
මම නිතරම හිතන්නේ සංවාදය තරමටම සංවාසය ද වැදගත් බවය.ඒ සංවාසය බොහොම ආදරණීය එකක් කර ගනු විනා මරා ගෙන කෑමක් කර ගන්න මට උවමනා නැත.හිත ගිය තැන මාලිගාව කී ආකාරයට හිත නොගිය මාළිගාවකට ඇතුල් වන්නට සිතෙන්නේද නැත.එසේම බොහෝ අයට බඩු වන ආකාරයට ගැහැණු ගැන පහළට දමා කතා කරන්නට මගේ දිව නැමෙන්නේද නැත.සාමාන්‍යයෙන් හිත ගිය මාළිගාවල් වල සිට ඇතැම් විට එළියට පනින ඇතැමෙක් යක්ෂාවේශ වූ යකින්නියන් මෙන් දරුණු ලෙස පහුරු ගාද්දී ද, මා නිහඩව සිටින්නේ ගැහැණිය පිළිබද සියලු අර්ථනිරූපනයන් රදා පවත්නා පිරිමි සමාජ භාවිතාව තුළ යන්න දන්නා නිසාය.එවැනි වට පිටාවක බොහෝ විට තවත් පිරිමියෙක්ට වරද පටවා සිය හෘද සාක්ෂිය නිදහස් කර ගැනීමේ පිරිමි උවමනාවක් ද මට නැත.ලිංගික අවයවය හිතේ එල්ලා ගෙන සමාජය දෙස නොබලන බැවින් මා සමාජය දෙස බලන්නේ ලිංගිකත්වය මත අවස්ථා සහ අයිතීන් තීරණය වෙන දෙයක් ලෙස ද නොවේය.
බට්ටි ගැන දැන් බොහෝ දෙනෙක් ලියා අවසන්ය.බට්ටි වෙනුවෙන් බොහෝ දේ කරන්නට සහ පෙනී සිටීමට ඉදිරිපත් වූවෝද දැන් බොහෝ සිටිති.එය යහපත්ය.ගණිකාවක් කියා ගැහැණියක් ප්‍රතික්ෂේප කරන්නට ඇයගේ සමාජ අයිතිවාදිකම් උදුරා දමන්නට කාටවත් ඉඩ නැත.ආගම්වල එල්ලී සිටින්නන්නටද ඊට ඉඩක් නොමැත.බුදු රජාණන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේද එය රසේ නොවිය යුතු බව ආදර්ශයෙන්ම පෙන්වා දී ඇත.
නමුත් පවතින නීතිමය රාමුවත් සදාචාරයත් ඇතුළත සිදු නොවිය යුතු ආකාරයේ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ පොලිස්කාරයෙක් වෙනුවෙන් ස්වීය ආත්මය පාවා දුන්නෝ ද මෙහිදී බොහෝ සේ රොද බැද සිටිති.සමාජජාලා වෙබ් අඩවි තුළ බට්ටි පිරිමියෙක් ගේ පහසක් හෝ නොලද ගණිකාවක් බවට පත් කළ ඇතැම් පිරිමි ඔළු ඇය පිරිමි දෙස බලාගෙන ප්රසිද්ධීයේ ස්වයං වින්දනය කරමින් පිරිමි සිත් දූෂණය කිරීමේ හේතුවෙන් ගණිකාවක් වූ සේ හැසිරිණ.ඒ කිසිම පිරිමියෙක්ට ඇය පිරිමින් සංතර්පනය කිරීමේ කාර්යයේ නොනිල ලෙස හැසිරීම නිසා ගණිකාවක් වූ බව අමතක විණි.
ලංකාවේ ලිංගික කාර්යේදී බොහෝ විට පිරිමි ආධිපත්‍යය පැතිරී තිබෙන බව සත්‍යයකි.ගැහැණු ශරීර පිරිමි අවශ්‍යයතාවයන් දරා සිටින්නට හුරු කළ යන්ත්‍ර සේ විය යුතු බව බොහෝ පිරිමි විශ්වාසය වන්නේය.එය සමාජ පැවැත්ම වන නිසාම බොහෝ ගැහැණුන්ද සයනයේ පසුගාමීව හැසිරෙන ලැජ්ජාව,සහ ඇතැම් කරුණු සදහා පැිලෙන මනස් සහිත වන්නන් වීම ද සාමාන්‍යය.මේ කාර්ය නිසා ඇතිවන පිරිමි අවශ්‍යයතාවයේ රික්තකය පුරවන කොටස බවට පත් වන්නේ බට්ටිලාය.
දාහක් විතර එක්ක ඉදල ඇති තවම එකෙක් මට ඕනි විදිහට ඉදලා නැහැ බං.
