වනවාසල දුම්රිය අනතුර වෙන අනතුරුවලට වඩා වෙනස්.ඒ කොච්චිය පෙරළුණේ වෙනද විදිහට නෙමෙයි.ඒක නිර්දය විදිහට හඳුන්වනවානම් කුඩු කාරයෙක් කෝච්චිය පෙරළලා.ඒක තමයි ඇත්ත කතාව.
කොච්චියක් පෙරලෙන්න පුළුවන් කෑල්ලක් කුඩු මතට ගලවන්න හිතෙනවා කියන්නෙ නොදන්නාකම නෙමෙයි.ඇබ්බැහියේ බරපතලකම.කෝච්චියක එන දහස් ගණනක් මරලා හරි කුඩු ගහන්න කුඩුකාරයෙක් ඉදරිපත් වෙනවා කියන එකට හොඳම සාක්ෂිය මේ දුම්රිය අනතුර.
සීඝ්‍රගාමී දුම්රියක් ආවනම්....
එහෙනම් මේ අනතුර මීට වඩා බරපතලයි.මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්නත් තිබුණා.කිසිම වෙඩි උණ්ඩයක්,වස විස කලවම් වීමක් නැතුව මිනිහෙක්ගෙ නරක ඇබ්බැහිවීමකට කරන්න පුළුවන් දෙයක් හැටියට කුඩු හෝ අයිස් වැනි එක එක නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය මේ අනතුර හරහා දෙන පණිවිඩයම ඇති රටකට අලුතෙන් හිතන්න.
පොලිසිය කියන හැටියට දැන් මේ අනතුරට හේතු වූ යකඩ කොටස් විකුණපු තැන හිමිකරුත් අත් අඩංගුවට අරගෙන.ඒක හොඳ දෙයක්.මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් හොරකමකට අත් අඩංගුවට ගත්තොත් හැම මොහොතෙම ඒ හොරකමට සම්බන්ධ හොරාගෙන් මිල දී ගත් පුද්ගලයාත් අත් අඩංගුවට ගත යුතුයි.ඒ වගේ කඩවල්වලට තමන් මිලදී ගන්න භාණ්ඩවලට කොපියක් ඇතුව බිල්පතක් නිකුත් කරන්න නියම කිරීමත් අනිවාර්ය කාරණයක්.සමහර නැති වූ භාණ්ඩ හොයාගෙන යද්දි ඒවයෙ තිබුණත් ඒවා ගෙනාපු කෙනෙක් දන්නෙ නැහැ මතක නැහැ කියන කාරණය හුඟත් තැන්වලදි ඇහෙනවා.ඒ නිසා තමන්ට බඩුව විකුණපු කෙනාගෙ නම තහවුරු කර ගත් දුරකතන අංකය තමන් ළඟ මිලදී ගැනීමේදී තබා ගන්නා කොපියේ තබාගත යුතුයි.
දැන් හැබැයි පොලිසිය ගිහිං තියෙන්නෙ හොර බඩු විකුණන තැනට විතරයි.විකුණලා ගහන්න කුඩු ගත්තු තැනට ගිහිං නැහැ.මේ සියලු අපරාධවලට හේතුව තියෙන්නෙ එතැන.එතැන තියෙන කුඩු ටික ගහන්න තමයි මේ සීමාවක් නැති අපරාධයක් කරන්න කුඩුකාරයා පෙළඹිලා තියෙන්නෙ.
