කන්තලේ ප්‍රදේශයේ ගුරුවරියකගේ සපත්තු මාලය මේ දිනවල ජනප්‍රියම මාතෘකාවන් අතර වැදගත් තැනක් උසුලයි.ගුරුවරුන්ට නොදැනෙන කරුණාවක් තෙතක් ඇති පොලිසියක් ගැන නිතර නිතර මතුව එයි.එහෙත් මෙය හුදෙකලා සිදුවීමක් ලෙස ගනු විනා මේ වෘත්තීන් දෙක සංසන්දනය කරන්නට යාම අනුචිතය.මන්ද පොලිස් නිලධාරීන් ගැන අසන තෙතැති කතා අභිබවා ගුරුවරුන්ගේ සෙනෙහස ගැන කියන්නට බොහෝ කතා සමාජය තුළ තිබෙන බැවිනි.
මේ පොලිසියේ නිලධාරියෙක්ගේ හුදෙකලා වැඩකි.අනිත් අතට ගුරුවරියකගේ හුදෙකලා වැඩකි.ඇත්ත එයය.සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙක්ගේ හැසිරීම් වෘත්තීයට වැඩි බරක් දී සමාජ ගත කරන්නට යාමෙන් හොදකට වඩා විය හැකි නරකක් තිබෙන බව අප අවබෝධ කර ගත යුතුය.පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් බලන විට පොලිසිය කෙසේ හැසිරුනිද යන්න පිළිබදව අපි හොදින්ම දුටුවෙමු.මේ ශිෂ්‍යාවගේ අනාගතයේ දවසක සරසවි දියණියක ලෙස සිය ඉල්ලීම් ඉල්ලා පාරට බටහොත් මේ නිලධාරියා නියෝජනය කරන පොලිසියම සෙරෙප්පු පැළදි පයට ආයෙමත් කිසි දවසක සෙරෙප්පුවක් පැළදීමේ උවමනාවක් ඇති නොවනාකාරයේ ක්‍රියාවක් කිරීමට ද ඉඩ ඇත.
ජීවිතය එළිය කරන්නට අධ්‍යාපනයෙන් ඇයට ඒ දක්වා යාමට අත්වැල සපයන්නෝ ගුරුවරු වෙති.ඒ අත්වැල අල්ලාගෙන නැගිටින දි්‍යණිවරු පුතුනුවෝ පොලිසීය දැයට අහිමි කළ අවස්ථා ගැන කතා ද බොහෝය.
මේ සටහනේ අරමුණ පාවහන් පිදූ නිලධාරියා පූජාසනයෙන් ඇද දමා සෙරෙප්පු පැළදුව ගුරුවරිය එහි හිදුවීම නොවේය.එම නිලධාරියා පුදසුනට සුදුසු වුව,ගුරුකම සහ පොලිසිය යන වාත්තීන් දෙක ගත් විට ගුරුවරු වඩාත් පිදුමට සුදුස්සෝ වන්නාහ.එසේම එම ගුරුවරිය එම සිසුවියට සෙරෙප්පු මාලය පැළදීමට හේතු වු කාරණා ඇයගේ පාර්ශවයෙන් කිසිම තැනක විග්‍රහ වූයේ නැත.මිනීමරුවාට අයෙක් මරන්නට බල පෑ හේතු කවරේද යන්න ඉදිරිපත් කරන්නට දී දඩුවම අඩු - වැඩි කරන සිරිතක් පිළිගත් නීතියේද ඇත.පුස් කෑ කඩතොළු වූ කීතිය ගැන පූර්ණ විශ්වාසයක් නැතත් එවැනි සම්ප්‍රදායක් තිබෙන බව හැබෑය.
එසේම එසේ නීතිය පිළිබද විශ්වාසය බිද වැටීමට සපත්තු රැගෙන දුන් නිලධාරියා නියෝජනය කරන නිල ඇදුම් ලූ පිරිස කළ හානියද බරපතලය.
පොලිසියේ අහම්බයෙන් හමු වු හොද එකෙක් ලෙස මේ සිදුවීම නොගත් විට මේ නිලධාරියා ගැසූ තොරණේ විදුලි ආලෝකය අතර රැදුණු කොටු අතරට සමාජයේ නීතිය පිළිබද විශ්වාසය දවා හළු කරමින් සිටින අසමජ්ජාති නිලධාරි පිරිසට ද රිංගා ගන්නට ඉඩ ඇත.අප එය පැහැදිළිව තේරුම් ගත යුතුය.මෑතම සිදුවීම් ගත් විට හම්බන්තොට සිදුවීම අත් බැද බලා සිටියේ පොලිසියය.මිනිසුන් ගස් බැද දමද්දි අත් බැද සිටියේ ද පොලිසිය ය.විශාල ආන්දෝලනයක් ඇති කළ කුඩු සම්බන්ධ සිදුවීම් වලදී නම කියැවෙන ඉහළ පුරවැසියන්ගෙන් කට උත්තරයක් හෝ නොගන්නේ ද පොලිසිය ය මෙවැනි සිදුවීම් එක පෙළට පේලි ගැස්වීම පලක් නැත.ඇතැම් සිදුවීම් වලදි පුද්ගල තරාතිරම සහ දේශපාලනය ඉදිරියේ පොලිසිය මුනිවත රකින්නේ අසාධාරණය පිළිකුල් කරන පොඩි එකෙක් හූවකින් කරන සංග්‍රහය තරම් විරෝධයක් නොදක්වා ඊට සම්පූර්ණ අනුබලය දෙමින්ය.
