Thursday, May 14, 2026

අනේ සාදු

 

හුඟ කාලෙකට පස්සෙ ලියන්න හිතුවෙ.ආගමකට රටක් පාලනය කරන්න දුන්නම කොහොම හිටියිද කියන එකට උත්තරය ඉරානය දිහා බැලුවම හිතාගන්න පුළුවන්.ඉරානයෙ ඉන්නෙ තම්බි බුද්ධාගම්කාරයො එහෙම නැහැ කියලා අපේ සැදැහැවතෙක් මැරිච්ච අම්ම මතක් කරන්නත් පුළුවන්.ඒත් ලංකාවෙත රාජ්‍යය කරන්නෙ පන්සලේ උදවියම කියලා හොඳටම පැහැදිළි වෙන්නෙ පල්ලේගම හාමුදුරුවො ඉන්න උඩ දැක්කම.

ලංකාවෙ නීතියට අනුව මේ ටික මේ විදිහට ගම්මු.

Sri Lanka හි නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම, එම දරුවාගේ “consent” (කැමැත්ත) තිබුණත්, අපරාධයක් ලෙස සැලකේ. මෙය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) “statutory rape” සංකල්පයට අදාළ වේ.

මූලික නීතිමය තත්ත්වය

  • වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු නීතිමය වශයෙන් පූර්ණ කැමැත්ත ලබා දිය හැකි පුද්ගලයෙකු ලෙස නොසැලකේ.
  • ඒ නිසා:
    • “එයා කැමැත්තෙන් හිටියා”
    • “දෙන්නම ආදරේ කළා”
    • “පැනලා ගියා”

වැනි කරුණු සාමාන්‍යයෙන් සම්පූර්ණ නීතිමය ආරක්ෂාවක් නොදේ.දිය හැකි දඬුවම්

අපරාධයේ ස්වභාවය, වයස් පරතරය, බලහත්කාරය තිබුණාද, තුවාල සිදු වුණාද, නැවත නැවත සිදුවුණාද වැනි කරුණු මත දඬුවම් වෙනස් විය හැකිය.

සාමාන්‍යයෙන්:

  • දීර්ඝකාලීන සිරදඬුවම්
  • බරපතළ වැඩ සහිත සිරදඬුවම්
  • දඩ
  • වින්දිතයාට වන්දි ගෙවීම වැනි දඬුවම් ලැබිය හැකිය.
බරපතල ලිංගික අපරාධයක් ලෙස සළකා දඬවම් වැඩි විය හැකි අවස්ථා ද මේ කරුණු යටතේ දක්වා ඇත.ඒ ටිකත් බැලුවම අපේ ස්වාමීන් වහන්සේ නවලෝකයේ විඳින බරපතල වධය ගැන අනිත් පැත්තෙන් හිනා යාම නවත්වා ගැනීමට වෙනම වෙහෙසක් දැරිය යුතු වන්නේය. 

දරුවා ඉතා කුඩා වීම
ගුරුවරයෙකු / භාරකරු / ආගමික නායකයෙකු / ඥාතියෙකු වීම
බලහත්කාරය
තර්ජන
ශාරීරික හානි
ගැබ් ගැනීම
කණ්ඩායම් අපරාධ
ඡායාරූප හෝ වීඩියෝ ගැනීම   
                                                                                                                   
මේ කාරණා සළකා බලද්දි ආගමික නායකයෙකු වීමේ බරපතල තත්ත්වය වගේම කණ්ඩායම් අපරාධ කාණ්ඩයට ද මෙය ඇතුළත් කර ගැනීමට හැකිය.අම්මා සහ තාත්තාගේ දායකත්වය ඇතුව සංවිධානාත්මකව කණ්ඩායමක් ලෙස ක්‍රියා කර තිබීම ඊට හේතුවය.     

සමහර විට මේ ක්‍රියාත්මක යාන්ත්‍රණය දෙස බලන විට දැරිය මානසික ව්‍යාධියක් ඇත්තෙකු වීමට ඉඩ ඇත.ඒ මානසික ව්‍යාධිය නිසා ඇය හාමුදුරුවන් ගැන කිමට පෙළඹී තිබෙන්නට ඉඩ ඇත.අධිකරණය මේ කාරණයේදි සෙමින් හෝ නිවැරදි තීරණය ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට පල්ලේගම හිමිව ඇතුළත් කරන ලෙස නියෝග ලබා දි ඇත.එහෙත් මහා සංවාදයක් බවට සමාජය තුළ පත්ව තිබියදී ද එය ක්‍රියාත්මක වන්නේ නැත.

