Monday, April 12, 2021
Thursday, February 20, 2020
තට්ටු දෙකේ ඉස්කෝලේ තුට්ටු දෙකේ වැඩක් නෙමෙයි
තට්ටු දෙකේ ඉස්කෝලේ බැලුවා.ලස්සනයි.තව කෙනෙක්ට බලන්න කියන්න පුළුවන්.ඒත් මේක මාරම මාරයි,කියන්න බැහැ.එහෙම පුම්බලා අත අරිනවට වැඩිය චිත්‍රපටයෙ ඇතුළෙ පේන අධ්‍යක්ෂණයෙ නිවුණුකම එක්ක කහට පැල්ලම් ටික අයින් කරල ගත්තොත් මනුස්සය දිගටම ඉදියි.චිත්‍රපට කරයි.චිත්‍රපටයක් හොඳ වුණාම ඒක එක්ක බැඳෙනවා ඒක වගේ කරනවා මිස ඒ බැඳුණු දේ අස්සෙන් අලුත් පාරක් කපා ගන්න හුඟක් අයට හුරු නැහැ.මේ චිත්‍රපටය ඇතුළෙත් එහෙම මහන්සි වුණ බවක් පේන්නෙ නැහැ.දැන් මාරයි කියලා අලුත් කියලා අපි බලාගෙන යන චිත්‍රපට ලෝකෙ කොහේ හරි කරපු ආකෘතියක් පදනම් කරගෙන කරපු වැඩක් කියලා හොයාගන්න අමාරු නැහැ.දැන් ලෝකය ඒ තරම් අපිට සමීපයි.
අන්න ඒ කරුණ නිසයි මං කිව්වෙ අධ්‍යක්ෂවරයාට තමන් හොයාගන්න ඉඩ දෙන්න අවශ්‍යය නිසා චිත්‍රපටය විශ්වකර්ම වැඩක් විදිහට වනන එක නොකළ යුතු බව.හැබැයි ඒක ඇතුළෙ රහකි තියෙන මිනිහෙක් පේන්න ඉන්නවා.ඒක තමයි වඩා වටින්නෙ.
පිටපතත් එක්ක කොයිතරම් දුරට චරිත ගොඩ නඟද්දි සාධාරණයක් කරල තියෙනවද කියන තැනට පාලගේ චරිතය කරන ජගත් චමිල උදාහරණයකට ගත හැකියි.ඔහු ගැන වටපිටාව මැලේරියාව නිසා ගම අත ඇරලා යන ගුරුවරියගෙ කටින් කියැවෙනවා.ඔහු උසස් පෙළ සමත් මීගමුව වැනි ප්‍රදේශයකින් ඒ ගමට ආව බව තමයි කියවෙන්නෙ.නමුත් ඔහුගේ දැණුම දරුවන්ට ලබා දෙන තැන් හැරෙන්න ඔහුව හසුරුවන්නේ ඒ ගමේ කෙනෙක්වත් කතා නොකරන අන්දමේ ග්‍රාමීය භාෂා හැසිරීමකින්.මෝඩකමකුත් ඒ චරිතය මතුපිටට පේන විදිහට අලවලා.
ඒ වගෙම දරුවන්ව අධ්‍යක්ෂණය වෙලා නැති බවක් දැනෙනවා.ඔවුන්ගෙන් ප්‍රකාශ වෙන්නෙ ඔවුන් නියෝග මත හැසිරෙන බවක්.ඒ වෙනුවට දරුවව තව ටිකක් පිරෙව්වනම් ඔහුගෙන් හෝ ඇයගෙන් ඒ චරිතය තේරුම් ගන්න තැනට මීට වඩා සාර්ථක වෙන්න තිබුණා.
ඒ වගෙම චිත්‍රපටයෙ රේවත නැවත ගමට එන තැන ඔහුටත් දරුවන්ටත් මව් වූ සියඹලා ගස ගිනි ගනිමින් දැකීමට වඩා එතන ගොඩනැඟිල්ලක් තිබුණානම් තාර්කික බව වැඩි වනු ඇත.ගස් කැපීමට වඩා ගස් කපන සංවර්ධනය පොළවේ ඇත්තය.නමුත් එය සිනමාකරුගේ පෞද්ගලික කැමත්ත පරිදි නිර්මාණය වීම අවුලක් නැත.එය ඔහුගේ කැමැත්තය.නමුත් සිනමාව විඳින විට ඔහුගේ කැමැත්තට වඩා සිනමාරූපී වීම සමාජ යථාර්තය බලාපොරොත්තුවෙන් නරඹන්නෙක් නඟන තර්කය ද වැරදියි කියන්නට සිනමාකරුවාට නොහැකිය.
