
රජුන්ට අන්තඃපුර පිටින් තිබෙන බව හැබෑය.ඒත් රජ්ජුරුවන් ඒ ඉන්න ස්ත්රීන්ට දැනෙන්න නිදියනවාදැයි යන්න කිසිවෙකුත් දන්නේ නැත.මේ ගැන කතා බහට ලක්වන ජාතකයක් වේ නම් කවුරු හෝ කමෙන්ටුවක ලියා තබනවානම් මරුය.
දන්න තරමින් රජ්ජුරුවන්ගේ රැකියාවේ ලොකු කමට බලයට ගැහැණුන් ගන්න ලැබෙනවා මිස සහ ඔහුට ඇති ආර්ථික වපසරියේ වර්ගපලය අනුව ගැහැණුන්ව භෞතිකව නඩත්තු කරන්නට ඇති හැකියාව සළකා ගැහැණුන් ලැබෙනවා හැරෙන්නට ඔහුට ඇයව කාම ක්‍රියාවලියේදී සංතර්පණය කර හැකිද යන්න නොසැළකේ.මේ නිසා රජු වූ පමණින් ලැබෙන වරප්‍රසාදය හැරෙන්නට හැඟිම්වල සමානත්මතාවය එකිනෙකාගේ රුචිකත්වය වැනි කරුණු පිළිබදව සැළකිල්ලක් නොදක්වන අතර රජ යන සංකල්පයට අනුව කුමරිය බිසව යන්නද එක්තරා අන්දමක යටත් චරිතයක් පමණි.
සිය සහෝදරවරුන්ගේ බිරින්ඳෑවරුන්ගේ බිරිද ඝාතනය කර පිස කෑමේ ක්‍රියාවලියේ ගොදුරක් වන්නට නොදී සිය බිරියගේ ජීවිතය බේරා ගැනීම පදුම කුමරුගේ උතුම් ක්‍රියාවකි.උරය පලා ලේ දීම දෙවැන්නයි.මේ ආකාරයට රැක බලා ගන්නා බිරිඳ සහ ජීවිතය බේරා ගත් දෙපා නැති කොට අතර සබදතාවයක් ඇති වීම හරහා කරන්නේ කුමරුට මේ දෙදෙනා ද්‍රෝහීවීමේ කතාවය.ඒ අනුව සෝයි පදුම සහ වේස කුමරිය සහ ගුණමකු කොටා ගැන කතාවය.
මේ කතාව පිටුපස ඇය අධික කාමාශා ඇත්තියක ලෙස හදුනා ගන්නට නොහැකිය.තවත් ආකාරයකින් ජාතක කතා කතුවරයාගේ බුද්ධාගමට අනුව ගෙන ‘ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන‘ ගණයට මේ කාන්තාව ඇතුළත් කිරීමට ද නොහැකිය.මන්ද කුමාරයා හෙළෙන් පහළට තල්ලු කිරීමෙන් ඉනික්බිතිව ඔහු දිවි ගලවා ගෙන අසළ ගමක ජීවත් වී පැමිණ රජකම ලබා ගෙන දන්සැල් ඉදිකිරීම දක්වා කාලය මාස කිහිපයක් සති කිහිපයක් ලෙස ගත නොහැකිය.
ඒ ආකාරයට ගත් කළ ඇය රජසැප විදිමට හැකි වටපිටාවක සිට එයට පයින් ගසා බැදෙන කොටාගේ ජීවිතයට ද්‍රෝහී වී නැත.හිඟමන් යදිමින් කොටා සමඟම ජීවත් වන්නීය.එයින් ඇය පදුම රජුට ලබා දිය නොහැකි තෘප්තියක් කොටාගෙන් ලබන නිසා විය යුතුය.ඇය හුදෙක් දුටු දුටු පිරිමියාගෙන් කාමය සංතර්පණය කර ගන්නා ගැහැණියක් නම් මේ ගතවන කාලය තුළ ඇය තවත් පිරිමින් ගණනාවක් අතට මාරු වී තිබිය යුතුය.