කවුරුන් හෝ සිතනවානම් ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ බොදු බැතිය කියා එය විහිළුවක්ය.අධිකරණයට ඉහළින් ඇති විය හැකි බලපෑමක් නිසා නිලධාරීන්ට විලංගු වැටී තිබෙනවා විය යුුතුය.කාලයක සිටම වාතයක් ගියහම දුරට ගොස් ගද දැනීම වළක්වා ගත හැකි දේ රෙද්දේ පහ වී ලෝකයටම ප්‍රදර්ශනය වෙනතුරු දරා සිටීමේ ප්‍රවනතාවයක් ඇත.ඊට පසු ද ඒ රෙද්ද කෑල්ලක්වත් නොසිටින්න හෝදන්න ඉදිරිපත්වන අය ද හිඟ නැත.ඒත් නොතේරෙන්නේ කෑල්ල යන්නේ රෙද්දේද කෑලි ඉරෙමින්ය.ඊට පසු වටිනාකමක් නැත.

මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ ආගම විසින් වැරදි සහ නිවැරදි යැයි පුද්ගලයෙක්ව සමාජය මත පිහිටුවාලන්නට ගෙන ඇති බලය ලංකාවේද ඉරානයට බොහෝ සේ සමාන බවය.ගලබඩඅත්තේ වැනි චරිත හැසිරුණ ආකාරය මතකනම් කළ තර්ජන ගර්ජන නිවුණු ඒවා ද නැද්ද යන්න සිතා බලන්නට හැකිය.බුද්ධ ශාසනය සිංහල බෞද්ධ ලෙස දරුණු සහ නරක බලපෑමක් සමාජය මත ඇති කරන බවට රාජපක්ෂ සමයේදී අපි දුටුවෙමු.ඒ නිසාම අපි ඒ බුද්ධාගම රාජපක්ෂාගම ලෙස ද හැඳින් වූවේය.තවමත් ක්‍රියාත්මක වන්නේ ඒකමය.

ඒකට රාජපක්ෂලා කරපු දේවල්වල ප්‍රතිපල කියා කියන්නට බැරිය.අද රාජ්‍ය යාන්ත්‍රණයේ මිනිස්සු අනුර දිසානායක කියන දේ නොකර රාජපක්ෂ කරන දේ කරනවා යැයි සිතා සියළු වැරදි පරණ ගිණුම්වලට දමනවානම් සහ ඒවා විශ්වාස කරනවානම් එවැනි අය මොළය පරික්ෂා කර ගත යුතුය.එසේ නැත්නම් පාලකයා මහින්ද ලෙස සළකා ඔහුටම කර ගන්න දී බැස යා යුතුය.

පල්ලේගමලා පෙන්වන්නේ තමන්ගේ ආගම රාජපක්ෂාගමෙන් දිසානායකාගමට මාරු වී ඇති බවය.අධිකරණයට ඉහළින් ඇත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණි.ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ දෙකෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතුය.

නීතිඥතුමන්ලා ද මේ රටේ මැති ඇමතිවරු පවා හිරේ දමා අධිකරණයට අපහාස කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පෙරට ආවේය.ඒත් පල්ලේගම සිද්ධියේදී අධිකරණ තීන්දු පවා නොසළකා නවලෝකයේ සැතපෙන්නට හාමුදුරුවන්ට හැකිවන්නේ කෙසේද?