ශබ්ද පරිපාලනය වැනි දේ සිනමාපටය සිනමාශාලා වෙත නිකුත් කරන්නට කළියෙන් යළි සකසා ගැනීමට අවධානය යොමු කරන්නේ නම් යහපත්ය.තැනෙක හෝ දෙකක රූපරාමුවේ කතා කරනු පෙනෙන්නට තිබුණ ද ප්‍රෙක්ෂකයාට එය ඇසෙන්නේ නැත.ඊට හේතුව සංස්කරණයේදී කැපී යාමට තිබුණු රූප කොටසක් ඉතිරි වී තිබීම විය යුතුය.එය ද සිනමාශාලා වෙත පැමිණෙන්නට පෙර සකසා ගත හැකි කොටසක්ය.
වඩාත්ම වැදගත් දේ අධ්‍යක්ෂවරයා බැලුම් පුම්බන්නන්ගෙන් ප්‍රවේශම් වීමය.හුළං යන තැන් පෙන්නන අයගේ දේවල් අරගෙන තමන්ගේ භාවිතාවේ සිදුරුවලට පැලැස්තර අලවා ගැනීමය.මෙය වෘත්තීය විචාරයක් යැයි සිතා මා ද විශාලයට ගැනීම අවශ්‍යය නැත.ඔහු ඉවසීමෙන් යළි ඔහුව කියවාගන්න අවශ්‍යය වේ.මහා දැවන්ත ප්‍රචාරන යාන්ත්‍රනයන්ගේ බල මහිමයෙන් මාර නිර්මාණ කොට ඇඟේ ගසන දේවල්වලට වඩා නම් තට්ටු දෙකේ ඉස්කෝලේ හොඳය.තට්ටු ගණනක් උඩින් තබා මාරයි කියනවාට වඩා මේක බලන්න හැකි වැඩක් කීම සාධාරණය.තුට්ටු දෙකේ වැඩක් නොවේය.ඒ නිසා චිත්‍රපටය ආ දවසක එය විඳින්න යෝජනා කිරීම අසාධාරණ නැත.
අධ්‍යක්ෂවරයාගේ හෝ නිෂ්පාදකගේ නම නොලිව්වේ මෙයට අමුණා ඇති පිංතූරයේ එය විශාලෙට දකින්නට ලැබෙන නිසාය.
නිශ්මං රණසිංහ
Sunday, March 3, 2019
සියත රෑ 10 ගී 10 ට මා තේරූ ගී 10
සියත මට අලුත් තැනක් නොවේ.එහි පත්තරය පටන්ගත් දා සිට නිමාවන තාක් ක්‍රීඩා සංස්කාරක වූවේ මා ය.තව බොහෝ දේ ලීවේය.එහි රෑ 10 ගී 10 ට මා යන්නේ එම අතීත සහෝදර සුවඳත් සමඟය.එමෙන්ම මා මේ දිනවල කරගෙන යනු ලබන උල්පත ළමා නාට්‍ය වැඩමුළුවට ලැබෙන ප්‍රචාරන ඉඩත් වැදගත්ය.
මා ආදරයම කරන ගී 10 ක් සහ ඒ හා සබැදි මගේ සිතුවිලි මේ සමඟ යොමු කරමි.අහන්න බෙදා ගන්න දැනෙන දේ කියන්න.
Saturday, February 16, 2019
Sunday, January 20, 2019
කොළොන්නාව විශේෂ අවශ්‍යයතා සහිත ප්‍රජාවගේ එකතුව ස්වශක්ති සංවත්සරය 2019 වෙ...
Friday, December 7, 2018
රැඳවි සොයුරන් සමඟ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට
2018 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළ “සිංහයා සහ වහලා“ නාට්‍ය පිළිබඳව චර්ණ රූපවාහිණියෙන් සිදු කළ වැඩ සටහන.මෙහි රංගන දායකත්වය දැක් වූවේ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් වීම විශේෂත්වයකි.ඒ සඳහා නිලධාරින් දෙදෙනෙක්ගේ සහ එක් නිලධාරිණියකගේද සහය ලැබිණ.භාහිරෙන් අංග රචනය සඳහා සුමේධ හේවාවිතාරණගේ ද,ආලෝක කරණය සඳහා අමිල කොඩිතුවක්කුගේද,පසුතල සහ ඇදුම් නිර්මාණය සඳහා ක්‍රිස්ටින් රූත්ගේද සහය ලැබිණ.සංගීත නිර්මාණයද රැදවි සොහොයුරෙක්ගෙනි.
