Thursday, October 8, 2015

පුතාගෙ ටීචර් පාස්

නංගි  මේක කියවනවකො?

කොහෙන් හරි ලැබුණු ලොකු පිංතූර සහ පාට පාට ඉංග්‍රිසි හෝ සිංහල පත්තර කෑල්ලක් උස්සන් ඒන කාෙල්ල කෙල්ලට කියනවා.සමහර වෙලාවට දෙමළ.

ඒ්ව ගැඹුරු නැහැ.ඒ් නිසා කෙල්ල දන්නව ඩියුටිය කරන්න.ඒ් නිසාම අයිය ඉස්සරහ පොඩ්ඩක් අදිනවා.මෙලෝ වැඩක් නැතිව අෑණුම් අැර අැර හිටියත් ඒ් වලාවට වැඩක්.කොල්ල ඉතිං ඒ් කියන වැෙඩේ ඉවර වෙනකං කෙල්ල පස්සෙ.

ඔන්න ඊට පස්සෙ කෙල්ල ටීචර් වෙනවා.ඒ් රිදම් ඒක අල්ලන්නෙ නැති වුණහම කොල්ල ශබ්දයක් දානවා.තට්ටුවක් දානවා.ඊට පස්සෙ ඒ් තට්ටුව දාපු තැනට උම්මා ඒකක් දෙනකං කෙල්ල කියාදීම නවත්තනවා.කොල්ල බදාගෙන උම්මා දෙනවා.ටීචර් අායෙ ෂේප් වෙනවා.

හැබැයි ඒ් කොළ උස්සන් කවදාවත් අපි ළගට ඒන්නෙ නැහැ.ෙකෙල්ල ළගට තමයි උෟ යන්ෙනෙ.

කෙල්ල අතරමැද ප්‍රශ්න අහනවා.උෟ උත්තර දීලා සංතා්ෙශෙන් හිනා වෙනවා.නංගි අාඩම්බරයට පත් කිරීමත් කාෙල්ලෙගෙ මේ වැඩේ ඒක අරමුණක්.ෙමාෙකද අයියෙගෙ වැඩ ගැන නංගි ඔත්තු දුන්නට අයිය නංගිෙගෙ කිසි දෙයකට බනින්නවත් දෙන්නෙ නැහැ.

කෙල්ල පව්

ඒ් විරෝධයේ පළමු සංඥාව.සමහර විට ඊට වැඩි දේත් කරනවා.

ශිෂ්‍යත්වය දවසට පර පුතාට ඒයා ඉන්න වෘත්තීය පුහුණු අායතනයට යන්න නියම වෙලා තිබුණෙ.

කෙල්ල විභාගයට යනකං ඉන්න ඔ්නි.

ඒ් කොල්ල.

මට අයිය සුබ පතන්න ඔ්නි ඒදාට.ඒහෙම කළොත් මම පාස් වෙනවා.

ඒ් කෙල්ල

විභාගය ඉවර වුණු සැණින් කොල්ල යාළුවෙක්ගෙ වාහනයෙන් වතුරුගම ඒක්කං ගියා.

විභාගය දවසෙ උදේ යන්න ලැහැස්ති වෙලා ටීචර්, අයියට වැන්ද

නංගි හොදටම පාස් වෙන්න ඔ්නි.

අයිය නංගිව බදාගෙන ඉඹින ගමන් කිව්වා.

ඊට පස්සෙ අම්ම ඒක්ක විභාගය ඉවර වෙනකං පන්සලට වෙලා නංගි පාස් වෙන්න කියා කියා තියෙන හැම ගහටම වැන්ද,මාළිගාකන්ද පන්සල පිරිලා තිබුණා.දෙමව්පියන්ගෙන්.විශ්වාස නොකළට කාගෙවත් විශ්වාසවලට ගල් පෙරලන්නෙ මොටද?බිරිද සහ පුතත් ඒ් අය අතරෙ හිටියා.පුතා අනිත් අය කරන කරන දේ කළා.නංගි වෙනුවෙන්

ප්‍රතිපල අාවා.සමත් වූ බව උදේම කියන්න නංගිට අයියව මතක් වුණා.

අප්පට සිරි මරුනෙ.

182 කියන දේ කොච්චර වටිනවද කියලා කොල්ල දන්නෙ නැහැ.ඒ්ත් නංගිට ලාෙකුවට සතුටු වෙන්න පුළුවන් දෙයක් ලැබිලා.උට සතුටු වෙන්න අවශ්‍යය ඒපමණයි.ඒ් අතින් බැලුවම මේ අාදරය දෙන්න අතර තිබුණොත් හැමදාටම අපිට සතුටින් මැරෙන්න පුළුවන්.කාෙල්ලට වරදින්නෙ නැහැ කියලා.

හැබැයි ෙමේක හැදෙන්නෙ අපි නංගි ඉස්සරහ අයියට ඒ් අයිය කියන හැඟිමෙන් හිතලා වැඩ කරන්න මඟ පෙන්නන නිසා.අයිය වැඩිහිටියෙක් ඔහුට ගරු කළ යුතුයි මට වඩා උසස් කියන හැඟීම නංගි තුළ පොඩි කාලෙම රෝපනය වීම මේ සම්බන්ධය ශක්තිමත් වීමට හේතු වුණා.


Tuesday, September 15, 2015

සේයා මැකී යාම


දැන් කතාව සේයා ගැනය.සේයා ගොදුරු වන්නට ඇත්තේ කාගේ හෝ  සෙක්ස් ඇරියස් එකකට බව පැහැදිළිය.මේ ඇරියස් සීරියස් මට්ටමට වැඩෙන්නට අරින සිස්ටම් එක නොහෙල්ලා ඒක ඇතුලේ මොන දේ කළ ද එක එක විදිහට පිස නියඟලා කෑමට සමය.

සෙක්ස් කියන දේ එකම කාමරය ඇතුළේ දිනපතා නිදා ගන්නා අඹු සැමියන්ට හෝ සංතෘප්තිය දනවන අවස්ථා අපේ සමාජයේ බොහොමයක් දැකිය හැකිය.අනෙකාගේ සතුට ගැන නොසිතා තමන්ගේ වැඩේ කර ගෙන අනිත් පැත්ත හැරෙන පිරිමි බොහෝ අැති බව නොරහසකි.තවත් විටෙක ගැහැණු සිත් වැඩ කරන්නේ තමන්ගේ කායික ආශාවන් සිය සැමියාගෙන් ඉල්ලූ විට ඔහු වැරදියට තමන් දෙස බලාවිය යන හැඟීමෙන්ය.අවශ්‍යයතා වෙන්නෙ මේවා වූ විට ඒ වෙනුවෙන් කරන අධම ක්‍රියාවන් සිර කූඩුවක රඳවා,එල්ලුම් ගහේ එල්ලා හමාර කිරීමට උත්සාහ දැරීම යනු මිත්‍යාවක්ය.

මෙවැනි අවශ්‍යයතාවයන්ට විවර වූ මාර්කට් එකේ සේයාලා බලහත්කාරයෙන් ඝාතනය වීම යනු එක් සිඳුවීමක්ය.එහෙත් සේයාගේ වයසේම හෝ ඊට ආසන්න වයස්වල දැරිවියෝ ද මේ මාකට් එකේ හරඹ කරන බවට මගේ අත්දැකීම වසර 20 ක් ය.

