Friday, May 15, 2026

 For the first time in a long while, I felt like writing again. If anyone wants to understand what happens when a religion is allowed to dominate the governance of a country, they only need to look at Iran. Of course, one of our devoted believers may immediately bring up his dead mother and argue that there are no “Muslim Buddhists” in Iran. Yet if one looks carefully at the situation surrounding Venerable Pallegama, it becomes painfully clear that in Sri Lanka too, the temple holds immense influence over the state.

According to Sri Lankan law, the situation is quite straightforward. Sexual relations with a child under the age of sixteen are considered a criminal offence, even if the child supposedly “consented.” This falls under the concept of statutory rape in the Sri Lankan Penal Code.

The legal principle is simple: a child under sixteen is not considered capable of giving full legal consent. Therefore, arguments such as:

  • “She agreed to it,”
  • “They were in love,”
  • “She ran away willingly,”

do not provide complete legal protection.

Punishment depends on the nature of the offence, the age difference, whether force was involved, whether injuries occurred, and whether the acts were repeated. Possible punishments include:

  • lengthy imprisonment,
  • rigorous imprisonment,
  • fines,
  • and compensation to the victim.

The law also identifies circumstances that may increase the seriousness of the offence, including:

  • the child being very young,
  • the offender being a teacher, guardian, religious leader, or relative,
  • threats or coercion,
  • physical harm,
  • pregnancy,
  • group offences,
  • or taking photographs and videos.

Looking at these factors, the seriousness of being a religious leader alone is significant enough. Moreover, this incident could even be interpreted as involving organized participation by a group, given the apparent involvement of the child’s mother and father in facilitating the situation.

At times, observing the mechanism surrounding this case, one might even wonder whether the girl herself suffered from psychological difficulties that made her vulnerable to manipulation involving the monk. Slowly, perhaps cautiously, the court appeared to move toward a lawful decision by ordering the remand imprisonment of Venerable Pallegama. Yet despite the issue becoming a major public controversy, that order does not appear to have been properly enforced.

If anyone believes this is simply due to the Buddhist devotion of prison officials, that would be laughable. More likely, some form of pressure above the judiciary has placed invisible chains upon the officials themselves. For a long time, this country has shown a tendency to tolerate the stench of corruption until the entire dirty cloth is publicly exposed before the world. Even then, there is never a shortage of people willing to wash and defend that same cloth. What they fail to understand is that the cloth itself is being torn apart piece by piece, until eventually nothing valuable remains.

What must be understood is how religion in Sri Lanka has gained the power to define who is morally right and wrong within society, much like in Iran. Anyone who remembers figures such as Galaboda Aththe and the threats and fury they unleashed should ask themselves whether those forces have truly disappeared. During the Rajapaksa era, we witnessed how Sinhala Buddhist nationalism became a harsh and damaging force over society. That is why many of us referred to that version of Buddhism as “Rajapaksa Buddhism.” Even today, the same machinery continues to function.

It is no longer possible to simply blame everything on the legacy of the Rajapaksas. If state officials today obey the old political culture instead of the leadership they currently serve, and if people continue assigning every failure to old accounts while blindly believing such excuses, then perhaps it is their own minds that require examination. Otherwise, one might as well continue imagining Mahinda Rajapaksa still rules the country and simply step aside.

Figures like Pallegama demonstrate that their religious loyalties have merely shifted from Rajapaksa-ism to Dissanayake-ism. Above the judiciary stand only the executive and the legislature. Yet in a democracy, both are supposed to protect judicial independence, not weaken it.

Lawyers in this country once stepped forward courageously to defend the dignity of the courts, even when ministers and powerful politicians were imprisoned for contempt. Yet in the Pallegama case, how is it that a monk can comfortably remain at Nawaloka Hospital while court orders themselves appear ignored?

Perhaps it is simply merit — “pin,” as people say.

After all, I overheard a woman on a bus saying, “Could a holy monk really do such a thing?” In truth, if monks carefully observe these deeply devoted women and even their daughters, many of their worldly difficulties might easily be satisfied. Some people willingly offer themselves in the name of religious merit. There are fathers like that too. To them, their daughters become offerings upon an altar. Yet if the law catches up, punishment should still apply according to the child’s age and the legal principles already mentioned above.

Instead, we live in a land of selective virtue, endlessly deceived by promises about what “that man” or “this leader” will supposedly do. And perhaps all we are finally left with saying — even from entirely different motives — is the same exhausted phrase:

“Ane Sadhu.”

Thursday, May 14, 2026

අනේ සාදු

 

හුඟ කාලෙකට පස්සෙ ලියන්න හිතුවෙ.ආගමකට රටක් පාලනය කරන්න දුන්නම කොහොම හිටියිද කියන එකට උත්තරය ඉරානය දිහා බැලුවම හිතාගන්න පුළුවන්.ඉරානයෙ ඉන්නෙ තම්බි බුද්ධාගම්කාරයො එහෙම නැහැ කියලා අපේ සැදැහැවතෙක් මැරිච්ච අම්ම මතක් කරන්නත් පුළුවන්.ඒත් ලංකාවෙත රාජ්‍යය කරන්නෙ පන්සලේ උදවියම කියලා හොඳටම පැහැදිළි වෙන්නෙ පල්ලේගම හාමුදුරුවො ඉන්න උඩ දැක්කම.

ලංකාවෙ නීතියට අනුව මේ ටික මේ විදිහට ගම්මු.

Sri Lanka හි නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම, එම දරුවාගේ “consent” (කැමැත්ත) තිබුණත්, අපරාධයක් ලෙස සැලකේ. මෙය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) “statutory rape” සංකල්පයට අදාළ වේ.

මූලික නීතිමය තත්ත්වය

  • වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු නීතිමය වශයෙන් පූර්ණ කැමැත්ත ලබා දිය හැකි පුද්ගලයෙකු ලෙස නොසැලකේ.
  • ඒ නිසා:
    • “එයා කැමැත්තෙන් හිටියා”
    • “දෙන්නම ආදරේ කළා”
    • “පැනලා ගියා”

වැනි කරුණු සාමාන්‍යයෙන් සම්පූර්ණ නීතිමය ආරක්ෂාවක් නොදේ.දිය හැකි දඬුවම්

අපරාධයේ ස්වභාවය, වයස් පරතරය, බලහත්කාරය තිබුණාද, තුවාල සිදු වුණාද, නැවත නැවත සිදුවුණාද වැනි කරුණු මත දඬුවම් වෙනස් විය හැකිය.

සාමාන්‍යයෙන්:

  • දීර්ඝකාලීන සිරදඬුවම්
  • බරපතළ වැඩ සහිත සිරදඬුවම්
  • දඩ
  • වින්දිතයාට වන්දි ගෙවීම වැනි දඬුවම් ලැබිය හැකිය.
බරපතල ලිංගික අපරාධයක් ලෙස සළකා දඬවම් වැඩි විය හැකි අවස්ථා ද මේ කරුණු යටතේ දක්වා ඇත.ඒ ටිකත් බැලුවම අපේ ස්වාමීන් වහන්සේ නවලෝකයේ විඳින බරපතල වධය ගැන අනිත් පැත්තෙන් හිනා යාම නවත්වා ගැනීමට වෙනම වෙහෙසක් දැරිය යුතු වන්නේය. 

දරුවා ඉතා කුඩා වීම
ගුරුවරයෙකු / භාරකරු / ආගමික නායකයෙකු / ඥාතියෙකු වීම
බලහත්කාරය
තර්ජන
ශාරීරික හානි
ගැබ් ගැනීම
කණ්ඩායම් අපරාධ
ඡායාරූප හෝ වීඩියෝ ගැනීම   
                                                                                                                   
මේ කාරණා සළකා බලද්දි ආගමික නායකයෙකු වීමේ බරපතල තත්ත්වය වගේම කණ්ඩායම් අපරාධ කාණ්ඩයට ද මෙය ඇතුළත් කර ගැනීමට හැකිය.අම්මා සහ තාත්තාගේ දායකත්වය ඇතුව සංවිධානාත්මකව කණ්ඩායමක් ලෙස ක්‍රියා කර තිබීම ඊට හේතුවය.     

