හැම අවුරුද්දම එකයි. ඇස්වලට එන්නෙ නැති කඳුළු හතවතේ තෙරපගෙන හිනාවෙන මිනිස්සුන්ගේ උත්සවශ්‍රීය අවුරුද්ද හැටියට ගෙවිල යනවා.අවුරුද්දට මොකුත් නොකර කොහොමද? හුගක් අය අහන ඒ ප්‍රශ්නයට මට උත්තරයක් නැහැ.හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.නැකැත් පත්‍ර එක්ක හැසිරීම ඒ විදිහට හැරි හැරී කෑම,ලිප මෙලවීම,ඔළුවෙ තෙල් ගා ගන්න එක මට පෞද්ගලිකව වදයක් කියලා දැනෙන්නෙ පුංචි කාලෙ ඉදළමයි.
“මුරණ්ඩුකම“
ඔහොම කියලා මේව ප්‍රතික්ෂේප කරන කොට බෝධි පූජා තියනවා.එහෙම ප්‍රතික්ශේප කරන එකාගෙ කරටම හරක බලෙන් අල්ලල බදිනව වගේ යන්තර එල්ලනවා.අම්මා මේව කරන කොට ඒව ඉවස ගෙන තාත්තා කට හිර කරං හිනා වෙනව මට මැවිලා පේනවා.ඔය විදිහටම මොකක් හරි දෙයක් වුණහම පුතා කට උණ්ඩි කරල හිනා වෙනකොට මම ඉගිල්ලිල ගිහිං තාත්තගෙ මතකයෙ එල්ලෙනවා.
හැබැයි තාත්තා අවුරුද්දට මේ සම්ප්‍රදායෙ ටිකක් එල්ලෙනවා.ඒක මම හිතන්නෙ අනුන්ගෙ කැමැත්තට විරුද්ධ වෙන්න බැරි නිසා කරපු වැඩක් වෙන්නත් පුළුවන්.මිනිස්සුන්ට මොනව හරි කරන්න ඕනිනෙ.තාත්තා අම්ම එක්ක රණ්ඩු වෙවී බැංකු පොත හිස් කරන හැටි මට මතක් වෙනවා.පතල්වල වැඩ කරපු හැමෝ අතේම රුපියල් 5 ක් 10 ක් හරි අත මොලවන්න ඕනි කියන හැඟීම තාත්තා තුළ හැම වෙලේම තිබුණා.වැඩේ හොදටම අවුල්නම් කට්ටියව මා එක්ක කහවත්ත හුසේන්ස් මැණික් ආයතනය වෙත පිටත් කර හරින එක තමයි තාත්තා කළේ.
ඒ මතකය එක්ක මටත් කා එක්කවත් අවුරුද්දට තියන මගේ අකමැත්ත පිළිබදව තර්ක කරන්න කැමති නැහැ.සරලම කාරණය සරලම විදිහට කිව්වොත් මම කැමති නැහැ.ඒ චාරිත්‍ර වාරිත්‍ර එක්ක ස්වභාව ධර්මය එක්ක තියෙන මානව සම්බන්ධතාවයෙ ගැඹුර වඩා පුළුල් ලෙස පළල් කිරීමක් තියෙන බව පැහැදිළියි.ඒත් ඉස්සර වුණේ හැමදාටම අදාළව තිබුණ මේ බැදීම වන්දනා කරන්න එක දවසක් තෝරා ගැනීම වෙන්න පුළුවන්.අද සිදුවන්නේ ඒක කෘතිමව ස්පර්ශ කිරීමක්.ඒ හැඟීමත් අවුරද්ද එක්ක මාව තදින් නො‘බැදෙන්න හේතුවක් වෙන්න ඇති.