ස්ථානය ගෝල්ෆේස් පිටිය වේ.මිතුරෙක් සංවිධානය කළ නාට්‍යයක් නිමා වී පැමිණ අපි මදුවිතෙන් සප්පායම් විමු.මිතුරා ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන.අද නීති වෘත්තියේ යෙදෙන ඔහු විපුල ප්‍රභාත් හෙට්ටිආරච්චිය.අද විටෙක ඔහු මට බන්ධනාගාරය තුළ දී හමුවන්නේ රැදවියන්ට උපදේශනය සඳහා පැමිණ සිටියදීය.තවත් මිතුරෙක් වූයේ එවකට දෙමටගොඩ දුම්රිය ස්ථානාධිපති වූ සමන් ය.මා ඔහුගේ සම්පූර්ණ නම සිහිකර ගැනීමට උත්සාහ දැරුවද මතකයට නොනඟින්නේය.

මත මදකින් රසට පෙරළමින් ගී පදවලට පැමිණෙමින් තිබිණ.ඔමාර් ඛයියාම්ට අනුව යමින් ළඳුන් උවමනා හැඟීමක් බවට පෙරලෙන බව දත්තෝ හොරගෙල් අහුලමින් එවකට  හොද තරුණ වයසේ සිටි අප වටා කැරකෙමින් ඉඟි-බිඟි දෙමින් සිටියහ.ඒ අතරින් බ්ලවුස් එකකින් සහ රෙද්දකින් සැරසි ගැහැණියක් ඉස්සර විය.මතයි තරුණකමයි සමඟ මේ වැඩේට උත්තර දුන්නේ අනවශ්‍යය බව හඟවමින් නොවිණ.

‘අපෝ ඔයාට වඩා තරුණ කෙනෙක් නැද්ද?

මිතුරෙක් ඉස්සර විය.තරුණ නම් නැහැ.ගොඩක් පොඩියි.ඕනිනම් දෙන්න පුළුවන්.හැබැයි කටේ විතරයි මහත්තයො.ඒකනම් නියමෙටම කරනවා.

ගැහැණිය රස වපුරමින් ඇස් නටවමින් කියාගෙන ගියේය.

කෝ කොහෙද ඉන්නෙ?

පළමුව සංවාදයට සම්බන්ධ වූ අය පෙරට පැන්නේය.

‘මේ ඉන්නේ‘

ඇය අතේ එල්ලී සිටි අවුරුදු පහක් හයක් පමණ වූ දැරිවිය අප දෙසට තල්ලු කළාය.

වෙරි හිදිණ.අපි නිරුත්තර විමු.නිහඩතාවය බිදිමින් දුම්රිය සේවකයා ඉස්සර විය.හයේ හතරේ දේහයකට ආසන්න සමන් ඒ ගැහැණිය වෙත කඩා පැන්න ආකාරයට අප නොනැවත්තුවේනම් අද මා වැලිකඩ උගන්නන නාට්‍යයට ඔහුවද සම්බන්ධ කර ගන්නට තිබිණ.දහයකට ආසන්න වූ අපේ රැල සමන්ගේ ඇඟේ එල්ලුනේ ගලිවර්ගේ ඇඟේ එල්ලෙන ලිලපුට්ටන් ලෙස ය.

ඇය වේගයෙන් අප වෙතින් ඉවතට ඇදිණ.‘යකෝ මේක මාර වැඩක්නෙ.මේකි කී දෙනෙක්ට සැප දීල ඇද්ද?මුන්ටනෙ අමාරුව.‘ ඒ ඈ ඉවතට ඇඳෙන අතරතුර කී කතාවය.

දැන ප්‍රශ්නයක් තව ඉතිරිව ඇත.ඒ ඈ කී  “කීදෙනා“ අතර  සේයාගේ ඝාතකයාට අමතරව තවත් අය සිටිය යුතුය.ඇතැම් විට ඒ එකෙක් දෙන්නෙක් උද්ඝෝෂකයන් අතර ද,වෙන වෙස් මුහුණකින් සිටිය හැකිය.

මා වෙස් මුහුණු කතාව කීවේ තවත් අත්දැකීමක් සමඟය.

වරක් මට ගුණසිංහපුර ලැඟුම්හල් සමඟ ලොකු සම්බන්ධයක් තිබිණ.ඔවුන් ඈෂ් හෝ ගංජ බිදක හෝ රස බලද්දී ඊට සම්බන්ධ නැති අරත්තුලෝලීන් සමඟ මා ද ගල් විදුරුවක් හෙමිහිට හෙමිහිට හිස් කරන්නේය.එවකට මාවතේ සිටින පුර අඟනන්ට මෙම ලැඟුම්හල් දොරටු විවර වන සේම ලැඟුම්හල්වලද එවන් සංචිතයක් තිබිණ.

මා ඔවුන්ගේ සමීප හිතවතෙක් වූ පසු එහි සිටින අඟනුන්ද සමීප විය.ඇතැමෙක් විටෙක මධුවිතෙන් සප්පායම් වී කම්මුල් මත හෝ දෙතොල් මත හාදුවක් තබා යන්නේ ප්‍රසිද්ධියේය.ඒ සමඟම හිතවත්කමට ජීවිතයේ සියල්ල මට කීමද ඔවුන්ට අමුත්තක් නොවිණ.

වරක් එහි පැමිණි අවුරුදු 18 ද නො‘ඉක්ම වූ ‘දීපිකා‘ දවසක් පැවසුවේ ඇයට දිනකට 40 ට වැඩි පිරිසක් සමඟ යහන් ගත වීමට වන බවය.එහෙත් හිතෙන් නොව කයින් කරන ඒ ගණු-දෙණුවේදී ඔවුන් පුරුෂයාගේ ධාතු විනාඩි ගණනක දී පිට කරවා ගන්නා හැටි හෝ,ගණු-දෙණුකරුව අතින් සනස්සවා එළියට දැමීමේ උපක්‍රම ඔවුන් දන්නා නිසා මේ 40 විහාල ගණනක් නොවන්නේය.

දීපිකා අතිශයින් රූමත් නිසා ඒ ඉල්ලුම ලැබෙනවා යැයි සිතූ විට ගණන 40 නම් පාරේ සිටින අයත් ඒ වෙනුවෙන්ම දිනකට රුපියල් 1500 ක පමණ එවකට ශුද්ධ ලාභයක් ලබන මට්ටමේ වූ ත්‍රී රෝද රියදුරන්ද ගත් විට,කොටුව,පිටකොටුව,මරදාන සහ ආමර් වීදීය ආශ්‍රිත ප්‍රදේශවලත් දිනකට ගැහැණුන් ප්‍රමාණය ඉක්මවා එක ගැහැණියකට පස් හය වතාව ලෙස ගත්තද යහන් ගත වෙන පිරිමි දහස් ගණනකි.එහෙත් මේ අය අතරින් සියයට අනූවක් පමණ ගණිකා වෘත්තීය නීතිගත කිරීම ගැන කතා කළ විට පෙළපාලියට එක් වන්නෝය.

ඒ ආකාරයෙන් බලද්දී මේ සමාජය ගැහැණිය සහ පිරිමියා අතර හෝ ලිංගික චර්යාවන් ඇසුරේ විවෘතව අදහස් හුවමාරු කර ගන්නට තරම් දියුණු නොවූ වට-පිටාවක් සහිත සමාජයකි.වැට කඩුලු එමටය.මේ සියල්ල සිදුවන්නේ ඒ වැට කඩුලු වලින් සිරවුණු පුංචි කොදෙව්වකය .මේ සිතුවිලි සිර කුටියෙන් පැන යන කය කොතැන නවතීද?කුමන දෙයක් කරාවිද යන්න සැකය.ඒ නිසා එක රැයකින් සේයා ඝාතකයා නිර්මාණය නොවූවා සේම,සේයා වැනි මල් කැකුළු අකලට පර කොට දමන්නන්ද එක් රැයකින් නැති කර දැමිය   නොහැකිය.

