
කොහොම හරි කාන්තා ශරිරය වැඩිය නිරාවරණය නොවන ඇදුම් නැති සංස්කෘතියක් තියෙනවනම් ඒ මුස්ලිම් සංස්කෘතියෙ විතරයි.ඒත් දැන් දැන් ලංකාවෙ විවෘත සමාජයත් එක්ක ගණ -දෙනු කරන මුස්ලිම් ජනයා ඒ විදිහට අදින්න පටන් අරං තියෙනවා.(හැබැයි ඊට සාපේක්ෂව කාන්තාරෙ දූවිල්ලෙන් ආරක්ෂා වෙන්න වගෙ ඇස් සහ මුහුණ වහ ගෙන අමාරවෙන් යන මුස්ලිම් කාන්තා ප්‍රතිශතය ද වැඩි වෙලා තියෙනවා.)
කොහොම හරි මේ කාරණා වලින් ගම්‍ය වන්නෙ කාන්තා ශරීරය ආකර්ශණිය වැඩියි කියන එක.පෙන්නන්න ලස්සනක් තියෙන්නෙ ඒ ශරීරයෙ කියන එක.හැඩ වැඩ ගැන කවි ලියවිලා තියෙන්නෙම කාන්තා සිරුර ගැන නෙ.ඒ කාලෙත් මේ විදිහට හැඩ පේන්න අදින්න ඇති.නැත්නම් කොහෙද එහෙම ලියන්නෙ.
හැබැයි මේ විදිහට ගැණු ඇග වැඩිය එලියට පේන විදිහට සහ පිරිමි ඇග වැහෙන විදිහට ඇදුම් නිර්මාණය වෙන්න විද්‍යාත්මක හේතුවක් බලපෑවද දන්නෙ නැහැ.ලංකාවෙ සාමාන්‍යයෙන් පිරිමියෙක් පහසුවෙන් ඉන්න කරන්නෙ කමිසයකින් තොරව උඩු කය තබා ගෙන සිටීමනෙ.මේක ඇතැම් අයගෙ ඔළු ඇතුළෙ වැඩ කරන්නෙ නැහැදිච්ච කමක් හැටියටනෙ.
මාතෘකාවෙන් පිට යනව වගේ.ආපහු ලස්සන ඇග දිහාටම හැරෙමු.විදයාත්මකව හෝ වෙනත් කාරණාවක් මත ලෝකයේ වැඩි පුරම ඇදුම් නිර්මාණය වන විට කාන්තා ඇග පසග කැපි පෙනෙන නිරාවරණය වෙන විදිහට වැඩ සිද්ධවෙලා තියෙනවා.ඒක බොරු නෙමෙයි.හැබැයි මේ නිර්මාණ කරන්න ගියහම පොඩි අවුලක් හැදෙනවා.වැඩියම වෙන්නෙ නිර්මාණය භාවිතා කරන කෙනා තරම් දියුණු නැති වුනහම දකින කෙනා මේ පේන ටික දරන් ඉන්න බැරිව පිස්සු කෙළිනවා.
සමහරු අද දූෂණ වැඩි වෙන්න මේ ඇදුම බලපානවා කියන්නෙත් ඒකනෙ.ඇගේ චුට්ටක් දැක්කම අග පරිස්සම් කරගන්න බැරි පිරිමිකමට ශික්ෂණයක් නැහැ කියන කතාව වෙනුවට පිරිමි වගේම පිරිමි යටත් විජිතවල ගැහැණු චින්තණයද සිය වචන සොල්දාදුවො එලියට දාන්නෙ හැඩට ලස්සනට ඇදං ඉන්න ගෑණිගෙ සිමාවන් පාලනය කරන්න.
අඩු ගානෙ මේව දැක්කම හැගීම් ඇවිසෙන්නවනම් නොදැක්ක ගාණට (අපි වගේ) ඒක විදින්නවත් අපේ පිරිමින්ට විනයක් නැති කම ගැන කණගාටු වෙනව ඇරෙන්න ගෑණුන්ගෙ කොට ඇදුම මට නම් ප්‍රශනයක් නෙමෙයි.හැබැයි ඔය අදින අයත් තමන්ට මෙහෙම ඇදං යන එක කිචි කැවෙන වැඩක් නම් පිරිමි අමාරුවෙ නොදා දිගට ඇදං යනවනම් හොදයි.