සමහර විට මේ ක්‍රියාත්මක යාන්ත්‍රණය දෙස බලන විට දැරිය මානසික ව්‍යාධියක් ඇත්තෙකු වීමට ඉඩ ඇත.ඒ මානසික ව්‍යාධිය නිසා ඇය හාමුදුරුවන් ගැන කිමට පෙළඹී තිබෙන්නට ඉඩ ඇත.අධිකරණය මේ කාරණයේදි සෙමින් හෝ නිවැරදි තීරණය ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට පල්ලේගම හිමිව ඇතුළත් කරන ලෙස නියෝග ලබා දි ඇත.එහෙත් මහා සංවාදයක් බවට සමාජය තුළ පත්ව තිබියදී ද එය ක්‍රියාත්මක වන්නේ නැත.

කවුරුන් හෝ සිතනවානම් ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ බොදු බැතිය කියා එය විහිළුවක්ය.අධිකරණයට ඉහළින් ඇති විය හැකි බලපෑමක් නිසා නිලධාරීන්ට විලංගු වැටී තිබෙනවා විය යුුතුය.කාලයක සිටම වාතයක් ගියහම දුරට ගොස් ගද දැනීම වළක්වා ගත හැකි දේ රෙද්දේ පහ වී ලෝකයටම ප්‍රදර්ශනය වෙනතුරු දරා සිටීමේ ප්‍රවනතාවයක් ඇත.ඊට පසු ද ඒ රෙද්ද කෑල්ලක්වත් නොසිටින්න හෝදන්න ඉදිරිපත්වන අය ද හිඟ නැත.ඒත් නොතේරෙන්නේ කෑල්ල යන්නේ රෙද්දේද කෑලි ඉරෙමින්ය.ඊට පසු වටිනාකමක් නැත.

මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ ආගම විසින් වැරදි සහ නිවැරදි යැයි පුද්ගලයෙක්ව සමාජය මත පිහිටුවාලන්නට ගෙන ඇති බලය ලංකාවේද ඉරානයට බොහෝ සේ සමාන බවය.ගලබඩඅත්තේ වැනි චරිත හැසිරුණ ආකාරය මතකනම් කළ තර්ජන ගර්ජන නිවුණු ඒවා ද නැද්ද යන්න සිතා බලන්නට හැකිය.බුද්ධ ශාසනය සිංහල බෞද්ධ ලෙස දරුණු සහ නරක බලපෑමක් සමාජය මත ඇති කරන බවට රාජපක්ෂ සමයේදී අපි දුටුවෙමු.ඒ නිසාම අපි ඒ බුද්ධාගම රාජපක්ෂාගම ලෙස ද හැඳින් වූවේය.තවමත් ක්‍රියාත්මක වන්නේ ඒකමය.

ඒකට රාජපක්ෂලා කරපු දේවල්වල ප්‍රතිපල කියා කියන්නට බැරිය.අද රාජ්‍ය යාන්ත්‍රණයේ මිනිස්සු අනුර දිසානායක කියන දේ නොකර රාජපක්ෂ කරන දේ කරනවා යැයි සිතා සියළු වැරදි පරණ ගිණුම්වලට දමනවානම් සහ ඒවා විශ්වාස කරනවානම් එවැනි අය මොළය පරික්ෂා කර ගත යුතුය.එසේ නැත්නම් පාලකයා මහින්ද ලෙස සළකා ඔහුටම කර ගන්න දී බැස යා යුතුය.

පල්ලේගමලා පෙන්වන්නේ තමන්ගේ ආගම රාජපක්ෂාගමෙන් දිසානායකාගමට මාරු වී ඇති බවය.අධිකරණයට ඉහළින් ඇත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණි.ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ දෙකෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතුය.

නීතිඥතුමන්ලා ද මේ රටේ මැති ඇමතිවරු පවා හිරේ දමා අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පෙරට ආවේය.ඒත් පල්ලේගම සිද්ධියේදී අධිකරණ තීන්දු පවා නොසළකා නවලෝකයේ සැතපෙන්නට හාමුදුරුවන්ට හැකිවන්නේ කෙසේද?

මං හිතන්නෙ පින විය යුතුය.කොච්චර වුණත් සාදු කෙනෙක්ට එහෙම කරන්න පුළුවන්ද කියා නෝනා කෙනෙකුත් බස් එකේ කතා කර කර ගියා ඇසිණ.ඇත්තටම හාමුදුරුවරු එවැනි පූජාවට ලැදි පිංවන්ත නෝනාවරු සහ ඔවුන්ගේ දූවරු ගැන විමසිල්ලෙන් සිටිනවානම් තමන්ගේ අමාරුව පහසුවෙන් සනීප කර ගන්න පුළුවන්ය.එවැනි අය කැමත්තෙන්ම අනේ සාදු කියා පිං පුරවා ගන්නට ඉදිරිපත් වනු ඇත.එහෙම තාත්තාලද ඇත.ඒ අයගේ දුවලා ද පූජා කරන්න හැදුව පූජා භාණ්ඩය.ඒත් අහුවුණොත් වයස අනුව උඩ කියා තිබෙන විදිහට දඬුවම් ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොවන පිංබිමක අපි ඉපිද සිටින්නෙමු.අරූ කරයි මූ කරයි කියා රැවටෙමින් සිටින්නෙමු.අපිට කියන්න තියෙන්නෙත් වෙන අදහසකින් වුව අනේ සාදු කියා ය.

                             

Wednesday, February 22, 2023

දාහතක් පස්සට ගිහිං අඬපු රැයක්


ඊයේ රාත්‍රියෙ ආමර් වීදියෙන් ත්‍රීරෝද රථයකට ගොඩ වුණේ ගෙදර එන්න.නමුත් ඒක ඔරුගොඩවත්තෙන් නවතින්නෙ කාර්මික දෝෂයක් නිසා.හොඳ කොල්ලෙක්.සල්ලි එපා කියද්දි මම බලෙන් සීයක් දුන්නා.ඊට පස්සෙ ඔරුගොඩවත්ත බස් නැවතුමට යද්දි නවත්තපු කාර් එකක් නිශ්මං අයියෙ කිව්වා.

මට ඇත්තටම මතක නැහැ.මනුස්සය මාව ගෙදරට ගෙනත් දානකම්වත් මේ මොහොත වෙනකම්වත් මං අමතක කතාවක් කිව්වෙ නැහැ.සමහර විට දැන් සයිස් එකට වඩා පොඩි සයිස් එකෙන් තමයි මාව දකින්න ඇත්තෙ.මේක දැක්කොත් සමා වෙයිං.මතක් කරගන්න බැරි වුණාට උඹ මගේ ජීවිතේ දිගේ ඇවිදපු එකෙක්.වැල්ලම්පිටිය හන්දියෙන් කොළොන්නාවට හරවන්න හදද්දි මං කිව්වා මාව මෙතනින් දාන්න කියලා.

නැහැ අයියව ගෙදරට දාන්නම් කිව්වා.හන්දියෙමනෙ තවම ඉන්නෙ.

නැහැ ඒ ගෙවල් කඩලා.අපි දැන් ඉන්නෙ කොටිකාවත්තෙ.

කොල්ලා මේ පැත්තෙන් යමු කියලා දාපු පාරෙම ආවා.මහජන බැංකුව නවත්තලා මහා කැළයක් වෙලා තියෙන ඌ ආ ගිය ගේ දිහා බලාගෙන හිටියේ මට වඩා කැක්කුමකින්.මං ඊට පස්සෙ හිටියා කුලී ගෙවල්වල පාරවල් ටිකත් උගේ ඇස ගස්සලා දිගටම ආවා.ඌ මතකය දිග ඇරියා.

දවස් කිහිපයක්ම අපේ කුලී ක්වාටස් එකේ ලැගලා තියෙනවා.අජිත් සෙනවිරත්න තමයි මුලින්ම එක්ක ඇවිත් තියෙන්නෙ.ඒ අජිත්ගෙ හැටි.ඉර පැන්නම ගොඩක් වෙලාවට කොළොන්නාවට තමයි එන්නෙ.සමහර වෙලාවට හැන්දැවෙ පහට විතරත් බාර් එකක නැතුව බිබී කතාවක් දාන්න වුණාම රොහාන්,තව පීඑස්ඩි හිටිය මිත්‍රයෙක් වගෙ අය අරගෙන අපේ කුලී නිවහනට කඩා පාත් වෙන එක පුරුද්දක්.

