් අතාර්කිකද,නොගැලපේද සහ විශ්වසනීයත්වයෙන් තොර ද යන කාරණය මෙහිදී ලිහා ගත යුතුයි.මිනිස්සු එහෙම ගැටළු ලිහා ගන්න යන්නෙ නැහැ.පුද්ගලයා මත යැපෙනවා පමණයි.එතැනදි අපි නැවත බ්‍රෙස්ට් ළග නවතිනවා.නායකයන් නොව වෙනස් කළ යුත්ත‍ේ මිනිසුන්.මිනිසුන් වෙනස් වන තෙක් මිනිසුන් අතරින් තේරී පත් වෙන නායකත්වය පැණි සහ ලුණු මිරිස් එකට වැළදීම ඉවසා වදාරන්නට මිනිසුන්ට සිදු වීම නියතයි.

ඒ නිසාම මේ මොහොත පක්ෂ දේශපාලනයෙන් එහා ගිය දැණුම කෙරෙහි වන රොද බැදීමකට සමාජය සූදානම් කළ යුතු අවධිය බව වගකිව යුතු සිවිල් සමාජය මැනවින් වටහාගත යුුතු වෙනවා.

9 comments:

  1. //"පැණි සහ ලුණු මිරිස් එකට වැළදීම ඉවසා වදාරන්නට මිනිසුන්ට සිදු වීම නියතයි."// ඒ බවට පෙරනිමිති පහල වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ තත්ත්වය වෙනස් කිරීමට ඡන්දයක් එන තෙක් නොසිට සිවිල් සමාජය මැදිහත් විය යුතුයි.

      Delete
  2. මම නම් ඒ වැඩේට මාර මනාපයි.. ගෝත්‍රික චන්ද බෙදිලා.. ගෝත්‍රිකත්වයෙන් මිඳුන පිරිස ඉන්න ආන්ඩුවක් බිහි වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්..ඒත් ඒ ග්‍රෝත්‍රික තත්ත්වය ප්‍රතිශතයක් ලෙස බලපැමක් කළ නොහැක තරමට දර්වල කළ හැකි මැදිහත්විමක් අවශ්‍යය වෙනවා නේද මාතලන්

      Delete
  3. ඔබ විසින් මතු කරන්නා වූ කාරණාවට අපි සීයට සීයක් ම ඒකගයි..... අපි කතිරය ගැහීමෙන් සහ ඡන්ද අාපු විට නින්දෙන් අවදිවෙන මතවාදයෙන් මිදිලා සක්‍රීය සිවිල් සමාජයක් විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියන ඒක..... අැත්තටම දේශපාලනය හරි පැත්තට දක්කා ගන්නට අවශ්‍ය වෙන්නේ මේක තමයි... මේක තමයි තවත් විදිහකට කියනවානම් දේශපාලකයා කියන වාහනයට අවශ්‍ය විට තෙල් ගහලා සුක්කානම කරකවමින් ගමන් කරවනවා කියන්නෙත්.....

    ඒත් නිශ්මචං............. අවුලකට තියෙන්නේ ලංකාවේ ඔය කියන විදිහේ සක්‍රීය සිවිල් සමාජයක් තියෙනවාද කියන ඒකයි... සිවිල් සමාජය කියන්නේ කොළඹ ඉන්න ඒන්ජීඔ් කාරයන් ටිකකට වීම තමයි දුක.... නම් වශයෙන් වුණත් උන් ටික හදුන්වලා දෙන්න පුළුවනි..... නමුත් සැබෑ සිවිල් සමාජය කියන්නේ ඊට නෙමෙයි... සමස්ථ ජනතාවම සහ රටම නියෝජනය විය යුතුයි... ඒ තුළ අාගමික කොටස්... ස්ත්‍රී පුරුෂ අනුපාතයන්..... ජාතීන්ගේ අනුපාතයන් අාදි සියල්ල නියෝජනය විය යුතුයි..... ග්‍රාමීය නාගරික මට්ටම් වලින් බිහිවූ බිම්මට්ටමේ පදනමක් සහිත සමාජයක් තමයි මේක... නමුත් දැන් වෙලා තියෙන්නේ සල්ලි ටිකක් ගන්න සාමාජිකත්වයක් හදාගෙන ක්‍රියාත්මක වෙන සිවිල් සමාජයක් විසින් ගොඩනැගිය යුතු සිවිල් සමාජය උපතටත් පෙර මරා දමා තිබීමක් විතරයි.........

    ReplyDelete
    Replies
    1. අපි සාමාන්‍යයෙන් හදුනාගත් සිවිල් සමාජය ඉක්මවා ගිය පෙළ ගැස්මක් පසුගිය කාලයේ දැක්කා.මම කියන්නෙ ඒක ඡන්දෙකට පිපුණු හත්තක් නොවිය යුතුයි කියලයි.මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඕනි කාටද කියල පෙන්නන බලවේග වලින් එහාට ගිය මිනිස්සුන්ට හිතන්න සහ දැනෙන්න ගන්න මෙහෙයවීමක් සමාජය තුළින් පිබිදිය යුතුයි

      Delete
  4. මම හිතන්නේ අචල මුල ඉඳන්ම විමල් එක්කෙන් නෙමේ හිටියේ.මුසම්මිල් වෙනුවට ජාතික ලැයිස්තුවට අචල දැමීම ගැන විමල්ගේ විරෝධයක් තිබ්බා.

    කොහොම වුණත් නිශ්මන් කියන එක හරි බලය ඔළු ගෙඩි වලින් තීරණය කරන එක වැරදියි.නමුත් එහෙම නොකර මේ ගමන යන්නත් දැන් තියෙන තත්වය උඩ බැහැ.දවස් 100 හැම දේම බලාපොරොත්තු වෙන්න බැහැ.අපි උත්සහා ගන්න ඕනේ දින 100 ඇතුලට ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන එකට ප්‍රමුඛත්වය දීමටයි.

    ReplyDelete
  5. ඒක හරි.ඒත් මේව බන්දේසියක තියල දෙන එකක් නැහැ.ඒකයි සිවිල් සමාජය මැදිහත් විය යුත්තේ

    ReplyDelete
    Replies
    1. එකඟයි,අපි මැදිහත් වෙන්න ඕනේ ඒ සඳහා.ඒකාධිපති පාලනයක් පෙරළන්න එකතු වෙච්චි සිවිල් සමාජය තමන්ගේ කාර්ය එතනින් නිමයි කියලා සිතන්න හොඳ නැහැ.තව දිනාගන්න බොහෝදේ තිබෙනවා.ඒ වෙනුවෙන් නොකඩවා අරගල කල යුතුයි.

      Delete