ඇතැම් විට මේ සිදුවීම ප්‍රදේශයේ බලවත් දේශපාලකයෙක් අතින් සිදු වූවා නම් ඒ සම්බන්ධයෙන් සියල්ල සගවා තබා දරුවාට එම කාරණය ප්‍රසිද්ද නොකරන ලෙස බලපෑම් කරන්නට සිදු වන්නේ ද පොලිසියටය.ඇතැම් විට මේ පාවහන් ප්‍රදානය කළ නිලධාරියාටම එම ක්‍රියාවලිය මෙහෙයවන්නට සිදුවන ආකාරයේ පාපයක හවුල්කරු වන්නට සිදු වන්නට ද ඉඩ ඇත.නමුත් මේ ප්‍රදානය අතිශයින් මානුෂික වටිනාකමක් හිමි වර්ථමාන පොලිසය තුළින් විද්‍යාමන වේ යැයි අපේක්ෂා නොකළ හැකි සිදුවීමක් බව පිළිගත යුතුය.
එම අහම්බයේ නොසිට මේ සිදුවීම පොලිසියේ පොල්ලෙන් ගුරුවරයාට තැලෙන්නට ඉඩ දෙනාකාරයේ අතිශ්‍යොක්තියෙන් හුවා දැක්වීමේ භයානක කමක් ඇත.ගුරු භක්තියට එයින් සිදුවන හානිය සමස්ත ගුරු පරපුර අතර සහ සිසු සමාජය අතර තියෙන ගණු-දෙනුවේ ස්වභාවයට හානිකර සංකල්ප එකතු කිරීමක් විය හැකිය.එසේම එම සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරිය කියූ දේ කවරේද යන්න සටහන් කිරීමද,එසේ කිසිවක් කීම ඇය ප්‍රතික්ෂේප කළ බව හෝ නොකියා සිටීමද මාධ්‍යකරුවා පොලිස් ප්‍රකාශකයෙක් වීම තෙක් තල්ලු කරන්නේය.එයද ඉතාමත් බරපතළ තත්ත්වයකි.
ලේඛණයට මුල් වන සිදුවිමට අනුව මෙම පාසල, මෙම සිසුවිය ඉක්මවා ගිය විශාල ආර්ථික පදනමක් ඇති සපත්තු ජෝඩුවක් යනු කජු කනවා වැනි වැඩක් තරමට ආර්ථිකය සරු මිනිසුන් සිටින පාසලක් වීමට නොහැකිය.එසේනම් මෙම සිසුවිය පමණක් දඩුවමට යටත් වීමට ඇයගේ පාර්ශවයෙන් ද සාධාරණ නොවුණ ද ඇයට ද කීමට යමක් තිබෙන බව පැහැදිළිය.සෙරෙප්පු මාලා පැළදීම කිසිසේත්ම අනුමත නොකළ හැකි නමුත් සිදුවීම වාර්තාකරණයේදී සමාජයේ වැදගත් වෘත්තියක් ලෙස ගුරුකම සළකා ඇය එවැනි මානසික තත්ත්වයට වැටීමට තුඩු දුන් හේතු ද ඉදිරිපත් කළේ නම් වැදගත්ය.
මන්ද එක පොලිස් නිලධාරියෙක්ට සමස්ත පොලිසියේ වැරදි හෝදා දමන්නට නොහැකි ආකාරයෙන්ම එක ගුරුවරයෙක්ට සමස්ත ගුරු සේවාවේම හොද සෝදා හරින්නට ද ඉඩ නොදිය යුතු බැවිනි.නූතණ ගුරුවරයාගේ භූමිකාවෙ පරමාර්ථ සහ අභිමතාර්ථ යන කරුණු සම්බන්ධයෙන් විශාල ගැටළු ඇති නමුත් තවම නම් ගුරුකම පොලිසියට වඩා ඇගයිය යුතු තත්ත්වයක ඇත.
