
කරපු හෝ කරන නරක වැඩවලට එන සද්දයක් නෙමෙයි ඒක.මට හිතෙන හැටියට මම කළ හොද නිසා ලැබෙන ප්‍රතිචාර.
අවුුරුදු 28 පුරාම මම කුලියට ඉන්නව කියන එක අදාළ වුණේ නැහැ.දන්න කියන හැමෝටම එහි දොර හැරුණා.තියෙන විදිහට බත ඉඳුනා ඒ හැමෝම වෙනුවෙන්.කෑවා බිව්වා එක ගොඩේ වැටිලා නිදා ගත්තා.පුටු උඩ පැදුරු උඩ ඇඳවල් උඩ ඉස්සෙල්ල තැන අල්ලගත්ත එකාට වාසිය.
කලා කේෂ්ත්‍රයේ වගේම සාහිත්‍ය කේෂ්ත්‍රයේ වගේම ක්‍රීඩා කේෂ්ත්‍රයේ හැමෝටමත් ඒක පොදු වුණා.මම එහෙම හිටපු අයගෙ නම් කිසිවක් මේකේ නොලියන්නෙ කාලයත් එක්ක සමහර අය ඉන්න ස්ථාවරයන් එක්ක ඒ අයට මදිකමක් පොඩි කමක් වෙයි කියල හිතලයි.
මට මම කුලියට ඉන්න එක අවුලක් නොවුණට අනුන් කුලියට ඉන්න එක මට අවුලක් වුණා.දැන් මේ නලා සද්දෙ එන්නෙ ඒකෙ ප්‍රතිපල හැටියට.විශේෂයෙන්ම ක්‍රීඩා කේෂ්ත්රයෙ හුඟ දෙනෙක්ගෙ ගෙවල් ප්‍රශ්න සහ ඉඩම් ප්‍රශ්න නිරාකරනය කර දෙන්න මගේ මැදිහත්වීම සිදු වුණා.
මම හිතන්නෙ ඒ ගැන හොඳටම දන්න කෙනා රන්ජන් පරණවිතාන.වරක් මට ගෙයක් කුලියට ගන්න කී මනි හොයා ගන්න තියෙද්දි ඒක දෙවන තැනට දාලා වත්මන් ජනාධිපති,එවකට මහවැලි ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දුරකථනයට වද දෙමින් ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධ සහෝදරියන් දෙදෙනෙක් වෙනුවෙන් මහවැලි ඉඩම් ලබා දෙන්න වෙහෙසුණා.වැඩේ සිදු වෙද්දි මගේ පිස්සුව දිහා බලං හිටපු රන්ජන් අයියා...බැංකු කාඩ් එක දික් කළා රහස් අංකයත් එක්ක.ඒ සල්ලි දුන්නට පස්සෙ තවමත් නොදුන් සහ දෙන්න වෙයිද කියලා කියන්න බැරි ගාණකුත් ඉතුරු වෙලා තියෙනවා.(රන්ජන් අයිය මේකට කමෙන්ට් කළොත් ඒ ක්‍රීඩිකාවන්ගෙ නම් කියන්න එපා)
මේ වගේ ගෙවල් ඉඩම් ගණනාවක්.ඒ වගෙම ක්‍රීඩා මගේ කුලී ගෙදර නවාතැන්....මේ ඔක්කොම අල්ලං හැඩවෙන නලාවෙ වැයෙන ගීතයේ පදමාලාව මම පහතින් ලියන්නම්..
කී දෙනෙක්ට ගෙවල් ඉඩම් අරං දීල ඇද්ද?
දැන් මම මහන්සියෙන් කරන දේට අඩු ගාණෙ ටයිල් ටික අරං දෙන්න බැරිද?
ඔය උදව් කළ කාට හරි කියනවකො.
අඩු ගාණෙ පස්සෙ සල්ලි දෙන්න හරි න්‍යායට ඉල්ලනවකො..
ඔය සංක්ෂිප්තය ඇතුලෙ තමයි මුළු ගීත සියල්ලේම පදමාලා හැදිල තියෙන්නෙ.
හැම වෙලේම දූවිලි එක්ක හැප්පෙන්න තියෙන ආසාවට දූවිලි අවුස්සන කොල්ල එක්කයි දූවිල්ල නිසා ආසාත්මකතාවයන්ට නිතර ගොදුරු වෙන දුවත් එක්කයි ටයිල් නැති පොළවකට අඩිය තියන එක අවුලක්.හරියට උඩ තට්ටුව ඉවර නැති නිසා පර්චස් 4 ට ආසන්න අලුත් ගෙදරට යන විට මට දමා යන්න විය හැකි පොත් ගොන්න ගැනයි මට දුක තියෙන්නෙ.ඒව කොච්චර ප්‍රයෝජනවත්ද සහ ඒවාට මම කොච්චර ලව්ද කියන එක ගෙදර හිටපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.