රජ කෙනෙකුට ලබා දිය නොහැකි අන්දමෙන් ඇය යහනේ තෘප්තිමත් කරන්නට මේ සොර කොටා ට තිබෙන හැකියාව මෙයින් පැහැදිළි වන්නේය.සියල්ල දන් වලින් පිං වලින් මැනිය නොහැකි බව රජුටද නොතේරෙනවා විය යුතුය.එසේත් නැති නම් කොටාට තමුන්ට නැති හැකියාවක් එම ස්ත්‍රිය වසඟයට ගැනීමට තිබූ බව දන්නා රජු ඒ ගැන කම්පාවට මෙන්ම කෝපයටද පත් විය යුතුය.එය මිනිස් ස්වබාවය ය.එම මිනිස් ස්වභාවය නිසා ඇති වන මානසිකත්වය නිසා මහා දන් දෙන රජු කුස ගින්නේ කොටාත් හිස මත තියා ඇවිදින ගැහැණිය සහ කොටා එ‘නුවරින් එළවා දමන්නේය.
ඒ එළවා දමමින් දෙන තීරණය රජෙකුගේ ධාර්මික බව කියා පෑමට උදාහරණයක්ය.ඒ ජාතක කතා කතුවරයාටය.තමන් රජෙක් වි,ජීවිතය බේරා ගැනීමට මැදිහත් වී,සැප සම්පත් ලබා දුන් ස්ත්‍රියට තමාට වඩා මේ කොටා වැදගත් වූයේ ඇයි?තමාට කළ හැකි කිසිවක් කළ නොහැකි ඔහුව තමා මෙන් අතැර දමා නොයා ඔහු මත්තේම මේ ස්ත්‍රිය එල්ලී සිටින්නේ ඇයි?
රජු මේ කිසිවක් කල්පනා නොකරන්නේය.ජාතක කතා කතුවරයාට ද මේ ඇතුළත තිබෙන කොටාගේ ලිංගික කාර්යයේ හැකියාව කුමාරයාගේ සියලු කැපකිරීම් දෙවැනි කොට තකන්නට කුමරියට සිත් ඇති කරන බව කතුවරයාගේ විග්රහයට හසු නොවන්නේය.විවාහයකදි අත්‍යවශ්‍ය සාධකයක් වන ලිංගිකත්වය රජු විසින් නොතකා හැරිම නිසා හෝ ඔහුට ඒ ආශ්රයෙන් ඇති නොහැකියාව හෝ කතුවරයා සිය විග්‍රහයේදි ප්‍රකාශ නොකිරීමට වග බලා ගැනීමෙන් පැහැදිළි කරන්නේ ඔහු තුළ තිබූ කාන්තා විරෝධය සහ රාජ්‍ය පක්ෂපාතීත්වයම පමණක්ය.
ඇය සිය විවාහය නැතිනිම් පවුල් කෑම ගැන ආර්ථික වටිනාකම් වලින් නොමනින ගැහැණියකි.ආදරය,කාමාශාවන් සංතර්පනය කරන්නට තමන්ගේ සහකරුට ඇති හැකියාවන් නිසා අධික ආදරයක් ඇති කර ගන්නා සහ නොයෙකුත් වේදනාකාරි අත්දැකීම් පීඩාවන් දෙවැනි කොට ආදරයෙන් ජීවත්වීම සඳහා සියල්ල කැප කරන්නේය.කොටාගේ ජීවිතය රැකීමට ඔහුව කරමත ඇවිදීම සිය ජීවිතය කර ගන්නට තරම් ඇය කැපකිරීම් කළ හැකි ගැහැණියකි.ඒ රජසැප පිලිබද සිහින දැකීම අත හැර වීමෙන් ඇය දක්වන කැප කිරීම තව දුරටත් අවබෝධ කර ගත හැකිය.
නමුත් වසර දෙදහස් ගණනක් ලොව කොතැන හෝ පොහොය දිනයක කවුරුන් හෝ බුදු පුතෙක් හෝ බෞද්ධයන් එක්ව පදුම කුමරිය වේසාවක් කොට හං වඩු ගසන්නේය.තමුන්ට වඩා ගැහැණිය පිනවීමේ දක්ෂතාවයක් කොටා ට තිබෙන බව සිතා ඔවුන්ට සමාව දෙනු වෙනුවට කොටා සහ කුමරිය නොමරා බඩ ගින්නේ මැරුණත් කම් නැතැයි සළකා බරනැසින් එලවා දමන පදුම රජු මහා කාරුණික පුද්ගලයෙක් කර බුදු බව ලැබිමට පෙරුම්පුරන බෝධිසත්වයෙක් කරන්නේය.