//මේ පොලිසියේ නිලධාරියෙක්ගේ හුදෙකලා වැඩකි.අනිත් අතට ගුරුවරියකගේ හුදෙකලා වැඩකි.ඇත්ත එයය.සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙක්ගේ හැසිරීම් වෘත්තීයට වැඩි බරක් දී සමාජ ගත කරන්නට යාමෙන් හොදකට වඩා විය හැකි නරකක් තිබෙන බව අප අවබෝධ කර ගත යුතුය//
ReplyDeleteඇත්ත
නිෂ්මන්ගෙ බ්ලොග් එක මුල ඉඳල කියවන ගමන්. සිංහල කියවන්නන් දැකියයුතු බ්ලොග් එකක්
thanks
Delete// තවම නම් ගුරුකම පොලිසියට වඩා ඇගයිය යුතු තත්ත්වයක ඇත. // හැම පාසල් ගුරුවරයාම ටියුෂන් දෙන්නට යාම වැනි දේත් ඉහත සිදුවන දැ මගිනුත් ගුර කමද පොලෝසියේ තත්ත්වයට සිඝ්‍රෙයන් ළගා වෙමින් පවතින බව මගේ හැගුමයි.
ReplyDeleteඒත් මර්ධනය කියන කැල්ල හොද අතට ඉතිරි වෙලා තියෙයි
Deleteඅගය කලයුතු දෙය අගය කිරීම නුසුදුසුද?.දැරියට පාවහන් යුවලක් ලබාදෙන්නේ පොලිස් කොස්තාපල් වරයෙකි.පිටසක්වලයෙකු නොව අප වන් පොඩි පන්තියේ මිනිසෙකි.ගුරුවරියද ඒ සමාජ මට්ටම නියෝජනය කරයි.පොලිස් නිලදාරියෙකුට වඩා ගුරුවරයා බොහෝසෙයින් සංවේදී වියයුතු නේද?.සමාජයට යහපත් මිනිසුන් ඉදිරිපත් කිරීමේ වගකීම ගුරුවරුන් අත තිබේ.සෙරෙප්පු දෙක දැරියගේ කරේ පැලඳීම කුමන හේතුවක් මත හෝ සාදාරනී කල හැකිද?.මේ සිදුවීම නිසා ඇගේ ළමා මනසට සිදුවූ හානිය ඇතැම්විට එම දැරියගේ අනාගත ජීවිතයටම බලපෑම් කරන්නට හේතුවක් වනු ඇත.ඇය අවාසනාවකට සමාජ විරෝධී ගැහැණියක් වුවහොත් එහි යම් වගකීමක් අදාළ ගුරුවරිය වෙතද පැවරෙනු ඇත.
ReplyDeleteලියා ඇති දේ නැවත කියවන්න.අගය කළ යුත්තේ පුද්ගලයා මිස වෘත්තිකයා නොවේය.වෘත්තියට අගය කිරීමේදී වැඩි බරක් පැටවීමෙන් වෘත්තීන් දෙක අතර තිබෙන මුහුණුවර වෙනස් වීම නුසුදුසුය.පද්ගලයා ඇගයිම සුදුසු සහ යුතු බව මා ලියා ඇත.
Deleteඔබ ගුරුවරයෙකු නිසා අදාළ ගුරුවරිය යම් තාක් දුරට සාදාරනී කරණයට ලක් කරන බව පෙනේ.එසේම පොලීසිය කොහොමත් දුෂිත එකකි එනිසා අදාළ දැරිය වෙනුවෙන් කල යහපත් ක්‍රියාව එතරම් වැදගත් නැතැයි යන්නද ඔබ නොකියා කියයි.
Deleteමම ගුරුවරයෙක් නොවේ.එසේම මට ගුරුවරුන් ගැන වෙනම විවේචනයක්ද ඇත.එය මේ සිදුවීමෙන් පසුව ලියන්නට අදහස් කරයි.සියල්ල සාපේක්ෂය.එහිදී පොලිසිය සහ ගුරුවරයා කියන වාත්තීන් දෙක තුළ වඩාත් යහපත් කුමක්ද යන්න තීරණය කිරීම එකිනෙකාගේ සමාජ අත්දැකීම් පදනම් කරගෙන කළ හැකිය.මම කියන්නෙ මේ ගුරුවරියගේ සහ පොලිස් නිලධාරියාගේ ක්‍රියාකාරකම් හුදෙකලා සිදුවීම් පමණය.එය පුද්ගල කේන්ද්‍රීයව විමසනු විනා වෘත්තීයමය වශයෙන් සම්බන්ධ කර විමසීමේදී වෘත්තිමය වශයෙන් ගුරුකමට අගතියක් සහ පොලිසියේ තනතුරට අනවශ්‍ය දීප්තියක් එක්වන බවය.මේ සමස්ත ගුරුවරයා සහ සමස්ත පොලිසිය ලෙස හුවා දැක්වෙන අයුරේ ප්‍රකාශ නුසුදුසු බවය
Deleteසමහරවිට පාසලේ විනය (පෙනුම) වෙනුවෙන්, විදුහල්පතිගේ නියෝග මත ගුරුවරිය ක්‍රියාකළා වෙන්නත් පුළුවන්.