ඊයෙ දිගටම මං මල්ලි කියලා කතා කරපු මිත්‍රයා කියපු හැටියට ආපු එක දවසක අජිත් එක්ක විශාල පිරිසක් ඇවිත් තියෙනවා.ඒ පිරිස අතර මංජුල තමයි හිටිය බව එයාට මතක.මහ රෑ කන්න තිබිලා නැහැ.ඊට පස්සෙ ආපු කට්ටිය උයන්න ලැහැස්ති වුණාම බිරිඳ ඇවිත් සද්දයක් දාලා.සද්දයක් කියන්නෙ හෙට මට අස් කරන්න වෙන මහන්සියට වඩා උයන්න මහන්සි වෙන එක පහසුයි කියලා.හැබැයි කරවලයි සම්බෝලයි එක්ක හදපු ඒ බත් එක කකා අපි එළිවෙනකම් බිව්වලු.

මට ඉතිං එහෙම ගොඩක් දවස් තියෙන නිසා කොයි දිනයද කියලා ඒවා විශේෂයෙන් මතක නැහැ.කෑම එක්ක මතක් වුණේ විමලනාත් වීරරත්නව. රාවයෙ විමලෙගේ බත් ගෙඩිය හැමෝම කන එක ඉස්සර සුපිරි ආස්වාදයක්.එක කටක් දා ගත්තත් බඩ පිරෙනවා.සිමෙන්ති කොට්ටයක් තරම් විශාල ඒ බත් එකෙන් කෑම ගෙනාවත් කවුරුත් කටක් හරි කන එක පුරුද්දක් වෙලා තිබුණා.

ඊට පස්සෙ විමලෙගෙ බත් එක වගෙ මට කොටසක් වෙන් කරලා ලොකුවට බැඳගෙන එන බත් එකකින් කොටසක් හම්බ වෙනවා ලක්බිමේ දි.බිරිඳ හෙම රත්නපුර හිටිය අවුරුද්දෙ මං වෙනුවෙන් ඒ වැඩේ කරේ ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ.සියතෙදි සියතට පිටින් කෑම බීම දුක සැප හොයා බලන කණ්ඩායමක් හැදුණා.එතනත් අජියා හිටියා.එහෙම මිනිස්සු සම්බන්ධ වෙන මොකද්ද ගුණයක් තියෙන නිසා කඩේ සමීර,ත්‍රීවීල් එක දුවපු සංජීව වගෙ අය බොහොම බැදීමක් ආදරයක් තිබුණා.මේ ළඟදිත් බම්බලපිටියට ගිය වෙලාවෙ සමීරගෙන් ප්ලේන්ටියක් ගහලා කයියක් දාගෙන ඉද්දි අජිත්ව මතක් කරා.සංජීව අරගලය වෙලාවෙ රට ඉඳන් ඇවිත් දරුවන්ගෙ නාට්‍ය වැඩේට බඩු ගන්න තැනටත් ඇවිත් පෑන් පාට අරගෙන දීලා ගියෙ.ඒ වගෙම නැවත රට යන දවසෙත් අරගල බිමට ඇවිත් සුජීවයි,මමයි,දිමුතුයි එක්ක සෙට් වෙලා තමයි එයාර් පෝට් ගියෙ.අද සංජීව ලොකු ව්‍යාපාරිකයෙක් වගෙම වෘත්තිකයෙක්.

ඊට පස්සෙ කළම්ඹු පෝස්ට් එකේ ඉද්දි විමලෙ වගෙම නොවුණත් දුර ඉදන් එන අජිත්ටත් එක්ක බත් එකක් උස්සන් එන්න පුරුදු වුණා.සමහර වෙලාවට කෑම එක වීසි කරනවා.එළියට ගිහිං ටක් ගාලා එනවා කියන අජිය සමහර වෙලාවට හම්බවෙන්නෙ පහුවදා.ඒ වෙලාවට හොඳවයින් අහගෙන සොරි මචං කිව්වට ආයෙත් ඒ දේ ම වෙනවා.පහළ කඩේ විජේ අයියා වගෙම ත්‍රීවිල් මිත්‍රයො එතනත් මට හිටියා.වනාතෙ සිවලියෙ තියෙන සම්බන්ධය එක්ක මාව දන්න අයත් හිටියා.2015 ජනාධිපතිවරණය වෙලාවෙ ඒ මිනිස්සු එළිවෙනකම් අපේ ගේට්ටුව ළඟ ඇහැරලා.රෑ සිගරට් එකක් ඕනිම වෙලා බලද්දි විජේ අයියා කඩේ වහලා කට්ටියම බැම්ම ළඟ.

මෑත කාලෙ හම්බවෙච්චි වෙලාවෙත් මෙත්ලාල් සහ මං කතා කරේ විජේ අයියා ගැන.මැරෙන්න දවස් කිහිපයකට කළිං ගියහමත් ආදරයෙන් අත් අල්ලගෙන අජිත් ඇතුළු හැම කෙනෙක් ගැනම කිව්වා.සමන් අයියට (සමන් වගආරච්චි) එයා කිව්වෙ මැතිවරණ කොමසාරිස් කියලා.ඇත්තටම හුඟ දෙනෙක් එහෙම පැටලිල්ලක හිටියා.පස්සෙ විජේ අයියගෙ කඩේට එන්න අංකල් කෙනෙක් අමුවෙන්ම මගෙන් ඇහැව්වා.හැමදාම වගෙ මැතිවරණ කොමසාරිස් එන්නෙ ඇයි කියලා.ඊට පස්සෙ මම කතාව කිව්වා.

මාධ්‍ය අස්සෙ ජීවිත මාරම ආතල්.ඇස්වලට කදුළු පිරෙන දේවල්,හිතන්න බැරි තරමේ අවුල් හම්බ වුණාට,සමහර වෙලාවට මිනිස්සු හිතාගනන බැරි තරමට වෙනස් වුණාට ඒව අස්සෙ ඉතුරු වෙන කදුළු විතරක් නෙමෙයි හිනාත් හරි බරයි.

ජීවිතේ ගැන අහ අහ ආපු මල්ලිගෙ වාහනය ගේ ළඟටම ඇවිත් දාලා යන්න ඉස්සර අහපු දේ තමයි නිශ්මං අයියට බයික් එකක්වත් නැද්ද තාම කියලා.මං නැහැ කිව්වා.පුංචි දුකකුත් ආවා.

කොච්චර ප්‍රශ්න මැද්දෙ හරි අනුන්ව සතුටු කරලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු වුණේ කොහොමද කියන එයාට තාමත් හිතාගන්න බැරිලු.

මං ඒක කිව්වට පස්සෙ ගෙවුණු දවස් දෙකේ මං විදපු අසීමාන්තික සතුට ගැන එයාට කිව්වා.ඒ විග්නේෂ්වරන්.මාධ්‍ය සහ ආරක්ෂක අංශ වැලිවේරියෙ බෝම්බය පුපුරපු වෙලාවෙ පුවත් මවලා ඇතුළට දාන්න හදපු විග්නේෂ්වරන්.ලක්බිම තමයි ඒකෙ හරිම කතාව කිව්වෙ.ඒ කියන්න මට ඉඩ දුන්නෙ.විශේෂයෙන්ම රංජන් පරණවිතාන.ඒ වගෙම නිවිස් එකකදි වුණත් කතා කරලා අහපු සම්පත් දේශප්‍රිය.ඒ ඓතිහාසික වරද වුණා නම් සමහර විට ලක්ෂ්මන් කුරේ වගෙ ඇතුළටම වෙලා විග්නේෂ්වරන්ටත් මේ වෙනකනුත් ඉන්න තිබුණා.

හැබැයි එහෙම නොවුණ නිසා හමුදාවෙ රැකියාව අවසන් කළත් විග්නේෂ්වරන් අද ජාතික ශිෂ්‍ය භට බලකායට සම්බන්ධ වෙලා රජවැල්ල හින්දු විද්‍යාලයේ දරුවන්ට කෝච් කරනවා.එයාගෙ දරුවො ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා පැවත්වූ තේරිම් තරගාවලියෙ සහභාගි වූ ඉසව්වලින් දිනනවා.

