Thursday, February 2, 2017

සයිටම් අයිටම් එක

මේ දිනවල තලු මරන්නට ලැබී ඇති අයිටමය සයිටමය වන්නේය.සයිටමයෙන් එන ඩෙකාලා අවුල් වන්නේ ප්‍රමිතියෙන්නම් ඒ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුය.ඒ සඳහා රජයේ රෝහල්වල සායන පහසුකම් ලබා දිම වැළක්වීමෙන් ප්‍රමිතිය ඉහළ නැංවීමට බාධා ඇති වන්නේය.ඒ සඳහා ඇති බාධා ඉවත් කර සායනික පහසුකම් වෙනුවෙන් රජයෙන් සයිටමයෙන් අය කරන මුදල ඉහළ දමා එය රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ මෙන්ම  රජයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවල තත්ත්වය ඉහළ නැංවීමට සහ වැඩි සිසුන් පිරිසක් වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කර ගත හැකි අන්දමට පහසුකම් සැපයීමට යොදා ගන්නට හැකිය.

ගැටුමේ ස්වභාවය ඒ ආකාරයෙන් වූවා නම් හාමුදුරුවන්ට කඳුළු ගෑස් පූජා ඉදිරියේ බැමි වලින් පැන වැඩමවන්නට වන්නේ නැත.අධ්‍යාපන කටයුතුවලට බාධා වන්නේද නැත.මේසයක ඉදගෙන රජයේ වියදමෙන්ම තේ එකක් බ කේක් කෑල්ලක් ද කා වැඩේ නිමා කර ගන්නට තිබිණ.

තව දුරටත් සොයා බැලිය යුත්තේ සයිටමයේ වෛද්‍ය අයිටමයට බඳවා ගන්නා සුදුසුකම් ය.එය එස් බී උන්නැහේ කියනා හැටියට වැඩ 3 යි සම්මාන 2 යි යන ප්‍රමිතියෙන් යුක්තනම් අවුලක් නැත.එය රටටම පොදු ප්‍රමිතියකි.

ආණ්ඩුවේ බඳවා ගැනීම දිස්ත්‍රික් මට්ටමට යද්දී වෙනස් වෙයි.එකම ප්‍රතිපල සීමාවේ නොරැදෙයි.ඒ පළාතෙන් පළාතට ඇති පහසුකම් සළකා ඇති කළ තත්ත්වයක්ය.කෙසේ හෝ දුෂ්කර පළාත්වල ඉහළ ප්‍රතිපල ගන්නා අය ද සොයා බලන විට කොළඹට,මහනුවරට,කුරුණාගලට හෝ ගම්පහ වැනි තැනෙක පංති ආ උදවිය ය.නමුත් පෙනී සිටින දිසාව මිස පෞද්ගලික පංතිවලට ආ දිශාව ගණනයට අදාළ නැත.