ReplyDeleteඋම හරි මචං මේ වැඩේ එළියට එන්නෙ ගුරුවරියගෙ කිසිම ප්‍රකාශයක් නැතිව.මොනව හරි ගොන් පාට් එකක් දාන්න හරි එයාගෙ පැත්තෙන් එයාට චාන්ස් එකක් දෙන්න ඕනි.මේකෙදි නඩුව දාලා අහලා කුරුසෙ ඇන ගහන වැඩෙත් කරල ඉවරවෙලයි මාධ්‍යකරු අපිට කියන්නෙ ඒක පිළිගන්න කියලා.ඒකයි මම කියන්නෙ මාධ්‍යකරුවෙක් හැටියට නොපෙනෙන ගුරුවරිය අපට පෙන්නන්න කියලා.ඇයට එහෙම කරන්න බලපාන්න ඇත්තේ කුමක් විය හැකිද?එවැනි පරිසරයක සපත්තු නැතිව එන එකම ළමයා ඇය පමණක්ද?එසේ වන්නේ ඇයි? මේ කාරණා නැතිව සිරා පොලිස් කාරයෙක් සහ ගූ ටීචර් කෙනෙක් කියලා සංකේත දෙකක් ගෙනල්ලා තව ඒක අස්සෙ සමස්ත පොලිසිය සහ සමස්ත ගුරු පරපුර හැටියට ඒ සංඛේත දෙක භාවිතා කරන්නත් හදනවනෙ මචං.ඒකටයි මම විරුද්ධ
ReplyDeleteමේ ආශ්චර්ය ඇතුලේ සෙරෙප්පු දාලා ළමයි ඉස්කෝළේ යන එක හොඳ නෑ වගේ දෙයක් චීචර්ට හිතෙන්න ඇති. ඕ අයි සී ටවුමේ සපත්තු කඩේට කෝල කලාම එතනින් සපත්තු දෙකක් ගෙනත් දෙන්න ඇති. නැතුව ඉතින් පොලොස් කාරයෝ සපත්තු දීම කෙසේ වෙතත් පුළුවන් නම් සපත්තු දෙකක් අරගෙන ඉල්ලයි. අපි නොදන්නවයි මේ දෙගොල්ලෝ ගැනම.
ReplyDeleteනිශ්මං......මේ හැම දෙයක්ම යාන්ත්‍රීය විදිහට තේරුම් ගන්න පුරුදුවෙච්ච සමාජයක අපි ජීවත්වෙන්නේ. ගුරුවරිය කියා තියෙනවා එහෙම කරේ විනය හදන්න කියලා. මේ තමයි රෙගුලාසි පොත් වල අකුරු අස්සෙන් ලෝකය දිහා බලන අයගේ හැටි. දුප්පත් කමේ අන්තිම අඩියේ ඉන්න අසරණ දරුවෙකුට සපත්තු දෙකක් අරන් දෙන මාර්ගයක් නිර්මාණය කරගන්නේ නැතුව විනය රකින්න කියලා දීපු හැටි නම් හරිම අගෙයි.
ReplyDeleteසපත්තු දෙකක් අරන් දීපු එක හොඳයි. ඒත් මේ මාධ්‍ය ෂෝ දාන එක තමයි වැඩේ. මේකත් හරියට වැඩිහිටි නිවාසෙකට කෑම වේලක් දීලා රටේම තියෙන පත්තරවලයි, ටීවීවලයි දාගන්න නළු නිළි අම්බරුවෝ වගේ තමයි. රටේ මහ එකාගේ ඉඳන් අතදරුවා වෙනකම් මීඩියා ලොල් , මීඩියා ලෙවකන අවිචාරවත් කොටසක් වෙලා.
කතාව හරි හැබැයි මේ ළමය විතරක් ටාගට් වුණේ ඇයි කියන එකයි මාධ්‍ය වලින් හොයන්න ඕනි.ඒක ගුරුවරිය සහ ළමයා අතර තියෙන අවුලක් ද?නැත්නම් ගුරුවරිය තිබෙන තත්ත්වයෙන් හොද අතට හෝ නරක අතට පාසල රැගෙන යන්න උත්සාහ කිරීමේ ප්‍රතිපලයකට ඇයව ඉලක්ක කර ගැනීමට ගත් උත්සාහයක්ද... මම විහ්වාස කරනවා ඔය කතාව ඇතුළෙ උඩින් අතගාන දේට වඩා ලොකු කතාවක් තියෙනවා.ඒක එලියට එනකොට සමහර විට වීරයා ටීචර් වෙන්නත් පුළුවන්.කළු සබත්තු දාන්න කිව්වම ඒක නොදා වෙන මහා ගණන් තියෙන සපත්තු දා ගෙන ඇවිත් ගේම ඉල්ලන ළමයි කොළම පාසල් වලත් මම දැකල තියෙනවා.මේකෙ ඇත්ත කතාව ටීචර් වගේම ඒ වටේ තවත් අය ටච් කරලයි ගන්න ඕනි.එහෙම මීඩියා නැති එක තමයි මචං අවුල අද
ReplyDeleteනිෂ්මං.