තව දුකක් තියෙනවා ළමයින්ට දුකක් වීම ගැන දුකක් නැතුව නෙමෙයි.ඒත් ඒ දුක කවද හරි උඩ තට්ටුව දා ගන්නකම් කිසිවෙක්ට මේ ගෙදරට එන්න කියලා හදිසියකට නවාතැන් දෙන්න බැරි දුක. හැබැයි ඉතිං අසතුටක් නැහැ එක අතකින්.බිරිඳගේ දේවල් මගේ නොවුණත් මගේ ළමයින්ගේ අනාගතයට දැනෙන සුරක්ෂිතභාවය වගේම උන් මගේ වීමෙන් මටත් පොඩියට හරි අයිතියක් දැනෙන නිසා සතුටුයි.
11 වෙනිදා යන්නෙ එක අතකට අවදානම් ගමණක්.පොඩි එව්වන්ගෙ සෞඛ්‍යයට හිතකර නොවන ගමණක්.ඒත් ඒක අපේ.ඒ ආඩම්බරය බෙදා ගන්න තව එකෙක්ට උඩ කෑල්ල හදා ගන්නකම්,ටයිල් ටික වැටෙනකම් මම ඉන්න ගෙදරක නිතර හැමෝටම විවෘත වෙන දොර වැහිල තියෙයි.ඒ ගැන දුකයි.සමාවෙන්න.
මේකත් එක්ක තියෙන්නෙ සුමිය ඇදපු ප්ලෑන.ඒකම නෙමෙයි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා හැදෙන්නෙ.මේකම හදා ගන්න තිබුණනම් පට්ට.ඒත් පර්චස් 4 ට ත් අඩු ඉඩක මොන පට්ට ද?හැදෙන හැටි ලැබෙන හැටි හොඳයි.කරපු දේවලට ලෝන් දෙන බැංකුවක් තිබුණනම් උදව් කළ අයගෙන් ලියුම් ටිකක් එකතු කරගෙන ගිහිං ලෝන් එකක් අරං මේක එක පාරට ඉවර කරනවා.....ඒත් බැංකුවලින් මාසික ආදායම ඔප්පු කරන්න ලියවිලිමයි ඉල්ලන්නෙ.
මම මිත්‍ර බැංකු කළමණාකරුවෙක්ට කිව්වා ඔය කියන දේ වගේම මාසිකව සිද්ධ වෙන තවත් දේවල් අයිතිත් බිරිඳට කියලා.වෙන මක් කොරන්නද?
කොහොමහරි 11 ඉදන් කුලී නොවන ගෙයක..ඒක මැදෑ.
ජය වේවා නිශී.. මචං ජීවිතේ කියන්නේ බදාගන්න දෙයක් නෙමෙයි කියල උඹ හොදට ඔප්පු කරපු වාර අනන්තයි.. ජය
ReplyDeleteස්තූතියි මචෝ
Deleteජයවේවා...
ReplyDeleteතමන්ගේ ම වහලක් යටට යන්න ලැබෙන සන්තෝසය මාත් විඳල තියෙන නිසා ඒ සතුට ම මම උඹේ දෝත පුරා පිළිගන්වනවා.
ගෙයක් කිසිදා ක අංග සම්පූර්ණව ම නිම කරගෙන යන්න හිටියොත් කවදාවත් යන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම ගිහිල්ල හදනවා කියල හතිං හිටියට ඒක වෙන්නෙත් හෙමිං..
අපේ ගෙදර ටොයිලට් එක වගේ...!! ඒක දැං බඩු ගබඩාවක් කියහංකො..!!
ස්තූතියි හැමදාම උඹ අපිට අයියෙක්නෙ
Deleteමෙන්න මගේ සුභ පැතුම් නිශ්මන් අයිය ..... අරමුණ උතුම් තමන්ගේ ගෙයක් තමන්ට් අ වටින්නේ දිවය ලිකයක් වගේ .... මාත් මේ ටිකේ මැරෙන්නේ මේ එකට තමා ... හුස්ම ගන්නත් වෙලාවක් නෑ. මන් තනියම මේ වැඩ කරන නිසා ...
ReplyDeleteස්තූතියි
Delete:D
ReplyDeletethanks
Deleteනිශ්මා.......ඉතුරු ටිකත් කොහොම හරි වෙයි. වයිෆ්ගේ ධෛර්යයට උඹේ ශක්තිය එකතු වුනාම වැඩේ ගොඩ යයි.Aru
ReplyDeleteඅනේ අරුවෝ මට උඹට කතා කරන්නම ඕනි.මගේ නම්බර් එක 0094773815999 මේල් එක nismansinghe@gmail.com
Deleteස්තුතියි උඹට කියන්න ගොඩක් දේ තියෙනවා
යකෝ මේ ඉන්නේ ලොක්කා
Deleteමුට කියන්න කතා ගොඩක් තියෙනවා ඇරියස් වෙලා එන්නෙ නැහැනෙ බං.කෙල්ලත් බලං ඉන්නවා කතා කරන්න ඕනි කියලා.
Deletesubha pathum!
ReplyDeleteස්තූතියි
Deleteනිශ්මන් ගේ අලුත් කඩඉම ට විභීෂණ ගේත් උණුසුම් සුබ පැතුම්.
