මම මගේ පුතු ගැන ලියමි.කෙදිනකවත් උෟ ඒ දේ කියවන්නට තරම් අකුරු සාස්තරය ඉගෙනගනු ඇතැයි සිහිනයකවත් හැඟිමක් ඇතිව නොවේය.ඒ ඔහු විශේෂ දරුවෙක් බැවින්ය.ඔහුට කළ හැකි හොදම ඉගැන්වීම හොඳින් මිනිසුන් ඇසුරු කරන්නේ කෙසේද යන්නය.
එසේම මට මගේ ජීවිතයේ දූ පුතුන් රැසක් හමුවී ඇත.ඒ අයට තිබෙන අඩු පාඩුව මානසික අර්බූදයක් නොවේය.ඔවුන්ට අඩු වී තිබුණේ මව්වරුය.පියවරුය.ඒ අතර රූපකායෙන් පමණක් සිටින මව්වරු සහ පියවරුද වෙති.එහෙත් යුද්ධය,දේශපාලනය සහ සමාජයේ වෙනත් දූෂණ නිසා මව්පිය සෙනෙහස අහිමි වූ දරුවෝ අපට නිරන්තරයෙන්ම මුණ ගැසෙති.
වරක් මා මාතලේ සිට කොළඹ බලා එමින් සිටියේය.මාතලේ පැවති ප්‍රාදේශිය බැංකු ක්‍රීඩා උළෙලක මාධය සම්බන්ධිකරණය අතරතුර සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ පැවති මව්බිම පුවත්පත එළි දැක්වීමේ උත්සවයේ ප්‍රසංග කළමණාකාරිත්වය පැවරි තිබුණේ මටය. ඒ සඳහා පැමිණෙන මට මාතලේ සිට කොළඹ පැමිණෙන අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙබළකුගේ බිරිදක් සහ දියණියක් හමු වන්නේය.මගේ අසුනේ පැමිණෙන මේ දෙදෙනාගෙන් දියණිය ඉතා ඉක්මණින් කුළුපඟ වූවාය.ඇය එක වසරේ ය.
බොහෝ දේවල් මා සමග පවසමින්,ගීත ගයමින් හුරතල් වෙමින් පැමිණි ඇය මගෙ යාළුන්ගෙ තාත්තලත් ශයා වගෙලු යැයි වරෙක කීවේය.
එතකොට ඔයාගෙ තාත්තා?
.............
පියාගේ ඉරණම පිළිබද කතාව මතු වන්නේ එතැනින් ය.
අම්මෙ අපි මේ අන්කල්ව අපේ ගෙදර නවත්තගමුකො.
කොටුවෙන් බැස වෙන් වී යන්නට ආසන්නයේ මගේ අතින් මිදෙන්නට ඇති ලෝභකමෙන් ඇය පවසන්නීය.
ඒ මොකටද පුතේ?
මව දියණියගෙන් විමසූ පැනයට ඇය දුන් පිළිතුරත් සමඟ ඇයට අත වනා විසිර ගියද ඒ මවත් මමත් වචනයකුදු කතා නොකර වෙන් වූහ.
තාත්තට.අපි තුන් දෙනාට හයියෙන් බදා ගෙන දොයියන්න පුළුවන් එතකොට
ඒ තාත්තා යළි ආවාදැයි මම නොදනිමි.එහෙත් කිහිප වතාවක්ම ඒ දිනවල මගේ ඇස් ඒ මතකයෙන් තෙත් විණි.
ප්‍රසිද්ධ පාතාල නායකයෙකුගේ දියණියක් සහ මගේ පුතා එකම ළදරු පාසලේ ඉගෙන ගනිමින් සිටියේය.ඒ දියණිය ළදරු පාසලට පැමිණි මුල් කාලයේම ඔහු ඝාතනය වන්නේය.ඒ අතරතුර ළදුරු පාසලේ ප්‍රධාන ආචාර්යතුමියගේ නිවසේද මරණයක් සිදුවන අතර එයට සහභාගි වන්නට ගොස් ආපසු එන විට අර දියණියද මව ද පැමිණෙන්නේ අප සමඟය.පුතා එයට රැගෙන නොගිය නිසා සාමාන්‍යෙයන් අද දුවගේ පංතියේද සිදුවන පරිදි පැටව් ටික (පස් හය දෙනෙක්) කෝච්චියේ මා සමඟ අසුන්ගෙන විවිධ කතා කියමින් රඟමින් එන්නට විය.මා ද ඔවුන්ට හවුල් විණි.රඟ පා පෙන්වමින් ද කතා කියමින්ද මා ඔවුන්ව විනෝදවත් කරමින් පැමිණෙන අතරේ මට වඩාත්ම සමීපව සිටින්නේ අර දියණිය ය.
මාමේ ඔයා ජාරක එක්කත් මෙහෙම සෙල්ලම් කරනවද?
ඔව් පැටියො. ඇයි?