කාන්තාවට ගැරහිම,කාන්තාවකගේ හැඟීම් නොතැකීම මෙන්ම ශක්තිමත් පවුල් පසුබිමකට බැදීමකට ඇති ලිංගිකත්වයේ හැකියාව නොතකා හරින සහ දෙවැනි කොට සළකන ජාතක කතා සංග්‍රහය හැම පොහොයකටම අපටම කරන සරදමක් ලෙස පදුම කුමාරයාගේ මේ කතාව ගැන මට හැඟෙන හැඟීම් තව කෙනෙක්ට නොදැනෙනවා විය හැකිය.
එහෙත් මට නම් පදුම කුමරා කරන කැපවීම් තරමටම තම ජීවිතය දෙැවැනි කොට තමන්ට නිවැරදිව ගැලපෙන සහකරු තෝරා ගැනීමේ සිට ඔහුව රැක ගැනිම දක්වා පරාසය තුළ ගැහැණිය කරන කැපවීමද මාර ය.සියල්ල භෞතික සංතර්පණයන්ගෙන් තෘප්තිමත් වන බව සිතන පදුම රජු මහා කරුණාවන්ත දානපතියෙක් නොවන්නේ මේ ගැහැණියගේ සහ කොටාගේ ලෞකික බැදීම්වල ඇති අධ්‍යාත්මික වටිනාකම් හඳුනා ගන්නට තරම් නොහැකි පුද්ගලයෙක් බැවින්ය.
සීයට දෙසීයක් ඔබ හා එකඟ ය.
ReplyDeleteසමාවෙන්න නිස්මන්, මම බෞද්ධ නොවන නිසා ඔය ජාතක කතාව සම්පූර්ණයෙන් ඉගෙන ගෙන නැත. මට මතක විදියට M.S . ගේ හෝ ඇන්ටන් ජෝන්ස් ගේ බයිලා සින්දුවක තියෙන වචන ටික තමයි මට ඔය ජාතක කතාව ගැන තියෙන එක ම මතකය.
ඒ සිද්ධිය ඔබ දකින කෝණය ත් සාධාරණ බව කිව යුතුමයි.
මට දැනෙන දේ තමයි ලිව්වෙ වෙන විදිහකට හිතන්න පුළුවන්.ආගමික කතා වල වැඩේ තියෙන්නෙ කියන විදිහටම හිතන්න ඕනි එක.එහෙම නොවුණු තැන ද්‍රෝහියෙක් කරනවා
Deletepala ponnaya thota hukanna beri nisa thoge geni pita giyata me geni gihin thiyenne wesa kama nisai NGOpalli ballo thopita kawadawath apayen gelaweemak ne
Deleteඔය කියන වැඩේ කර දෙන්න පුළුවන් ගෙනත් දුන්නොත්.අපාය කියන එක ගැන මගේ විශ්වාසයක් නැත.ඒ නිසා මම අපායෙන් බේරන්නවත් දිව්‍ය ලෝකයට යාමටවත් වැඩ කරන්නේ නැත.
Deleteමගේ ගැණි පිට යනවාදැයි මම නොදනිමි.මන්ද යනවානම් මට කියා නොයන බැවිනි.එසේ ගියා කියා මට එතරම් නොදැනෙන්නේ මගෙන් නොලැබෙන දෙයක් ඇය ලබන්නට යනවා ඇතැයි මට සිතා ඉවසන්නට හැකි බැවිනි.මන්ද මා පදුම කුමාරයා නොවේය.
මට මා දරණ මතය කාගෙන් විවෙචනයට ලක් වුව ද එය කෙතරම් බිහිසුණු සහ අනතුරුදායක වුව ද මගේ නමින්ම පෙනී සිට කියන්නට හැකියාව ඇත.එය නැති අයෙක් මෙවැන්නක් කිම ගැන මට කණගාටුවක් ඇති නොවේ.
සමහර විට පදුම කුමා අධික කාමාෂාවකින් පෙලෙන්නෙක් නිසා ඔහුගෙන් පදුම කුමරියට හිරිහැර වෙන්න ඇති. කොටා ගෙන් එැවනි කරදරයක් නොමැති නිසා ඇය කොට සමග ගියා වෙන්න බැරිද?