ඒ සතුට සල්ලිවලට ගන්න පුළුවන්ද මල්ලි

ඌ උත්තරයක් දුන්නෙ නැහැ.අන්තිමට ඇහැව්වෙ අයියෙ මං අන්තිමට එන දවසෙ අක්කා හිටියෙ අමාරුවෙන් දරුවෙක් හම්බ වෙන්න.මං අහන්නෙ නැතුව හිටියෙ කොල්ල ගැන දන්න නිසා.ඒ හම්බ වෙච්චි එක්කෙනා කොහොමද?

ඒක ඌ ඇහැව්වෙ මාර විදිහකට.වචන ටික කියන්න බොහොම වෙලා ගත්තා වැඩියි.අවුරුදු 17 ට ත් පස්සෙ එහෙම මතකයක් ඉතුරු කරලා තියාගන්න මනුස්සෙක්ට කරපු බලපෑම ගැනනම් මාර ආඩම්බරයක් ආවෙ.

ඒකි කෙල්ලෙක්.මේ පාර ඕලෙවල් කළේ.ඒ නවයකුත් ගත්තා

කරන දේවල් කොහෙන් හරි ලැබෙනවා අයියෙ.මං ගෙදර කට්ටියත් එක්කම දවසක එනවා.

ඒ ආවොත් කට්ටියට බලාගන්න පිංතූරයක් දාන්නම්.එතකං රුපියල් හයසීයක් විතර ඉතුරු කරලා අතීතය ගැන එළිවෙනකම් සතුටෙන් අඩන්න දෙයක් ඉතුරු කරලා ගිය උඹට ස්තූතියි.ඒ ඇඬිල්ලෙ කතාවට ගෙදරින් හොඳ ප්‍රතිචාරයකුත් උදේම හම්බ වුණා.

වෙනද වගෙ බොන්න යන්න එපා.දැන් වයසයි.ගාණකට බොනවා.ඉස්සර ඔහොම සිහි නැතිවෙන්නෙ නැහැනෙ.

ඒ ඇඬුවේ හොඳම හොඳ සිහියෙන්.මං ඒක කියන්න ගියෙ නැහැ.

අර මල්ලි මේක බැලුවොත් අර උස්සන් හිටපු බඩේ හිටපු කෙල්ල තමයි මේ පිංතූරෙ ඉන්නෙ.එයා අරගලයට ආපු වෙලාවක චිත්‍රයක් අඳිනවා.ඒත් චිත්‍රාගාරයෙ.

ආ ..එතනත් අජිය හිටියා.මේ අදින දවසෙත් හිටියා. බොහෝ වෙනස් අදහස් මතුවෙද්දි අජිත් එතන ඉන්න ඕනි ඒකට විරුද්ධ වෙන්න එපා කියන එකත් මං කිව්වා.අජිත් එක්ක ඇවිත් හඳුනගත්ත මල්ලිටත් මං කියපු දෙයක් තියෙනවා.අජිත් කියන්නෙ ලංකාවෙ පත්තරවල නිව්ස් පොටෝවල සෙන්සර් එකක්.ඒව බැලුවත් ඉගෙන ගන්න පුළුවන්.අවස්ථා කිහිපයකදිම උගේ ඓතිහාසික පිංතූර එක්ක වැඩක් කරපං කරමු කිව්වට ඒවා ඒ මොහොතට රහට කතා කරලා ප්ලෑන් ගැහැව්වට වැඩේ වෙන්නෙ නැහැ.


Thursday, February 16, 2023

ගංගානි කියන්නෙ රෙද්දක්




ඡන්දයක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටිය සමාජයට වෙඩි තියා ඇත්තේ ගංගානි ලියනගේ වී ඇත.ඇයට විරුද්ධ විය යුත්තේ මහ ජනතාවය.මහජන නියෝජිතයෝ තවමත් පැති බෙදී ඇත.පහුගිය කාලයේ බොහෝ දේ පාර්ලිමේන්තුවේ සම්මත වූයේ ඡන්ද 113 ක් ලබා නොවේය.විරුද්ධව ඊට වැඩි පිරිසක් හිටියත් සභා ගර්භයට පැමිණ සිටියේ නැත.නැතිනම් ඡන්දය දි නැත. විපක්ෂය කරන්නේ පාළු ගෙදර වළං බිඳින ගාණට වේදිකා දෙවනත් කිරීමය.

ගංගානි බැහැ කියන්නෙ ඇයි?

ඇය පෙර පරිදි පසුුුවට දෙන්න මුද්‍රණය කරන්න අකමැතිය.එසේම ආරක්ෂාව ගැන ද ඇය කියන්නේය.එය ප්‍රමාණවත් නැත.මේවා මිනිස්සුන්ට රාජ්‍ය නිලධාරිණියක් බයිට් කරන්න පොළඹවන්න කාරණා ද?

ඇය ගැහැණියක් වීම නිසා ඒ ලිංගික අවයවය පිහිටීම නිසා අසා ගන්නා කරුණු ටික දුටුවාද?ඒ සමාජයේ හැටිය.අම්මලාට කන්න හදන පුත්තු කියන කතා ගැන පුදුම නැත්තේ අවුරුදු 16 දරු පිරිසක් මිය පරලොව වඩම්මන්නම දුන්න හෙල්මට් ප්‍රහාරය ගැන ද මේ මොහොතේ කතා වෙන බැවිනි.එවැනි සමාජයක ඊට නායකත්වය දෙන දේශපාලන නායකයෝ ගංගානිට දාන සත්තම කෙබඳු විය හැකිද?ඊට ප්‍රති විරුද්ධ අතකට සමාජය ගෙන යන්න උථ්සාහ කරන බව කියන කිසිඳු විපක්ෂයකට එය සංවේදී නොවන්නේ ඇයි යන්න මෙන්ම ඒ පක්ෂ සමඟ සිස්ටම් චේන්ජ් කරන්න යන්න පුත්තු ද තමන්ගේ අම්මාගේ වයසේ ඉන්න ගැහැණියකට ගැහැණුකම අවියක් කරගෙන කතා කරන අසික්කිත වචන ද කණගාටුය.සිස්ටම් නෙමේ චේන්ජ් වෙන්නේ ඒ වගෙම වෙනස් කල්ලියකට බලය හුවමාරු වීමක් පමණය යන්න මේවා දකින විටනම් පැහිදිළිය.2019 මේ බස රහට කියූ අය සිස්ටම් චේන්ජ් කළ ආකාරයට සමාජය සූදානම් වී සිටින්නේ ගෝඨාභය ලවා කරගන්න බැරි වුණ සිංහල,බෞද්ධ පීඩාකාරි රාජ්‍ය ගොඩ නඟන්න වෙන පිරිසක් සූදානම් කරන්නට ද යන්න සැක සහිතය.

ගංගානිගේ ප්‍රශ්නය දැන් කතා කරන්න අවශ්‍යය කවුද?

ජාතික ප්‍රශ්නයක් සේ මතු වූ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැරි වීමට ඇයට ආසන්න වශයෙන්ම බලපාන්න ඇත්තේ මැතිවරණ රාජකාරි සඳහා මුද්‍රණාලයට දරන්න වෙන වියදම පියවා ගැනීමට ඇති අපහසුව නිසා නම් ඒ ආසන්නම මුදල් අවශ්‍යයතා සඳහා වියදම කොපමණ ද?අතිකාල,කෑලි ගණනට ගෙවීම් සමහර විට ප්‍රවාහන වියදම්,ආහාර වියදම් ආදි සාමාන්‍ය මුද්‍රණාල සේවයෙන් පිටත ක්ෂණිකව ගෙවා දැමිය යුතු මුදලක්  මැතිවරණ රාජකාරිවලට අයත්ය.

මේවා කොපමණ ද?ලබා ගන්නේ කෙසේද?සම්මත ආකාරයට ලැබෙන්නේ නැතිනම් ජාත්‍යන්තර ආකාරයෙන් ඒවා ලබා දීමට ඉදිරිපත් වන ආයතන කවරේද?ඒවා මහා භාණ්ඩාගාරය හරහා ඉල්ලීම් කර ලබා ගන්නේ කෙසේද?මේවා සාකච්ඡා කළ යුත්තේ විපක්ෂ කණ්ඩායම්ය.එහි සිටින මහජන නියෝජිතයන්ය.දැන් අඩුම ගණනේ විපක්ෂයක් ලෙස මුං ටික එකතු වී පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගණනින් කරන විරෝධය ප්‍රකාශ කිරීමකටවත් එකතු වන්නේ නැත.අසාධාරණයට පත් වී පීඩාවට සිටින්නේ ජනතාව පමණක් නිසා ඔවුන්ට පාරට බහින්නට,අරගල කරන්නට කීම මරුය.