සේයා මකා දැමිය නොහැකිය.නමුත් සේයාවන් මතු නොවන්නට කළ හැකි දේ ඇත්තේය.සේයා ඝාතනය කළ එකෙකුගේ හෝ පිරිසගේ මානසිකත්වය මටනම් ඇය ගැන හඬමින් ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ අයට බෙහෙවින් සමාන බව ද කිව යුතුය.

Wednesday, September 9, 2015

බයි ටොයි ටියුන් එක


කාලයක සිට පිරිසක් බයියෝය.පිරිසක් ටොයියෝය.මේ බයි කතාවට පන දුන්නෙ හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී අය - වැය ඉදිරිපත් කර ඇසූ ‘කොහොමද බයියන්ගේ වැඩ කතාව‘ නිසාය.මේ කතාවෙන් ගම්‍ය වන්නට වූයේ මහින්දට බයි කතාවෙන් රිදෙන බවය.මහින්ද කියන ඕනෑම දෙයක් වැළදගන්නා පිරිස ඉන් අනතුරුව ස්ව කැමැත්තෙන් බයියෝ වූ අතර සෙස්සෝ (විශේෂයෙන් යූඇන්පී) ටොයියෝ වූහ.

මේ දෙපිරිසෙන් පැත්තකට මා ද මේ වෙන විටත් දමා ගෙන තිබෙන බව මම දනිමි.නමුත් කිසිවෙකුට මා එම වචනය යොදා නැත.සාමාන්‍ය ජනතාව බයියන් හෝ ටොයියන් නොවන අතර ඔවුන් සියල්ලම බයියන් කර ටොයියන් ලෙස වැජඹෙන්නේ මේ බෙදීම ඇති කරන පිරිසය.දැන් මේ කතාව පැහැදිළි කරමින් ටොයියන් එක පිළක් වී ඇත.මේ පිළ තුඝ සිටින ඇතැමුන් සම්බන්ධයෙන් ඉන් පිටත සිටින අපි නැවතත් බය - ටොයි වාදය මවා ගනිමින් ගැටුම් ඇති කරමින් සිටිමු.හිත පාර ගනිමින් සිටිමු.

මේ දේශපාලන සංස්කෘතිය හිරිකිත වන්නේ මේ බෙදීම් නිසාය.තමන්ට කැමති පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය තවෙකෙක්ට රුස්සන්නේ නැත.මේ නොරිස්සීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන්නට යාමෙන් තත්ත්වය තවත් භයානක වන්නේය.තවත් අයකුගේ දේශපාලනය ඉවසන්නට බැරි වීමම ප්‍රජාතන්ත්‍රවාදි නොවන්නේය.මේ බයි - ටොයි බේදය ඇති වීමේ සංස්කෘතික අවුල නිර්මාණය වීමේ තැනය.

දැන් මේ බේද භින්න වූ මතවාදීව හැප්පුණු අය හිත පිරිසිදු කර ගැනීමට පත් වී ඇති ඇමති මණ්ඩලයට බනින්නට පටන් ගෙන ඇත.එහිදි මතු කරන ප්‍රධාන තර්කයද පත් වූ එකා බයියෙක්ද ටොයියෙක්ද යන්න විමසා බැලිමය.මොකෙක් වුව ද උන් ඔක්කොම සිටින්නේ ඇමති මණ්ඩලයේ එකටය යන්න මෙහිදී අපි අමතක කරන්නෙමු.ඒ දැන කරන වරදක් විය හැකිය.නැතිනම් හිතන්නට අමාරු නිසා නොසිතා කරන අවලාද නැඟීමක් ද විය හැකිය.

මුල සිටම වගේ මේ බයි ටොයි චැනල් ටියුන් වන්නේ වැරදියටය.ඒවා පුද්ගල කේන්ද්‍රීයව කරන විවේචන බරපතලය.ඒ විවේචනයට ලක්වන අය සම්බන්ධයෙන් පෙනී සිටින අයට ඔහුව ආරක්ෂා කිරීමට අවශ්‍යය සාධක ලෙස මතු කරන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ සිටින ඊට වඩා නරක අයෙක්ය.නැතිනම් විවේචනයට පිළිතුරු එන්නට ගන්නේ තිත්ත භාෂාවෙන්ය.කවුරුත් වරද වැරදි හැටියට දකින්නේ නැත.ඒ වරදට ප්‍රති පිළේ වරදක් කපා සමාන කරන්නට යාමේදි වරක් විමල් වීරවංශට එකින් එක බෙදූ විට බිංදුව වූ ආකාරයේ උත්තර මැවෙන්නේය.ඇත්තටම එවැනි ක්‍රියාවල සමාජයට ලැබෙන ප්‍රතිපලයනම් බිංදුවමය.

මොන ඇමති ආවත් ඒ ඇමති රටට වැඩ කළ යුතුය.වැඩ නොකරන්නේනම් ඒ සදහ අවශ්‍යය ආකාරයට සිවිල් සමාජය සමග අවශ්‍යය ජනතා මැදිහත්වීමට පෙළ ගැසිය යුතුය.ඒ වෙනුවෙන් උන් එක පිළක් වූ ආකාරයට සාමාන්‍ය ජනතාව වන අප ද එක පිළක් විය යුතුය.බැනගත්තු,කියාගත්තු දේ වල හැටියට එක පිළක සිට එක අරමුණක් වෙනුවෙන් කතා කරන්නට පුංචි ලැජ්ජාවක් ඇති විය හැකිය.එසේත් නැතිනම් ඒ ඒ පිල් වෙනුවෙන් වෙහෙසීම නිසා ලැබුණු පඬුරු පාක්කුඩම් නිසා දිවවල් අඟුළු වැටී තිබෙන්නට ද පුළුවන.නමුත් මේ අඟුළු මහා ප්‍රශ්නයක් නොවන්නේය.ඇමතිවරු එක පිළක සිටින අයුරෙන් අපිටද එක පිළකට ඒමට හැකිය.

දැන් පුද්ගලයා සහ ඇමතිකම කොටස් දෙකකට බෙදා ගත යුතුය.ඔහු ඇමතිවරයා ලෙස කරන දේ කවරේද යන්න මිස පුද්ගලයා ලෙස කළ දේ සිතීම පසෙකට දැමිය යුතුය.ඇමති වගකීම දරන හැටි විමසා බැලීමට කාලයක් අවශ්‍යය වන්නේය.පාසල් අවධියේද දඟයන් හොඳ කිරීමට ශිෂ්‍ය නායක පදක්කම් පපුවේ ගසන අයුරු අප දැක ඇත.මහා අපරාධකාරයන් වැරදි තේරුම්ගෙන ජීවිතය හැඩගසාගෙන හොදින් ජීවත් වෙන්නට අවශ්‍යය වටපිටාව සකසා ගන්නට වෙර දරන අයුරු මා බන්ධනාගාරය තුළ දී දැක ඇත.