මම එහෙම කියන්නෙ මමම විදපු කරදරයක් හින්ද.දවසක් රත්මලානෙ තෙලවලින් බස්සෙකට ගොඩවුණු මට ඉද ගන්න ලැබුණෙ දණහිසේ සිට ඉණ ට ගත් විට දණහිසේ සිට වැඩි පුමාණයක් ඉහළට නිරාවරණය වී තිබූ ගවුමක් ඇද සිටි සහෝදරියක් ළගයි.ඇය පෙණුමෙන්ම නාගරික සංස්කෘතියෙන් මේ වියතේ ගවුම විතරක් ගත් අයෙක් බව පැහැදිළිව පෙණුනා.ඒ වගේම ආසාවට ඇන්දට ඒන ඇයට නුහුරු බවත් පෙණුනා.ඒ නිසාම චුවිංගම් වලින් නිර්මාණය කළ ගවුමක් ලෙස සිතා ඇව දිගින් දිගටම එම ගවුම අදින්න පටන් ගත්තා.ඒත් චුවිංගම් නොවන නිසා ගවුමේ වෙනසක් සිදු නොවන අතර සිදු වූ එකම දේ වූයේ මේ ඇදිල්ල දෙස බලන්නට වැඩි දෙනෙක් ඇයගේ කකුල් දෙස අවධානය යොමු කිරිම පමණයි.
අතශයින් සුන්දර දෙපා යුවළක් (මගේ කැමැත්තට සාපේක්ෂව) නොවුණ ද කුමක් හෝ වැදගත් දෙයක් මෙහි සගවන්නට ඇතැයි යන හැගීමෙන් මම ද එය නිරීක්ෂණය කළ ද විශාල ආකර්ශණයක් ඒ කකුල් වල නොතිබි අතර ඒ සදහා වැඩියෙන් ආකර්ශණය වන්නට එකම හේතුව ලෙස මා දුටුවේ ඇය කරනු ලබන ඇදීමේ ක්‍රියාවලිය පමණයි.
එන්න එන්නම සෙනඝ වැඩි වන විට චීත්ත කෑල්ලක් සායම් ගියත් අදින්න ආස අයට මේ කකුල් ද හොද වැඩි බව මට දැණුනා.ඒ නිසා ඒ කකුල් හිමිකාරියගේ අවධානය දිනා ගැනීමට එවැනිනෙක් කුමක් හෝ ගැටළුවක් ඇති කිරීමට ඉඩ ඇති නිසා එහි ගොදුරක් වීමට ආසන්නයේම සිටින්නේ මම නිසාත් ජේආර් කියා ඇතිවාක් මෙන්ම මැතකදි හම්බන්තොට දී පොලිසිය ඔප්පු කර පෙන්නුවාක් මෙන්ම මම මගේ ආරක්ෂාව පිළිබදව සිතා ක්‍රියාත්මක වුණා.
සාමාන්‍යයෙන් කරේ එල්ලෙන මගේ සාගත මල්ල මම ඇයට පිරිනමා එය තියා ගන්නට යැයි ආරාධනා කළා.ඇය අත ඇති පුංචි අත් බැගය මෙන් සිව් ගුණයක් පමණ වූ මගේ ගමන් මල්ල ඇයගේ උකුල උඩට පැමිණියහොත් අනිවාර්යෙන්ම නිරාවරන ප්‍රදේශය වැසී යන බැවින් මම ඇයට එම උපකාරය කරන්නට සිතුවද ඇය එය ප්‍රතික්ෂේප කළේ අවිහිංසක හිනාවකින්.නමුත් ඉන් අනතුරුව ඇය යළිත් කිසිදාක අදින්නට බැරි සාය අදින්නට උත්සාහ නොකර බම්බලපිටියෙන් බැස යන තුරුම දෑත නිදහසේ තබා ගෙන පැමිණියා.
පොල් පටවන ගාණනට පටවන බස් එකේ මින්ස්සුන්ට දැනෙන දැඩි කායික වේදනා අපහසුකම් එක්ක හුගක් අයට නංගිගෙ කකුල් දෙක වටින්නෙ නැහැ.සමහර විට මේ ගැන කියලා බනින්න වනචරයි කියල අදහස් ප්‍රකාශ කරන්න ආස අය එයාලගෙ ඇත්ත ආශාව ඉටු කර ගනිමින් මෙහි වැසි ඇති සහ ඇරී ඇති ප්‍රමාණයන් ගණනය කරන්නට අත්සාහ ගන්න ඇති.