වටේම කැරකී බලන විට ලක්ෂ 120 ක් දී දොස්තර වීම මෙහි ප්‍රධාන ගැටළුවය. වෛද්‍යවරුන්ට තව දේවල් තිබිය හැකිය. එකක් වෘත්තීය තරඟකාරීත්වය වැඩි වීමය.එවිට සැර බාල කරන්නට වීම ද එක්තරා අන්දමක ගැටළුවකි. එහෙත් පොදු විශ්ව විද්‍යාල ප්‍රජාව පෙන්වන්නේ අධ්‍යාපනය විකිණීමනම් වන ප්‍රාථමික ගැටළුවකි. ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරු ද ඇතැමෙක් තමන්ගේ වියදමෙන්ද තවෙකෙක් රජයේ ශිෂ්‍යත්ව මඟින් ද ගෙවා සිය සුදුසුකම් වැඩි කර ගෙන තිබෙන බව ඔවුන් දන්නේ නැත.ඒ ලෝකයේ දැණුමට මිලක් තිබෙන බැවින්ය.
එසේනම් දැන් මේ මැදිහත්වීම කරන්නේ කා වෙනුවෙන් ද යන්න නැවත සළකා බැලිය යුතුය. රටේ බඳු මුදලෙන් ඉගෙන රජයේ බදු නිදහසෙන් ලක්ෂ 120 ක කාර් ද ගන්නට හැකියාව ඇති පිරිසක් ලක්ෂ 120 ක් ගෙවා සිය වෘත්තියටම පිවිසෙන්නට සූදානම් පිරිසකට එරෙහිව කරන අරගලයකට අනෙකුත් විශ්ව විද්‍යාල ප්‍රජාව දායක වී ඇත.ඊට අමතරව ඔවුන්ට පෞද්ගලිකව ලක්ෂ ගණනක් හම්බ කර ගන්නට අවස්ථාව ඇත.එවැනි තත්ත්වයක සිට කරන සටනක සාධාරණය අපේක්ෂා කරන්නට නම්,අඩුම තරමේ රජයේ වෛද්‍යවරු කිසිවෙක් ඒ සටන වෙනුවෙන් වෘත්තියට පිවිසීමෙන් පසුව ලැබෙන බදු සහන භුක්ති නොවිද තමන්ට ඉගෙන ගැනීමට වියදම් කළ ජනතා මුදලට කෘතවේදී වන බව කිව යුතුය.එසේත් නැතිනම් පෞද්ගලික සායනවල ප්‍රතිකාරවලින් වැළකී සිටින බව කිව යුතු වන අතර එසේ යෙදෙන්නේනම් තමන් රජයේ රෝහලක හෝ සායනයකට සහභාගී නොවී පෞද්ගලික අංශයේම සේවය කළ යුතුය යනුවෙන් වෛද්‍ය සංගම් විසින් වෛද්‍යවරුන් වෙත බලපෑමක් කළ යුතුය.

එසේම රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීම සඳහා සයිටමය මෙන් පොදු ලකුණු මට්ටමක් රටටම අදාළ කර ගත යුතුය යනුවෙන් තර්ක කිරීමද එම සංගමයට කළ හැකි ධනාත්මක මැදිහත් වීමකි.දැන් සිඳුවන්නේ තිබෙන තත්ත්වයන් යටතේ සයිටමය කපා ඉවත් කර දැමිය යුතුය යන සටන් පාඨයට අමතරව අප ඒ වෙනුවෙන් ජනතා බදු මුදලෙන් වෛද්‍යවරුන් වීමෙන් පසු ලැබෙන මෙන්න මේ දේවල් ප්‍රතික්ෂේප කර එය රටේ සුබ සිද්ධියට යොදවන්න සූදානම් යනුවෙන් නොපැවසීමය.

අපට තියෙන ඔක්කොමත් දීලා තවත් දේ ඕනෑ කියා ද වර්ජනය කරන සංගමයක් තවත් කෙනෙක් ලබා ගන්නා දෙයක් ඔහුට ලබා නොදෙන ලෙස කීමේ දී පුංචි හිරිකිතයක් ඇති වන්නේය.ඒ හිරිකිතය ඉවත් කර ගැනීම සඳහා කළ හැකි මැදිහත්වීම නම් ඒ දේ දිය යුත්තේ මෙසේය කියා ප්‍රමිතියක් සැකසීමය.ඒ සඳහා රජයේ රෝහල් ලබා නොදෙන්නයැයි කීමට වඩා වැදගත් ඒ සඳහා රජයට කරන ගෙවීම වැඩි කරන ලෙස පවසා එයින් රජයේ වෛද්‍ය විද්‍යාලය පෝෂණය කළ හැකි මඟක් යෝජනා කිරීමය.

එසේ නොවනතාක් සටන්පාඨ වලට හිර කර තිබෙන ඔළුවලට නොදැනෙන හිරිකිතයක් විවෘතව මේ දෙස බලා සිටින්නෙකුට දැණෙනු වළක්වන්නට නොහැකිය.තියෙන දේ වලට අමතරව තවත් දේ ඉල්ලා ද වර්ජනය කරන  වෛද්‍යවරු වෙනෙකෙක්ගේ අයිතිය සහ හිමිකම කප්පාදුකිරීමට දැඟළීම යම් ම්ලේච්ඡ තත්ත්වයකි.සටන අනෙකාගේ මස් රාත්තල ගැනනම් එය ලබා දෙන පිළිවෙල සකස් කිරීමකට හෝ ඒ සටන රට වෙනුවෙන් වන අවංක හැඟීමකින් නම් ඒ හැඟීම මත ක්‍රියා කර සටන වෙනුවෙන්  තමන්  අත් හරින්නට සූදානම් වරප්‍රසාද පිලිබඳව ප්‍රකාශයක් තිබිය යුතුය.