විපක්ෂයේ සිටියත් ආණ්ඩුවේ සිටියත් මහජන නියෝජිතයෝ වරප්‍රසාද ගන්නේ මහජනතාවගේ මුදලින්ය.නමුත් ප්‍රශ්න ඔවුන් වේදිකාවට ගේනවා පමණයි.ඒවා පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරනවා පමණයි.ඔව ගෙඩි ගණනින් ජය ගන්නට හැකි ඉඩ නිර්මාණය කරගන්න එකතු නොවෙයි.අපිට ඔවුන් එකා එකා හෝ සංවිධින සමඟ එකතු වෙන්න කියයි.ගංගානිට විරුද්ධව වැඩ කළ යුත්තේ ද ජනතාවයි.උන්ට සාදවල එකිනෙකා හා කටවල් අර සිනාවී හුරතල් වී කතා කරන ආකාරයෙන් දේශපාලනයේ දි එකතු වෙන්නට නොහැකිය.සාද වල විවිධ උත්සවවල හමු වූ විට බදාගෙන හිනැහෙද්දි දහඩිය කළවම් වී දද කුෂ්ඨ හැදෙන්නෙ නැත්නම් මෙවැනි ප්‍රශ්නවලදීත් අත් අල්ලා ගන්න බය නොවී හිටපල්ලා.මිනිස්සුන්ට අපි තරහයි,අපි බැන ගන්නවා,මාරාන්තික වෛරයි කියලා රංගනයේ නොයෙදී එකතු වෙලා ගංගානිව හමුවෙයල්ලා.ඒක නේද වෙන්න ඕනි.

පිස්තෝලේ ඉණේ ගහගෙන මුද්‍රණාලය ළඟ බුද්ධි අංශයේ සේවය කරපු හමුදාවෙ දෙන්නෙක් වනාතෙදි වැරදිලා තියපු වෙඩිල්ලක් නිසා අම්මා කෙනෙක් මැරෙනවා.ඒ තරුණ මවට සැළසුම් කරලා වෙඩි තියන්නද ඒ බුද්ධි අංශ සොල්දාදුවෝ එතැන කැරකුණේ.මේ සිදුවීම් පෙළ වටා ගංගානිට කියන්න තියෙන්නෙ මොනවද අහගන්න මහජන නියෝජිතයො ටික යන්න ඕනි නැද්ද?

මෙහෙමත් සිඳුවිමක් වාර්තා වෙද්දිත් ගංගානි එක්ක කතා කරන්න මේ මහජන නියෝජිතයො යන්නෙ නැහැ.සල්ලි කොච්චරක් ඕනි ද?ආරක්ෂාව නැහැ කියන්නෙ ඇයි?මේව ගැන මිසක් ගංගානිට ගහන්න බැහැ කියනවා කියන එක නෙමෙයි ඉහ මුදුණෙ තියාගෙන යන්න ඕනි.ජනතාවට කියන්න ඕනි ගංගානි එහෙම කියන්නෙ ඇයි කියන එක.ගංගානිට එහෙම කියන්න පාදක හේතුව පාර්ලිමේන්තුව මැද්දට ගෙනිහිං කෑ ගහලා ඡන්දෙට මුදල් ගන්න 113 ට වඩා ඔළු ගෙඩි ටිකක් පාර්ලිමේන්තුවෙ හදා ගෙන සටන් කරපල්ලා.මේ වෙලාවෙ ජනතාවට ඕනි ඒක.

උඹලා කිව්වම දුවගෙන ඇවිත් තියෙන පිඩනය දරාගන්න බැරි හින්ද මුහුද පතුළට හරි පනින මිනිස්සුන්ගෙ කීකරුකමෙන් ඡන්දවලට බිල්ලක් හොයන්නෙ නැතුව උඹලා එකතු වෙලා මිනිස්සුන්ට හුස්ම දියල්ලා.ඡන්දෙ වෙලාවට ඕනි එකා මිනිස්සු තෝර ගනියි.ඒ තෝරගන්න පේළි ගැහිලා ඉන්න මිනිස්සු වෙනුවෙන් එකතු වෙලා මේ පාළකයන්ට විරුද්ධව කතිරෙ ගහන්න මිනිස්සුන්ට නිදහස අර දීපල්ලා.එහෙම නැතුව ප්‍රශ්නය ගංගානි කියන තැනට මිනිස්සුන්ගෙ ඔළු හදනවනම් කරන්නෙ මේ පීඩනය අස්සෙ මහජන නියෝජිතයො හැටියට ආණ්ඩුවෙ එව්වොයි විපක්ෂෙ එව්වොයි වරප්‍රසාද බෙදා ගෙන ජනතාව වටේ යවන එක.

පුළුවන්නම් ගංගානි හම්බවෙන්න විපක්ෂය හැටියට එකට එකතු වෙලා පළයල්ලා.නැත්නම් උඹලත් කරන්නෙ බොරු.ගංගානි සල්ලි දුන්නත් ඡන්ද පත්‍රිකා ගහන්න බැහැ කියනවනම් අන් එයා ආණ්ඩුවෙ.නැත්නම් බැසිල්ගෙ හරි රනිල්ගෙ හරි.එතකං එයා අපිට අවශ්‍යය කරන බිම් මට්ටමේ වෙනස වෙනුවෙන් අපේ අදහස ප්‍රකාශ කරන්න බැලට් එක ගහලා දෙන්න ඉන්න නිලධාරිණිය.මේ රටේ අපිව ආරක්ෂා කරනවා කියලා ඡන්දෙ ඉල්ලන දේශපාලන පක්ෂ ගැන විශ්වාසයක් ඇති කර ගන්නනම් විපක්ෂෙ ඉන්න මහජන නියෝජිතයො කියන හැත්ත එකතු වෙලා,අනිත් ආණ්ඩුවට විරුද්ධ පක්ස හා සිවිල් සංවිධානවල නායකයොත් එකතු කරගෙන ගංගානි ලියනගේව හම්බවෙන්න ගිහිං ඇයට ඇයගේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න.ඇයට අවශ්‍යය මුදල සොයා දෙන්න විකල්ප ක්‍රම ගැන කතා කරන්න.ආණ්ඩුවට බලපැම් කරන්න තියෙන පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න.ජාත්‍යන්තර වේදිකාව භාවිතයට ගන්න.

මේ රටේ මිනිස්සු උසි ගන්වන්න ඉන්න බල්ලො නෙමෙයි.උඹල තමයි අපේ ආරක්ෂාවට බුරන්න ඡන්දය දීලා බැඳගෙන ඉන්න බල්ලො.....දැන් ඉතිං බුරපල්ලා.අපිව ආරක්ෂා කරපල්ලා..  ජනතාවගේ පැත්තෙන් අභියෝගය අලුත් වෙනකම් මහජන නියෝජිතයො හැටියට අපිව රවට්ටගෙන එක එක පැත්තෙ හිටගෙන ඉන්න ඉන්න එවුන් කරන්නේ අපිව බල්ලො කරන එක.මේ මොහොතෙවත් අපි මේ චක්‍රය අනිත් පැත්ත හරවමු.

උං හැම වෙලේම වැරද්ද සිද්ධ කරන ශරීරය බේරනවා.ඇදන් ඉන්න රෙද්ද වනලා ගහන්න කියනවා.ගංගානි එහෙම රෙද්දක්.....

Friday, February 10, 2023

සුජිත්ගෙ අර්බූදය සහ අරගලය ඔබේ එකක් ය






බොහෝ කාලයකින් බ්ලොග් එකට අකුරු කෙටුවෙ නැහැ.අලුතින් බ්ලොග්කරුවො එකතු වෙන ඉඩක් දැක්කම කුලප්පුවක් ඇති වුණා.ඒ වගෙම ලියන් ඉඩක් නැතුව පුපුරන්න හදන තැන් ආයෙ අතුරන්න ඉඩක් තියෙනවනම් කියලා හිතුණා.ඊට පස්සෙ තමයි මේ ආදරණිය මනුස්සයගේ වැඩේ ගැන ලියන්න හිතුවෙ,ඒ ආදරේ පිටුපස ඉන්න සෙවණැළි මඟ නොහැර සිපගන්න ගමන්.නමින් නම දිගින් දිග නොලියා ඒ හැම වෙනුවෙන් මෙහි ප්‍රධාන ඡායාරූපය බවට පත්ව ඉන්න (වමේ සිට) චාරුක,සුමේධ සහ ජයවික්‍රමව ඊට නමින් එකතු කරමින් ඒ සටහන අලවන්න තීරණය කළා.