හැබැයි එහෙම තමන්ගෙ කකුල් දෙක තව කෙනෙක් දකින එකේ අවුලක් තියෙනවනම් කොටට අදින්න එපා.සිය ශරීරයේ හැඩය අපූරුවට මතු කර පෙන්නන්න කැමති හැඩ ඇගක් තියෙන කෙනෙක් ඒහෙම අදින එක සමාජ පොලිසියට බයේ නවත්තන්න ඕනිත් නැහැ.ඕක දැක්කම අපරාධ වෙනව කියන අය වගේම දරං ඉන්න බැරුව අපරාධ කරන අයත් කරන්න තියෙන්නෙ ඒ කාන්තාවන්ට බැන අඩ ගසන එක නෙමෙයි.ඒව දැකල අපරාධ කරහම නඩු හබවලට පැටලිලා කොච්චර වියදමක් කරන්න වෙනවද?සමහර වෙලාවට හිරේ විලංගුවෙත් වැටෙන්න වෙයි.ඒ නිසා ඊට අඩු වියදමකින් කරන්න තියෙන්නෙ හොද මානසික වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගන්න එක.
සමහරු කියන්නෙ මේ ඇදුම් සංස්කෘතියට ඔරොත්තු දෙන්නෙ නැහැ කියල.එහෙම කියන අය ගැනත් බයයි.ඇයි දෙයියනේ සිගිරි ලලනාවන්ට ඇදුම් අන්දන්න ගියොත්.ඒ ගැන කිව්වම කියන දේකුත් තියෙනවා.ඒ කාලෙට වඩා අද දියුණුයි. කියලා දියුණුව කියන්නෙ කාන්තාවන්ගේ ලස්සන පියයුරක් දැක්කම,වටොර ටිකක් දැක්කම ඉවසන්න බැරි තරම් විනයක් නැති එකද ශික්ෂනයක් නැති එකද?ඒකට කාන්තාවන්ගෙ ශික්ෂනයක් නැති කම කියනවට වැඩිය තමන්ගෙ ශිෂ්නයේ දරා ගැනීමේ ප්රවනතාවය වැඩි කිරීම තමයි කළ යුත්තෙ.
හැඩට දැක්කම ආසයි.පේන තරමට කැමතියි.ඒක විදින්නෙ නැතිව විදීම පාලනය කර ගන්නෙ නැතිව අපි කොහොමද එක එක්කෙනාගෙ රුචු අරුචිකම් තීරණය කරන්නෙ.ඕක තමයි අන්තිම තැන.කවුරුත් පාලනය කරනවට වැඩිය තමන්ට තමන් පාලනය කර ගන්න එක ලේසියි.නිරාවරණය වෙන ඒවා ස්පර්ශ කරන්න බලපෑම් නොකර කැමැත්තෙන් ලැබෙන දෙයක් ස්පර්ශ කර ගෙන බලන්න ලැබෙන දෙයින් යම් වින්දනයක් ලබා ගෙන පිරිමිකමට බ්රේක් නැහැ වගේ හිතෙන ලැජ්ජ හිතෙන දේ නොකිය ඉන්නවනම් ඒක ගෑණුන්ටත් හොදයි පිරිමින්ටත් හොදයි.එහෙම නේද?
අඩේ බ්ලොගක් පටන් ගත්තද මචෝ ඔන්න මගෙන් සුබ පැතුම්. මේක මගේ බ්ලොග් රෝලෙත් එල්ලුවා ඕන්. මං කස්ටියටත් කියන්නං කෝ මේ ගැන.
ReplyDeletethanks macho
Deleteඇඳුම් අඳිනකොට ඇදුම ගැන ආත්ම විශ්වාසයක් තිබෙන්නට ඕනි. කොට ටී සර්ට් එකක් හෝ සායක් ඇදලා ඒක ඇද ඇද යනවා නම් එතනදි විශ්වාසය නැති වෙනවා.ඒ වගේම ලෝකෙ තියෙන හැම ඇදුමම හැමෝටම හරියන්නෙත් නැහැ..