ReplyDeleteකුලී වලින් මිදෙන එකත් කොච්චර ලොකු දෙයක්ද?
ඒ එක්කම තව දෙයක් කියන්න ඕන .
ඔය වගේ බිරින්දෑ කෙනෙක් ලබන්නත් ඔබ බොහොම වාසනාවන්ත වෙලා තියෙනවා...
ස්තූතියි මචං වාසනාව ගැනනම් මම කතා කරන්නෙ නැහැ
Deleteඋඹ හිතන් ඉන්නේ වාසනාව කියන්නේ හැම දේම ලැබෙන එක කියලා ද? එහෙනම් උඹට වැරදිලා..
Deleteසමහර දේවල් නොලැබෙන එකත් වාසනාවක් ...
වාසනාව සාපේක්ෂයි කතාව විස්තර කිරීම අපහසුයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනිශ්මා....උඹ කියලා තියෙන කතා වලින් මේ අහන්න ලැබුණු හො ම කතාව තමයි උඹේ කියලා ගෙයක පදිංචියට යන එක.....උඹ මං ගැන දන්නවනේ..මාත් කොයි කාලයක්කුලී ගෙවල් වල හිටියනේ....මගේ කියලා පොඩි ගේ කෑල්ලක් හදාගන්න අවුරුදු 50 ත් පැන්නා බං....ගේ බැදගෙන කාමරයකට පොල්අතු හෙවිල්ලගෙන අපි පදිංචි උනේ....දැන් ටික ටික පුලුවන් වෙලාවට හදාගන්නවා.....තාමත් බිමට ගොම ගාලා තියෙන්නේ....දොර ජනේල නැ...ඒත් දුකක් නෑ...ඒක අපේ ගේ...පලයං ගිහින් පදිංචි වෙයන්....දන්නෙම නැතුව ඕක ටික ටික හැදෙයි.....
ReplyDeleteඑල
Deleteසුබ පැතුම්...! ජය වේවා...!!
ReplyDeleteඅලුත් ගෙට ගියාමවත් අරමුණක් නැති දේ රැස් කිරීමේ ඵල රහිත විකාරය නවත්තපන්. එතකොට ගේ පුංචි වුනත් ඉඩ ඇති. පිරිසුදුව තියාගන්න පුළුවන්.
අවුරුදු ගානකින් සුමියත් ඇවිත්
Deleteඋගෙනෙ මචං ප්ලෑන
Deleteඔය ටිකත් හැදෙයි බං හිම්හිට , මං ගැන , මගේ ගේ ගැන , අපි හතරදෙනා ගැන හිතහං ඔව්වා එච්චර හිතන්න ඕනදේවල් නෙමෙයි , උත්සාහය උනන්දුව කැපවීම අරව මේවා තිබුනට හැමදේම හරියන්නේ නැ , අපි නොදකින අපිට නොගැටෙන දේකුත් මේ ලෝකයේ තියනව , හිතේ සතුට සහ අපි දුන්දේ තමයි වැදගත් , ලැබෙන්නේ බොහොම ටිකයි.
ReplyDeleteස්තූතියි අටමො
Deleteමම මුලින්ම හිතුවේ මේ කියන්නේ සාග් ගේම්ස් ගැන කියලා හිටං.
ReplyDeleteතමන්ගේම කියන දේවල් හැමඑකක්ම ලේසියෙන් ලබා ගන්න බැහැ.ගෙයක් වුනත් එහෙම තමයිනේ.සුබ සිහින ඉටු වෙන තමන්ගේම නිවසක පදිංචි වෙන්න යන නිශ්මන්ට සුබ පැතුම්...!
තුති....මුහුණු පොතේ එහෙම සාග් ගැන ලියවුණා
Deleteඅලුත් ගෙදරතට විශේෂයෙන් ම තමන් ගෙ ගෙදරකට යන එක කොච්චර සැනසිල්ලක්ද කියන එක ජීවිතෙන් වැඩි කාලයක් ස්ථිර ලිපිනයක් නැතුව හිටපු මමත් හොඳට දන්න කාරණයක්. එක අතකින් ගොඩන් සතුටුයි උඹලා තමන්ගෙ ම ගෙදරකට යන ආරංචිය ඇහුවම. අනිත් අතට උඹ මිනිස්සුන්ට උදවු කරල තියෙන විදියට උඹට උදවුවක් නැති එක ගැන දුකයි. ඒත් උඹම දවසක් මට කියපු විදියට ‘හිනාවෙන්නත් දවසක් එයි බං!!!“
ReplyDeleteස්තූතියි මචං අපි දවසක හිනැහෙමු
Deleteනියමයි අයියා..මොන දේ කරත් මොනව උනත් හිතේ සැනසීම තියේ නම් එතන තමයි දිවියලෝකෙ.. උඹට ලොකු වගකීම් දෙකක් තියෙනව දරුවො දෙන්න ගැන.. ගමන ඒකත් එක්ක සමපාත කරන් යමු..
ReplyDeleteස්තූතියි
ReplyDelete