 

අරගලය සහ අර්බූදය ඓතිහාසික දෘශ්‍ය කලා මංගල්ලය මේ මොහොතේ ලයනල් වෙන්ඩ්ට් හි ප්‍රදර්ශනය වෙමින් තිබේ.එය සුජිත් රත්නායකගේ ය.තවත් විදිහකට කියනවානම් අරගලයේ සිත්තරාගේය.ගෝල්ෆේස් අරගල භූමියේ අමුතු හැඩයක් ගත්තු චිත්‍රාගාරයසංකල්පීය වශයෙන් ගත් විට වැදගත් වුණේ, එහි එන වැඩිහිටියාගේ සිට දරුවා දක්වා සැමට වර්ණයෙන් තමන්ගේ හැඟීම ඇඳ සිත්තම් කර යන්නට තිබුණ ඉඩ නිසාය.

විටෙක චිත්‍රාගාරය සාක්ච්ඡා මණ්ඩපයක් විය.සමහර විට ඒ චිත්‍ර ගැනය.නැත්නම් වෙනත් කලා කටයුත්තක් ගැනය.නැත්නම් අරගලයට අදාළ ඉසව්වක මූලික කෙටුම්පත සකසන තැනක් හැටියටය.නැත්නම් සාහිත්‍යමය සහ දේශපාලනමය වූ හරවත් කතිකාවකටය.සියල්ලටම වඩා බොහෝ සුමිතුරු හදවත් මෙහි පැමිණ රාත්‍රිය ගෙවා දමා පසුදින උදෑසනම අවදි වි යළිත් අරගලයේ වැඩ පටන් ගත්තේය.සමහර විට කාර්යාලයේ සිට අරගලයට ජීවය දෙන්නට එන පිරිස් උදේ නැඟිට යළි කාර්යාලයට යන්නේ මෙතැන සිටය.

ඒ ඉන්න අතරේ අරගය කඩාකප්පල් කරන්නට හෝ එසේත් නැතිනම් ලුම්පන් සංස්කෘතික රූකඩ විසින් හෝ එහි සිටින්නන්ගේ බොහෝ දේ සොරා ගෙන ගියහ.මෙසේ වැඩිම වරක් එකම දේවල් අහිමි කර ගත්තේ අපේ අරගලයේ සිත්තරාය.ජංගම දුරකථන ගණනාවක්,උපැස් යුවළ ගණනාවක් ඒ අතර විය.රෙදි සෙරෙප්පු ආදියනම් ගණන් තැබීමට නොහැකි තරමේය.එහෙත් ඒවා අස්සේ තිබුණු මතක සහ සබඳතා ගැන කම්පා වූවා මිස නැතිවිම යනු සාමාන්‍ය දෙයක් බව ඔහු චීවරධාරීන්ට වඩා හොඳින් දැන සිටි නිසා භෞතිකව අහිමි වී යාම් පිළිබඳව අප තරම් හෝ කම්පා නොවී සිටියේය.

මැයි 9 දා අශික්කිත ප්‍රහාරයෙන් ඉනික්බිති ද චිත්‍රාගාරයට ඇවසි වූයේ සිඳු වූ දේ සම්බන්ධයෙන් හඬා වැටෙන්නට නොවේය.එය රැක ගැනීම උදෙසා මහත් වෙහෙසක් දැරූ අයට සාගරය තරම් හඬන්නට දේ තිබිණ.නමුත් අරගලය ඇතුළේ හඬනවාට වඩා ප්‍රතිවාදියාට මුහුණ දීමට ඇති ශක්තිය ප්‍රගුණ කළ යුතුව තිබිණ.ඒ වෙනුවෙන් නැවත ගොඬ නැඟුණු,තිබුණාට වඩා පුළුල් චිත්‍රාගාරය සැකසුණේ මහා ආදරයක් එක්තැන්වීමෙන්ය.

මේ දිනවල සමාජ මාධ්‍යයන්හී නිතර තූර්කි සහ සිරියානු භූමිකම්පාව ගැන හද සසල කරවන කතා ඇසේ.ඒ අතරින් තැනෙක කෙනෙක් ශ්‍රී ලංකාව වැනි රටකට බිය වන්නට දෙයක් නැති බවත්,එය බුද්ධාගම පවතින රටක් බවත් සඳහන් කරයි.ලෝ වැසියන්ටම මහා කරුණාවක් බෙදා දුන් මහා කාරුණිකයා සේ ගැනෙන බුදුරජාණන් වහන්සේ ගේ ලෝකයට තූර්කිය සහ සිරියාව අයත් නොවූ බව කියන්නේ ඒ මහා බෞද්ධයෝය.මේ ආකාරයට තමන් විශ්වාස කරන දේ මහා දර්ශනයක් සේ කාගේ හෝ නම් ගසා ප්‍රවර්ථනය කර සම්පූර්ණ කර ගන්නට වෙර දරන්නෝද නැතිව නොවේ.

 


නැවත ගොඩ නැඟෙන අරගල භූමියට විශාලම ප්‍රශ්නය වූයේ ඒ වෙනුවෙන් පැමිණ පරිත්‍යාගවල යම් හිඟයක් ඇති වීමය.සමහර විට චිත්‍රාගාරයේ සිටියෝද වේල් කිහිපයක් මඟ හැර සිටියෝය.මේ සඳහා විසඳුම් සෙවීමේ දී සුජිව සෙනරත් ඇතුළු ආදරණීයයන් කණ්ඩායමක්ම චිත්‍රාගාරය බඩගින්නේ නොතැබීමට පියවර ගත්තේය.එය චිත්‍රාගාර කමිටුවක් විසින් සම්බන්ධීකරණය කිරීම පවරා ගත් අතර චිත්‍රාගාරය එතැනින් ඉවත්වන තුරුම සමහර බෞද්ධයන් තූර්කිය සහ සිරියාව නොතකා හරින ආකාරයෙන් නොකොට හැකි සෑම විටම අරගලයට එන සහ රැඳෙන අය වෙනුවෙන් චිත්‍රාගාරයේ සෙනෙහස විවර කර තැබිණ.

තමන්ගේ ජීවිකාව කරගෙන යන ස්ථානය අතේ දුරින් තිබියදී එහි නොගොස් චිත්‍රාගාරයටම වි එය රැකි මිනිසුන් වූහ.අධික ගමනා ගමන වියදම දරා ගෙන පයින්ම සැතපුම් ගණන් දිවා රෑ පැමිණ ගිය අය ද එහි වූහ.ගෙදර යම් බෝවන අසනීප තත්ත්වයක් ඇති වූ විට ගෙදරින් එය චිත්‍රාගාරයට ඒ යැයි සැකෙන් අසනීපයට පත් නිවැසියන් සමඟ සම්බන්ධය දුරකතනයට සීමා කර චිත්‍රාගාරය රැකගත් පිරිස් එහි වූහ.විවිධ හේතු නිසා පවුලම ආණ්ඩුවේ හිරවිමකට ලක් විය හැකි බව දැනෙන මොහොතක වුව චිත්‍රාගාරය හැර නොගොස් තමන්ගේ රථ වාහන අංක සඟවාගෙන එය පසෙකින් තබා චිත්‍රාගාරයේ පැලට් මත ශරිරයට දුක් දෙමින් ගත කර අය වූහ.තමන්ගේ දරුවා විවිධ නීතිමය හේතු නිසා දකින්නට සහ ඔවුන් හා ගත කරන්නට ලැබෙන සීමිත කාලය දුරකතන තිරයකින් වන කතා බහකට සිමා කර දරාගෙන සිටි මිනිස්සු ද එහි වූහ.ඉහළ රැකියා කරන අය සමහර විට පාරට තිබෙන වතුර පයිප්පයකින් මුහුණ කට දෝවාගෙන චිත්‍රාගාරයේ සිට වැඩට ගියහ.එසේ නොවී තමන්ගේ රාජකාරිය වෙනුවෙන් යම් පහසු මඟක් දෛනික පහසුකම් සමඟ ලබා ගත හැකි නිසා චිත්‍රාගාර වැසියෝ වූ අය ද වූහ.