මං හිතන්නෙ පින විය යුතුය.කොච්චර වුණත් සාදු කෙනෙක්ට එහෙම කරන්න පුළුවන්ද කියා නෝනා කෙනෙකුත් බස් එකේ කතා කර කර ගියා ඇසිණ.ඇත්තටම හාමුදුරුවරු එවැනි පූජාවට ලැදි පිංවන්ත නෝනාවරු සහ ඔවුන්ගේ දූවරු ගැන විමසිල්ලෙන් සිටිනවානම් තමන්ගේ අමාරුව පහසුවෙන් සනීප කර ගන්න පුළුවන්ය.එවැනි අය කැමත්තෙන්ම අනේ සාදු කියා පිං පුරවා ගන්නට ඉදිරිපත් වනු ඇත.එහෙම තාත්තාලද ඇත.ඒ අයගේ දුවලා ද පූජා කරන්න හැදුව පූජා භාණ්ඩය.ඒත් අහුවුණොත් වයස අනුව උඩ කියා තිබෙන විදිහට දඬුවම් ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොවන පිංබිමක අපි ඉපිද සිටින්නෙමු.අරූ කරයි මූ කරයි කියා රැවටෙමින් සිටින්නෙමු.අපිට කියන්න තියෙන්නෙත් වෙන අදහසකින් වුව අනේ සාදු කියා ය.

                             

5 comments:

  1. මහත්තයා මුස්ලිම් නේද.

    ReplyDelete
  2. ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලපෑමක් පවතින අතිශය අන්තවාදී "සිංහල බෞද්ධ තලේබාන්" ලෙස හඳුන්වන දැඩි මතධාරී ජාතිකවාදී ත්‍රස්තවාදී ප්‍රවණතාව, රටේ බහු-ආගමික සහ බහු-වාර්ගික අනන්‍යතාවයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට ද එල්ල කරන්නේ බරපතළ තර්ජනයකි. ආගමික උරුමයන් රැකගැනීමේ මුවාවෙන් ක්‍රියාත්මක වන මෙම දුෂ්ට මිනීමරු බලවේග, කලාව, සාහිත්‍යය සහ නිදහස් අදහස් ප්‍රකාශනය "ආගමික අපහාස" ලෙස ලේබල් කරමින් දැඩිලෙස වාරණය කිරීමටත්, රටේ අහිංසක මුස්ලිම් හෝ දෙමළ සුළුතර ප්‍රජාවන්ගේ අතිශය සාධාරණ අයිතිවාසිකම් පාගා දමමින් සමාජයීය ආතතීන් නිර්මාණය කිරීමටත් අතීතයේ සිටම කටයුතු කර ඇත

    උදාහරණයක් ලෙස, සම්මානනීය නිර්මාණකරුවන්ගේ සාහිත්‍ය කෘති තහනම් කිරීමට බලපෑම් කිරීම, ආගමික මුහුණුවරක් ගත් ව්‍යාපාරික වර්ජන මෙහෙයවීම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පදනම් කරගනිමින් දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම පෙන්වා දිය හැකිය. මෙවැනි ආගමික අන්තවාදී මැදිහත්වීම් මඟින් රාජ්‍ය පාලනය සහ අධිකරණ පද්ධතිය මෙහෙයවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සැබෑ ලෙසම ලෞකික (Secular) හෙවත් ආගමික නොවන රාජ්‍යයක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය වේ. ලෞකික රාජ්‍යයක් තුළින් කිසිදු ආගමකට සුවිශේෂී රාජ්‍ය අනුග්‍රහයක් හෝ මුල්තැනක් හිමි නොවන අතර, බුද්ධාගම, හින්දු දහම, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඇතුළු සියලුම ආගමික ප්‍රජාවන්ට නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කෙරේ. ආණ්ඩුව ආගමෙන් වෙන් කිරීම තුළින්, දේශපාලනඥයන්ට ඡන්ද පදනම රැකගැනීම සඳහා ආගමික හැඟීම් අවුස්සමින් සිදුකරන ජනප්‍රියවාදී ක්‍රියාවන් නැවතී, රටේ ආර්ථිකය, මානව හිමිකම් සහ පොදු යටිතල පහසුකම් සංවර්ධනය වැනි ප්‍රායෝගික කරුණු මත පදනම් වූ විද්‍යාත්මක පාලනයක් බිහි කිරීමටත්, අවසාන වශයෙන් ශ්‍රී ලංකාව එකම ධජයක් යටතේ එක්සත් වූ, සාමකාමී සහ ප්‍රගතිශීලී දේශයක් ලෙස ලෝකය ඉදිරියට ගෙනයාමටත් මඟ පෑදෙනු ඇත.