ඇමතිවරුන් ලෙස පත් වූ අය එවැනි පුනරුත්තාපනයක් ලබනු ඇතැයි මා විශ්වාස නොකරමි.නමුත් සෑහෙන දුරක් ඔවුන්ට හොද අතට වෙනස් වීමේ හැකියාව නැතැයි මම නොකියමි.ඒ නිසා බයි-ටොයි ටියුන් කිරීම අත හැර ඇමතිවරුන් රට සහ අපි වෙනුවෙන් ටියුන් කරවා ගැනිමට අපි එක පිළක සිට මීටරය කර කැවීමට උත්සාහ ගත යුතුව ඇත.අවශ්‍යය චැනල් එක හොදට ටියුන් නොවුණ ද බර බර ගෑවිල්ලේ හෝ ඇසිය හැකිනම් කවදාවත් අපි ටියුන් කරන වුන් අපිට උන්ගේ චැනල් එක අපේ ලෙස අසන්නට දීම හෝ වෙනස් කර ගැනීමට හැකිවනු ඇත.

තව දුරටත් අපි පිල් ලෙස නොව එක පිලක් ලෙස වැඩ කිරීමේ හැකියාව අත්හදා බලන්නේනම් අමාත්‍ය මණ්ඩලය එක පිලක් ලෙස එක අරමුණකට ගෙන ඒමට එය සාධනීය ක්‍රියාවලියක් වනු ඇති බව මගේ විශ්වාසය ය.

(පත් වූ ඇමති මණ්ඩලය නිවැරදිම හෝ නිවැරදි එකක් ලෙස අර්ථ ගැන්වීම උත්සාහය නොවන්නේය.අපි නිවැරදි අස්ථානයක සිට සමාජය නිවැරදි අවශ්‍යයතාවයන් වෙනුවෙන් සංවිධානය කළ හැකිද යන්න අත්හදා බැලීම වටිනා බව සිතන බැවින් මේ සටහන තැබුවෙමි.) 

Thursday, September 3, 2015

පිං පාට පවු

elephantබොහෝ පාප අප අත් විදින්නේ පිං පාට තවර ගෙන ය .ඒ නිසා ඒවා පිං හෙවත් පුණ්‍ය කර්ම ගණයට වැටෙයි. කැලණියෙන්,රත්නපුර සමන් දේවාලයෙන්, මහනුවර දළදා මාළිගාවෙන් නොනැවතී, ගමේ පන්සලක් පන්සලක් පාසා කඨිනයට ද පෙරහර කරන බෞද්ධ අන්ධ ශ්‍රද්ධාව ද මෙවැනි පිං තැවරූ පාපයකි.
තිරිසන් සතකු පිට උත්තරිතර ධාතූන් වැඩමමවීම ගෞරවයක් ලෙස සිතීම පසුගාමී හීනමාන සිතුවිලි ධාරාවක ප්‍රතිපලයක්ම විය යුතු ය. ධර්මය අවබෝධ කර ගැනීම මිනිසකු වූ පමණින් කළ නොහැකි ඒ සඳහා වූ විශාල බුද්ධියක් ද පැවතිය යුතු වේ.
ඉහත වන්නේ එහි රළු කියවීම ය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු ඇතැම් බෞද්ධයන් ශ්‍රද්ධාව පෙරදැරි කර ගෙන දුවන කල ඔවුන්ට නොපෙනෙන්නේ එම ශ්‍රද්ධාවට යටන් දිවෙන මහා ඛේදණියත්වය ම ය.
දෙවන කියමන බෞද්ධ යැයි ලේබල් නොකළ මනුස්සකමට අදාළ සංවේදීතාව අවදි කරන ඡායාරූප පෙළකින් ගෙන හැර පාන්නට අපි තීරණය කළෙමු.
ඔබ පෙරහරේ කරඬුව වඩම්මන හස්ති රාජයාගේ තේජස, ඇඳුම පැළදුම මෙන්ම එසේ ගමන් කරන අලි ඇතුන්ගේ රංගන, ශ්‍රද්ධාව සහ බාහිර ආයිත්තම්වල ඔපය කතා කිරීමෙන් ඔබ්බට මේ ගැන නොසිතන්නට ඇත. මේ පිං කාර අලි ඇත්තු ඔබේ පිං සිත අවදි කරවන්නට මේ මොහොත එන තෙක් විඳින වද බන්ධන මේ සමඟ වන ඡායාරූපයන්හි සටහන් වී ඇත.
ඔබ බොහෝ භක්තියෙන් පිං පතා සාදු කාර දෙන්නේ,මේ සතුන්ගේ වේදනාව මතින් සසර කෙළවර අමා මහ නිවන් සුව ලබා ගන්නට ය. පිංකාර, වේදනාවකින් තොර සුගතියම අත්පත් කර ගණු පිණිස ය.
කෙනකුගේ වේදනාවෙන් සංතෘප්තිය සෙවීම සැබෑ බෞද්ධකමට අදාළ යයි ඔබ සිතන්නේ නම්, ඔබ විශ්වාස කරන බෞද්ධ හැදියාව, සාර ධර්ම ඒ දර්ශනය තුළ තිබේනම් ඔබට මරණින් මතු අමා මහ නිවනේ දොර විවර කර ගැනීමේ සොදුරු මොහොත ඉක්මනින් උදාවෙනු සැක නැත.
එසේ නොවන්නේනම්;
කෙනකුගේ අතිශය වේදනාකාරි අත්දැකීමකින් මහත් වූ සුව ඇති නිර්වාණය පතා ආශ්වාදයක ගිලුණු බව දැනීමෙන් ඔබේ සිත සුවපත් නොවනු නිසැක ය. පෙරහරේ අලියා ඔබේ බෞද්ධ චින්තනයේ යථාර්ථය රැක ගැනීම පිණිස ඒ ගමන් මඟින් ඉවත් කළ යුතු නොවේද? මේ වේදනාකාරි ඉවසීම සමඟ ඔවුන් වෙතින් වින්දනයක් අපේක්ෂා කිරීම බෞද්ධකම ද?
අලුතින් සිතමු!අහිංසකයකු ගේ වේදනාවේ එල්ලි නිර්වාණයට යාම ගමරාළ අලි නැට්ටේ එල්ලි ගොස් පෙන් වූ දිව්‍ය ලෝකයේ සුඛ විහරණ තරම්ම හාස්‍යයට සහ උපහාසයට කරුණක් ම නොවන්නේ ද?.
නිශ්මං
nismansinghe@gmail.com
ඡායාරූප – සේව් ද එළිෆන්ට්
10626596_457030281149759_1271249720991055202_n
10985442_457030667816387_5349553274938499544_n
11013636_457030631149724_6314051076657208888_n 
11218875_457030637816390_4229736042462058931_n 
11220909_457030594483061_3812102598300590902_n

11895950_457030314483089_5248141605694392121_n

11913230_457030317816422_2999299635771956275_n

11937935_457030271149760_5534309954239278932_n

11947483_457030277816426_6257431390246512624_n

11949447_457030627816391_7410314083311644224_n

11951397_457030607816393_5834979005360044233_n

11953208_457030507816403_8001109660064064804_n

11953208_457030507816403_8001109660064064804_n

http://thecolombopost.net/?p=190430

විපක්ෂයේ සම්බන්ධතා සම්බන්ධ කිරීමේ වගකීම පැවරුණු සම්බන්ධන්



රාජවරෝදියම් සම්බන්දන් අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ය.1933 පෙබරවාරි 5 දා උපත ලැබූ සම්බන්ධන් උතුරේ දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලකුණ හැටියට හැදින්විය හැකිය.