Monday, December 3, 2018
ඉස්සරහට කල්පනා කර ආපස්සට හැරෙන්න

පාර්ලිමේන්තුවේ 225 ම කීවද රනිල්ට අගමැතිකම දෙන්නෙ නැහැ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන දරන අදහස ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය.බහුතරය වෙනුවට ඒකාධිපතියෙකු ලෙස හැසිරෙන බවට ඔහු කරන තර්ජනය රනිල් විරෝධීන්ට ආතල් එකක් වන්නේ කෙසේද?
ඒ රනිල්ට ඇති අකමැත්ත නිසා පමණය.
ඒ අකමැත්තෙන් වැසී ඇති රටේ හෙට දවසේ බරපතල අනතුර අතහැර දමා සිටියි. මෛත්‍රී මේ දක්වාත් අනාගතයටත් පහළ වූ ඔය ජාතියේ එකම නායකයා නොවනු ඇත.දෙවන අවස්ථාවේදි බිහිවන්නේ ඊටත් වඩා දරුණු එකෙකු විය හැකිය.ඒ අනුව අපේ දරුවන්ට බහුතරය පිලිනොගන්නා මෙවැනි උන්මත්තක ගති ඇති ඒකාධිපති මනසකින් යුතු වඩා දරුණු අයෙකුගේ ඉලක්කය වන්නට අප ඉඩ දෙමින් සිටිමු.
ඔවුන්ගේ ජනමතයට ප්‍රජාතන්ත්‍රවාදයට මෙවැනි ඉඩක් තැබීම යුතුකම හෝ වගකීමද යන්න සිතා බැලිය යුතුය.රනිල් යනු මේ රටේ අගමැතිම විය යුතුය යන මතයේ මම ද නොවෙමි.නමුත් ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම ව්‍යස්ථාපිත නොවන තැන,ඒ ක්‍රියාවේ දරුණුකම අදටත් වඩා හෙටට බරපතලය.ඒ තත්ත්වය ජනාධිපතිවරයාට ඇති අයිතියක් ලෙස අප පිළිගන්නේනම් එය පූර්වාදර්ශයක් කර අපටත් අපේ දරුවන්ටත් අනාගතයේ විඳින්නට විය හැකි ඕනෑම තත්ත්වයකට අපි ආශිර්වාද කරන්නෝ වෙමු.
ජනාධිපතිවරයාට අනුව රනිල් ඉවත් කිරීමෙන් වෙනස් වූයේ මොනවාද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති හැම ප්‍රශ්නයකටම වර්ජනය කරන ඒක නැවතීම හැරෙන්නට දෙයක් සිදු වි නැත.ඔවුන්ද මහින්ද රාජපක්ෂ හිතවතුන්ද පැවසූ සිංගප්පූරු ගිවිසුම වෙනස් නෙවෙන බවට ප්‍රතිඥා දෙමින් ඇත.ඩොලරයේ නැඟීම ගැන කළ විවේචන වෙනුවට ඒය අතින් අල්ලා නවත්තන්නටදැයි අසන තත්ත්වයට පත් ව ඇත.ඒජාපයට ඒල්ල වූ චෝදනාවලින් ඉතිරිව ඇත්තේ දැන් මහබැංකු චෝදනාව පමණි.ඒයට ඒජාපයම අභියෝග කරමින් මුදල් ගත් අය හෙළිදරව් කරන ලෙස කීවත් මෛත්‍රීපාල සිරිසේන ඒය ඒළියට දමන්නේ නැත. යහපාලන රජයට කළ අන් සියලු චෝදනා මේ රජය යටතේද සිදු වූ අතර පෞද්ගලිකව මා විසින් උතුරේ මියගිය අය සිහිකිරීමට ඇති අයිතිය 200% පිළිගත්තද ඒජාප රජය ඒය පාලනය කරද්දිත් විජාතික උවමනාවන් අනුව කටයුතු කරන සහ ඩයස්පෝරාවේ ඉත්තෙක් ලෙස චෝදනා කළ අය තවමත් ඒ් තැටියම වාදනය කරමින් ඉතිහාසයේ උතුරේ සිදු වූ ලොකුම විරු සමරුව නොදැක්කා සේ සිටියි.