    මෙම විෂයට අදාළව ලෞකික රාජ්‍යයක් සඳහා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධන මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෞකික කිරීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය විධිමත්, යුක්තිසහගත සහ පොදු ජන සුභසාධනය කේන්ද්‍ර කරගත් පද්ධතියක් බවට පත්කිරීම සඳහා ඉස්ලාමීය පාලන සහ ආර්ථික සංකල්පයන්ගෙන් ලබාගත හැකි ආදර්ශයන් රැසක් පවතී. මෙහිදී වඩාත්ම කැපී පෙනෙන සංකල්පය වන්නේ රාජ්‍ය පාලකයන් සතු බලය සර්වබලධාරී අල්ලාහ් දෙවියන් වෙනුවෙන් සිදුවන "භාරකාරත්වයක්" (Amanah) ලෙස සලකා, මහජන ධනය සහ සම්පත් ඉතාම විනිවිදභාවයකින් යුතුව පරිහරණය කිරීමේ වගකීමයි. මෙම අරමුණ උදෙසා ක්‍රියාත්මක වන ඉස්ලාමීය උපදේශන සභාව (Shura) මඟින් තීරණ ගැනීමේදී ජනතා නියෝජිතයන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබාගන්නා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී (Participatory Democracy) ස්වභාවය නූතන පාර්ලිමේන්තු ක්‍රමයකට මනාව ගැලපේ. ආර්ථික කළමනාකරණය දෙස බැලීමේදී, පොලී මත පදනම් වූ ක්‍රමය (Riba) වෙනුවට ලාභ සහ අලාභ බෙදාගැනීමේ ක්‍රමවේදයන් (Mudharabah/Musharakah) හඳුන්වා දීම තුළින් ණය බරින් තොර සහ ව්‍යවසායකත්වය දිරිමත් කරන ස්ථාවර මූල්‍ය පද්ධතියක් ගොඩනැඟිය හැකිය. විශේෂයෙන්ම, ධනවත් පුද්ගලයන්ගෙන් අනිවාර්ය බද්දක් ලෙස එකතු කර දුප්පත්, අසරණ සහ ණයගැති ජනතාව අතර පමණක් බෙදාහරිනු ලබන "සකාත්" (Zakat) ක්‍රමය, රටක දරිද්‍රතාවය තුරන් කිරීමටත් ආදායම් අසමානතාවය අවම කිරීමටත් යොදාගත හැකි ප්‍රායෝගික සමාජ ආරක්ෂණ ජාලයකි. මීට අමතරව, ඉස්ලාමීය ඉතිහාසයේ දෙවන කලීෆාවරයා වූ උමර් (රළි) තුමාගේ පාලන සමය තුළ ක්‍රියාත්මක වූ නිලධාරීන්ගේ වත්කම් බැරකම් විගණනය කිරීම, රාජ්‍ය මට්ටමින් මහජන සුභසාධන අරමුදල් (Bayt al-Mal) පවත්වාගෙන යාම සහ ජාති, ආගම භේදයකින් තොරව සැමට සමාන නීතිමය යුක්තිය ඉටුකිරීම වැනි උදාහරණ, වර්තමාන දේශපාලන ක්‍රමයන් තුළ පවතින දූෂණය සහ අකාර්යක්ෂමතාවය තුරන් කර යහපාලනය (Good Governance) ස්ථාපිත කිරීමට මහෝපකාරී වනු ඇත.

      මේ සම්බන්ධයෙන් ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්‍රමය නූතන ආර්ථිකයට ගැලපෙන ආකාරය ඉතිහාසයේ මැදපෙරදිග කලාපයේ කාලිෆේත වල තිබූ/පැවති යහපාලන ආදර්ශයන් පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි.