ආයුධ සන්නද්ධ අරගලයක නියැලෙමින් ඒලටීටීඊ සටන්කාමීන් සිය අයිතීන් පිළිබදව කතා කරද්දි වරෙක ඒ වෙඩි උණ්ඩවල සාහසිකත්වය හමුවේ සැඟවෙමින්ද,යුද්ධයෙන් මෙපිට ඔවුන්ගේ සැබෑ ගැටළු වල හඩ වෙමින්ද 1977 සිට මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ රැඳුණු සම්බන්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි. 

ලංකාවේ සංවර්ධන ව්‍යාපාර අතර අදත් ඉහළින් ඇගයෙන ගල් ඔය ව්‍යාපාරයේ අධිකාරිවරයෙක් වූ ඒ.රාජවරෝදම් සම්බන්ධන මහතාගේ පියා ය.ඔහුගේ ඥාතීන් වන එස්.සිවපාලන සහ එන්.ආර්.රාජවරෝදම් ද පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයෝය.

දකුණ සමඟ ඔහුගේ සම්බන්ධතාවයන් ගො නැඟෙන්නේ ශිෂ්‍ය අවධියේමය.ශාන්ත ප්‍රැට්ට්‍රික් විද්‍යාලය - යාපනය,ශාන්ත ජෝෂප් විද්‍යාලය - ත්‍රීකුණාමලය මෙන්ම ඔහු අධ්‍යාපනය ලැබූ විද්‍යස්ථාන අතරට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යලයේත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් එක් වන්නේය.

සංජීවන් සහ සෙන්තුරන් යන පුතුන් දෙදෙනාට ද,ක්‍රිෂාන්තිනී දියණියටද ආදරණිය පියෙකු ලෙස වගකීමෙන් බැදෙන සම්බන්ධන් මහතාගේ ආදරණිය ප්‍රියංමිබිකාව වන්නේ ලීලාවතීදේවී ය.

සම්බන්ධන් මහතා වෘත්තියෙන් නීතිඥයෙක් වන අතර ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වන්නේ 1956 දී ය.එවකට 22 වන වියේ පසු වූ සම්බන්ධන මහතා පළමුවරට 1977 දි ත්‍රිකුණාමලය අසුන ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත් වෙන විට 44 හැවිරිදි වියේ පසු විය.1977 න් පසු පැවති 1989 මහ මැතිවරණය හැර සෑම මැතිවරණයකදීම ඔහුට ජනතාවගේ කැමැත්ත ඉහළින්ම හිමි විය.89 දී පමණක් ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමට නොහැකි විය.

උතුරුකරයේ පීඩනයට සිමිත දේශපාලන අරගලයක නියැලි සම්බන්ධන් වර්ථමාන පාර්ලිමේන්තු ව්‍යහුය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකඟතාවයකින් ආණ්ඩුව ලෙස ජාතික ආණ්ඩු සංකල්පයට අවනතව කටයුතු කරන තත්ත්වයක් තුළ විපක්ෂ නායක ධූරයට වඩාත් සුදුස්සා විය.දේශපාලනික අර්ථයකින් සිඳු නොවුණු ඔහුගේ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවිලියට උරදුන් ගේ හදවත අභ්‍යන්තරයේ මතුවෙමින් ආවේ බොහෝ විට ජාතිවාදි කුහකත්වය විය.එසේත් නොවේනම් ස්බන්ධන් ජාතිවාදි ස්ථාවරයක පිහිටා කටයුතු කරයි යන සැකයය.

මේ ආකාරයෙන් බලන විට සම්බන්ධන් ඉදිරියේ සිය දේශපාලන පෞරෂ්‍යය සම්බන්ධයෙන් ඔප්පු කර පෙන්වීමට කරුණු දෙකක් ඇත.ජාතික දේශපාලනයෙන් උතුර වෙන් කර නොගෙන සමස්ත දේශය වෙනුවෙන් දේශපාලනික අර්ථයකින් පෙනි සිටීමට සහක්‍රියා කිරීමට ඇති පරිනත බව ඔහු පෙන්වා දිය යුතුය.ජාතියකට ප්‍රෙද්ශයකට සීමා නොවී දේශයටම බලපාන පරිදි ඔහුට හිමි වූ නායකත්වයේ වගකීම ප්‍රෙද්ශියත්වයට සිමා නොකරන මැදිහත්වීමක නියැලිය යුතුය.

සම්බන්ධන් උතුරට අයිති දේශපාලනඥයෙක් ලෙස සිතන බහුතර ජනතා මතය වෙනස් කිරීමටනම් සම්බන්ධන් උතුර ගැන පමණක් නොසිතන දේශපාලනඥයෙකු විය යුතුය.එබැවින් ඉදිරියේ දී  විපක්ෂනායක ධූරයේ වැඩිම අභියෝගය ඇත්තේ සම්බන්ධන්ටය.රට ඉදිරියේ උතුරටත් දකුණටත් බලපාන යහපාලනය ගෙන ඒමේ පොරොන්දුව රජය සතුය.ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරවීම විපක්ෂය සතුය.සම්බන්ධන්ට පැවරුණේ ඒ ක්‍රියාවලියට නායකත්වය දීමේ වගකීමය.

රටේ සමස්ත දේශපාලන ව්‍යහුයමය වශයෙන් වෙනසකට ලක් කිරීමට ජනවාරි 8 ව දා ඇති වූ වෙනස්කම ස්ථාපිත කිරීම සඳහා කොන්දේසි විරහිතව උතුරේ ජනතා මතය දිනා දීමට කටයුතු කළ සම්බන්ධන් මහතා ඒ පත් වූ ආණ්ඩුවෙන් වරදාන කිසිවක් නොපැතීය.හුදු විපක්ෂ මන්ත්‍රි ධූරය පමණක් දරමින් කටයුතු කිරීමට තරම් ඔහු ප්‍රතිපත්තිගරුක විය.

ලෝකයට ජාතියක් ලෙස නොව රටක් ලෙස සිතීමට හැකි දේශපාලන දැක්මකින් මේ රටේ ව්‍යවස්ථාදායක සභාව පොහොසත් බවට ලෝකය පේන චිත්‍රයේ කැපි පෙණෙනම රේඛාව සම්බන්ධන්ය.ඒ රේඛාවට ලැබි ඇති වර්ණය වියැලෙන්නට,මැකෙන්නට නොදී රැක ගනිමින් මේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරන යහපාලනයක් මත ආණ්ඩුව රඳවා තබන්නට සම්බන්ධන්ට සහ ඔහුගේ නායකත්වයට ශක්තිය ලැබේවා යන්න ‘ද කළම්ඹු පෝස්ට් පැතුමය.

Friday, July 31, 2015

අපේ උරුමය?

මේ මැතිවරණ සමයයි.පොරොන්දු වැසිවලට තෙමී හුස්ම ගන්නත් අමාරුය.ඒ තරමට පොරොන්දුය.මේ පොරොන්දු සෑම එකකම පාහේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ රටේ කෘෂි ආර්ථිකය සම්බන්ධයෙන්ය.ඒ අපිට ලොවට බත සැපයූ රටක් හැටියට ඇති දීර්ඝ ඉතිහාසය නිසාවෙන්ය.

අපට බත සපයන රජ පරපුර (මඩ සෝදා ගත් ගොවියා එබඳු බව නිතර ඇසෙන්නේය) තවමත් සිය කෙත පෝෂණය කරන්නේ විශාල වශයෙන් පුරාණ රජ දවස තැණනු වාරි කර්මාන්ත හරහා ය. අලුතින් තැණුනු දේ කාලයට සාපේක්ෂව ගත් විට නොතැණුනු ගාණය.

