Sunday, April 16, 2017

මීතොටමුල්ලෙ කුණු

මම තැන් කිහිපයක කුණු කන්ද ගැන ලිව්වා.ඒත් මේ කන්දෙ ඇත්ත හැංගිලා තිබුණු ඒ වටා හිටිය බොහෝ දෙනෙක්ගෙ ජීවිතවල ඇත්ත හෙළිකෙරෙන සමාජ දේශපාලන කතාව තේරුම්ගන්න පුළුවන් අත්දැකීමක් මා සතුව තියෙනවා.
මම අනුරුද්ධ බාලිකාවේ යම් යම් කලා කටයුතුවලට සම්බන්ධ වුණාම ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන අම්ම කෙනෙක් හිටියා.
"මුන්ට මොනව හරි දෙයක් ඉගෙන ගන්න එක තමයි ස්ර් තියෙන එකම ගැලවීම"
ඒ අම්ම තමන්ගෙ දරුවෙිතරක් නෙමෙයි අනිත් දරුවොත් පත්වෙලා ඉන්න ඉරණමෙන් ගොඩ එන්න මොනව හරි ඉගෙන ගන්න ඕනි කියන එක නිතරම විශ්වාස කළා.දරුවන්ගෙ විනය ගැන ඕනවටත් වඩා උනන්දු වීම නිසා ඇතැම් කෙල්ලො ඇය සමඟ උරණවත් සිටියා.ඒත් ඇය අවංකවම එහි සිටින බොහෝ දැරියන් ජීවත්වෙන පරිසරය වෙනස් විය යුතුයි.ඒ සඳහා එම දියණිවරු වෙනස් විය යුතුයි කියලා කල්පනා කළා.
ඔය අතරෙ තමයි 2011 විතර ඉදලා කුණු කන්ද ගොඩ ගැහෙන්න පටන් ගන්නෙ.ඒකට විරුද්ධවත් ඇය පෙරට පැමිණියා.ඒ් අරගල නිසා ඇය රක්ෂිත බන්ධනාගාරයට පවා යොමු වුණා.අතමිට හිඟ වුවත් තමන් ජීවත්වෙන පරිසරය භෞතිකවත්,ඒ මිනිසුන් අධ්‍යාත්මිකවත් වෙනස් විය යුතු බව සිතූ ඒ සටනෙ හිටියෙ අවංකවම.
නමුත් සියල්ල දෙදරා යන මොහොතක් එනවා.ඇයගේ වැඩිමහල් දියණියම ඇය සමජය දකින හීනයෙන් පැන යනවා.ඒ සාමාන්‍ය පෙළවත් කරන්න පෙර කොළොන්නාව නගර සභාවෙ සේවකයෙක් එක්ක හොර රහසේම දීග කන්නට යාම නිසා.
ඇය පාසලෙන් ඈත් වෙනවා.පාසලේම දියණිවරුන්ගෙ විනය ගැන සිතූ අම්මාගේ දියණිය රැක ගන්නට අපොහොසත්වීම නිසා ඇය ආත්මීය වශයෙන් දැඩි පසුබෑමකට ලක් වෙනවා.ඇය සමාජමය වශයෙන් පැතූ අපේක්ෂාවන් වෙනුවෙන් කළ සමාජ මැදිහත්වීම්වලින් ඈත් වී ගෙදර හුදෙකලා වෙන්න යන කොට ඇයට වෙනදට වඩා භෞතික ගැටළු ටික දැනෙන්න ගන්නවා.ඇය මේ දක්වා විඳි ඒ දේවල් දරා ගන්න අපහසු විදිහට ඇය කඩා වැටෙනවා.
කුණුකන්ද වෙනුවෙන් ඇයගේ හඩ නිහඬ කරන්නට ඒ සමඟ බැදුණු දේශපාලනය අවස්ථාවක් හොයා ගන්නවා.ඇයට කුණු වලේම රැකියාවක් ලැබෙනවා.කුණු අදින්න හෝ තෝරන්න නෙමෙයි එන ලොරිවලට ප්‍රවේශපත් නිකුත් කිරීම වගේ රැකියාවක්.කුණු වලට එරෙහි වූ ඇයට රැකියාව ලෙස කුණුවල රකින්න වෙනවා.