ඒ කිසිවක් නැත. දැන් ඇත්තේ හඳ ඉල්ලා හඬන පොඩි ළමයෙක්ගේ හැඩීමක්ය.එසේත් නොවන්නේනම් අනෙකාට ඉරිසියාව දැක්වීම ජාතික මට්ටමට ගෙනා බොළඳ වැඩ පිළිවෙළක්ය.

17 comments:

  1. කියන්න ඕනේ ඔක්කොම මේකේ අගේට ලියල තියනවනේ.උඹට මට මේ රටේ බහුතරයකට ඕක තේරුනාට , පෙළපාලි යන එවුන්ට නොතේරෙන එකනේ වැඩේ

    ReplyDelete
    Replies
    1. මේක නොතේරෙනව නෙමෙයි තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නැහැ.තේරුම් ගන්නෙ නැහැ

      Delete
  2. Hats off to u for interesting article. Way to go...
    This is not other than simple jealousy in Sri lankan meddo. They feel they are living up to stars and they won't let others to reach there
    Hypocrisy to best..!

    ReplyDelete
  3. මගේ යෝජනා
    1. සයිතම් ආයතනය පොදු සමාගමක් බවට පත්කල යුතුය (කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත) එවිට ලාබයම නෙතකන ජනයාට එහි කොටස් මිලදීගත හැක
    2. සයිටම් ආයතනය නියාමනය කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුව නීත්‍යානුකුලව සම්මත කර නීතියේ හිඩැස් වැසිය යුතුය.
    3. සයිටම් ආයතනයට බඳවා ගැනීමේ අවම සුදුසුකම උසස්පෙළ A 1 යි B 1 යි C1 යි වත් විය යුතුය මෙහි C 1 භෘව්තික විද්‍යාව සඳහා විය යුතුය.
    4. සයිතම් ආයතනයට ශිෂ්‍යත්ව මගින් හෝ 100% ණය ක්‍රමයක් මගින් උසස් පෙළ ප්‍රතිළුල අනුව "නුලෙන් " වෛද්‍ය පිඨය "මිස් "වෙන ළමයින් හට අවස්ඨාව දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මේකෙ තෙවන එක ඇරෙන්න අනිත් ඒවනම් සාකච්ඡා කර සකස් කර ගත හැකිනම් හොඳයි.හැබැයි දෙපාර්ශවයම එකඟවන තැනට ඇවිත්.තෙවන එක රජයේ පැත්තෙන්වත් නොවන දෙයක්.සුදුසුකම්වලට ඇතුළත් කර ගැනීමේදීත් එවැනි සීමා පැනවෙන්නේ නැත්නම් මේක ටිකක් අසාධාරණයි

      Delete
    2. එතකොට A 1 යි B 1 යි C1 සයිටම් විතරද? UGC එකටත් දාගන්න කියන්නෙ නැත්තෙ ඇයි ?

      Delete
  4. ටියුෂන් වලට විරුද්ද නැහැ.. ඒත් විකින්න්නේ අද්‍යාපනය .. සල්ලිවලට..
    ජ්‍යාත්‍යන්තර පාසල් වලට විරුද්ද නැහැ.. ඒත් විකිනෙන්නේ අද්‍යාපනය ... සල්ලි වලට..
    සයිටම්පො එකට විරුද්දද... හෆොයි ඔව්ඩි.. එකෙන්ම විරුද්දයි..
    මාර ලොජික්..

    ආ දොස්තර මහත්තයෝ..පොඩි නයා කෑවාම මැරෙනවද ... නැතුව නැතුව ..
    එතකොට ලොකු නයා කෑවාම මැරෙනවද ... නැතුව නැතුව ..
    එතකොට දොස්තර මහත්තය කොයි නයාද මරන්න ඕන..
    ලොකු නයා බොල ලොකු නයා.. හැක්..පොඩි එකා ඔහෙ හිටපුදෙන්..