බලය බෙදීම පෙඩරල් දීම වැනි චෝදනාවලට ලක් වූ රනිල්ට මෛත්‍රී චෝදනා කරන්නේ බලය බෙදීමට ඉඩ ලබා නොදුන් බව පවසමින්ය.අඩුම තරමේ පළාත් සභා පවා තබා ගැනීමට රනිල් විරුද්ධ බව කියමින්ය.
ඒ් නිසා මේ මොහොතේ යකෙක් නොවන ඒකෙක් මවා ජනතාව බය කිරීමට උත්සාහ දරමින් දේශප්‍රේමියෙකු වන්නට දඟළන මෛත්‍රීපාල සිරිසේන ජාතික දේශපාලන ගැටළුවක් නොව වෙන කුමක් හෝ පෞද්ගලික අකමැත්තක් අල්ලාගෙන රනිල්ට බැට දෙන බව පැහැදිළිය.ගැටළුව ඇත්තේ ඒතැනය.පෞද්ගලික විරෝධයක් මතු වූ සැනින් ජනාධිපතිවරයාට අගමැති වෙනස් කරන්නට,රජය විසුරුවන්නට හැකිද? පළමු පියවරේම ගැටළුවක් තිබෙන බව මේ වන විට අධිකරණය යම්තාක් දුරට පිළිගෙන අවසන්ය.
මේ තත්ත්වයන් සමඟ මෛත්‍රීපාල අහිමි කරගත්තේ මොනවාද?
ඔහු මහින්ද රාජපක්ෂට විරුද්ධ වෙමින් එළියට බැස අධිකරණයේ ස්වාධිනත්වය කෙළෙසූ බව කීවේය.නීතියට බලපෑම් කළ බව කීවේය.මේ වන විට ඔහු තනතුරේ සිටි කාලය තුළ අධිකරණය දේශපාලන බලයෙන් වියුක්තව ඇති බව සනාත වන්නේය. ස්වාධීන කොමිසන් බල ගැන්වීම නිසා පොලිසියේ මාරුවිමක් පවා හිතුමතයට කළ නොහැකි තත්ත්වයකට දේශපාලනයෙන් බැහැර වි ඇති බව සනාත වී තිබෙන්නේය.
එසේම අපනයන ආදායම වැඩිම වර්ශය ලෙස 2017 හැඳින්විණි.මහ බැංකු දත්ත අනුව ලාභය සටහන් ආදායමක් 2017 සටහන් විය.දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ආකාරයට මේ සියල්ල ඔහු නොදැන එජාපය කල දේ විය යුතුය.
එසේම ඔහු මහින්දගේ කණ්ඩායමෙන් තමන් හා එක්වන අයට ඇමති තනතුරු දෙද්දි මේ ආණ්ඩුවේ සංයුතිය නිහඬව සිටියේය.ශ්‍රියාණි විජේවික්‍රම,විරකුමාර දිසානායක වැනි අයට ඇමතිකම් පිරි නැමුණේ ඒ ආකාරයටය.එසේනම් ඔහුට රජය තුළ බලයක් තිබි ඇති බව පැහැදිළිය.
ඒ සියල්ල සළකන විට මෛත්‍රී පවසන දේ ඔහුටම අභියෝගයක් වී ඇති අතර ඔහුට හිමිවීමට තිබෙන කීර්තිය ඔහුම වාරණයට ලක් කරගනිමින් තිබෙන බව පැහැදිළිය.ආරම්භ කර තිබූ ගම් පෙරළිය තුළින් ගමට ලැබුණු.ගමේ විහාරයට ආගමික ස්ථානයට ලැබුණු සහන නැති වී ඇත.ක්ෂුද්‍ර ව්‍යාපාර සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් දැක් වූ රජයේ ණය ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ ව්‍යවසායකත්වයන් ගොඩ නැඟිම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා හරහා ලැබුණු වරප්‍රසාද අහිමි වී ඇත.දෙසැම්බර් මාසය වන විට ඇරඹීමට නියමිතව තිබුණු රැකියා 50000 ක් පමණ ලැබෙන ව්‍යාපෘති සියල්ල නැති වි ඇත.නැවත ගෙවීමට අවශ්‍යය නොවන ඩොලර් මිලියන 280 ක ඇමෙරිකානු ආධාරය අහිමි වි ඇත.