ඒ නිසා චිත්‍රාගාරය අටවා ගැනීම සඳහා පැමිණි සුජිත්ට කිරීමට අවශ්‍යය වූ සමාජ මැදිහත්වීම ඔහු තුළ පෞද්ගලිකව ඇති වූවක් වුව ද,ඔහු අරගල බිමෙන් නික්ම යන්නේ පොදු සංඛේතයක් හැටියට ය.ඔහු පිරිසකගේ නියෝජනයක් සහ ආදරයක් සහිත බලාපොරොත්තුවක් විය.

කවදත් සුජිත් සිය දෘශ්‍ය කලා කටයුතු වෙනුවෙන් අතිශයින් බරපතල ඉවසීමක් සහ සංයමයක් දරන්නෙක්ය.ඒ නිසාම ඔහු කෘතියට සමීප වෙනු විනා තමන්ගේ පෞද්ගලිකත්වයට හෝ සමීප නොවන්නේය.අරගලයෙන් පසු භුමිකාව තව දුරටත් සුජිත්ව සුජිත්ගෙන් ඛණ්ඩනය කර තිබිණ.නිර්මාණ දරා ගැනීම වෙනුවෙන් සුජිත්ගේ චර්යා පද්ධතියේ ඔහුට සිඳුවන අමතකවීම්,අතපසුවීම්,බොහෝමය.සමහර විට දරන්නට අමාරු තරම් අකාරුණික විදිහේ මඟ හැරීම් ද සිඳු වන්නේය.බොහෝ විට අරගලය ඇතුළේ දි එවැනි තත්ත්වයන්ට සංවේදි වෙමින් සමහර අවස්ථාවන් හි ච්‍රිතාගාරය සම්බන්ධ තීරණ ගැනීම වෙනත් කණ්ඩායමකට පැවරූ අයුරෙන්ම අරගලය සහ අර්බූදයඇතුළේ ද කණ්ඩායමකට ප්‍රදර්ශන කමිටුව ලෙස සුජිත් නිර්මාණ එකතුව බෙදා දෙන්නට නොමසුරු වන්නේ ඒ නිසා විය යුතුය.නොමසුරු යන්නෙන් අදහස් කරන්නේ මේ ඉතිහාසය පුද්ගලයෙකුට තනියම පවරාගත හැකිව තිබූ අති විශිෂ්ට අවස්ථාවක් බෙදා ගැනීමට සුජිත් තුළ තිබූ පළල අදහස හේතුවෙන්ය.






නිර්මාණ කිරීමට වඩා නිර්මාණ දරා ගැනීම යන්න මෙහිදි සිතා මතාම යොදන්නේ අරගලයේ පීඩාව දරා ගැනීම මේ නිර්මාණාවේශයේ පසුබිමෙන් දිවෙන නිසාය.ඒ දරා ගැනීමේ දී ඔහුට ඇතුළාන්තයට එල්ල වන පිඩනයට දක්වන ප්‍රති ප්‍රහාරය සඳහා සුජිත් යොදා ගන්නේ සිය දෘශ්‍යමය නිර්මාණකරණයේ ඇති හැකියාවය.එය ඇති කරන පීඩනයට වඩා විශාල එකක් බවට පත්වන්නේ ඒ ප්‍රහාරයේ ඇති අවි ඔබ භාවිතයට යොදා ගන්නා දේශපාලනික දෘශ්ඨියට සාපේක්ෂවය.”අර්බූදය සහ අරගලය” නැරඹිය යුතු ඓතිහාසික වැඩක් වන්නේ එතැනදී ය.

සුජිත් කෘතියක් වෙනුවෙන් කරන බරපතල ඉවසීම සහ සංයමය දැරීම, ඔහු ඇසුරේ වෙසෙන්නන්ටද අතිශය ඉවසීමකින් සහ සංයමයකින් දරන්නට වන්නේය.ඒ සුජිත් ගේ චර්යාව හේතුවෙන්ය.ඒ නිසා දශක තුනකට එහා ගිය සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ දැවන්තම දරා ගැනීමේ ප්‍රශස්ති සියල්ල පළමු කොට ජානකි වෙනුවෙන් තැබිය යුතුය.ඔහු සමාජය මත මුදා හැරි හැම ඉරක්ම ඒ ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව කළ ඒවාය.ඒ වෙනුවෙන් ඔහු මනස වෙහෙසෙන විට දී සිය දරුවාගේ හඬ ද නොනැඟෙන්නට සුජිත්ගේ සිතුවිලි පවුර නිසොල්මනේ තබා රහසේ ඇවිඳින ගැහැණියක් ගැන මට මැවෙන්නේය.ඒ ජානකි ය.ඇය විසින් පාලනය කර ගන්නා දරුවා නිම්සඳු ය.

නිම්සඳු,සුජිත් සහ ජානකී

අරගල භූමියෙන් නික්ම වෙන්වීම එහි උන් බොහෝ දෙනෙක්ට සාංකාව හඳන සුළු එකක් විය.ඒ අතර ප්‍රකට අංග රචනා ශිල්පියෙක් වූ සුමේධ හේවාවිතාරණ විය.දින කිහිපයකට වරක් අමතා හුදෙකලාව දරන්නට නොහැකි තරම ගැන ඔහු තැවුල් බස් දෙඬුවේය.මීගොඩ කේන්ද්‍රීයව සුජිත් නවතා ඔහු වටා දුරකථන තරංග සමඟ ගැවසෙන එක බොහෝ දෙනෙක්ගේ තීරණය විය.

මචං මං අදිනවා

දවසක ඒ තරංග ඔස්සේ පූර්ව හැඳින්වීමකින් තොරව ගලා ආ ඒ වචන සුජිත්ගේ ය.බරපතල රාජ්‍යමය වූ  දේශපාලන ප්‍රහාරයකට සහ අරගලය ඇතුළේ ගිණිබත් කිරීමකට යටත් කර තිබූ සුජිත්ගේ ජිවිතය අලුත් ආකාරයකින් ඇවිලෙමින් තිබෙන බව දැන ගන්නට එය හොඳ පෙර නිමිත්තකි.සුජිත් සම්ප්‍රදායික දෘශ්‍යමය ආකෘති අස්සේ හිරවෙන එකෙක් නොවේය.ඔහුට මිනිස්සු ආදරය කරන්නේ ද එබැවින්ය.අලුතෙන් ඇති වි තිබුණ හැඟීමේ සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වර්ණ හෝ චිත්‍රකලාව කී විට හිතේ ඇඳෙන අමු ද්‍රව්‍ය නොවේය.වැඩි කොටස ලෝහමය විය.

යකඩ සේ මිනිස් හැඟීම් තේරෙන්නෙ නැති කාලකණ්නි දේශපාලන සංස්කෘතියක මුග්ධත්වය,කුරිරුකම සහ ඒ වපසරිය අස්සේ අපව තබා තිබෙන තැන කියන ඒ ලෝහමය වූ දෘශ්‍ය ප්‍රකාශන එක්ක හැප්පෙන්න වානේ මෙන් සවිමත් සහ අචල සුජිත්ගේ හිතට උදව්වට චලනය වෙන මිනිස්සු අවශ්‍යය විය.නැතිනම් සහෘදත්වයක් අවශ්‍යය විය.ගෝල්ෆේස්මය නොවුණ අවකාශයක මීපේට හදා තිබෙන දුර හරියටම අපට වැටහෙන්නට ගන්නේ එතැනදී ය.ඉද හිටක ගොඩ වෙන මිස සුජිත්ගේ යකඩ බර අපිට බොහෝ දුර විය.හදවත් අතර තිබෙන සමීපකමට වඩා ඒවා පොළවට ඇත්තටම බද්ධ කරන්න යාමේ දී මතුවන ගැටළුවේ තිත්තම කොටසට උර දෙන්නට තිදෙනෙක් නොපැකිළිව ඉදිරියට පැමිණියේය.චාරුක සුරවීර,ගාමිණි ජයවික්‍රම සමඟ ගෝල්ෆේස් සමූහ විඳිම අහිමි වීමෙන් තෝන්තු වි සිටි සුමේධ හේවාවිතාරන ඒ තිදෙනාය.අවශ්‍යය කාර්මික වැඩ ශිල්පීන්ගේ සහය ඇතිව මලකඩ කැඩීම පමණක් නොව මලකඩ බැන්දවීමත්,මහා බර යකඩ ගොඩවල් ඒ මේ අතට සෙලවීමත් සිදු කළෝ මේ තිදෙනා ය.