    ReplyDelete
    Replies
    1. අපිටත් කියන්න තියෙන්නෙ බොරුවට නයි පටවන්නෙ නැතිව ඉන්න කියලා තමයි ඉතිං......
      අපි කිඹුල බනිසුත් දන්නවා විස්කිිරිඤ්ඤත් දන්නව දොස්තර මහත්තයො...
      හි හි හි......

      Delete
  5. විලිලැජ්ජාවේ බැහැ බං මේ හිටපු නායකයා ඇට දෙක එලියේ දාගෙන පුක කහනවා දැක්කාම.

    ReplyDelete
    Replies
    1. රැවුල තිබ්බට පිරිමිද කියල සැක ඇති වෙන ආත්මීය සැකය දුරු කර ගන්න අවංක උත්සාහයන්ට බනින්න එපා අප්පා

      Delete
  6. මෙතන තියන ප්‍රශ්නෙ ඒකම විතරක් නෙවෙයි. හැමදාම ොස්තරලා එක්ක ඇරගන්න නර්ස්ලත් මෙතනදි සයිටම් එකට විරුද්ධයි.ඒ එයාලටත් සල්ලි තිබ්බනන් උනුත් ොස්තරල. සයිටම් ඉන්න අයට වඩා නර්ස්ලටත් AL result තියනවා.ඇත්තටම බැලුවම දැන් ඉන්න ඕන වෛද්‍ය වරයෙක්ට පුලුවන් තමන්ගෙ දරුවෙක් උනත් වෛද්‍යවරයෙක් කරන්න සයිටම් එකට යවල. ඒකට උන්ට සල්ලි තියනවා. දැන් පාරෙ දඟලන medical student උනත් දවසක ඒකම කරන්න පුලුවන්. ඒ අය තමන්ගෙ වැඩෙ කරගෙන ඉවරයි.ඒ තියෙද්දිත් ඇයි උන් සය්ටම් එකට විරුද්ධ වෙන්නෙ. තමන්ගෙ පරම්පරාවම වෛද්‍යවරු කරන්න පුලුවන් කම තියෙද්දිත්? අන්න ඒක තමයි සමහර හරක්ට වටහගන්න බැරි. හරියට මේ blog එක ලියන එකා වගේ. තමන් සියල්ල දත් කියල හිතුවට ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ. උඹ කියනවා වගෙ godfather වගෙ නැති උන් ඕන තරම් ඉන්නවා. තමන්ගෙ දරුවන්ටත් දවසක සය්ටම් ගිහින් AL නැතුව උනත් වෛද්‍යවරු වෙන්න පුලුවන් කම තියෙද්දි උන්ටත් අනාගතෙ දුප්පත් ලමයට තියන අවස්තාවම තියෙන්න ඕනෙ කියන එකයි මුන් කියන්නෙ කියලවත් වටහා ගන්න තරම් හැකියාවක් නැති එකයි පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙමත් කියවන්න.තමන්ගෙ අදහසට කාටවත් විරුද්ධ වෙන්න බැහැ කියල හිතෙන එකේ සහ ඒක තමයි හරිම එක කියලා හිතන එකේ වරද තමයි මේ පේන්නෙ.
      සයිටම් නවත්තන්න නෙමෙයි ඒක රජයට වාසි දායක වෙන විදිහට රජයේ වෛද්‍ය විද්‍යාලවල ගුණාත්මක තත්ත්වය දියුණු කරන්න අවශ්‍යය විදිහට මෙහෙයවන්න රජය මැදිහත් විය යුතු හැටි මෙතන ලියැවී නැද්ද?වෙන්න ඕනි ඒක ද එහෙම නැත්නම් මේක වහල දාන එකද?සයිටම් එකේ ඉන්න අයට වඩා අඩු රිසල්ට් තියෙන එක්කෙනෙක්වත් වෛද්‍ය විද්‍යාලයක නැද්ද?ඒකෙ ප්‍රමිතිය එකයි.නමුත් රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේදී එක එක තැනට විවිධයි.ඒ කියන්නෙ දැණුම් මට්ටමේ විශාල වෙනස්කම් සහිත අයයි රජයේ වෛද්‍ය විද්‍යාලයට එන්නෙ...
      දරුවන්ට සමාන අයිතිය ඉල්ලනවනම් රජයේ ඕනෑම පාසලකට තමන්ගෙ දරුව දා ගන්නත් වෛද්‍යවරු එකඟ වෙන්න ඕනිනෙ....ඇයි ඒකට සටන් කරන්නෙ?ඒ සයිටම් එකේ ඉගෙන ගන්න පංතියට තමන්ගෙ දරුව තල්ලු කරන්න තියෙන ආසාවට.ඒ ආසාව වෙනුවෙන් දුප්පත් එකා පාරට බස්සනවා.ඉහළ පාසලකට දාලා තමන්ගෙ දරුවට උගන්නලා මෙහෙ බැරි වුණොත් සල්ලි දීලා විදේශ විශ්ව විද්‍යාලයකට ඇරලා ගෙනත් මේ රටේ දොස්තර කෙනෙක් කරනවා.පුළුවන්නම් පෞද්ගලික රෝහලකුත් දා දෙනවා.ඒ ප්ලෑන් එක ඇතුලෙ හිරකාරයො වෙච්චි අය ඊට විරුද්ධව දැණුම නිවැරදිව ගලා එන්න ක්‍රමවේදයක් සකසා සයිටම් නීතිගත කළ යුතුයි කිව්වම ඒ කියන එකාට මඩ ගහනවා.
      ඔය කූඩුවෙන් එළියට ආවාම යථාර්තය කොච්චර වෙනස් ද කියලා තේරෙනවා.ඔය මතවාදවලම ඉදල තර්ක කළ අයම තමයි අද සයිටම් අවශ්‍යයතාවය දකින්නෙත්...තව කාලයක් ගිහිං මේක නෙමෙයි ඔබ ලියපු එකම කියවන්න.පොඩි ලැජ්ජාවක් දැනෙයි.ඒත් ගණන් ගන්න එපා

