කවුදෝ මිත්‍යා අදහස් වපුරන චීවරධාරියෙක් ඉස්සර කියනවා මට ඇහුණ හැටියට බුදුහාමුදුරුවෝ සිටින කාලයේ වෙනත් ආගම් ගණනාවක් එරට තිබී ඇත.එම ගජ බින්නය විශ්වාස කළ යුතු නැත.ළඟදීම මේ චිත්‍රපටය ගැන කතා කරන හාමුදුරුවරු සහ මහත්තුරු බුදුහාමුදුරුවෝ බෙලිඅත්ත පැත්තේ ඉපදී කාල්ටන් මැඳුරේ බණ කිව්ව බව ද සොයා කියා දෙනු ඇත.බුදු රජාණන් වහන්සේ බුද්ධ වංශයේ කියා උන්වහන්සේ දේශණා කර තිබෙන කතාවද බොරු බුද්ධ වංශයද ගොවිගම හෝ හකුරු හෝ ලංකාවෙ එක එක හාමුදුරුවරුන්ට මහණ වෙන්න තියෙන නිකායක කරන්නටද ඉඩ ඇත්තේය.
එතනදි ප්‍රශ්නයක් එන්නට ඇති ඉඩ තීරණය වන්නේ ඒ අය බුද්ධවංශයේ නොවී එක එක වංශයේ වීම නිසා තමන්ගේ වංශය වෙනුවෙන් කතා කරද්දීය.ඒත් කමක් නැත.ඒ වහන්සෙලා වෙනුවෙන් මරාගෙන මැරෙන මට්ටමේ ඇබිත්ත ඇබිත්තියෝ සෙට් එකක්ද සිටින නිසා බුද්ධ පුත්‍ර සිරුරුවලට අබැටක හානියක් නොවන්නට ගුටි කන්නට ඒ ඇබිත්ත අබිත්තියෝ පෙළ ගැසෙනු සැක නැත.
මේ ගරුතර උන්වහන්සෙලාට ඇතැමුන් ඉදිරියට දමන 'ගොන්යන්න' යෙදීමේ මහා පාපකර්මයට හවුල් වන අය එතරම් පහත් මට්ටමේ කේන්ති ගත යුතු නැත.වචනයක් හෝ කිව යුත්තේ තේරෙන එකෙක්ටයැයි කියා ඇතැම් අවස්ථාවලදි ඇතැමුන්ට උපදෙස් දෙන එකෙන් වැළකී සිටීමද හොඳ දෙයක් කියා මතක් කරන උන්වහන්සෙලා අපේ මුවගුළු තද කරති.
චිත්‍රපටවලට විරෝධවීම පමණක් නොව උන්වහන්සෙලාගේ මතකයෙන් ගිලිහුණු තවත් කරුණක් ද මතක් කරනු කැමැත්තෙමි.දුරක වඩින විට මුත්‍රා බරක් ඇල්ලූ විට ඉඳුල් නොවුණායැයි සිතිය හැකි ගසකට ඇල්ලීමට හෝ ඊට වැඩි දෙයක්නම් නිදහස් ඇලකට පිට්ටු බා ඒ වතුරෙන්ම බම්බුව සෝදාගෙන යාම අවුලක් අපුලක් දනවන දෙයක් නොවන්නේය.නමුත් මහජන වැසිකිළයක් වැනි දෙයක් භාවිතයට ගැනීමේදී ඊට වඩා ඉවසිලිවන්තව කල්පනා කළ යුතුය.
විශාල පිරිසකගේ දුශ්ලීල කම් මෙන්ම අසූචි ද පිරුණු ඒ බිමකින් බුද්ධ චිවරය අපිරිසිදු විය හැකිය.චීවරයේ පිළගැනීමද එයින් අඩු විය හැකිය.ඒ නිසා එවැනි අවස්ථාවක ඔබ වහන්සේලා වැසිකිළියට බුද්ධ චීවරයට අයත් කොටස් ගලවා යටට ඇද සිටින ලන්කටයක් හෝ අමුඩයක් පිටින් වැඩම කළාට කිසිවෙක් ප්‍රසිද්ධියේ නිරුවත්ව ඇවිද්දේයැයි අවලාද නොඟනු ඇත.ගල් මුල් නොගසනු ඇත.මන්ද වැඩි දෙනෙක් අශුද්ධවන්තයෝ දැනටමත් ඔබ වහන්සේලා එම යට ඇදුමවත් නැතිව ප්‍රසිද්ධියේ නිරුවත් වෙන බව විශ්වාස කරන බැවින්ය.