එවැනි ක්‍රියාවකින් පසුව පුංචි ෂොට් එකක් තොල ගාන අතරේ ඇති වූ හදිසි මිතුරු කමක සංවාදය ඇතුළෙ ඇසුණු එවැනි බසකින් කියැවෙන්නේ ලංකාවේ ගණිකාවගේ ක්‍රියා කළාපයය.ඇය මෙය කැමැත්තෙන් වෘත්තියක් ලෙස තෝරා නොගන්නීය.අසරණ වීම කරන්නට වෙනත් කිසි දෙයක් නොමැති වීම ගණිකාවක් නිර්මාණය වන්නට සාධක බව බොහෝ විට පැහැදිළි කර ගැනීමට හැකිය.ඒ නිසාම ඇය වෘත්තීය තුළ දන්නා එකම කාරණය සිය ස්ත්‍රී නිමිත්ත පිරිමියාගේ ශුක්‍රානු පහ කිරීම සදහා භාවිතා කරන්නට ඉඩ දීමය.ඉද හිට ඕනෑවට එපාවට කරන සහ කාර්යෙන් ඉක්මණින් ගැලවීමට කරන සිප ගැනීමක් ඇරෙන්නට ලැබෙන වෙනත් උත්තේජනයක් නැත.එය ආදරණීය සොදුරු මතක සටහනක් ලෙස ජීවිතයට එකතු වන යළි යළිත් පෙළඹවීම් සහිත ක්‍රියාවක් බවට පත් වන්නේ ඉතාමත් කළාතුරකින්ය.
පිරිමි ද එබදුය.සල්ලි වලට ගත් බඩුව රිසි ලෙස හසුරුවන්නට යන්නේ යාන්ත්‍රික මනසින් වන නිසා,ඇට මස් සහිත හදවතක සහ සිරුරක එකතුවෙන් සෑදෙන මිහිරක් ඒ තාවකාලික ආස්වාදයට එකතු කර ගන්නට ඔවුන්ට හැකි වන්නේද නැත.ඒ නිසාම ගණිකාවක් සමග වන ඇසුර බොහෝ විට හැගීම් විරහිත සුළු කාලයක් ලෙස පිරිමි සිත් තුළ කළකිරීම ඇති කරන්නක් වුව ද,යළි යළිත් සිය සිතේ අවශ්යයතාවය නිසාම තැනින් තැන ස්පර්ශ කරන සිත බිදී නොයන්නේය.ඒ නිසාම ස්ත්‍රී ලෝලයා ද,දිනෙන් දින සමාජයට ඒ පිරිමි අවශ්‍යයතාවයන් වෙනුවෙන් සේවය සබයන්නට එකතු වන ගණිකාවෝද හිග නොවෙති.
බට්ටි ද එවැනි මස් වැදැල්ලක්ය.බොහෝ විට පිරිමින් හැසිරෙන්නේ සිය අවයවය යොමාලන්නට මස් වැදැල්ලක් සොයන අය ලෙස ය.එවැනි පිරිමින් වෙනුවෙන් සේවය සම්පාදනය කළ බට්ටි ගේ සේවය ගැන සංතර්පනයට පත් නොවූ පිරිස් ද බට්ටිට ගල් ගසන්නට ඉදිරිපත් වූවන් අතරේ සිටින බව නිසැකය.ඒ අතරම බට්ටි ගොඩ වුණ ත්‍රී රෝද රථ වලින් බට්ටිගේ රුපියල් ශත සිය ආදායම කර ගත් පිරිසට බට්ටි හෝ බට්ටිගේ සාමාන්‍ය මිනිස් අයිතවාසිකම් වැදගත් වූයේ නැත.ඔවුන්ගේ හිත කිව්වේ පාරතොටේ නිමක් නැතිව රථවාහන නීති කැඩීම වෙනුවෙන් දඩ ගෙවන්නට සිදු වීමේ අවධානමින් මිදීමේ උවමනාවය.අනිත් කාරණය පාරටම බැස ගනිකාවක්ට පහර දීම පිළිබද විරෝධය පළ කළ විට සමාජයේ සාධු චරිතයක් ලෙස කැපී පෙනෙන්නට ලැබෙන ඉඩ කඩය.
'බඩුකාරයෙක්' නෙමෙයි යනුවෙන් සටහන් කර ගැනීමෙන් සමාජ අවකාශය තුළ ක්‍රියාත්මක වීමට ලැබෙන ඉඩ තුළ වෙනත් ගැහැණු අවධානයක් දිනා ගැනීමට ඇති හැකියාව ද මෙහිදි ඇතැමෙක්ගේ අවධානයට ලක් වූ වාට සැක නැත.ඒ නිසා බොහෝ දෙනෙක් බට්ටි විරෝධීන් වීම හරහා පෙන්වීමට උත්සාහ කළේ සිය හෘද සාක්ෂියට සැගවී තමන් පිළිබද යථාර්තය සගවාගෙන ලෝකයට වෙස් මුහුණකින් පෙනී සිටීමේ උවමනාව බව පැහැදිළිය.ඒ වෙස් මුහුණ ගැලවීමට ඇතැමෙක්ට උවමනා වන්නේ ද බට්ටිව පමණි.වෛශ්‍යා වෘත්තීය නීතිමය රාමුවක් ඇතළේ නීතිමය සහනයක් ලැබෙනාකාරයට සහ පිළිගත් සෞඛ්‍යමය නීති පද්ධතියක් ඇතුළෙ ක්‍රියාත්මක කිරිමට අවශ්‍යය සමාජ පරිසරය සැකසීමට ඊනියා සමාජ සදාචාරවාදීන්ගේ ගුබ්බෑයම් වලට පහර ගැසීමට භාවිතා කරන්නේ නැත.