ReplyDelete// මම විහ්වාස කරනවා ඔය කතාව ඇතුළෙ උඩින් අතගාන දේට වඩා ලොකු කතාවක් තියෙනවා.ඒක එලියට එනකොට සමහර විට වීරයා ටීචර් වෙන්නත් පුළුවන්. //
මට ඇත්තටම ඔබේ අදහස් ගැන කළකිරීමක් ඇති උනා.
ඔව්, අපි හැම තිස්සෙම දෙපැත්තම බලන්න ඕන තමයි. ඒත් යුද්ධෙකදි උනත් මරණ එක අනුමත උනාට හදවත ගලවල අරන් කන එක අනුමත කරන්නෙ නෑනෙ. අන්න ඒ වගේ මේ ළමය යම් වැරැද්දක් කලානම් දඬුවමක් දිය යුතුයි, ඒත් ඒක මේ තරම් අමානුෂික විය යුතුද?
මේ පින්තූරෙ බලන්න
මේ මොණරාගල ඩොටේ තීන ඉස්කෝලෙක ළමයි පාසැල් එන විදිය. මේ දරුවොන්ගෙ දෙමාපියොත් අන්ත දුප්පත් ගොවියො. ඒ මිනිස්සුන්ට තමන්ගෙ දරුවො ඉස්කෝලෙ යවන්න සපත්තු තිය සෙරෙප්පුවත් ගන්න සල්ලි නැති මිනිස්සු.. ගුරුවරුත් ගොඩක් එහෙම අය. ඒත් ඒ ගුරුවරු උගන්නවන මිස ළමයින්ට සෙරෙප්පු මාල දාන්න යන්නෙ නෑ.
දැන් මේ ගුරුවරිය දිවයිනට කියල තීනව
ඇය එහෙම කරේ පාසලේ විනය හදන්නයි කියල. ඒත් එක්කම ඇය මේ දැරියව පුද්ගලිකව දන්න, ළමයගෙ තාත්ත නැති, අම්ම පන්සල ගාව හකුරු විකුණන ගෙයක නෙමෙයි ටකරං මඩුවක ඉන්න අන්ත දුප්පත් දරුවෙක් බව දන්න කෙනෙක්.
මේකෙ තීන අමානුෂිකම පැත්ත අන්න ඒකයි.
ඒ නිසා මොන අදහසකින් කලත් ඒ ගුරුවරියගෙ වැඩේ සාධාරණය කරන්න බෑ.
අනික් පැත්තෙන් ලක්බිමේ තීන විදියට පොළිස් පරීක්ෂකතුමා මූණ දගත්තට සපත්තු අරන් දීල තීන්නෙ යාළුවෙකුගෙන් අතමාරුවක් කරගත්තු රාළහාමි කෙනෙක්ලු!
ඒක එහෙමනම් පොළිස් ලොක්කො ලැජ්ජ නැති බව ඔප්පු කරලම තීනව.
වැදගත්ම දේ, මේ ළමයගෙ අම්ම කියන විදියට එයා පොළිසි යනව කිව්වම ගුරුවරිය සත්තමකුත් දල.
ඒත් පස්සෙ පොළිසියෙදි අම්මයි, පොළිසියයි ටීචරුයි එකඟ වෙලා තීනව දරුවගෙ පැත්තෙන් හිතල මේ ප්‍රශ්ණෙ එතනින් ඉවරකරන්න.
කොහොම හරි පොළිසියෙ ලොකු මහත්තයම වෙන්නැති මූණ පත්තරේ දා ගන්න පත්තර කාරයට එන්න කියල නිව්ස් එක දෙන්නැත්තෙ. මොකද මෙන්න මේ පින්තූරෙ විදියට මම හිතන්නෙ හෑන්ඩ් බෑග් එක එල්ලන් ඉන්නෙ ගුරුතුමී වෙන්න ඕන. ඒ ඉන්න විදියට ඇය ඉන්නෙ සැහැල්ලුවෙන්.
කතාව දිග්ගැස්සුනත් මම මේ ගැන මගේ අත්දැකීමකුත් කියන්නම්.
අසූ ගනන් වල මගෙ තාත්ත හමුදවෙ සුළු නිළධාරියෙක්. ඒ කලෙ එයා හිටියෙ යාපනේ කැලේක තිබ්බ කෑම්ප් එහෙක. මාස තුනකට සැරයක් නිවාඩු එන්නෙ. ඒ කාලෙ හමුදාවෙ අය තමන්ගෙ පඩිය ඔහොම නිවාඩු එනකොට එකතු කරල ගේනව, නැත්තම් එන දන්න කෙනෙක් අතේ එවනව ගෙදරට දෙන්න කියල. එක පාරක් අවුරුද්දෙ අග නිවාඩු එන්න හිටිය අපේ තාත්තට අන්තිම මොහොතෙ නිවාඩු කැන්සල් වෙනව. ඉන් පස්සෙ එයා ඒ මාස දෙහෙක පඩි සල්ලි එන යාළුවෙක් අතේ ඒවනව. මේ අනගි යාළුව තාත්තගෙයි තවත් සෙබලෙකුගෙයි සල්ලි අරන් ගල් වෙනව ගමට ගිහින්.
