Friday, February 13, 2015

කිණිතුල්ලන්ගේ වේදිකාව

ආණ්ඩුව පත් වුණා.දින 100 විදිමින් නිදියනවා නැගිටිනවා.ඒ අතරෙ පුංචි පුංචි හීන දකිනවා.මේ දින 100 වෙනුවෙන් සමාජයම අවදියෙන් තබපු පිරිස දැකපු සොදුරු හීන සියල්ල සැබෑ නොවුණත් හැබැහින් වින්ද නපුරු යථාර්තය ආයෙමත් මේ සමාජය මැද්දෙන් දක්කන් යන්න පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා.

මොන ජාතියක හරි ගොනෙක් හොයා ගෙන ඒ ගොනාගේ ඇගේ වහන කිනිතුල්ලන්ගෙන් එහා දෙයක් මේ එකතු වී සිටින පිරිසගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.හරකට යන හැටියට යන්න දීලා හරකගෙ ඇගේම රැදිලා උගෙ ලේ වලින් බඩ පුරවාගන්න එක හැරෙන්න කිනිතුල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ.

මේ අය විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන වුණත් ගිය ආණ්ඩුවෙ ඉන්නකං කිනිතුල්ලගෙ භූමිකාව තමයි රග දැක්වූවේ.ගොනාගෙ ඇගේ නැගල යනවා මිස වෙන දෙයක් කරන්නවත්,හිතන්නවත් ඒ අයට හැකි වුණේ නැහැ.ඒත් මෛත්‍රීට ගැලවෙන්න පුළුවන් වුණා.එක කරත්තයක් වෙනුවට කරත්ත කිහිපයක අයිතිකාරයෙක් වෙන්නත් පාරවල් කිහිපයක කරත්ත එක පාරකට සේන්දු කර ගන්නත් පුළුවන් වුණා.

එතකොට මේ කිනිතුල්ලන් එහෙම නැහැ.උන්ට හොද හරකෙක් නැතිව ගමන යන්නම බැරි නිසා කිනිතුල්ලාගේ ආත්මය වෙනස් කර ගන්නෙ නැහැ.තව කිණිතුල්ලො ටිකක් ඉන්නවා ලේ බීපුවට අමතරව ගොනා කාපුවත් කාපු.ඒ අය දන්නව ගොනා කරපු වතුපාලු වලට ගොනාට තලන කොට තමන්වත් ඉතිරි වෙන්නෙ නැහැ කියලා.ඒ අයත් පරණ ගොනාගෙ පිටේම නගින්න බලා ඉන්නවා.

18 දා හවස නුගේගොඩ දි මේ ගොනා සහ කිනිතුල්ලන් ප්‍රදර්ශනයක් පවත්වනවා.ඒ ප්‍රදර්ශනය වෙනුවෙන් කිණිතුල්ලන් නාදුණන මිනිස්සුත් මහන්සි වෙනවා.හුගක් අය දින 100 ගැන කලකිරිලා ඒ විදිහට හිතන බවත් මම දන්නවා.අවුරුදු ගාණක් ඇදං ගිහිල්ල දාපු තැනින් රට ආපස්සට අදින්න පහසු නැහැ.හැබැයි ඒක අදින්න පොරොන්දු වෙලා ගත්තනම් ඒක අදින්න ඕනි.අනිත් දේ දරාගෙන ඉන්න බැරි පීඩනයකින් තමයි මිනිස්සු නිදහස් වෙන්න උත්සාහ කළේ. කතිර හැටියට පුපුරා ගියේ ඒ පීඩනය.

ඉතිං ඒ පුපුරා යාමෙන් පස්සෙ අලුතින් හුස්ම ගද්දිත් අර පල් ගදම ගොම ගදම දැනෙනවනම් ඒක දරා ඉන්න බැහැ.ජවය ඉපැද්දුව වගේම ඒ ජවයට අර්ථවත් හෙටක් දෙන්න බැරි වුනොත් මිනිස්සු පරණ ගොනයි,ඌ එක්ක ඉන්න කිණිතුල්ලොයි හොදයි කිව්වොත්......

දැන් සමාජය ඉදිරියේ තියෙන ලොකුම අවදානම මේක.මේ අවදානමෙන් මිදෙන්න එන්න එන්න අමාරු වෙන බව තේරුම් ගන්නෙ නැතිව කාලෙකට පස්සෙ හම්බවෙච්ච බලෙත් එක්ක ආතල් එකේ ඉන්න අය දැන් අමාත්‍යංශ පරිපාලනය වගේම තමන්ගෙ දේශපාලන ව්‍යාපාරය සහ සමාජය ඉදිරියේ ඇති අභියෝග පරාජය කිරීමට ජනතාව අතරට ගිහිං කතා කරන්නත් ඕනි.

සමාජය වෙනස් කිරිම වෙනුවෙන් කරන බලපෑම එක තැනෙක නැවතිලා.ආපහු දරුණු නිහැඩියාවක් ඇති වෙලා.අල්ලස් කොමිසමට ෆයිල් උස්සාගෙන යාම කිහිප දෙනෙක්ගෙ කටයුත්තක් වෙලා.මේවා ශක්තිමත් කරන්න සමාජය වෙනස් කරන්න ආපු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙ මැදිහත් වීම වෙනුවට පේන්නෙ දේශපාලන පක්ෂ මුහුණු.උදාහරණයකට දෙමුහුන් වාහන වල බදු සහනය ලබා දීමට සිවිල් සංවිධාන රජයට කරුණු පෙන්වා දි ඒ අවස්ථාව වඩාත් අසාධාරණයට ලක් වී සිටින පිරිස වෙනුවෙන් දිනා දුන්නානම්......