      Delete
  3. @ නිස්මන්

    ඔයාගේ පෝස්ට් එක පොදුවේ ගත්කල කියල තියෙන කතාව ඇත්ත තමයි, ඒකට respect ඒත් අරගෙන තියෙන ඇතැම් උදාහරණ සම්පූර්ණයෙන්ම වැරදියි

    ඉරානයේ පාලන තන්ත්‍රය ඉතාමත්ම පැහැදිලිවම සෑහෙන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා, ලෝකයේ බලවත්ම ඇභරිකා යුරෝපා නේටෝ රටවල් එක්ක තනියම සටන් කර ඔවුන්ව දණ ගැස්වීම, නායකයන් ගනනාවක් බෝම්බ ප්‍රහාර වලින් ඝාතනය කලත් ඉතාමත්ම ශක්තිමත්ව දිගටම යුද්ධ කිරීම වගේ දේවල් වලින් ඔවුන්ගේ හැකියාව ඔවුන් ලෝකයටම පෙන්වා දුන්නේ ඒකයි

    ලංකාව වගේ ගොබ්බ රටක් ඉරානය වගේ ශක්තිමත් බලවත් රටක් එක්ක සංසන්දනය කරන්න බෑ, ලංකාව අප්‍රිකාවේ සිම්බාබ්වේ කොංගෝ වගේ රටවල් එක්ක සන්සන්දනය කරන්න පුළුවන් ඕනම නම්

    ඔයා මෙතන ඉරානය වගේ රටවල් ගැන නොදන්න මගුල් ලියන්න කලින් හරියට අධ්‍යනය කරලා ලියන්න ඇත්තටම කිව්වොත්, ලංකාවට වඩා ඉරානය දේශපාලනිකව සහ ආර්ථිකව සෑහෙන ස්ථාවර මට්ටමක පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යන්නේ ඒ රටේ තියෙන සුවිශේෂී ආගමික සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමුහුන් ව්‍යුහය නිසයි. ලංකාව නාමිකව විධායක ජනාධිපති ක්‍රමයක් සහ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කළත්, ලංකාවේ පවතින සිංහල බෞද්ධ ජාතිවාදය, නානසාර වැනි අමනයන්ගේ ආගම්වාදය, BBS වගේ මිනීමරු බෞද්ධ ආගමික අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන, සහ ලංකාවේ මේ ජාතිවාදී දේශපාලන කෝලාහල නිසාම නිතර සිදුවන ආණ්ඩු මාරුවීම්, දේශපාලන අස්ථාවරභාවය සහ දැඩි ආර්ථික බිඳවැටීම් නිසා රටක් විදිහට ඉදිරියට යන්න අමාරු වෙලා තියෙනවා. හැබැයි ඉරානය ඊට වඩා හාත්පසින්ම වෙනස්

    ඉරාන පාලනයේ ඉහළින්ම ඉන්න "උත්තරීතර නායකයා" (Supreme Leader) අයතුල්ලාහ් වැනි නායකතුමන් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන ඉතාමත්ම ගරුකටයුතු අයෙක්වන නිසා බාහිර ලෝකයෙන් එන කොයිතරම් බලපෑම් සහ ජාත්‍යන්තර සම්බාධක මැද වුණත් රටේ ප්‍රධාන ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව වෙනස් වෙන්නේ නැතුව එක දිගටම ස්ථාවරව පවත්වාගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම, ඉරාන ජනතාවට ඡන්ද බලයෙන් තමන්ගේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව පත් කරගන්න ඉඩ දෙන ගමන්ම, ආගමික භාරකාර මණ්ඩලයක් හරහා අපේක්ෂකයන්ගේ සුදුසුකම් දැඩිව පරීක්ෂා කරන නිසා ලංකාවේ වගේ දූෂිත හෝ අදූරදර්ශී පටු දේශපාලනඥයන්ට ඕනෑවට වඩා රාජ්‍ය පාලනය අවුල් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

    කෙටියෙන් කිව්වොත්, ආගමික විනය සහ මහජන කැමැත්ත එකට මුසු කරපු මේ ශක්තිමත් ආයතනික ව්‍යුහය නිසා, ලංකාවට වඩා ඉතාමත් සාර්ථකව සහ ස්වාධීනව තමන්ගේ රට පාලනය කරගන්න ඉරානයට හැකියාව ලැබිලා තියෙනවා.

    ඉරාන පාලන ක්‍රමයේ ආර්ථික කළමනාකරණය හෝ ලංකාවේ ක්‍රමයට වඩා වෙනස් වන ආරක්ෂක උපායමාර්ග ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් ඒ ගැනත් ලියන්න පුළුවන්.