ඒත් අවුරුද්ද කියන කන්සෙප්ට් එක එක්ක එකිනෙකාට ආදරය කරන බැද වැළද ගැනීමට මම ආදරෙයි.ඒක තමයි මගේ අවුරුද්දට තියන බැදීම පුළුල් කරන්නෙ.නැකැත්,අලුත් ඇදුම් කැවිලි පෙවිලි මේව අහුවෙන්නෙ උඩ කිව්ව ආදරේ දැනෙන සහ ඒක බැදල තියෙන නූලක් විදිහට.ඒ නූලෙ තියන පිරිසිදු ගතිය කඩා දා ගන්න බැරි නිසා තදින් අල්ලං ඉන්නවා.ඒක තමයි මගේ අවුරුද්දෙ හැඩතලය.මේ හැඩතලය එක්ක ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් අවුරුද්ද කියන්නෙ මොකද්ද කියන දේ වඟේම මේ අවුරුද්ද අපිට ආවෙ කොහොමද කියන එකත් ලියන්න මම අපේ වෙබ් එකට ලියන සති අංග විශේෂාංග වලට මාතෘකාව කර ගත්තා.
ඒ කේ උඩින්ම තියෙන්නෙ තිනෙතක වරුණ කියන පිංගූරයට ලියන කවියෙ විශේෂාංගය යටතෙ මම අජිත් ගෙ කවියට ලියපු කවිය. http://thecolombopost.net/?p=63917

ඡායා – අජිත්

දුක පිරුණු තිත්ත රස
ඇස්වලින් හංගා
චිත්‍රපටයක වගේ
ඈ සිනාසෙන්නා
ඉස්තරම් රඟපෑම
පැණි රහට දැනෙනා
පත් තිරක විකුණන්න
හැඩ තාල දැම්මා
ඇස්වලින් හංගා
චිත්‍රපටයක වගේ
ඈ සිනාසෙන්නා
ඉස්තරම් රඟපෑම
පැණි රහට දැනෙනා
පත් තිරක විකුණන්න
හැඩ තාල දැම්මා
දවසෙ පොලියට අරං
තෙල් ද පැණි ගත්තා
අවුරුද්දෙ පැතුම් ඒ
තෙලෙහි ලා බැද්දා
දවසකට සතුටු වෙන
හැඟුමන් පරද්දා
වසරක් ම ණය වේද
හිතේ බර නැංගා
තෙල් ද පැණි ගත්තා
අවුරුද්දෙ පැතුම් ඒ
තෙලෙහි ලා බැද්දා
දවසකට සතුටු වෙන
හැඟුමන් පරද්දා
වසරක් ම ණය වේද
හිතේ බර නැංගා
රතිඤ්ඤා කරලකට
කවුද ගිනි තිබ්බා
මහ හඬින් පිපිරිලා
රොඩු කෑලි තිබ්බා
හඬ මිසක් වැඩක් නැති
දවසක්ද සිතුණා
දවසකට සතුට දී
අවුරුද්ද මැකෙනා
කවුද ගිනි තිබ්බා
මහ හඬින් පිපිරිලා
රොඩු කෑලි තිබ්බා
හඬ මිසක් වැඩක් නැති
දවසක්ද සිතුණා
දවසකට සතුට දී
අවුරුද්ද මැකෙනා
ඡායා – අජිත්
සටහන – නිශ්මං
ඊට පස්සෙ සමාජමය වශයෙන් යම් යම් දේ සාකච්ඡා කරන්න ගන්න චූල උත්සාහයක් විදිහට හඳුනගන්න පුළුවන් ආකාරයෙ කොළමක් ලියනවනෙ වෑර් ෂෝට් කියලා.ඒක ට ලියපු ටිකත් මේකටම අමුණල තියන්න තීරණය කළා. http://thecolombopost.net/?p=65943
අවුරුද්දට හැම තැනම අවුරුදු උත්සව. පොඩි එව්වො ටිකත් උන් අතේ තියෙන පෑන් පැන්සල් ටික තෑගිවලට බෙදා ගෙන අවුරුදු උත්සවයක් කරන්න ලැහැස්තියි.
‘අලුත් තරගයක් කියන්නකො.?‘
කට්ටිය මා වටේ රොක් වෙලා. එහෙම එක පාරටම අලුත් එව්වා එනවයැ. අනික මුං ටික පරඬැල්කිච්චො වගෙ කෑ ගහනවා, ඉක්මනට ඉක්මනට කියලා.
‘අලුත් රබන් පද!‘
උත්තරේ පැහැදිලි කරන්න වුණේ නෑ. මුං ටික හරී! කියා ගෙන දිව්වා.