මේ සිදුවීමෙන් පසුව ඇය ගැන තොරතුරක් ගන්න මම සෑහෙන්න වෙහෙසුණා.ඒ දරුවො ගැන ඇය ගැන කිසිවක්ම මේ වන විටත් සොයා ගන්න නැහැ..ඒත් මේ පරිසරය මිනිසුන්ගෙ අරගලවලට සළකන හැටි,ඒවයෙ ඉරණම තීරණය කරන හැටි ඇයගේ ජීවිතය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. කුණු කින තත්ත්වයට මිනිසුන්ගෙ ඔළු හදන සමාජමය තත්ත්වය වෙනස් වෙන්න ඕනි.මීතොටමුල්ලෙ ඇය වගේ පරාජය කර කුණු ගොඩට ඇද දැමූ ගැහැණුන් නොව විශාල වශයෙන් කුණු ගොඩ ජයග්‍රහණයක් කර සිතූ අයත් සිටියා.ඒව පිටුපස දේශපාලනය විතරක් නෙමෙයි මහා යකඩ මාෆියාවේ සෙවණැලිත් තිබුණා.කුඩු,ගංජ ව්‍යාපාරයන්ගෙ අවශ්‍යයතාවයත් තිබුණා.
මම කාපු ටොෆි කොළෙත් ඔතන ඇති අපිත් වැරදියි කියලා පසුතැවෙන අයත් මේ මොහොතෙ ඉන්නවා.ඒව හරි සංවේදීයි.ඒත් සමහරු යෝජනා කරන විදිහට තමන්ගෙම ගෙවත්තෙ කුණු පොහොරබවට පත් කරන ව්‍යාපෘති හදන්නනම් මිනිසුන්ට ගෙවල් අයින් කරගෙන කොම්පෝස්ට් වළක ජීවත්වෙන්න වෙනවා.හුඟ දෙනෙක්ගෙ උරුමය පර්චස් දෙකයි තුනයි.මටත් එහෙමයි.මගෙ අවට තත්ත්වයත් බොහෝ විට එහෙමයි.
ඒ නිසා මේ කුණු දාන එක නවත්තන එකම නෙමෙයි වැඩේ.දැනට ජීවත්වෙන අයගෙ ජීවිත බේරගන්න ආණ්ඩුව බලහත්කාරයෙන් හරි මැදිහත් වෙන්න ඕනි.වතුර බහින ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න ඕනි.දැනටත් කුණු කන්ද හේදිල එන වතුර අවට පහත්බිම් ජලයෙන් යට කරමින් තියෙන්නෙ.සමාජ ප්‍රශ්න ගොඩක් මැද්දෙ සංවේදීවෙමින් ඔවුන්ගෙ කඳුළු ඉදිරියෙ මුදු වෙන්න යාමට වඩා රළු විදිහට මේ ප්‍රශ්නයට යොමුවෙන්න ඕනි.
ජනපති මැදිහත් වෙයි කියලා අඩන අයව නලවන්න,විරෝධයපාන්නන් සනසවන්න යන කාලයක් නැහැ.ස්ථීර නිවාස නැතව මේ ඉඩම්වලට අත තියන්න එපා කියලා චීවරධාරීන් කෑගහන්න සූදානම් වෙයි.මේ නැති කරන්නෙ බෞද්ධයන්ගෙ අයිතිය කියයි.ඒත් දානෙ ටිකක් දෙන්න නිරෝගි මිනිහෙක් ජීවත් කරන්නනම් මේ අය පළමුව තාවකාලික තැනකට ගාල් කරන්නම වෙනවා.හැබැයි හැකි ඉක්මණින් ඔවුන්ට සිය දේපළවල වටිනාකම දෙන්න.ස්ථීර පදිංචිය දෙන්න.සුනාමියට හසු වූ අයගේ ඉරණම අත් නොකරන්නත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා.