ReplyDeleteමට ඕක හිතුන රසික.ඒත් එහෙමනම් මහ වේදනාවක් දරා ගෙන අර කොටාව අරං ඇවිදියිද?ජාතක කතා කතුවරයා මතු කරන ආකාරයටත් එහෙම දැඩි කාමාසාවකින් පෙළෙන්නෙක් විය නොහැකියි රජු.ඔහු නිවුනා වු සිත් ඇත්තෙක්මනෙ.ඇය කොටා සමග ගොස් දැඩි කරදර විදින්නෙ ඇයට ඔහු ඒනෑ නිසා.එකක් පැහැදිළියිනෙ.ඒ කාලෙ විවාහ වෙන්න යද්දි රජුගේ බලය ඉක්මවා යන්න අපහසුයිනෙ.ඇයගේ ලෝකයෙ ඉද තිබෙන්නේ රජු නොවේ මේ කොටායි.අපි ඇය ඔහුට කිසිදු දෙයකදී පලා නොයා රැදි සිටින ආදරයක් පානවා.ඒක පිළිගත යුතුයි නෙ රසික.
Deleteඑදා චුල්ල පදුම රජතුමාගෙ බිසවට
ReplyDeleteපිපාසෙ උන කාන්තාරෙ යන කොට
රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට
ඈ ආස හිතිල අතපය නැති කොරෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට
අම්ම එහෙම කරයිද තම පුතාට
සමර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ අම්මලාට වෙනස් කම් කළා
කෙල්ලො ඕනැ තරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ
(ඇන්ටන් ජෝන්ස්)
ඔන්න ඕක තමයි සින්දුව. තැනක් යු රසික
Deleteමේ සිංදුව අනිත් පැත්තට ලිය වුණා නම් කොහොමට හිටියිද?කුමරියගේ කොටාට තිබුණු ආදරය ගැන.රජකුමරෙක් අත අතහැර ඇවිදික් වගේ වචන ටිකක් දාලා......
Deleteඇන්ටන් ජෝන්ස් කිව්වොත් නම් ඒත් නටනවා
මනමේ කුමරියත් එහෙමද දන්නේ නැහැ..
ReplyDeleteඇයත් හොදම සිසුවාට පිරිනැමෙන තිළිණයක් නේද? තෝරා ගැනීමක් නෙමෙයි.නමුත් මනමේ නාට්‍ය පිටපත ඇයව සාදාරණිය කරනවා.ඒක හිතාමතා කළ දෙයක් නොවන බවට.එතනින් යම් තරමකට ගැහැණිය සාධාරණය කරනවා.
Delete"ප්ර්රේමයෙන් මන රංජිත වේ" සිංදුව විචාරය කරපු මගෙ එක යාළුවෙක් මාර කතාවක් කිව්වා.
Deleteඒකෙ "ආලයෙන් වෙලි සැදි මෙ ලතා මණ්ඩපයෙන්... " කියන කොටසින් කුමාරයා කුමරියට කියනවා, අපිත් මේ ස්වභාව සෞන්දර්යය විඳිමින්, මේ සත්තු වගේම, ලතා මණ්ඩපයකදි ආලය කරමු - වගේ අදහසක්,
හැබැයි කුමරියට ඒක තේරෙන්නෙ ස්වභාව සෞන්දර්යය වර්ණනා කිරීමක් විදිහට පමණයි. එයා "කෝකිල හඬ කන් පිණවයි රන්ස්වරයයි" ආදී විදිහට ස්වභාව සෞන්දර්යය වර්ණනා කරනවා විතරයි.
ඉතින් වැද්දන් හමුවෙනකොට ඒ දෙන්නට ආදරය කරන්නට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඉතින් ලොකු බැඳීමක් ඇතිවෙන්නෙත් නෑ ඒ දෙන්නා අතරෙ.
ඒක අපූරු විග්‍රහයක්
Deleteආදරය අන්දයි, එහෙමත් නැත්තම් කෙනෙක්ගේ කාමුක අවස්යතාවන් උවමනා පරිදි නොසපිරෙනවා නම් එය ඇරෙන්න මුළු ලෝකයම ගෙනත් ඔහුගේ/ඇගේ දෙපා මුල තැබුවත් අදාල අයගේ සිත නොපිරෙයි කියන එකට හොඳම උදාහරණය ( මීට පෙර මේ කතාව ගැන කිසිදු දැනීමක් නැති අතර මේ කියවූ කතාවට අනූව ) මේ හේතුව නිසා කැඩී බිඳී යන හා මානසිකව පිඩා විඳින පවුල් අනන්තයි.
ReplyDeleteමේක තමයි ඇත්ත කතාව.අපි නොදියුණුයි කියා කියන ඒත් ලෝකයේ පිළිගත් තත්ත්වයන්ට අනුව දියුණුයි කියන සංස්කාතීන් තුළ පවුල කියන දේ ස්තාවර එකක් නොවේ.ඒක වෙනස් වෙනවා.එක් වෙනවා වෙන් වෙනවා.විවෘත ලිංගික සබදතා තියෙනවා.බොහෝ විට මෙය ඊට හේතුව විය හැකියි.