ReplyDeleteඇදුම් නිර්මානය සහ ආකර්ශනය ලැබෙන විදියට ඇදීම කියන්නෙත් විද්‍යාවක්.. ඒ වගේම සමාර ඇදුම් එක්ක හැසිරීමත් ටිකක් ඇදුමට අනුව හැදෙන්න ඕනි. උදාහරන විදියට සාරියක් ඇන්ද නම් කලිසම ඇන්දා වගේ දඩ බඩ ගාල දුවල පැනල වැඩකරන්න ගත්තම ඒක ගැලපෙන් නැහැ.. ඒ වගේම කොටට ඇන්දමත් බිම තියෙන යමක් ඇහිදගන්න බිමට පහත්වන කොට ඇදුම ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනි.. කියලා මට හිතෙනවා..
කාන්තා ඇඳුම් පිරිමි ඇඳුම් කියන බෙදීම ඉවත් කරන්න ඕනේ.
Deleteඇදීම කියන්නෙත් විද්‍යාවක්
Deleteමේක තමයි හරි.ඇදීම වගේම ඇන්දීමත් විද්‍යාවක්.හැම දෙයක් ගැනම ගැලපීමක් වගේම විශ්වාසයක් තියෙන්න ඕනි.ඒ විශ්වාසය සහ ගැලපීම නැති වුණහම අදින කෙනයි අනිත් කෙනයි දෙන්නම අවුලක වැටෙනවා.
අහ්...සාරිය ඇන්දම අමතක වෙලා මම ෆෝන් එක ගන්න සාක්කුවට අතදානවා.
ReplyDeleteආ..තව එකක් මේ පින්තුරේ දැක්කම මතක් වුනේ..අපේ කට්ටිය යද්දි තියෙන ලස්සන.
ReplyDeleteමේ සැරේ නිදහස් උලෙලට නම් ස්ටොකින්ස් දාගෙන ගියා..ඇතැම් රෙජිම්වල
නැතිනම් ඉතින් පොඩි එකාගේ පැස්ටල් පෙට්ටිය වගේ.
පැස්ටල්....... එල කියමන.....
Deleteතෑන්ක්ස් අදහස් දැක්වීමට
Deleteඔව් ...! .එහෙම තමයි...!!
ReplyDeleteවිලාසිතාවේ සීමාව ගැලපීම නොගැලපීම මත තමයි තීරණය වෙන්න ඕන.
සුපිරි.......
ReplyDeleteමාතලන් ලොක්කට කිව්ව සින්ඩියෙ එල්ලන්න කියල.....
දිගටම ලියහන්.....
මේ ලිපියෙන් ඔබ එක දෙයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ තමයි කාන්තාව පුරුෂයාගේ කාම වස්තුවක් යන්න සනාථ කිරීම. කාන්තාවන් පිරිමින්ගේ ලිංගික ආශාව තෘප්තිමත් කිරීම තමන්ගේ ප්‍රධානම කාර්යක් හැටියට සලකන්න ඕනේ කියන අදහස මෙයින් ගම්‍ය වෙනවා. ඒක නූතන යුගයේ කාන්තාවන් සම්බන්ධයෙන් සාධාරන නෑ. මේ කාලේ කාන්තාවන්ට පිරිමින්ගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරන එකට වඩා කරන්න දේවල් බොහොමයක් තියෙනවා.
ReplyDeleteඒක නෙමෙයි හුගක් පිරිමි ඔළු වල තියෙන්නෙ තමන්ගෙ අතේ සුක්කානම තියෙන ලස්සන වාහනයක් කියලා.
Delete@වනිතා හඬ
Deleteඑතකොට පිරිමින් ඉන්නේ මොන මගුලටද? ගෑනුන්ට ලිංගික ආශාවක් නැත්ද? ලිංගික ආශාව ගෑනු හා පිරිමි වශයෙන් ගැලපීමේ වැරැද්ද මොකක්ද? ඔය සේරම වැරදිනම් ස්වභාවයෙන් ඒවට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ ඇයි. නිකම් අතාර්කික මෝඩ කතා නොකියා හිටියොත් හොඳයි වනිතා.