10 comments:

  1. මේ කථා පැත්තක තියල 'හෙල්පිං මීතොටමුල්ල' කියල අක්කගෙ නමින් අකවුන්ට් එකක් දාගෙන කීයක් හරි හොයාගනිමු. ඔය මැරිච්ච ගෙවල් කැඩිච්ච වුන්ට හෙන ගැහුවත් මොකද?

    ReplyDelete
  2. //සමහරු යෝජනා කරන විදිහට තමන්ගෙම ගෙවත්තෙ කුණු පොහොරබවට පත් කරන ව්‍යාපෘති හදන්නනම් මිනිසුන්ට ගෙවල් අයින් කරගෙන කොම්පෝස්ට් වළක ජීවත්වෙන්න වෙනවා.//
    ඇත්ත. තමන්ගෙ වත්තෙ කුණු කළමනාකරණය කරගන්න කියන කතා දේශපාලුවන් වගකීමෙන් නිදහස් කරන කතා. නගර සභාව තියෙන්නෙ පොල් ගාන්නද? අත යට වාසියට කුණු ප්‍රවාහනය කරල කඳු ගොඩගහනව මිසක් කළමනාකරණය කිරීමක් නෑ. එතනයි අවුල.

    ReplyDelete
  3. // ඔය අතරෙ තමයි 2011 විතර ඉදලා කුණු කන්ද ගොඩ ගැහෙන්න පටන් ගන්නෙ. //

    ඊට කලින් නේ....හරියටම කාලෙ මතක නැද්ද? පෙට්‍රොලියම් එකේ ලොක් ගේට් එක ඉස්සරහ තිබුනු දෙමටගොඩ කුණු කන්දත් ඔතනට ගේනාව මතක නැද්ද?

    ReplyDelete
    Replies
    1. හරියටම දන්නෙ නැහැ.මට කියන්න වුණේ පදනම් වූ ගැහැණිය ගැනයි.ඇය සම්බන්ධ කුණු කන්දේ ගැටුම් ගොඩ නැඟෙන්නේ 2011 පමණ සිටයි.ඇය එහිදී අත් අඩංගුවට පත් වූවා.ඒ විරෝධය පළ කරමින්.නමුත් ඒ සමාජ වටපිටාව ඇයව අසරණ කළ හැටි සහ අවසානයේ කුණු කන්දේම රැකියාවක් කරා ඇය තල්ලු කරමින් ආත්මීය වශයෙන් ඇයව විනාශ කිරිමයි මට කියන්න අවශ්‍යය වුණු ප්‍රධාන කරුණ

      Delete
  4. මේ වගේ ඉරණම් වලට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් අපේ තියෙන සංවේදීකම් ගොඩක් වෙලාවට ඒ මොහොතට පමණයි.සුනාමි,මිරියබැද්ද,සාලාව අනතුරු නිසා අසරණ වෙච්චි තවමත් රජයෙන් යමක් නොවුණු ය කොයි තරම් ඉන්නවාද ?ඒ අයගේ අයිතිය වෙනුවෙනුත් අපි පෙනි ඉන්න ඕනේ.මේ කුණු ප්‍රශ්නයට අපි හැමෝම අඩු වැඩි වශයෙන් වැරදියි.

    ReplyDelete
  5. දැං කුණු කන්ද හැදුනෙ මිනිස්සුන්ගෙ වරදින් කියල මතයක් ජනගත කරන්නෙ වගකීමෙන් බලධාරීන් ලිස්සල යන්න මිසක් වෙන දේකට නෙවේ

    ReplyDelete
  6. මනෝජ් ඉවාන්
    මිනිස්සු කුණු එක්ක ඉන්න තීරණය කරනව කියන එක බොරු නෙමෙයිනෙ.කුණු කන්ද අයින් කරන්න ඕනි කියන අයයි එපා කියන අයයි හගත්තනෙ.ඒත් මීතොටමුල්ලෙ පාසල අයින් කරනකොට ගහගන්නෙ නැහැ.කුණුකන්ද එපා කියන තැනට මේ ප්‍රදේශයම ගේන්න කවුරුවත් සමත් වුණේ නැහැ.
    ඇයි කියන එක තමයි මේ කතාවෙ තියෙන දේ.මිනිස්සු එතනට ගොඩ නඟන එක රජයක විතරක් වගකීමක් ද?එහෙම නොවන රජයන් සහ දේශපාලන පක්ෂ වෙනස් කරන්න දැණුමක් එහෙම තැනකට එයිද?
    කවුරුහරි බලය එනකං විවේචනය විතරයි වැඩේ කියලා හිටියොත් හැමදාම ඒකම කර කර ඉන්න පුළුවන්

    ReplyDelete
  7. https://www.facebook.com/chandi.siripala/videos/1300551693369944/

    මේ ඉන්නෙ එම කාන්තාව
    දරුණු අපරාධකාරියක් වගෙයි කුදලන් යන්නෙ

    ReplyDelete