ඇති වූ පිබිදීම එතැනට ගෙන යා යුතුයි.මේවට උරදෙන දේශපාලන චරිතත් සාමාන්‍ය මිනිසුන් අතරට බලාපොරොත්තු ඇති කරන්න නිර්පාක්ෂික සාධනීය සමාජ මැදිහත් විමක් සමාජය යහපාලනයකට කැදවා යාම පිණිස අවශ්‍යය බව තේරුම් ගෙන පටු ජයග්‍රහණවලින් එහාට ගොස් කටයුතු කළ යුතුයි.අතිශයින් පෞද්ගලික දේශපාලන උවමනාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස දේශපාලන වේදිකා තනා ගන්නන් පිණුම් ගසන භූමියක් වීම භයානක තත්ත්වයක්.

උදාහරණයකට හිරුණිකා ගන්න.ඇය දුමින්ද සිල්වා ගැන ආණ්ඩුවට පෙළඹවීම් කරන්නේ නැති තරමට තමයි සමාජය දුමින්ද වරදකරුවෙක් වූ දවසට ඒක පිලි ගන්නෙ.ඒක හිරුණිකාට පවරලා මේ සමාජය වෙනස් කරන්න මෛත්‍රීව බලයට ගෙනා සිවිල් ක්‍රියාකාරින් තමන්ගෙ කටු අස්සට රිංගගෙන බලා ඉන්නවා.කරන්න ඕනි දේ කියා දෙන්න, වෙලාවකට විතරක් එලියට ආවම හැමදාම මිනිස්සුන්ට නැගිටින්න කිහිලිකරු ඕනි වෙනවා.එහෙම කළ යුතු දේ කියා දිය යුතු සමාජයක් වෙනුවට කළයුතු දේ කරන්න බුද්ධියක් ඇති සමාජයක් කරන්න මැදිහත් වීමටනම් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය හැම මොහොතෙම සිය හඩ මේ යාන්ත්‍රණයෙ ඉහළින්ම තැබිය යුතුයි.ඒක සර්වකාලීන අවශ්‍යයතාවයක් මිස ඡන්දකාලේ අවශ්‍යයතාවයක් නොවන බව අප තේරුම් ගත යුතුයි.

එසේ නොවන තාක් හරක්ගෙ යැපෙන කිණිතුල්ලන්ට මේ සමාජය තුළ විශාල ඉඩක් ඇති වෙන බව සහතිකයි.

11 comments:

  1. රනිල්ට හරක කියල අර කිරි ටෝයියෝ වගේ ඉන්න රෝයලිස්ට්ලට කිනිතුල්ලෝ කියපු එකනම් අන්තිම කැතයි. හැමදාම වලව් පක්ෂ දෙකේ සෙක්කු වල තෙල් හිඳින ලී බැරල් වාමාංශික, ලි බැරල් නැති පුකේ වාමාංශික සෙට් එකට ඔය හරක් කථාව කිව්වනම් කමක් නෑ කියල හිත හදා ගන්න පුළුවන්.

    එක නෙමෙයි ඔය කිනිතුල්ලෝ ගොඩක් ලොකුද ??

    ReplyDelete
    Replies
    1. හරක් අන්තම ජාතිය කියලා හිතනවනම් උන්ගෙන් යැපෙව කිණිතුල්ලා ඊට හපන් වෙන්න ඕනි.මුන් ලොකු නැත්නම් රටක් කයි කියලා බයක් හැදෙනවද?පට්ට ලොකුයි පරිස්සමෙන්

      Delete
  2. හිරුණිකා වුනත් දුමින්ද සිල්වා ගැන මේ විරෝධය දක්වන්නේ තමන්ගේ තාත්තාට සිදු වෙච්චි කණගාටුදායක කරුණ නිසා මිසක් වෙනින් හේතුවක් නිසා නෙමේ.සිවිල් බලපෑම් හරි ප්‍රබලයි.ගිය ආණ්ඩුව කෙරුවේ මිනිස්සුන්ව සමාජ ප්‍රශ්න සම්බන්ධව නිද්‍රශීලි කරවපු එක,මේ ආණ්ඩුව කරන්නේ තමන් නිද්‍රශිලි වී සිටීම වගේ පේන්නේ.

    විමල් ඇතුළු දේශප්‍රේමි කිනිතුල්ලෝ සෙට් එකට මහින්ද නැතුවම බැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව ගේන්න මිනිස්සු ඇහැරවපු අය අද ආණ්ඩුව ඇහැරවන එක අමතක කරලා වගේ

      Delete
  3. ලංකාවට හරියන්න නම්- එක පාරකට වැඩියෙන් ඡන්දේ ඉල්ලන එක තහනම් කළ යුතුයි. එතකොට හැමදාම ඉන්නේ දුෂිතබව අඩු උන්!

    ReplyDelete
    Replies
    1. සමහර එව්වො එකපාරක්වත් ඉල්ලුවෙ නැත්නම් හොදයි කියලත් හිතෙනවා.එක පාරක් හරි ඉල්ලන්න සපුරා තියෙන්න ඕනි සුදුසුකම් ටිකක් හදන්න ඕනි

      Delete
  4. රසික කියපු එකට මාත් එකඟයි.. හැබැයි උන් වැඩක්නම් කරන එකක්ම නෑ ආයෙ චාන්ස් එකක් නැති නිසා.. වැරදි කරන උන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන සිස්ටම් එකක් තියෙනවනම් ඊට වඩා වැදගත් වෙයි..

    ReplyDelete