අලුත් අවුරුද්දෙ පොත්පත් සපත්තු අලුතෙන් අරන් ඉස්කෝලෙ යන්න උන්නු අපි හතරදෙනෙක් අසරණ උන නිසා අම්ම යාලුවෙකුගෙන් ණයක් අරන් පොත් අරන් දෙනව. ඒත් කැඩිච්චි සපත්තු දාන් ඉස්කෝලෙ යන්නෙ.
ඔහොම ගිහින් එක දවසක් වැස්සට අඩිය ගැලවිල ගිය නිසා සපත්තු නැතිව ඉස්කෝල් යන්න පොඩි සෙල්ලමක් දැම්ම. මම එක කකුලක් බෝතල් කට්ටකින් ටිකක් කපාගෙන, ඒක ඔතාගෙන සෙරෙප්පු දාන් ඉස්කෝලෙ ගියා.
අපේ බෞද්ධ ලොකු ඉස්කෝලෙ අය්යල මගේ තුවාල නොවුනු කකුලට සපත්තු නෑ කියල, මහා වරදක් කරපු එකෙක් වගේ අල්ලන් ඩිප්ස් ගස්සවල, බුදුගේ වටේ තුත්තිරි උගුල්ලවල අර තුවාල නොවුනු කකුලෙ සෙරෙප්පුවත් අර තනි සෙරෙප්පුවෙන් ගෙදර එව්ව රත්මලානට බස් එකේ යන හතේ පන්තියෙ පොඩි එකාව. එදා ගෙදර ඇවිත් මමයි අම්මයි බදාගෙන ඇඬුව රෑ වෙනකල්ම. අපේ අසරණකමට ඒ වෙලවෙ ඊට වඩා කරන්න දෙයක් තිබ්බෙ නෑ.
ඒ හින්ද සපත්තු නැතුව ඉස්කෝලෙ යන හැම දරුවෙක්ම අන්ඩපාලයෙක් වෙන්න පුලුවන් කියල නොහිත ටිකක් ආයි හැරිල බලන්න ඇයි එහෙම වෙන්නෙ කියල.
ඔබම නියම තැනට ඇවිත් තියෙනවා.ගුරුවරිය පෞද්ගලිකව ඇයව දන්නාකම දැරියගෙ ආර්ථික පසුබිම,තර්ජනය කිරීම මේ සියල්ල ඇතුළෙ වගේම මේ පරිසරයෙ ඔබ දාල තියෙන පිංතූරයට සමාන ආර්ථික පදනම් තියෙන ළමයි ඉන්නවා ඇති.එහෙමනම් ඇයි මේ ළමය විතරක් විශේෂ වුණේ.එතනයි වැදගත්.
Delete// මම විහ්වාස කරනවා ඔය කතාව ඇතුළෙ උඩින් අතගාන දේට වඩා ලොකු කතාවක් තියෙනවා.ඒක එලියට එනකොට සමහර විට වීරයා ටීචර් වෙන්නත් පුළුවන්. //
එබ අල්ලා ගන්නේ මේ වචන පේලිය.ඒකෙ සමහරක් කියනකොට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන එක පැහැදිළි වෙනවා.ඒ වගෙම ඔබම පැහැදිළි කරනවා පොලිස් නිලධාරියාගේ කතාව.ඔබ මම ගැන සමහරක් කියන වචනය ඇතුලෙ එහි දෙපැත්තක් ඇති බව නොසිතා පැමිණි නිගමනය ගැන මම කණගාටු වෙන්නෙ නැහැ.හැබැයි නිල නොවුණත් ඇතැම් තැන් වලදි මම කිසි දෙයක් බලාගෙන දරුවන්ගෙ වැඩවලට මහන්සි වෙන සහ කැප වෙන කෙනෙක් හැටියට දන්න අය දන්නවා.මේ සමාජයෙ දරුවන් තරමට මව්පියන් නෑ.හැම දරුවෙක් ගැනම දරුවෙක් විදිහට බලන මව්පියන් අඩුයි.ගුරුවරුන්ට වුණත් ඒක අදාළයි.ඒක වෙනම විග්‍රහයකදි කතා කරනවා.හැබැයි පොලිසි වල ඔබේ තාත්තගෙ සල්ලි අරං මාරු වුණා වගේ කොස්තාපල්ගෙ වැඩෙන් ලකුණු දා ගත්ත නිලධාරියා වගේ අය වැඩියි.ගුරුවරයන් අතර මේ ගුරුවරිය වගේ අය ඉන්නවට වඩා පොලිසියෙ ඔබම පැහැදිළි කරන නිලධාරියා වගේ අය වැඩියි කියල පිළිගන්නව නම් මේකෙ අපි දෙන්න අතර තර්කයක් නැහැ.මට කියන්න ඕනි වුණේ මේ ගුරුවරිය යොදාගෙන සමස්ත ගුරුවරිය නිරූපනය කරන්න එපා කියන එක
මොකද නදීකා ටීචර් කියන්නේ පිට කෙනෙක් නෙවෙයි. අපේ ගමේම කෙනෙක්. නදීකා ටීචර් මගේ තත්ත්වය හොඳටම දන්නවා. එහෙම දන්න කෙනෙක් වෙලත් ඇයි මෙහෙම දඬුවමක් දුන්නේ කියලා. වේවැලකින් දෙක තුනක් ගැහැව්ව නම්, මට දුකක් නැහැ. නමුත් ටීචර් සෙරෙප්පු දෙක කරේ එල්ලලා මෙන්න මෙතන තමයි
Deleteමම හිතන හැටියට ඔය කතාවෙ ඇත්ත පසුබිම තියෙන්නෙ මෙතන.ඒක ගුරුකමයි සිසුකමයි අතර ගැටළුවක් විදිහට වඩා මේ කාරණය එක්ක හොයල බලන්න.පුංචි එකී විදුහල්පතිතුමිය කියපු දේ නොකියන්නෙත් මේ ගමේ තියෙන ආධිපත්‍යයට යට වෙලා වෙන්න බැරිද?