ඒ නිසා සුජිත්ගේ මේ ඓතිහාසික දෘශමය දැක්ම පිටුපස අනේක වූ වදයන්ට කැප වෙමින් ඒවා ඉවසා දරා ගනිමින් චාරුක,ජයවික්‍රම සහ සුමේධ කළ හරියට අද  ගෝල්ෆේස් අරගල මතක එක්ක පැමිණ සුජිත්ව වැළඳගන්න හැමෝම අර තිදෙනාටද පිටට තට්ටුවක් හෝ දමා යන්නට අමතක නොකළ යුතුය.

මිනිහෙක්ට හිතෙන මහා දැවන්ත දේවල් මිනිස්සුන්ගෙ ආදරය එක්ක යථාර්තයක් කරන්න පුළුවන් කියා අරගලයේ සිටම ඔප්පු කරමින් සිටිය සුජිත්, අරගලය සහ අර්බූදය දෘශ්‍යමය ප්‍රති ප්‍රහාරය එල්ල කරන්නේ කාටද යන්න අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත්ය.ඔබේ හෘද සාක්ෂියට ගැලවෙන්නට අපහසු ඒ ප්‍රහාරය විඳ නොබැලුවොත් ඔබට මිය යන්නට වන්නේ ඒ කෘතිවල ඇති මලකඩ මෙන් මල බැදුණු හදවත්වලින්ය.

මීපේ සුජිත්ගේ වැඩ බිමේ දී නොදැණුන හැඟීමක් ඒවා වෙන්ඩ්ට් හි දි දකින කොට ඇත්වන්නේ ඇයි ද යන්න හිතා ගන්න අපහසුය.ඒ නිසාම මීපේ දී දකින සුජිත්ගේ පුංචි සිරුර වුව වෙන්ඩ්ට් කලාගාරයේදි ඇහැට පේන තරමට වඩා හිතට පේන්නේ විශාලෙටය.

අරගලය සහ අර්බූදය දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය නම් වූ මේ විචිත්‍රවත් ආකාරයට ඉදිරිපත් කරන්නේ මේ සමාජ ආඛ්‍යානය තුළ අප විසින් වැරදියට ලියාගෙන සිටින ජීවිතයේ හැඩයය.විටෙක ඔබ මේ ප්‍රදර්ශන බිමේ හිටගන්නා තෙක්ම ඒ හැඩයේ දැලි කුණු ඔබේ තැවරී ඇති බවවත්,ඔබේ දැලි කුණු ඒ හැඩේ තැවරි ඇති බවවත් නොසිතෙන්නට ඉඩ ඇත.වඩාත් ප්‍රචාරන සහ ප්‍රදර්ශනවාදී දේශපාලන ගුබ්බෑයම්වල නායක නායිකාවන් වෙන්ඩ්ට් මඟ හැර යනු ඇත.ඒවා දකුණ වම ද යන්න කිව නොහැකිය.බොහෝ දෙනෙක්ට කැඩපත සහ ලොක්අප් නම් වූ සිත්තම ඉදිරියේ සිටගත් විට ආයෙමත් එළියට ඇවිත් ගැලවුම්කාරයා යන වචනය කියා ගන්නට හිත හදාගන්න නොහැකි වනු ඇති බව මගේ විශ්වාසයය.

අමු ත්‍රාඩ හෝ මුග්ධ අයෙකුට මම ඔබේ ගැලවුම්කරු සේ හඟවන්න හැකි වුව ට,යම් ප්‍රමාණයකට හෝ හෘද සාක්ෂීයේ සහෘද කොටසේ ඉතිරියක් ඇති අයෙකුට අර්බූදය සහ අරගලය ගැන සිතන්නට හැක්කේ මම යන පදය මුල් කරගෙන නොවේය.අපි යන පදයේද සීමාසහිත සීමාවක් ඇතුළේ නොවේය.ඊට වඩා පළල්ව පැතිර ගිය වගකීමක් ඇති පුළුල් හදවතකින්ය.

සුජිත් කියවා ගැනීමටත් වඩා සුජිත්ගේ චිත්‍ර කියවා ගැනීම අපහසුය.මෙහි දී වැඩේ ඇත්තේ ඇන්දේ මොකද්ද කියා විස්තර කිරිම පසෙකලා සුජිත් එම සිතුවම හෝ දෘශ්‍යමය ප්‍රහාරය අප වෙත අල්ලාගෙන පපුව හාර හාර චිත්‍රය ගැන අවබෝධ කරගන්න අපට කරන බලපෑමය.ඒ බලපෑම වෙන්ඩ්ට් එකේ බිත්තිවලින් වෙන කවරදාකටවත් වඩා මේ මොහොතේ අපට කරන්නේ සුජිත් නොවේය.ඔබ හිටගෙන චිත්‍රය දිහා බලන්න.කැඩපත පමණක් නොවේය.නැත්නම් පොලිස් ජිප් රථයේ දෙර සහිත මෙය පොලීසිය නොවේයන නිර්මාණයේද නොවේය. අනිත් චිත්‍රවලද ඔබට ඔබව පෙනෙනවා නේද? මම හිතන්නෙ කාට හරි තමන්ටත් වඩා හොඳට තමන්ව ප්‍රතිනිර්මාණය කළ හැකිනම් අභ්‍යන්තරයෙන් අරගලය සහ අර්බූදය තුළ එය සිඳුවන බව කිව යුතුය.

මහත්තයො අපි ඔක්කොම හිර වෙලා.

 ඒක පාරෙ හිඟන්නට පමණක් නොවේ වලව්වේ දේශපාලනය කරන හාමු මහත්තයට ද අදාළය.රජකම දෙපළු වන්නේ හාමුලා මෙය බැලුවොත්ය.හරිම නිදහස් රජ කෙනෙක් විදිහට සිතා කරන හැසිරීම තව එකෙක්ගේ හිර කෙරුණු දම්වැල් අස්සේ සිට කරන එකක් බව හාමු ට ද වැටහෙනවා ඇත.මේ මොහොත වන විට රටේම සදළුතල ප්ලැට් ය.ඒ ප්ලැට් අස්සේ හුස්ම ගන්න තියෙන පුංචි නිදහස ආතල් එකක් කරගෙන විවිධ පැතිවලට බෙදෙන,මැරකම් චණ්ඩිකම් කරන ඔක්කොගෙම ජීවිත හරිම පුංචි ය. ඒ පුංචි ඉඩේ ඉදගෙන නඩේ එක්ක ලෝකෙම අපේ කියලා හැසිරෙමින් පෙන්නන්න පට්ටපල් බොරුවෙ දිග පළල 15 වැනිදා ට පෙර ලයනල් වෙන්ඩ්ට් එකට පැමිණ නොමිලේ මැනගෙන යන්න පුළුවන්නම් හොඳය.

අරගලය සහ අර්බුදය ආරාධනාව ඇතුළෙ තියෙන්නෙ හිරේ යන්න ඔබත් එන්න කියා ය.ඒ අමුතු ආරාධනාවට ආවට පස්සෙ ඔබට දැනෙන දේ සරලව මෙච්චරය.

ආයෙ මොනවද අමුතුවෙන් හිරේ යන්න තියෙන්නෙ?

පෙබරවාරි 15 වැනිදාට ඉස්සෙල්ලා බලාගන්න.ඉතිහාසයේ දෘශ්‍ය මාධ්‍ය අවකාශය තුළ සිද්ධ වෙන දැවන්ත හැරවුම් ලක්ෂයට පිටු පා සිටගන්න එපා.පුළුවන්නම් සුජිත්ව ඇකඩමික් නොවුණ ඇකඩමික් අවකාශය ඇතුළෙ ඇකඩමික් සංදර්භයක් හැටියට හඳුනාගන්න පරීක්ෂණය සඳහා තෝරා ගන්න.මේ ඊට හොඳම මොහොතයි.

 

 

නිශ්මං රණසිංහ

 

Wednesday, July 21, 2021