මං හිතුවා වට්ටක්කා වෙනුවට බණ්ඩක්කා දාලා පොඩි පොඩි වැඩ ටිකක් එක්ක මුන් ටික වැඩේ කරයි කියලා. ඒත් මුං ගෙනත් දුන්න එව්වා බලන්නකො. අනේ අම්මප.
දිනුම දෙන්න ඕනි පදේ මොකද්ද කියලත් මේ ටික බලල කියනවනම් විනිශ්චය මණ්ඩලයට පහසුයි.
ඒ පැති ගත්තත් කෝටි ගණන්
මේ පැති ගත්තත් කෝටි ගණන්
ඒ පැති ගත්තත් මේ පැති ගත්තත්
ඡන්දෙ දුන්නු උන් මෝඩ රැලක්
මේ පැති ගත්තත් කෝටි ගණන්
ඒ පැති ගත්තත් මේ පැති ගත්තත්
ඡන්දෙ දුන්නු උන් මෝඩ රැලක්
ප්ලේන්ටි ටිං ටිං ප්ලේන්ටි ටිං ටිං
සද්දෙට වැඩ දාලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
ප්ලේන්ටි මිල බැහැල
ටිං ටිං ඒකෙ අගෙත් බැහැලා
සද්දෙට වැඩ දාලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
ප්ලේන්ටි මිල බැහැල
ටිං ටිං ඒකෙ අගෙත් බැහැලා
ඡන්ද පොළේඅපි යනකොට හොරට දානවා
පලා බබෙක් ගොඩ ගහගෙන කතිර ගහනවා
තක දොං කතිර ගහනවා
පලා බබෙක් ගොඩ ගහගෙන කතිර ගහනවා
තක දොං කතිර ගහනවා
ඡන්දෙ ලබන්නට සුදුසුකමක් ඇත
බාර් දෙකක් හිමි කුඩුත් ගෙනෙමි මම
බාර් දෙකක් හිමි කුඩුත් ගෙනෙමි මම
ඡන්දෙ ගත්තට පැත්ත පැන්නම
දුන්න මිනිහට වෙයි වදේ
පැන්න මිනිහට නෙමේ වැදුණේ
දුන්න මිනිහට දෙයියනේ
දුන්න මිනිහට වෙයි වදේ
පැන්න මිනිහට නෙමේ වැදුණේ
දුන්න මිනිහට දෙයියනේ
නොණ්ඩි කකුල බැඳ ගෙන හරි 19 ට යං
පුංචි අපට කට අරින්න ඉඩක් හදපං බං
පුංචි අපට කට අරින්න ඉඩක් හදපං බං
19 ක් කද බැඳ ගෙන දෙන්න ආපු මුං
රහ දැනුණම දාල යන්න බැහැ කියනව බං
රහ දැනුණම දාල යන්න බැහැ කියනව බං
යකෝ මුන්ට ඉතිං පොඩි කියන්න පුළුවන් ද? හාවා ඉබ්බා තියා ගල් ඉබ්බෙක්වත් නැහැනෙ මේ රබන් පදේක.දේශපාලනඥයො දැක්කොත් පනතක් ගේනවා මුන්ට ලොකු වෙන කොට ඡන්ද බලය නැති කරන.
කෝකටත් ඉස්කෝල නිවාඩුව ඉවර වෙන්න කලිං මේකෙ හොඳම එක තෝරන්න මට පොඩි උදව්වකුත් දෙන්න කියල කියන ගමං හැමෝටම සුබ නම් සුබ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.
යහපාලන රබන් පද ටික පට්ටෙත් පට්ට.. හැක්.. සුභ අවුරුද්දක් වේවා!
ReplyDeleteසුබ කරගන්න 19 එන්න උන්නට විදිහක් නැහැනෙ ඒත් එන ඔක්කොටම සුබ වෙන්න වැඩි වෙන්න (ගාණට) පතනවා
Deleteසංවේධි සටහනක් අයියේ
ReplyDeleteස්තූති වේවා කුවේණියේ ඔයත් සංවේදි වෙන්න අප්පා මම බලන් ඉන්නවා ජයම වේවා
Delete