http://chiththapata.blogspot.com/2014/05/blog-post_5.html දරුවන් ගැන මානුෂිකව නොසිතන නරුමයෙක් විදිහට ඇතැමෙක්ට මේ කාරණය නිසා මාව දැනෙනවද දන්නෙ නැහැ.මීට ඉස්සර බ්ලොග් එකේ තියෙන ආටිකල් එක කියවන්න.ඒකෙ පොඩි උත්තරයක් තියෙනවා.උඩ තියෙන්නෙ ලින්ක් එක.මටනම් තවම පොලිසියට වඩා ගුරුවරයා හොදයි.සමස්තය ගැන මිස මේ සිදුවීමට අදාළ දෙපාර්ශවයට මගේ කතාව සීමා කර ගන්න එපා.ඒ සිදුවීම සමස්තයට අදාළ කර ගන්නත් එපා
ReplyDeleteනිශ්මං.......කියවන අය ඔබ ගැන මොනවා හිතයිද කියන එක ඔබ ප්‍රශ්ණයක් කරගන්න එපා. ඒ අය මොනවා හිතුවත් මේ උඹ ලියන්නේ උඹේ අදහස් . ඒක එහෙම නොවුනොත් උඹට හැමෝම සනසන්න වෙයි. එහෙම වෙන්න එපා.
Deleteඅනිත් එක උඹේ පිලිතුර හරි ත්‍රෙඩ් එකේ හරි තැන වැටුනොත් , කමෙන්ට් එක දාපු එකාට උඹත් එක්ක සොඳුරු සංවාදයක් ගෙනියන්න පුළුවන්. ට්‍රයි කරපන් ඒ කමෙන්ට් ඒ උත්තරය හරි තැනට දාන්න. කමෙන්ට් එක යටම තියෙන රිප්ලයි එක ඔබලා උඹේ උත්තරය දාපන්. මගේ කමෙන්ට් එකට යටින්ම තියෙන්නේ උඹේ උත්තරයද කියලා මම තාම කලපනා කරනවා. එහෙම නැත්නම් මට උබින් ඉන්න මාතලන්ට දීපු උත්තරයද කියල මම හිතනවා. උඹ සොඳුරු සංවාදයක් ගෙනියන්න පුළුවන් එකෙක් බව මට හිතෙනවා.
thanks
Deleteදෙගොල්ලම තමන්ගෙ සීමාවන් ඉක්මවා ගිහිල්ලා. ගුරුවරියක් විසින් නොකල යුතු දෙයක් කරලා තියෙන්නෙ. පොලිසියත් එහෙමයි. අද ලංකාවේ හැමතැනම වෙන්නෙ ගොනාගෙ වැඩේ බූරුවා කරනවා වගේ දේවල්.
ReplyDeleteහෙට රටට රන් ගේන්න මංගඤ්ඤපං කැකුලො
ReplyDeleteමේ පෝස්ට් එක ෂෙයාර් කරල මිනිස්සු අතරට යවන්න පුළුවන්නම් ලොකු උදව්වක්.කවුරු හරි ඌට කෝල් එකක් දීල දිරි ගැන්නුවත් ලොකු දෙයක්.ඒක උගෙ හිතට හයිය එන වැඩක් වෙයි.තව හොදට දුවන්න.ඔහොම ෂෙයාර් කරන අතරෙ කවුරුහරි යමක් කරන්න පුළුවන් කෙනෙක්ට ඇහැ ගැහුණොත් ඒකත් ලොකු දෙයක්නෙ මොනවම හරි වෙයිනෙ.