බොහෝ අය රජ දවස තැණුන වැව් පිළිබදව කතා කරන විට එය විශ්මයක් කොට තකන්නේය.වැව් පමණක් නොව බොහෝ ඉදිකිරීම එබඳුය.නමුත් දන්නා තරමින් මේ පුරාණ ඉදිකිරීම් තාක්ෂණය මේ රටේ වෘත්තීය ඉංජිනේරු තක්ෂනය උගන්වන ආයතනවලට විෂයක් වී නැත.(එය වැරදිනම් රසික වැනි අයෙක්ට හෝ මේ විෂය ගැන හොදින් දන්නා අයෙක්ට නිවැරදි කරන්නත් විග්‍රහ කරන්නත් පූර්ණ අවසරය ඇත.

මා කියන දේ නිවැරදිනම් ඒ උරුමය ඔස්සේ දැන්වත් දිගු හැදෑරිමකට යායුතු බව මට හැඟෙන්නේය.ඒ ඒ කාලයට සාපේක්ෂව නැවත ඉදි කිරීමට නොව.ඒ තාක්ෂනය පදනම් කර ගනිමින් අලුත් යමක් සොයා ගැනීම පිණිසය.නමුත් අතීත කාමය වළදමින් ඒවා ‘මාර දේවල්‘ හැටියට පෙන්වා දෙන්න උත්සාහ කරනවා විනා මේ තාක්ෂනය නවීනත්වයට රැගෙන ඒමට අපි උත්සාහ නොකරන්නෙමු.

පුරාණ උරුමයන් ගැන තෘප්තියක් ලබනු විනා,ආඩම්බරෙන් කතා කරනු විනා ඒවා අලුත් කොට භාවිතයට ගන්නා ක්‍රමවේද සෙවීම හෝ ඒ අරමුණෙන් හදාරනු හෝ පරීක්ෂන කිරීමක් අප දකින්නේ නැත.

ඊට හේතුව කුමක් විය හැකිද?

පුරාණ රද දරුවන් රටේ ඒඛීයත්වය වෙනුවෙන් සටන් කළෝය.එහෙත් ඒ බර රටේ ජනතාවගේ බඩට හෝ හිතට නොදැනෙන්නට ආර්ථිකය කළමණාකරනය කර ඇත.මේ සියළු ඉදිකිරීම් අපට දෙන පණිවිඩය එබඳු යැයි මට හැඟේ.නමුත් එයින් සුළු ප්‍රතිශතයක් ඉටු කරන පිරිස් තාප්පවල දුටුගැමුණුලා වෙති.පරාක්‍රමබාහුලා වෙති.ඒ අපේ හදවත් තුළ තවමත් වත්මන් දේශපාලනඥයාට අයිති කර ගන්න බැරි කොටසක් ඒ රජදරුවෝ දරන බැවිනි.

දුටුගැමුණුලා විරයෝ කර ගන්නා අය දුටුගැමුණුගේ හොදම දකිති.ඔහුව සම්පූර්ණයෙන් හදාරන්නට විවෘත නැති අධයාපනික දේශපාලන පසුබිමක තත්ත්වය එබදුය.ඒ විවෘත හැදෑරිමකට ඉඩ නොතබා වීරත්වය පමණක් එලියට දමා හදාරන්නට සළස්වන හේතුව ඊට ආදේශ වන්නට වර්ථමාන චරිතවලට ලැබෙන ඉඩ ප්‍රස්ථාව සුරැක ගැනීමය.

ඒ කුණු වි ඕජස් ගලන අපේ දේශපාලනයේ මෙන්ම ඒවා වටා රොක් වී ආවඩන සියල්ලන්ගේ උරුමයය.අරුමය එය උරුමයක් ලෙස පවත්වා ගෙන යනු විනා මේ සටහනට පාදක වූ අපේ ඉතිහාසයේ ඉදිකිරීම් තාක්ෂණය තවමත් විෂයක් ලෙස හදාරන්නට අවධානය යොමු කර නොතීබීමය.ඒ නිසා ඒ උරුමය වචනවල රහට සීමා වුණු හදවතට රහ දැනෙන දෙයක් වී නැත.

මහා සාගර බඳු ජල කදවල් කළමණාකරනය කර රටේ කෘෂි ආර්ථිකය ලෝකයට බත් දෙන රටක් බවට පත් කළ අපේ උරුමය හදාරන්නට එය වෙනම විෂයක් ලෙස අපේ අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය.ඒ සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අඩුම තරමේ අපේ රටේ ඉංජිනේරු පීඨවල හෝ ස්ථාපිත විය යුතුය.අද අපි සිටින්නේ නියඟයෙන් බැට කන විට ඒ මහා සාගර බඳු වැව් පේන මානයේ ගම්වලට වතුර එකතු කරන්නට කොළඹින් ප්ලාස්ටික් සහ රබර් බැරල් උස්සන් යන තත්ත්වයකය.මේ බර දරන්නට වන්නේ එදා සිට මේ දක්වා එන ගමණ තුළ අපි විසින් අතහැර දමන ලද අපේ මාවත පිළිබද පියෙන් පිය අපට දැණුමක් නොමැති නිසා විය යුතුය.

බ්ලොග් අඩවි මෙන්ම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි ද මේ රටේ තීරණාත්මක සාධකයක් වන තරමට වැඩී තිබෙන බව මම විශ්වාස කරමි.ඒ නිසාම මේ කරුණ පිළිබදව සංවාදයක් ගොඩ නඟන්නට මේ විෂයානුබද්ධ දැණුම ඇති අය ප්‍රමුඛතාවය ගන්නේනම් එය ඉතාමත් වැදගත් දෙයක් වනු ඇත........

Monday, June 8, 2015

නිමාලි! තව හයියෙන් දුවමු!

http://thecolombopost.net/?p=140553
ඉහත ලින්ක් එක එක්ක මගේ මුහුණු පොතේ තිබුණු මේ සටහන වෙබ් එකට දාන්න යෝජනා වුණා.ඊට පස්සෙ මම යෝජනා කරලා ස්ථිර කරලා මගේ බ්ලොග් එකට දාන්න තීරණය කළා.