      Delete
  7. මම මේක පැරාගේ බ්ලොග් එකට දාපු උත්තරයක්.ඔයාටත් ගැලපෙන නිසා මෙතන දානවා.
    එන්ගලන්තයේ කලකට පෙර උසස් අද්යාපනය දුන්නේ නොමිලේය.නමුත් 1988 දී පමන සුලු මුදලක් ගෙවීමේ ක්රමයක් හදුන්වා දී ඇත.එය ක්රමයෙන් වැඩි වී දැන් වසරකට පවුම් 9000ක සීමාවේ ඇත.මෙය ඉතාම අඩු පොලියකට ගත හැකි වුවත් වසර පහක පාඨමාලාවක් අවසන් වන විට සාමාන්ය සිසුවකු පවුම් 45000 පමන නය වී අවසානය. හෙවත් ලන්කා රුපියල් ලක්ශ 90 පමන.මෙය එන්ගලන්තයේ සිසුන්ටද විශාල ප්රමානයක නයක් ලෙස සැලකේ.දැන් එන්ගලන්තයේ අයට වැඩේ කෙලවී ඇති බව පෙනී තිබේ.හෙවත් මෙම වැඩය සාදාරන නොවන බවත් නැවතත් අද්යාපනය නොමිලේ දියයුතු බවටත් කතිකාවක් ඇතිවෙමින් පවතී. තරුන කොටස් අතර ඉතා ජනප්රිය නායකයකු වන ජෙරමි කෝබින් පවසන්නේ කෝපරේශන් ටැක්ස් එක සුලු ප්රමානයකින් වැඩි කලහොත් සම්පූර්න යුනිවර්සිටි අද්යාපනයම නොමිලේ දිය හැකි බවයි.
    එන්ගලන්තයේ දුප්පත් ලෙස සැලකෙන්නේ පවුම් 16000 පමන සීමාවයි. හෙවත් වසරකට ලක්ශ 32 ට අඩු ආදායම් ලබන අය.මේ සීමාව අනුව සැලකුවොත් ලන්කාවේ බොහෝ දෙනා හිගන්නන්ය.ඉහල ආදායම් ලබන එන්ගලන්තයේ පවා නොමිලේ උසස් අද්යාපනය පැත්තට යොමුවෙද්දී බොහොම අමාරුවෙන් එදාවේල කන ලන්කාවේ අයියලා සල්ලි ගෙවා යුනිවර්සිටි යාමෙන් අයිතිවාසිකම් සුරැකෙන බව කීම විහිලුවකි.