    ReplyDelete
  4. මටනම් ගලබොඩඅත්තේලා සහ ඉරාන ආගමික නායකයන් තමන්ගේ උවමනාවන් මත අනෙකා හැසිරිය යුතුයි සහ සිතිය යුතුයි කියා සිතීම සහ ඒවාට කරන බලපෑම සමානයි.ගලබොඩඅත්තේලා ආගමික රාජ්‍යයක් සේ සිතා දේශපාලනය හැසිරවීම රාජ්‍යය ආගමික වුණානම් කෙතරම් වේද කියන කාරණය හිතාගන්න තියෙන හොඳම සාධකය තමයි ඉරානය.2023 දී පමණක් එරට වැසියන් 800 ක් මරණ දඩුවම ලබා දී තිබෙනවා.
    https://iranhr.net/en/articles/6548/?utm_source=chatgpt.com

    https://www.amnesty.org/en/latest/news/2024/04/death-sentences-and-executions-2023/?utm_source=chatgpt.com
    මේ එහෙම වාර්තා දෙකක්.මෙම මරණ “Godට එරෙහි යුද්ධ කිරීම” (moharebeh) වැනි චෝදනා යටතේ සිඳුවෙන බවත් සඳහන් වෙනවා.මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, ඉරානයේ මරණ දඬුවම නීතිමය දඬුවමක් පමණක් නොව, සමාජය තුළ බිය ඇති කිරීමේ දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කරන බවයි.
    මේ ඉරානය සම්බන්ධ විග්‍රහය පදනම් කරගෙන ඇමෙරිකාවට ඉරානයට පහරදීමට බලයක් තිබෙන බව මා කියන්නේ නැහැ.හැබැයි ශිෂ්ට ලෝකය යම් ආගමක් මූලික කරගෙන ඊට වෙනස් අදහස් දැරීම මරා දැමීමට හේතුවක් ලෙස දකින රාජ්‍යයකට සීමා පැනවීම වාරණ දැමීම සිඳු කළ යුතුයි.
    මෙහි දක්වා තිබෙන්නේ ආගම භාවිතා කර බලය යොදා ගෙන සාධාරණය සමානත්මතාවය අහිමිවීම සම්බන්ධයෙන්.පල්ලේගම භුක්ති විඳිමින් සිටින්නේත් එයයි.
    මම ආගමට ජාතියට වඩා රට සහ එහි වෙසෙන මිනිසුන්ට ඇති නිදහස ගැන විශ්වාස කරනවා.ඒ තත්ත්වය අහිමිවීම නීතිය සමාන නොවීම වැනි කරුණු විශ්වාස කරනවා.ඒත් ඔබට ඒ සම්බන්ධයෙන් දරණ අදහස දැරීමට තිබෙන නිදහසට ගරු කරනවා.ඔබ ඉරානය වූවානම් ඒ නිදහසට විරුද්ධ වෙනවා.
    Kimia Alizadeh ඔබ මේයා ගැන අසා ඇති.ඇය තමයි ඉරානයට පළමු ඔලිම්පික් පදක්කම දිනා දුන් කාන්තාව.ඇය අද නියෝජනය කරන්නේ බල්ගේරියාව.ඇය මෙසේ සඳහන් කර තිබෙනවා.‘මම ඉරානයේ පීඩිත කාන්තාවන් මිලියන ගණනකින් එක් අයෙක්. ඔවුන් කියන දේම ඇන්දෙමි. ඔවුන් කියූ වාක්‍යම නැවත කීවෙමි.‘
    බොරුව, කපටිකම, අසාධාරණය සහ චාටුකාරකම” සහිත පද්ධතියක කොටසක් වීමට තවදුරටත් නොහැකි බව ඇය ප්‍රකාශ කර තිබුණා.
    කාන්තා මර්දනය,බලහත්කාර hijab නීති නිසා පීඩාවට පත් රාජ්‍යයක පීඩිත කාන්තාවක ලෙස ඇය ලැබූ ජය එම රාජ්‍යෙය් ස්වභාවයට කීර්තියක් ලැබෙනාකාරයට භාවිතා කළ බවට ඇය චෝදනා කළා.දේශපාලනය මත වැටුණු ආගමික බලපෑමේ පීඩාව විසින් ඇති කරන කාන්තා පීඩනය ගැන ඇයගේ ප්‍රකාශ සමඟ ලෝකය ඉරානය දැඬිව විවේචනයට ලක් කළා.

    ReplyDelete