Delete//ආදරය අන්දයි, එහෙමත් නැත්තම් කෙනෙක්ගේ කාමුක අවස්යතාවන් උවමනා පරිදි නොසපිරෙනවා නම් එය ඇරෙන්න මුළු ලෝකයම ගෙනත් ඔහුගේ/ඇගේ දෙපා මුල තැබුවත් අදාල අයගේ සිත නොපිරෙයි//
හොඳ විග්‍රහයක්. ජාතක කතාවල යටිපෙල කියවා තේරුම් ගැනීමේ හැකියාව බොහෝ අයට නැහැ. මම නම් දකින්නෙ, ජාතක කතාවල මූලික හරය තමයි පුද්ගල දුර්වලතා මානසික දුර්වලතා පෙන්වා දීම හා ඒවාට කුමක් කළ යුතු ද කියා පෙන්වා දීම හැකි නම් කියවන්න මේ පොත. Psychiatric Aspect of Jathaka Stories. Dr. D. J. V. Harischandra.
ReplyDeleteඉතාමත් වටින පණිවිඩයක්.මේ වගේ දෙයක් ග්‍රහණය කර ගන්න පහසු සිංහලෙන් තියෙනවනම්.ඒ කාර්යයට කවුරු හරි අත ගැසිය යුතුයි
Deleteතව වසරකින් පමණ මගේ නිබන්ධනය පොතක් ලෙස එලියට එනවා එදාට ඔබට මේ ගැන වඩාත් විස්තර කියන්නම්.
Deleteමේක මාරයි. ඇත්තටම ජාතක කතා පොතේ වැඩිහරියක් තියෙන්නෙ පසුකාලීනව කතුවරුන් විසින් එක්කාසු කරපු මනමැවි කතා මිසක බුද්ධ භාෂිතයන් නොවෙයි නේද?
ReplyDeleteඋඹ මාරයි කිව්වනම් ඉතිං මං ටිකක් හරි සාර්ථක ඇති
Deleteම්ම්ම්ම්ම්.......නිස්ම .........සුප්ප ලියවිල්ලක්......
ReplyDeleteස්තූතියි කෙනජි!
Deleteජාතක කතා කතුවරයා විතරක් නොවේ නිශ්මා මහාවංශ කතුවරයා පවා ඔහොමයි.තමන් යම් කිසි පුර්ව නිගමනයක ඉඳගෙන ලියපු දේ අපිත් ඒ විදියෙන්ම අනුමත කරනවා කිසිදු විචාරයකින් තොරවම.
ReplyDeleteඔවුන් අති දක්ශ නිර්මාණශීලී ලේඛකයො ඒත් ඒ නිර්මාණශිලීත්වයට ගරු කිරීම වෙනුවට ඔවුන් නිර්මාණය කළ ව්යාජත්වයේ අපූර්වත්වය වන්දනාමාන කිරීමයි අවුල
ReplyDeleteමීට කලින් මං හිතන්නේ නෑ වෙන කවුරු හෝ මේ කෝණයෙන් මේ කතාව දිහා බැලුව කියලා,, එකෙන්ම 200% එකඟයි අයියේ.. ඔබේ විග්‍රහය ස්ත්‍රියක් විදියට පුදුමයි, ස්තුතී
ReplyDeleteඔය උඩ පින්තුරේ තියෙන සිස්ටම් අන්තප්පුරේ එක්ක රජ්ජුරුවෝ කරන්නේ නැතුව ඇති නේද අප්පා :D
Deleteමගේ කෝණ වෙනස් බං.හුඟක් අයට දැනෙන්නෙ නැහැ බං.මට කාටවත් ඕනි විදිහට ඉන්න බැහැ.ඒ මම මම නිසා.මට ඕනි දේවල් කාටවත් ඕනි විදිහට වෙනස් කරන්නත් බැහැ.මාව පෙරලයි.පෙරලං ගහයි.ඒත් මගේ හෘද සාක්ෂිය මම.
Deleteඅන්ත:පුර නම් මම දන්නෙ නැහැ.මට නැති එක වෙනයි.හැබැයි තියෙනව නම් මම ඕකේ
ane h-ke
Deleteඋඹ දනී මා බොහෝ අයට වැඩියෙන් Hareendra Gunawardena එකම පංතියෙ අකුරු කළ බැවින්
Delete