බය වෙන්න දෙයක් නැත.කවුරුත් කුමක් කළ ද,අනේ සාදු කියා වැළපෙන්නට යන්නේ නැත.ඔබ වහන්සෙලාගේ හැකියාව කියන්නෙ පෞද්ගලිකව කිසිවක් හම්බ කර නැත.සියල්ල ආගමටම උපයා දී ඇත.ඒ නිසා කවුරුත් වැළපෙන්නේ අනේ ආගම කියාය.ඒ තරමට ආගමික සේවයක නිරතවන ඔබ වහන්සෙලා පණ පිටින් අපාගත වෙන තරම් පාප කර්ම කරනු බව වැඩි දෙනෙක් සිතන්නේ ඔබ වහන්සෙලාගේ මඟ නොයන ඉතාම සුළුතරයක් ස්වාමීන්වහන්සෙලා වෙනත් ධර්මයක් දෙසනු ඇති බැවිනි.
නමුත් ඔබතුමන්ලා පිං කර ඇති බව පැහැදිළිය.වඩින කාර් මෙන්ම වෙනත් වාහනද,දිව්‍ය ලෝකය කිට්ටුවටම යන්න අරක්කු මද වුවොත් ගංජා පූජා කරන තරමට බැතිමතුන් කුල්මත් කර ඇති අන්දමද අනේ වාසනාවන්ය.ධර්මයට කරන ගෞරවණිය සේවය නිසාම අපූරු කුලකතුන් හොරෙන් ඔබ වහන්සේ කෙනෙක්ගේ ඇදට වැඩියත් කිසිවක් නොකියා අවශ්‍යයනම් ලාම්පුව හෝ අල්ලා සිටින්න සූදානම් ඇබිත්ත කැළටද කියන්නට ඇත්තේ අනේ සාදු ය.
බුද්ධාගම බුදුහාමුදුරුවන්ගෙත් නොවේය.ඹබ වහන්සෙලාගේය.ඒ නිසා කිසිවකට බිය නොවි ඔබ වහන්සෙලාගේ පැවත්මට එය යොදා ගැනීමෙත්,ඔබ වහන්සෙලාට උදව් කරන කෙනෙක් වෙනුවෙන් ඔබ වහන්සෙලා එය යෙදීමත් නරක නැත.
අහෝ දහමක් සිතේ නොයෙදී
ReplyDeleteධර්මය නොදත්
බොරුවෙන් පාරාජිකාවූ
කසාවත් හැඳියන්
බහු භාණ්ඩික වාදය
රාජ්‍ය කථා චෝර කථා
වස්තු කථා හස්ථි කථා
මජර ගොහොරක එරී
ඉහවහා ගිය කාම තෘෂ්නාව
ගිහියන්ටත් වඩා වර්ධනයව
ගින්දර භක්ෂනය කරමින්
සැරිසරයි මේ ඝෝර සංසාරයේ
මිනිස්සුන්ගෙ සාමාන්‍ය පැවත්ම කූඩු කරන හිර ගෙයක් බවට ආගම පත් කරනවා.
Deleteමොකක්ද චිත්‍රපටය ?
ReplyDeleteහෝ ගානා පොකුණ
Deleteමම හිතලම නම ලිව්වෙ නැත්තෙ රසික....
නොදන්න උපාසක මහත්තුරුත් ඊට පස්සෙ මේක දැනගෙන පැටලෙනවනෙ.
කොයි සූත්තරේ පෑරුවා කියලද ඒ අය බෙරිහන් දෙන්නේ?
Deleteඒ සූත්තරේට සැප නැති වීමේ කුහක තමයි මේකට හේතුව
Delete