Nimaliනිමාලි අද දවසම කතා වෙන මාතෘකාවක්.ඒ රටක් වටින කෙල්ලෙක් විදිහට.මීට අවුරුදු හය හතකට උඩදි මේ හැකියාවන් ඔක්කොම තියා ගෙන මේ කෙල්ල පිට්ටනියෙන් හැංගෙන්න හැදුවා.ඒවට නොයෙකුත් මානවීය තර්ක ගෙනාවා. සූරියවැව ඉදන් උදේ බස් එකේ කොළඹ ඇවිත් සුගතදාසෙ පෙර පුහුණු ට්‍රැක් එකේ නිදාගෙන විවේක අරගෙන තරග කරලා දිනලා ආපහු සූරියවැව යනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. කොච්චර දිනුවත් ජීවිතයට එකතු වෙන පහසුකමක් නැහැ. ගෙදර මිනිස්සු අමාරුවෙන් හම්බකරලා දෙන තුට්ටු දෙක බස්වලට පුදනවට වැඩිය දෙයක් වෙන්නෙ නැහැ. එකා එකා පහු කරලා දිණුම් කණුවට එන එක ඇරෙන්න ජීවිතයට එකතු වෙන දිණුමක් නැහැ. මේ සිතුවිල්ල එක පාරට එළියට දාන්නෙ නැතුව අතිශයින් මානුශික හේතු ඉදිරිපත් කරන නිමාලි ගැන පළමු අකුරු ටික පත්තරේට ලියපු දවසෙ ඉදල මං ගැන පුංචි ගෞරවයකට ආසන්න දෙයක් තිබුණා. ඒ සටහන මං ලිව්වෙ රාවයට.දුර දිවීම කෙට් කලක් ද වගෙ එකක් මම දාලා දුන්නම වෙඩ්ඩා ඒක වෙනස් කළා.
නිමාලි දුවන්නීය…කෙතරම් දුරක්ද? මට මතක එහෙමයි.එදා නිමාලිට දුවන්න උදව් කරන්න කට්ටිය ආවා. වැවේගම ස්කෝලේ විදුහල්පතිතුමා ඒ උදව් කරන්න එන අය ගැන කිව්වෙ මෙහෙම. මගෙ පුතත් ඇක්සිඩන්ට් වෙලා ඉන්නෙ.වෙන කවුරුත් මේක භාර ගන්න ගුරුවරයෙකුත් ස්කෝලෙ නැහැ.ඔබතුමා මේ ලැබෙන දේවල් එකතු කරන වැඩේ භාර ගන්නකො.
ඒත් එක් භාර ගන්න මට අකමැති වෙන්න සිද්ධ වුණා.මට කළමනාකරණයෙන් පුළුවන් වේදිකා පරිපාලනය විතරයි.
ඒත් ප්‍රශ්න උඩින් පැන පැන නිමාලි දිව්වා. වාර්තා තිබ්බා. දිනුවා. ඒත් වෙනසක් නැහැ. නිමාලිට දුවන්න බය හිතෙන පාරභෞතික දේවල් එන්න ගන්නෙ එතන ඉඳලා.
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ලාල් ඒකනායක වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ වර්ථමාන ගෘප් කපිතාන් දීපාල් මුණසිංහ,පුහුණුකරු සුජිත් අබේසේකර සහ මං මේ වැඩේ අභියෝගයක් විදිහට භාර ගන්නවා.
නිමාලි ඒ අනුව ගුවන් හමුදාවට සම්බන්ධ වෙනවා. මීටර් 3000 බාධක දිවීම ශ්‍රී ලංකා වාර්තාව දුවන දුවන තරගෙදි නිමාලි අතින් අලුත් වෙනවා. මේ අතර නිමාලි ගත කළ කටුක කර්කශම ජීවිතය එක්ක බැඳුණු දේවල් නිමාලි පස්සෙන් හඹා එන්න වෙනවා. ජාතික තරගවලට දුවලා ගෙදර සල්ලි ඉවර කරනවට වැඩිය සූරියවැව වටේ තියෙන අවුරුදු උත්සවවලට දුවන එකයි ඇතැම් වෙලාවට බයිසිකල් රේස් පදින එකයි අතට මොනව හරි දෙයක් ලැබෙන දෙයක් නිසා නිමාලි කෑමක් බිමක් විවේකයක් හිතන්නෙ නැතිව ඒ තරගවලට සහභාගි වෙච්චි ඉතිහාසයක් තිබුණා. ඒ වැරදි පස්සෙන් ඇවිත් නිමාලිගේ උදරයෙන් අල්ලා ගන්නවා.ඇය දුවන හැම වෙලේම වගේ වේදනාවෙන් ඇද වැටෙන්න ගන්නවා.
‘නිමාලි ඉවරයි‘
එහෙම හිතපු අය හිටියා.ඒත් මේ වෙන කොට නිමාලිට දිරිය දෙන්න ඉස්සර තරම් අපිට මහන්සි වෙන්න ඕන කමක් තිබුණෙ නැහැ.
මං ආයෙ දුවනවා නිශ්මං අයියෙ
අපි භාගෙට හිත හදන්න වටින් එබෙන කොට කෙල්ල බොහොම තිර සාරෙට එහෙම කියනවා.
පළවෙනි පඩිය අතට අරං නිමාලි මට කතා කළ හැටි මට තවමත් මතකයි. මාස් දෙක තුනක පඩි දිමනා එකට එකතු වෙලා රුපියල් හැත්තෑපන් දහසක්.
මට නිශ්මං අයියට මොනව හරි අරං දෙන්න ඕනි.
සමහර ක්‍රීඩිකාවො දක්ෂතා අධ්‍යාපනය මත ඉහළ තනතුරු සඳහා යොමු කළ යුතුය කියන තැන ඉදල මං රැකියාවට යොමු කරල ඒව සාර්ථක වුණහම ආයතනයෙන් කතා කරලා කිව්වත් ඒ අය තවම කියලා නැහැ.ඒ අතින් නිමාලි සෑහෙන්න වෙනස්.
මට ඔක්කොම සල්ලි ටික ඕනි.
මං මේ පැත්තෙන් දුරකතනයට උත්තර දෙනවා.
ඇත්තටමද? කමක් නැහැ. මට ආයෙ පඩි ලැබෙනවනෙ. නිශ්මං අයියට දෙන්නම්.
ඇස් ඉක්මනට තෙත් වෙන අසනීපය නිසා මං ඒ වචනත් එක්ක ටික වෙලාවක් ගොළු වුණා.
‘නෑ මට සල්ලි එපා.හැබැයි මේ සල්ලිවලින් උඹ මම කියන දේ කරන්න ඕනි.‘
මගෙ වචනවලට කෙල්ල එහා පැත්තෙන් දුන්නු උත්තරේ තමයි ‘අනිවා‘
ඊට පස්සෙ පුහුණුකරු සුජිත් අබේසේකරගෙ උපදෙසුත් අරගෙන නිමාලි සාමාන්‍ය පෙළ අත හැරුණු කඩඉම ජයගන්න වෙහෙසෙනවා. දුවනවා, ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි, සූරියවැව ප්‍රදේශයේ සුජිත් ළඟ දුවන්න එන නිමාලිටත් වඩා අසරණ දරුවො තරගවලට සහභාගි කරවන්න කොළඹ එක්ක ඒමේ වියදම් දරන්නත් නිමාලි භාර ගන්නවා.
හුඟක් දුක් විදලා තැනෙකට ආවම,ආවාට පස්සෙ ඒ පංතියට ගරහන්නෙ උංමයි.
මං වගේම යාළුවො කිහිප දෙනෙකුත් කිහිප අවස්ථාවක ඒ ගැන කතා කරලා තියෙනවා. නැති කාලෙ අසාධාරණ විදිහට තමන්ට අහිමි වෙන දේවල් දිනා දෙන්න සටන් කරපු අය ඉස්සරහම තමන් තැනෙකට ආවාම තමන්ට අයිති නැති දේත්, සාක්කුවෙ ඔබා ගෙන යන්න තරම් පහත් තැන් වලට වැටෙන මානසිකත්වයක් තියෙන මිනිස්සු අතර නිමාලි උසස් වෙන්නෙ මේ තැන්වලින්.
නිමාලි ක්‍රමයෙන් සනීප වෙනවා. සාමාන්‍ය පෙළ සමත් වෙනවා. දැන් ඇය උසස් පෙළ ලියන්නත් උත්සාහ කරනවා. ජාත්‍යන්තර තරග කාල සටහන එක්ක ඒවා පොඩ්ඩක් සසැලෙනවා.
යළි එන නිමාලි පෙරට වඩා ශක්තිමත් කියලයි මං කියන්නෙ. පුළුවන් වෙයිද කියලා අහලා කෙඳිරි ගෑමත් සනීප වෙලා. මං දිනනවා,මට පුළුවන් කියලා හැම දේකටම ඉදිරියට එන ගතියක් අලුත් නිමාලි තුළ තියෙනවා.
ඇය යළි ආවට පස්සෙ දැන් වසර දෙකක් තිස්සෙ තරගකාරි ඉසව්වලදි මිටර් 800 පැරදිලා නැහැ.ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියත් දිනුවා.දැන් ඇයගේ බලාපොරොත්තුව මීටර් 800 ඔලිම්පික් පරිසාධනය.
මට හොද රේස් ටිකක් එනවනම් ඔලිම්පික් මෙඩල් එකක් වුණත් බැරි වෙන එකක් නැහැ.
නිමාලි කියන්නෙ බොහොම විශ්වාසයෙන්.
ඒක විශ්වාස කරන්න හේතු…
නිමාලි මීටර් 5000 සිට ජාතික තලයේ ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩිකාවක්.දර ගැනීම ඉහළයි.අද මීටර් 800 අංක එක.ඒ වගේම මීටර් 400 අංක දෙක.වේගයත් සතුටුදායකයි.
හොද ස්පීඩ් ට්‍රැක්වල වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවො එක්කත් රේස් එක බැලැන්ස් කර ගන්න අත්දැකිම් ඕනි.
මේ නිමාලි ගේ උවමනාව…
ඒ උවමනාව ඉටුවන්නේනම් නිමාලි තව දුරටත් දුවන්නීය.එය ලෝකයේ තැන තැන ජය සංඛේත ප්‍රදානයන්හි දි ශ්‍රී ලංකා ධජය ඉහළ යන ජයග්‍රාහී ධාවනයක් වනු සැක නැත.
නිශ්මං අයියෙ බඩගිනියි.
කලෙකට පෙර ජයග්‍රහණයෙන් අනතුරුව මා ළඟ දැවටෙමින් ඇය කියන විට රන්ජන් අයියා (රන්ජන් පරණවිතාන) කී දේ මට මතක ය.
‘මේ වගෙ අත්දැකීම් ලංකාවෙ පත්තරකාරයන්ට අඩුයි නිශ්මං.අතේ සල්ලි තියෙනවද?‍‘
මට මගේ පත්තර ජිවිතයෙ මගේ භාවිතාවන්ට ආශිර්වාද කරන්න ලැබුණු ක්‍රීඩා සංස්කාරකවරුන් දෙදෙනාම මගේ ලිවීමට මෙන්ම භාවිතාවන්ට ද උපකාර කළ අය ය. ඒ මංජුල වෙඩිවර්ධන මෙන්ම රන්ජන් පරණවිතාන ය.
පෑනෙන් පිට කරන තින්ත ටිකට වඩා දෙයක් මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් මාධ්‍යවේදියකු අතින් සිදු විය යුතු බව මම විශ්වාස කළෙමි. ඒ කිසිවිටෙක ලැබෙන ලාභයක් නිසා නොව රටට ලැබෙන දේ ගැන සිතා සතුටුවන්නට ලැබෙන හැඟීමේ බරට පුරවැසියෙක් ලෙස මම ආදරය කරන බැවිනි.
95029_wkla-nimali-2