ඉහත සමාජ වටපිටාව ගණිකා වෘත්තීය වෙනුවෙන් නිර්මාණය වීම අත්‍යවශ්‍යය වන්නේ ගණිකාව නිර්මාණය වීමට අවශ්‍යය වට පිටාව මේ සමාජය තුළ ඕනෑවටත් වඩා පැතිර තිබෙන නිසාය. එය පවතින ව්‍යහුය ශක්තිමත් කිරීමට දර දිය අදින බොහෝ සමාජ ක්‍රියාකාරීන් මුල තිබියදී අතු කපන්න යෝජනා කරන්නේ සිය බඩ කටට මුල් තැන දී බව පැහැදිළිය.ඒ නිසා බට්ටි යනු හුදෙකලා අසාධාරණයකට ලක් වූ චරිතයක් ලෙස ගණන් නොගෙන පවතින සමාජ ව්‍යහුය විසින් නිර්මාණය කරන සහ එම ව්‍යහුයේ සදාචාර ගල් පහරට ලක් කරන අවමානයට සහ අසාධාරණයට පත් කරන වෘත්තියක් ලෙස සැළකිය යුතුය.
පොලිසිවල නිලධාරීන්ගේ නඩු ගණන බැලැන්ස් කරන්නට මාස කිහිපයකට වරක් දගගෙයි ලැග එන්නටත්,දිනපතා කිසියම් මුදලක් සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට වැය කරන්නටත්,ඇතැම් විට ඒ වෙනුවෙන් ලිංගික අල්ලස් සැපයීමටත් සිදුවන සහ රැකවරණයට සොයා ගන්නා පිංපියාට කුඩු සම්පාදනයේ සිට කායික තෘප්තිය සැපයීමේත් පීතෘත්තවය නැති දරුවන් ජාතකයේත් ඛේදණීය ඉරණමට ගොදුරුවන බට්ටිගේ වෘත්තිය පිළිබද මේ සියල්ල සාකච්ඡා කිරීමට වේදිකාවක් තනා දීමට බට්ටි කෑ වේවැල් පහර වලින් ලැබුණු පන්නරය,සිය දේශපාලන ව්‍යාපාරවල උවමනාවන් වෙනුවෙන් දියකර දැමීම වෙනුවට ගණිකා වෘත්තීය පිළිබද සමාජ කියැවීමක් උදෙසා භාවිතා කරන්නට අවශ්‍යය බව සැබෑය.එසේ නොවන තැන් හී වීඩියෝ පෝන් වලට සැග වී මේ කාකි කෝට් කාරයින් බොහෝ දෙනෙක් ගණිකාවන් සිය නීතිමය අවයවයෙන් දූෂනය කරන්නට,මර්ධනය කරන්නට ඉදිරිපත් වන බවනම් සැක නැත.
දැනුවත්ව හෝ නොදැනුවත් ව හෝ අප විසින් පෝෂණය කරන සහ පවත්වා ගෙන යන ක්‍රමවේදයේ පලයක් ලෙස ලැබෙන බට්ටි නිර්මාණය කිරීමේ අයිතියෙන් ගැලවෙන්නට කාටවත් නොහැකිය.මම යන්න නොසිතා වඩා පුළුල් ආකාරයකින් මේ කාරණය පිළිබදව හිතා බලන විට අපි කියන සමූහය ඇතුළේ තමන් සිටින බව කෙනෙකුට පැහැදිළි කර ගැනීමට අපහසු නොවන බව මගේ විශ්වාසය.ඒ නිසා බට්ටිට ගල් ගසන්නට ඔබ ගල් ඇහිදින්නේ මඩ ගොහොරුවකින් බව සිතිය යුතුය.ඒ නිසා ඔබ ගැසූ ගල්වල තිබුණු මඩ ලකුණු සහ දුර්ගණ්ධය දැන් ඔබට ඔබේ හදවතෙන්ද දැණෙනු නිසැකය.
ඒ නිසා මම යළි කියමි.මම සංවාදයට තරමට ම සංවාසයට ද කැමැතිය.ඔබ ඉදිරියේ ඇති ගොහොරුවේ ඊට විරුද්ධව ගසන්නට ගල් තිබෙන බව ද මම දනිමි.