අය පිළිතුරු දෙනු වෙනුවට මා ව බදාගෙන නිහඩව සිටියි.ඇයගේ පියාගෙ සිදු වීම මතක් වී මා මුවද ගොළු වී ඇත.පොඩි එවුන් කෑ ගසයි.මා දුම්රියෙන් ඉවත බලා ගෙන ඇසට නැගෙන කදුළු පිසලන්නට වෙර ගතිමි.මගේ උරහිසට හේත්තු වි සිටින අර පුංචි දියණිය මගේ කණට ඇසෙන සේ මෙසේ කොදුරන්නේය.
ඔයා හරි ෂෙෘ්ක්... අපිට ඉතිං තාත්ත නැහැනෙ.
මෙවැනි තාත්තල නැති විශාල පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයේද මට හමු වී ඇත.මගේ උපකාරද ඇතිව අද ද ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද ඒ අතර වෙති.එහෙත් යුද්ධය නිමා වී යාපනයේ පැවති නෙස්ටමෝල්ට් මැරතන් තරගය නිමාවේ එය ජයග්‍රහණය කළ පුතු ගේ කතාව මෙහිදී වැදගත්ය.
ඔහු තරගය නිමා වී දොරේඅප්පා ක්‍රීඩාංගණයේ යකඩ වැටට අත් රිදෙනතුරු වැරෙන් පහර දුන්නේය.
එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.
ඒ යුද්ධයේ ආදීනවය.ඔහු පහර දෙන්නේ මේ ජයග්‍රහණය විද ගන්නට ඔවුන් නැතිවීමේ වේදනාවෙන්ය.
මේ සටහන ඉහළ ඡායාරූපයේ වාඩි වී සිටින පුතු නියෝජනය කරන්නේ මේ සියලුම දරුවන්ට පියවරු මව්වරු අහිමි කරන්නට යෙදුණ දේශපාලන සමාජ පසුබිම පාලනය කළ පියෙක්ගේ දරු සෙනෙහසේ තරමය.ලක්ෂ තුනක් වැනි සුළු මාසික වැටුපකට ශ්‍රී ලංකා ගුවන් සේවිකාවක් සේවයට ගන්නට තමන්ට වරප්‍රසාද ඇති කළ පියෙකුගේ සෙනෙහසය.ඔහුට පියා අහිමි වී නැත.ගැටළුව අල්ලස් කොමිසමට පියා කැදවීමය.
ඒ පියා ද වගකිව යුතු මෙරට සමාජ දේශපාලන ව්‍යහුය තුළ ඒ ක්‍රමයේ හිදැස්වලින් වැටුණු යුද්ධයට,භීෂණයට,සමාජ විරෝධි ක්‍රියාවන්ට මෙන්ම සමාජය වෙනස් කරන්නට සිය අභිමතය අනුව ගත් උත්සාහයන් වලදී ද,පීතෘත්වය අහිමි වූ දූ පුතුන්ට වඩා මේ පුතු අසරණ වන්නේ කොතැනද?
ඊයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අපූරු කතාවක් කීවේය.
මට දරුවො නැහැ.හැබැයි දරුවො මරා දාන කුඩු ගේන්න මම දායක වෙලා නැහැ.
රනිල්ගෙන් මෙතැනට වටින්නේ ඒ වචනවල බරය.එය රනිල්වාදියෙක් කර,මා දඩුකදේ ගසන්නට නොයා මෙය කියවීම වැදගත්ය.දරුවෙක් වෙනුවෙන් දෙන ශුක්‍රාණු දායකත්වය පියෙක්වීමට ප්‍රමාණවත්ය.එහෙත් පිය හැඟුම් සඳහා එය ප්‍රමාණවත් නොවේය.තමන්ගේ දරුවාගේ සුඛ විහරණය වෙනුවෙන් වැය කරන පීතෘත්වය සහ සමාජය දෙස පියෙක් ලෙස බලන්නට ඇති හැකියාව අතර සෑහෙන දුරස්කමක් ඇත.මෙවැනි ඡායාරූප පළ කළ හැකි හිස් තැන නිර්මාණය වන්නේ ඒ දුරස්කම නිසාය.ඒ නිසා දරුවෝ ගරු කළ යුතු පීතෘත්වය ලෙස ආත්මාර්ථකාමී කැපවිම් හදුනා ගන්නා අතර පියවරු දරුවන් වෙනුවෙන් ආත්මාර්ථකාමි කැපකිරිම් කරති.පිය සෙනෙහස සහ දරු සෙනෙහස වඩාත් අප සමාජය තුළ සක්‍රීයව පවතින්නේ මේ වපසරිය තුළ ය.
එය රටේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන තැනද එලෙසම පවතින්නේය.මේ ඡායාරූපය කියන ඒ දුර්භාග්‍යය අවසන් වෙන තෙක් මේ සමාජයේ දරුවන් පිතෘත්වයේ උණුසුම නොමැතිව දුක් සුසුම්ලනු ඇත.