‘නිශ්මං අයියගෙ නම කියන්න එපා කිව්වා.‘
මාධ්‍යයක වැඩ සටහනකට සහභාගි වී පැමිණි ක්‍රීඩිකාවක් ඇස්වල කඳුළු පුරවාගෙන පැමිණ කීවාය.
ඒ ඇයි?
ඒ අයගෙ මීඩියා එක ගැන විතරක් කියන්න කිව්වා.
ඒ සමහර මාධ්‍යවල ස්වභාවය මිස මාධ්‍යකරුවාගේ ස්වභාවය නොවන බව මම ඇයට කීවෙමි.මිනිස්සු සහ මනුස්සකම් යට කර තිබෙන මාධ්‍ය අයිතිකරුවන්ගේ යාන්ත්‍රණය එලෙසය.
නිමාලිටත් ඒ වචනම ඇසෙන්නට පුළුවන.
කොච්චර වේගයෙන් දිව්වත් ඒ ක්‍රම සහ විධි පසු කරන්නට නොහැකි බව අප තේරුම් ගත යුතුය.
ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර ලියා පළ කර අත සෝදා ගන්නට අපහසුය.මෙවර ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ජයග්‍රාහකයන්ට සුගතදාස ධාවන පථයේ තරග සහ පුහුණුවීම් සඳහා පැමිණි විට නවාතැන් සහ ආහාර නොමිළේ ලබා දෙන්නට එහි සභාපතිවරයා එකඟ කරවා ගැනීමට හැකි වූයේ පෞද්ගලිකය ඔහුව හමු වි කරන ලද කරුණු පෙන්වා දීමකින් අනතුරුවය.එසේම මා ඉදිරිපිටම එහි රන් පදක්කම්ලාභිණිය යමානි දුලාංජලී ගේ නිවස ද එතුමාගේ මැදිහත්වීම සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදි වෙන්නට නියමිතව ඇත.ක්‍රීඩා අමාත්‍යවරයාටම ප්‍රසිද්ධියේ කළ ඉල්ලීමකට අනුව ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසි ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සමු ගන්නා විටඒ සමුගැනීම පැවත්වීමේ ඉඩකඩ සුගතදාස බිමේ නොමිලේ ලබා දෙන්නට අමාත්‍යවරයා හකග කර ගැනීමට හැකි විය.
මේ අද ගැනය. නිමාලි ගැන හෙටටත්,අදටත් වඩා හෙට වෙනුවෙන් කළ යුතු දේ බොහෝමය.ඒ සියල්ල මගේ රට ගැන ලෝකය ඉදිරියේ ආඩම්බරයෙන් කතා කරන්නට හේතු සාධක සපයනවා නිසැකය.
නිශ්මං අයියෙ මං දිනුම්!
ඇයගේ හඩ මගේ දුරකතනය ඔස්සේ ඇසෙන විට මගේ පපුව බර වී හුස්ම ගන්නට නොහැකි අයුරෙන් හිර වෙන හැටි විඳින්නට.පාලනය කර ගත නොහැකිව ඇස්විල උතුරා යන හැටි දැනෙන්ට මම ආශාවෙන් බලා සිටිමි.
ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියක් මෑත කාලයේ ලංකාවෙ පැවත්වෙන මොහොතක නිමාලි ජය ගනිද්දී මම සීඑස්එන් නාලිකාවේ සජීවී විකාශයේ නිවේදක කටයුතු කරමින් සිටියෙමි. මීටර් 800 ජයග්‍රාහකයා නිමාලි ය .මම වචන සිරවී අර හැඟිම ම විද ගතිමි. විශේෂඥ විස්තර විචාරකයා යෝගානන්ද විජේසුන්දර ය. අපහසුතාවය ළං වෙද්දීම මම නිමාලිගේ තාක්ෂණය පිළිබදව ප්‍රශ්නයක් යෝගා වෙත ඉදිරිපත් කළෙමි.තරගය නිමා වී තත්පර කිහිපයක් යනතුරුත් යෝගාට එය විස්තර කරන්නට කරුණු තිබිණ.
නිමාලි යළි යළිත් ඒ හැඟිම විදින්නට ඇවැසි ය. ඒ සඳහා නුඹ තව හයියෙන් දිව යා යුතුය.
කමෝන් නිමාලි!