මේ සියල්ල මෛත්‍රී නායකත්වය දැරූ රජයක් වුව, ඔහු ගේ සමබන්ධයක් නැතිව එජාපයේ වැඩ පිළිවෙලකින් රටට ලැබීමට නියමිතව තිබියදි බලය වෙනුවෙන් ගිජු වි මෛත්‍රීපාල සිරිසේනයන් විසින් අහිමි කළ දේ බවට පත් වි ඇත.
එහෙත් එය නිවැරදි කර ගැනීමට අවශ්‍යය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබා දීම නිසා නොවන බව තේරුම් ගැනිම වැදගත්ය.
ඔක්තෝම්බර් 26 වන දා මේ රටේ අනාගතයේ ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට බලයක් නැති පාලනයකට කළ ආශිර්වාදය වෙනස් කළ යුතු බැවිනි.ඒ අනුව ඊට පෙර පැවති ආණ්ඩුව බලාත්මක කර ඒ ආණ්ඩුව සමඟත්,ඡන්දය ඉල්ලන මහින්ද රාජපක්ෂ සමඟත් එකඟතාවයක් ඇති කරගෙන මැතිවරණයකට යාම සුබය.මහින්ද ද රනිල්ද යන්න මෛත්‍රිපාල සිරිසේනට වැදගත් වුව ද රටට හෙටට වැදගත් ව්‍යවස්ථාවය.ප්‍රජාතන්ත්‍රවාදයය.
ඒ් වරද වසා ගන්නට ජාතිය අමතන හැම අවස්ථාවකම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිස් මෛත්‍රීපාලයන්ගේ ජාතිය අමතන්නේය.ඔහුට මවක් නොමැති නිසා කම් නැත.මට ද මේවා ලියන විට ඒවැනි දේ කීවාට ගණනක් නැත්තේ මගේ මව ද මියගොස් ඇති බැවිනි.නමුත් මගේ දරුවන්ට අනාගතයේ දවසක මා හෝ බිරිඳ සිහිකර බැන වඳිනවාට අකමැතිය.අඩුම තරමේ මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන්ගේම කියන්නට එක කුසෙන් පැමිණි සහෝදර සහෝදරියන් නොසිටියද?තමන්ට සහ බිරිඳට තාත්තා අම්මා කියන්න සුජාත දරුවන් සිටින බැවින් ඒ ගැන සිතා හෝ ආපස්සට හැරිය යුතුය.
මේ වෙනුවෙන් දේශපාලනිකව ලාභයක් නැතිව හැසිරෙන ජවිපෙ රටට දෙන ආදර්ශය වැදගත්ය.එය වර්ථමානයේ එම තත්ත්වය නොතකා හැසිරෙන බහුතර ශ්‍රීලංකා සහ පොහොට්ටු ලාභින්ගෙන් පමණක් නොව මේ තත්ත්වය ඉදිරි කාලයක එජාපයට තමන්ට රිසි සේ හැසිරෙන්නට පූර්වාදර්ශයක් ලෙස ඉතුරු කළහොත් එජාපයෙන්ද ඒ දේ බලාපොරොත්තුවීම වැඩක් නැති බව පමණක් සියලු දෙනා සිහිතබා ගැනීම වැදගත්ය.
මේ වෙනුවෙන් දේශපාලනිකව ලාභයක් නැතිව හැසිරෙන ජවිපෙ රටට දෙන ආදර්ශය වැදගත්ය.එය වර්ථමානයේ එම තත්ත්වය නොතකා හැසිරෙන බහුතර ශ්‍රීලංකා සහ පොහොට්ටු ලාභින්ගෙන් පමණක් නොව මේ තත්ත්වය ඉදිරි කාලයක එජාපයට තමන්ට රිසි සේ හැසිරෙන්නට පූර්වාදර්ශයක් ලෙස ඉතුරු කළහොත් එජාපයෙන්ද ඒ දේ බලාපොරොත්තුවීම වැඩක් නැති බව පමණක් සියලු දෙනා සිහිතබා ගැනීම වැදගත්ය.
Subscribe to:
Posts (Atom)