අදයි මුලින්ම ආවේ.
ReplyDeleteඅළුත් බ්ලොගයට මගෙනුත් සුබ පැතුම්!
මා වැනි හතලිස් ඇඳිරියට කණ්ණාඩි දාන අය වෙනුවෙන් පොඩි ඉල්ලීම් දෙක තුනක්.
1. වාක්‍ය අතර එක ඉඩක් තබන්න. නැවතීම ලකුනෙන් පසුව ඊලඟ වැකි ඇරඹීමට පෙර.
2. ඡේද අතර එක පේලියක් ඉඩ තියන්න.
3. අකුරු තව ටිකක් විශාල කරන්න.
ඒ සියල්ලම කියවීම ඔපහසු වෙනු ඵිණිසයි.
ස්තුතියි.
කල් වේලා අරගෙන ඔබේ ලිපි කියවන්නම්!
thanks
Deletehttp://chiththapata.blogspot.com/2014/05/blog-post_5.html මෙන්න මේ ලින්ක් එක පොඩ්ඩක බලල ෂෙයාර් කරන්න කවුරු හරි උට කතා කරල විස්තර ඇහැව්වත් උට ලොකු හයියක්.මේ සෙනසුරාදා ලංකා ලයන්ස් මීට් එකේදී උෘ පළමු පාරට බාධක දිවිමත් කරනවා.ඊට ඉස්සර මේක ෂෙයාර් කරල වැඩි දෙනෙක්ට බලන්න අරින්න.කාට හරි දැණුනොත් මේ කොල්ලට කෝල් කරල කතා කරන්න.උදව් කරන්න ජයවේවා
Deleteකව්රු පොර වුණත් මේ සිද්ධිය ස්ම්බන්ධව මුල ඉදලම මට හිතුණ දෙයක් තමයි මේක මාධ්‍යට දුන්න එක වැරදී කියන එක... මොකද ඒක අර පොඩි එකීට ඉස්සරහට ප්‍රශ්නයක් යෙන්න පුලුවං... මොකද හැම කෙනාම ටීචර්ට නෙව ඇගිල්ල දික් කරන්නෙ නේද... ටීච වුණත් පෘතග්ජනයි නෙව... ළමය එකක් මළ පැනීමේ සම්බාවිතාවය වැඩී... මේ කේස් එක යට ගහල වෙන වෙලාවෙක වෙන දෙයක් ඇදගෙන ළමයව කොන් කරන්න පුලුවං... සහ බොහෝ දුරට ළමය වැරදි කාරය වෙන්න පුලුවං..
ReplyDeleteහැබැයි කවුරු මොනව කීවත් මේ සෙරෙප්පු මාලෙ හරි නෑ... ඒ ක ඒ ටීචගෙ තියෙන නොදියුණු ගති ලක්ෂන එළියට දානව... විනය නෙවී ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් දිහා මානුෂිකව බලන්න පුලුවං... ඊටත් මේ වගේ දේකිං ළමයගෙ මානසික මට්ටම වුණත් පිරිහෙන්න පුලුවං
එතන වෙච්චි ලොකුම වරද අසාධාරණයට ලක් වූ ළමයාගේ ඡායාරූප පළකිරීමයි.ඒක ඒ දරුවගෙ පෞරශයට කළ හානියක්.ඒත් ඉතිං අද හුගක් මාධ්‍ය රිය අනතුරක් වුණත් ගත්තම බලං ඉන්න බැරි දේවල් කොච්චර පෙන්නනවද?ඒකෙන් හිත ඒ දේවල් කෙරෙහි සාමාන්‍යකරණය වුණාට පස්සෙ එවඅනි දේ දැකීම අපහසු නැහැ.කළුතර ගගෙන් දරුවො දැම්ම අම්මගෙ කතාව සජීවී විකාශයක් වගේ ගියාට පස්සෙ හැමදාම ඒ දරුව මැරෙනකං පණ අදිනව පෙන්නුවට පස්සෙ ඒ වගේ සිදුවීම් නැති වුණාද අඩු වුණාද?
Deleteඅද ලංකාවෙ තියෙන්නෙ පුවත් වාර්තාකරණයක් නෙවී...
Deleteවිද්‍යුත් නොව මුද්‍රිත මාධ්‍ය වලද තත්වය ඕකයි....
එතන වෙච්චි ලොකුම වරද අසාධාරණයට ලක් වූ ළමයාගේ ඡායාරූප පළකිරීමයි.ඒක ඒ දරුවගෙ පෞරශයට කළ හානියක්///
මට කියන්න බැරි වුන දේ...
ඒක තමා අපේරටේ අන්තිම නරක දේ...
මතකද අර පොල් කේස් එකට අහුවුණ ළමය...එතනත නොවිය යුතු බොහෝ දේ සිදුවුණා..
අපේ රටේ මාධ්‍ය සදාචාරය බිංදුවයි