ඇඳුම තමන්ට ගැලපෙන්න, තමන් ඉන්න තැන, යන තැනට ගැලපෙන්න ඇන්දනං ඉතිං ඕකෙ එච්චර කේස් එකක් නෑ.. මොකද ඇඳුම තමන්ට හෝ එතන ඉන්න අනිත් මිනිස්සුන්ට ගැලපෙන්නෙ නැති උනාම තමයි ඔය කේස් එක... අර බෙනාසීර් භුතෝ එංගලන්තෙද ඇමරිකාවෙද ඉන්න කාලේ බිකිණියක් ඇදං ඉඳලා, පකිස්ථානෙට ආවම ඔලුවෙ ඉඳන් වහගෙන හිටියා කියලා කතාවක් තියෙනවනෙ.. අන්න ඒ වගේ..
ReplyDeleteලස්සන විඳින්න තේරුමක් නැති ගෝත්‍රිකයන්ට ලස්සන පෙන්නලා වැඩක් නැති හින්දා ඇඟම වහගෙන යන එකත් හොඳයි එක අතකට...
ඒක හරි.ඒත් අපි ගෝත්‍රික නැටුම්වල ශිල්පියො වෙන්නෙ මොකටද?
Deleteඔබේ අලුත් බ්ලොග් පිටුව අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න අපේ බ්ලොග් දර්ශකය.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
http://chiththapata.blogspot.com/
Deleteමම කලින් වැඩකරපු තැනකත් හිටියා මේ වගේ කොට සායවල් අඳින් නංගී කෙනෙක්... දවස පුරාම එකට වැඩ කරද්දී කකුල් දෙක දිහා නොබලා ඉන්න ගන්න මහන්සිය කොච්චරද කියනවානම් හවස් වෙද්දී ඔළුව රිදෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනේ මම නම් කියන්නේ ගෑනු ළමයි කොටට ඇන්දට කමක් නෑ හැබැයි ලඟ පාත් ඉන්න මිනිස්සු අපහසු තාවෙට පත් නොවෙන විදියට
ReplyDeleteඅපහසුවට පත් නොකරනවනම් හොදයි.ඒත් කවුරුත් අපහසුවට පත් වීම කොහොමද අප්පේ ඒ නංගි වළක්වන්නෙ
ReplyDeleteඇඳුමේ ශරීරය ඇරෙන වැහෙන ප්‍රමාණය මොක උනත් ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට වෙන වෙනම ආවේනික වන සමාජ හා මනෝවිද්‍යාත්මක අනුවර්තනයන් පැහැදිලිව තිබියයුතුයි. ඒවා ඕනෑම සමාජයක අනිවාර්ය අංග. අනෙක ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට ආවේනික අනුවර්තනයන් අතර මනා සමබරතාවයක් තිබියයුතුයි. මෙතන මේ සිද්ධිය බැලුවොත් කියන්න තියෙන්නේ ඇඳුමත් ඇතුලුව ස්ත්‍රීත්වය හා පෞරුෂත්වය යන දෙකටම වෙන් වෙන්ව ආවේනික වන ක්‍රියාකාරකම් හරහා ලිංගික අවශ්‍යතාවල ගැලපීමකුත් ස්වභාවයෙන් ඇතිවෙනවා වගේම ඒ ගැන අවබෝධයකින් ඒ සිද්ධියත් එක්ක එකට ජීවත් වීමට කාටත් හැකියාවක් තිබියයුතුයි. මොකද අපි හැමෝම ස්වභාවික හැඟීම් දැනීම් තියෙන මනුස්සයෝ නිසා.
ReplyDeleteඕනම දෙයකට හුරු පුරුදුවෙන්න කාලයක් යනවා. දැකලා නැද්ද ඉස් ඉස්සරවෙලා කලිසම් ඇඳපු අක්කලා නංගිලා බයිසිකල් වල පිටිපස්සෙ හරි කවුරු හරි පහුකාරගෙන ඇවිදිනකොට හරි උඩට ඇඳපු ටීෂර්ට් එක හරි බ්ලවුස් එක හරි ඔය වගේම අදිනවා. ඒක එක අතකින් අපේ සමාජ සදාචාරය.