බැලූ බැල්මට මෙතන රාජ්‍ය දේපළ සොරා ගැනීම සහ හානි කිරීම ඊට අදාළ අලාභයක් තියෙනවා.කුඩු ටික ගහන්න කෝච්චි පාර ගලවලා රුපියල් 3000 හොයා ගන්න එකාට ඒ මිලියන ගාණ ගෙවන්න බැහැ.එතකොට උසාවියෙන් වැරදිකරු කරලා දෙන තීන්දුවට ඌව හිරේ දානවට අමතරව වෙන්න පුළුවන් දේ තමයි වන්දිය ගෙවා ගන්න බැරි වුණොත් තව වසර කිහිපයක් හිර දඬවම දීර්ළ වෙන එක.එහෙම නැත්නම් තව අවුරුදු කීපයක් ආණ්ඩුවෙ බදු මුදලින් වියදමක් නැතුව කාලා බීලා හිටපං කියලා නීතියෙන් ලැබෙන ආවරණය කියලත් ඒකට කියන්න පුළුවන්.
ඒත් මේ මැෂින් එකේ ඇන්ජින් එක වෙච්චි කුඩු විකුණපු එකා මේකට ගන්න පුළුවන් නේද?
යකඩ ගැලෙව්වා.විකුණුවා.මිලදී ගත්ත එකා අත් අඩංගුවට ගත්තා.දැන් මිලදී ගත්ත එකාගෙ සල්ලි කුඩු වෙනුවෙන් කාට හරි දීලා කුඩු ගහලා තියෙනවා.ඒත් මේ අපරාධයෙ එක කොටසක්.
හරිනම් රාජ්‍ය දේපළ සොරා ගැනීම,හානි කිරීම වගේම සමූහ මිනිස් ඝාතනයකට උත්සාහ කිරීම කියන කාරණා යටතෙ මේ යාන්ත්‍රණයම අත් අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනි.සමාජයට බරපතල පණිවිඩයක් දෙන්න මේක හොඳ අවස්ථාවක්.හොරා - හොරාගෙන් බඩු මිලදී ගන්න කෙනා වගේම ඒ මුදල යොදවා කුඩු හෝ අයිස් මිල දී ගන්න යන තැන කියන කරුණු සැළකිල්ලට ගෙන මේ වරද සහ වරද කිරීමට හේතුවන සාධක සියල්ලට එකවර දඬුවම් කිරීම.
කුඩු හෝ අයිස් හෝ වෙනයම් මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන්නෙ ඒ දේවල් තිබුණ නිසා.ඒ දරුණු ඇබ්බැහිවීම නිසා ඔහු හෙරකම් කරනවා.හොරකම් කරන්නෙ හොර බඩු ගන්න මිනිස්සු ඉන්න නිසා.හොරකම් කරලා හරි තමන්ගේ ඇබ්බැහිවීම වෙනුවෙන් සල්ලි හොයන්නෙ මත් ද්‍රව්‍ය ගන්න තැන් තියෙන නිසා.එතකොට මේ පද්ධතිය දුවන සියල්ලම අක්‍රීය නොකර එක කෑල්ලක් හරි නැත්නම් දැන් වෙලා තියෙන විදිහට කෑලි දෙකක් හරි අපි අයින් කරලා ඒකට කියනවනම් නීතිය ඉටු කරා කියලා ඒකෙන් කුඩු භාවිතය නිසා අසරණ වෙච්චි සහ අසාධාරණයට මුහුණ දෙන සාධාරණ මිනිස්සුන්ට යුක්තිය ඉටු වෙන්නෙ නැහැ.
කුඩු ගහන්න කුඩු තියෙන නිසා තමයි ඕනි විදහක ජරා වැඩක් කරන්නෙ.ඒ ටිකට නිරුපද්‍රිතව තියෙන්න ඉඩ ඇරලා ඊට පස්සෙ පලයට විතරක් දඬුවම් දීලා වැඩක් නැහැ.ඉස්සෙල්ලා නැති කරන්න ඕනි හේතුව.
ඒ නිසා වනවාසල දි කුඩුකාරයෙක් රේල් පාර ගලවල වැරදි පාරක ගිය කෝච්චියෙ අනතුර කියන්නෙම මේ වැඩේ හරි පාරකට අරං යන්න වැටුණ සිග්නල් එකක්.
No comments:
Post a Comment