    ReplyDelete
  8. ලංකාවේ ඇත්තේ නිදහස් අධ්‍යාපනය නොවේදැයි මම නොදනිමි.මා සිතා සිටින්නේ ඇත්තේ නිදහස් අධයාපනය බවය.එය ලෝකයේ බොහෝ රටවලට වඩා රජය වියදම් දරණ ක්‍රමයක් බව ද විශ්වාස කරමි.එහෙත් වැඩි පිරිසකට මේ අවස්ථාවට ප්‍රවේශවන්නට හොඳ ප්‍රතිපල තබා ගෙන ද නොහැකි වෙයි.තැනෙක එස් 3 වන විට තැනෙක ඒ 3 ට ද විශ්ව විද්‍යාල දොර නොහැරෙන්නේය.එය යථාර්තයක් නොවන්නේද?ඊට පිළියම කුමක්ද?
    කෙසේ වුව ඔබ මගේ ලිපිය පසෙකින් තබා ඔබට මේ සම්බන්ධයෙන් ඇති මතය කියවන්නටම උත්සාහ දරන්නේය.ඒ ගැන අවුලක් නැත.නිදහස් අධයාපනය සහ නිදහස් විශ්ව විද්‍යාල වෙනුවෙන් වැඩි පුර පහසුකම් සම්පාදනය කර ගත හැකි (වෛද්‍ය විද්‍යාලම ගතහොත් තැන් කිහිපයකම අවශ්‍යය පිළිගත් පහසුකම් නැති නිසා ඒවා සකස්කර ගැනීම වැනි කරුණු ද කළ හැකිය.)අය කිරීමක් කර එම සිසුන්ගේ දැණුම වැඩි කර ගැනීම අයහපත් ද?
    එතැන සිටින සියල්ලෝම රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට වඩා අඩු ලකුණු ඇති අයද?ඒ බව සහතික කර කිව හැකිද?
    රටේම එකම ලකුණු ගණනක් ප්‍රවේශ ලකුණු ලෙස නොගන්නා බැවින් ඇතැම් දිස්ත්‍රික්කයක ඒ 3 ගන්නා අයටද ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් ඇත්නම් එවැන්නෙක් මෙවැනි වෛද්‍ය විද්‍යාලයකින් හෝ ඉගෙනගැනීම අපරාධයක්ද?
    වෛද්‍යවරු ඉහළ පාසල්ම ඉල්ලා සිටින්නේ ඇයි?සාමාන්‍ය දරුවන් ගැන සිතනවනම් තම දරුවන් සාමාන්‍ය ළමුන් සමඟ ඉගෙන ගැනීමේ වරදක් නැහැ නේද?
    වෛද්‍ය සංගම්වල සිටින කිසිවෙක් සිය දරුවන් විදේශගත කර උගන්වන්නේ නැතිද?

    ReplyDelete
  9. ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් වලට බලෙන් අරන් යන්නෙ නෑනෙ. ඒ නිසා බොරුවට කහින්නෙ නැතුව ඒවාට නොගිහින් හිටපන්

    ReplyDelete
  10. මේ හැමදෙයක්ම පෝලිමෙ ඉඳලා ඩොකෙක්ගෙන් බෙහෙත් ගන්න වෙන හිතෙ අමාරුවට කියන දෙවල්. නැද්ද හා... මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා නිස්මනයො. දැන් ඉතින් ඉරිසියාව තමයි කියන්නෙ නැතුව වෙන වෙන මහප්‍රාණ ⁣කියහන්

    ReplyDelete
  11. මට පෞද්ගලිකව දැනෙන දේ සහ නොදැනෙන දේ මගේ භාවිතාවන්ට අදාළ වන්නේද නැද්ද යන්න දන්නෝ දනිති.මිනිසුන්ට ඉරිසියා කරන බව කීම ගැන මා කිසිවක් කියන්නට යන්නේ නැත.මට නොලැබුණු දෙයක් පසු පරම්පරාවක එකෙකුට ලැබෙනවානම් මම කැමති බව කියමි.ඒ සඳහා උදාහරණ මම නොකියමි.
    දැන්වත් මා කියූ කරුණුවලට එරෙහිව පිළිතුරු දිය හැකිනම් කැමතිය.ඒවා වැරදිද වැරදිනම් ඒ මන්ද ....එපමණකි

    ReplyDelete