ReplyDeleteඅහලා තියෙනවා නේද ඇත්ත කථාවක් තියෙනවා අර කෝච්චි එන්ජින් ඩ්‍රයිවර් මහත්තයෙක් දැකපු දෙයක් ගැන....සිය දිවිනසාගන්න එන්ජිම ඉස්සරහට දුවගෙන ආපු ලමිස්සියෙක් යකා වගෙ ඇදෙන කෝච්චියේ සැර හුලන් පාරට උඩ ගිය ගවුම දෑතින්ම පල්ලෙහට දා ගත්තලු එන්ජිමේ වදින්න ඔන්න මෙන්න තියෙනකොට.
සදාචාරය.....!!!!!!!!
ඕක මැරුණත් අරින්න බෑ නේද?
Deleteඅඳින එකා බයක් සැකක් කැතක් නැතුව ඇඳගෙන යනවනම් අපිට මොකෝ... මම නම් කැමතියි කෙල්ලෝ කොටට අඳිනවට. ලංකාවේ කෙල්ලන්ගේ කකුල් ලබ්බේ ඉරටු ගහලා වගේ නිසා. මස් තියෙන උඩ ටිකවත් දැක්කාම අප්පිරියාව නැති වෙලා යනවා. නැත්නම් අපි තවමත් පෝලීයෝ ප්‍රතිශක්තිකරනය නිසි ලෙස ක්‍රියාත්මක නොකල රටක් ලෙස ආයෙත් රෙජිස්ටර් වෙන්න ඉඩ තියෙනවා.
ReplyDeleteකොටට අැදීම නෙමෙයි අවුල තමන්ට කොටට ඇදීමෙන් සුන්දර පෙණුමක් එනවද නැත්නම් තියෙන පෙණුමත් නැති වෙනවද කියලා තීරණය කිරීමත් වැදගත්
Deleteකොටට අඳින එක අවුල් වෙන්නේ විශ්වාස නැති කමට එකට හොදම ස්ටොකින් පාවිච්චි කටන එක තමයි ඉතින්. ඉන්දියාවේ උනත් බලන්න නිලියෝ අපිට ඇඳට උන් යටට ස්ටොකින්ස් අන්දලා වහගෙන ඉන්නේ
Deleteවිලාසිතාව ප්‍රියංකරයි නම්.. මොනා පෙනුනත් මොකෝ..
ReplyDeleteවිලාසිතාවෙන් පේන එකත් ප්‍රියංකර වුණොත් තවත් මරු
Delete"එන්න එන්නම සෙනඝ වැඩි වන විට චීත්ත කෑල්ලක් සායම් ගියත් අදින්න ආස අයට මේ කකුල් ද හොද වැඩි බව මට දැණුනා.ඒ නිසා ඒ කකුල් හිමිකාරියගේ අවධානය දිනා ගැනීමට එවැනිනෙක් කුමක් හෝ ගැටළුවක් ඇති කිරීමට ඉඩ ඇති නිසා එහි ගොදුරක් වීමට ආසන්නයේම සිටින්නේ මම නිසාත් ජේආර් කියා ඇතිවාක් මෙන්ම මැතකදි හම්බන්තොට දී පොලිසිය ඔප්පු කර පෙන්නුවාක් මෙන්ම මම මගේ ආරක්ෂාව පිළිබදව සිතා ක්‍රියාත්මක වුණා.
සාමාන්‍යයෙන් කරේ එල්ලෙන මගේ සාගත මල්ල මම ඇයට පිරිනමා එය තියා ගන්නට යැයි ආරාධනා කළා.ඇය අත ඇති පුංචි අත් බැගය මෙන් සිව් ගුණයක් පමණ වූ මගේ ගමන් මල්ල ඇයගේ උකුල උඩට පැමිණියහොත් අනිවාර්යෙන්ම නිරාවරන ප්‍රදේශය වැසී යන බැවින් මම ඇයට එම උපකාරය කරන්නට සිතුවද ඇය එය ප්‍රතික්ෂේප කළේ අවිහිංසක හිනාවකින්.නමුත් ඉන් අනතුරුව ඇය යළිත් කිසිදාක අදින්නට බැරි සාය අදින්නට උත්සාහ නොකර බම්බලපිටියෙන් බැස යන තුරුම දෑත නිදහසේ තබා ගෙන පැමිණියා."
කොටට හෝ පපු පෙදෙස මදක් නිරාවරණය වෙන විදිහෙ ඇඳුම් අඳින කාන්තා පාර්ශවය දැක්කම කිති කැවෙන, කුපිත වෙන, අපහසුතාවට පත් වෙන අය තමන්ගෙ ඔලු සුද්ද කරගන්නව මිසක අඳින අයට දෙස් දෙවොල් තියල නීති දාන්න යන එක ගොංපාට් එකක් නොවෙද ආයිබං.
ReplyDeleteඑහෙමයි ආයිබොවං හොදයි අදහස
Deleteමේ පැත්තට අද තමයි ආවේ..වැදගත් ලිපියක්.උවමනාවෙන් කියෙව්වා.අය්යෝ සාරි ඇඳන් වැඩ කරන එක එච්චර ලේසි නැහැ.ඔෆිස් එකේදි හැමදාම අපි කතා කරනවා මේ ඇඳුම හඳුන්වලා දුන්නෙ කවුද දන්නෙ නැහැ කියලා..හරියට උසස් පෙළ පන්තියේදී රාහුල හාමුදුරුවො සැළලිහිනිය නොලීවනම් කියලා හිතුවා වගේ.ඒත් මගෙ අදහස නම් සාරිය ශ්‍රී ලදකාවෙ කාන්තාවන්ට කදිම ඇඳුම කියන එක තමයි....
ReplyDeleteසාරියට වැඩිය සල්වාර් එකෙන් ඇග වැහෙනවා.ඒත් ඇයි එහෙම මේ දාඩිය පාරාදීසෙ මැරෙන්නෙ.පහසුවට ඇන්දම ඉවරනෙ.ඔය ඇදුමෙන් නිරාවරනය වන ඇගේ අවුලක් නෙමෙයිනෙ අගේ අවුලක්නෙ
Deleteමම ඉන්නෙ එංගලන්තයෙ.මෙහෙ කෙල්ලො ඕනි තරම් කකුල් පේන්න, බ්‍රෙස්ට් පේන්න අඳිනවා. කිසිම සුද්දෙක් බලන්නෙ නැහැ.බැලුවොත් ලංකාවෙ,ඉන්දියාවෙ,පකිස්තානෙ එකෙක් විතරයි .
ReplyDeleteඇත්තටම මොකද්ද ඒ වෙනසට හේතුව වැහිල තියෙන නිසා අගය වැඩි කම ද?
ReplyDeleteස්ත්‍රීන් අඳින ඇඳුම් වලින් වැඩියෙන්ම රාගය උපදවන ඇඳුම මා දකින විදිහට නම් සාරියයි. ස්ත්‍රීයකගේ ඉන, උකුල විවෘත වන්නේ සාරියටයි, රෙද්ද හැට්ටත් ඒ ගනයට යයි. කෙටි සාය ඇඳී ස්ත්රීන්ගේ කකුල් දිස්වුනත් එය සාරිය තරම් බලපෑම් නොකරන බව මගේ අදහසයි. එකිනෙකාගේ රසයන් වලට අනූව මෙය වෙනස්වෙන්නත් පුළුවන්. අනික වැරදි අදහසක් නොතිබුනත් ස්ත්‍රී, පුරුෂ වෙනසක් නැතිව අනිකුන් තමන් වෙත ආකර්ෂනය වෙනවා දකින්න ස්ත්‍රීන් බොහෝම කැමැතියි. ස්ත්‍රීන් පොදු ස්තානවල තමන් ඇඳන් වස්ත්‍රයක් සිටින හෝ යමක් අතපත ගාන්නේ ඒ නිසයි. හිස සිට දෙපතුල දක්වා වසා සිටින අයත් මෙයින් මිදෙන්නේ බොහෝම කලාතුරකිනි. ඔබ දැක්කා වගේ අලුත් ඇඳුමක් ඇඳීමෙන් නුපුරුදුකම නිසා එහෙම වෙන්නත් අවස්තාත් ඇත.
ReplyDeleteදිගටම මාව කියවන්න.සතුටුයි!
Deleteගැහැණු පාර්ශවයට ස්ටොකින් අඳින්න පුළුවනි නම් වඩාත් හොඳයි. එත් ලංකාවේ වැඩි ප්‍රවන තවක් නැ. කොටට අඳින යට ගොඩක් වටින දෙයක්
ReplyDelete