අම්බපාලී
නුඹේ තරු ඇස
යනෙන එන යළි
කෙටි ගමන් වල
පෑව මග සොම්නසේ අරණට
සෑමදාටම දෙන්න මා වෙත
පාළු වැහිබර කෝඩු අහසට
අදුරු සිත්තම් ඇදුණු හදවත
රිදුණු පෑරුණු තැනින් සම වුණ
ඉතිං අපි පෑහේවී සොදුරිය
වීසි කළ පර මලෙක කදුළුම
මගට නොවැටී රැදෙයි මා ඇස
අන්ධකාරේ එතෙර වෙන්නට
අරුන්දතියව එන්න මා වෙත
ඒවි ඒවි පහන් තරුව වී ඇය ඔබ වෙත...
ReplyDeleteඇයි අවුල්ද මචං ලියවිල්ල?
Deleteකසිම අවුලක් නෑ මචෝ නියමෙට තියනවා. මං ජෝක් එකක් දැම්මේ...
Deleteසිංදුවකට හිතං ලිව්වෙ කිහිප දෙනෙක් ඉල්ලල තියෙනවා.ඒත් මේව කියන්න කැමති වෙයිද දන්නෙ නැහැ.ආකෘතිය වෙනස්නෙ
Deleteඔහොම කිව්වට
ReplyDeleteකවුරුත් කැමති නෑ
අම්බපාලියන්ට
මම හැර මචං! මමවිශ්වාස කරන දෙයක් තමයි හිත හොද අම්මණ්ඩි හැමදාම බඩින් කියන එක
Deleteවැඩේ සාර්ථකයි. සින්දුවකට නං පොඩි වෙනස් කම් ටිකක් ඕන වෙයි වගේ.. අපි ඉතිං අම්බපාලිල දැකල බඩු ගිය අයනේ..
ReplyDeleteචී කැත කතා කියන්න එපා මෙයා ඒ වෙරළුමල් ස්පිරිට් නේ...
Deleteස්තූතියි මචං ලා....
Deleteඅරුන්දතියව මගේ ලෝකයට එන්න කියලා කියන අය ඉතින් අද අඩුයි.. තමන්ගේ වැඩේ කරගන්න අය විතරනේ ඉන්නේ..
ReplyDeleteආදරේ එක කෙනෙක් මත රදා පවතින්න ඕනි දෙයක් ද? මම දන්නෙ නැහැ.ඒ ගැන විවිධ මත තියෙන්න පුළුවන්.හැබැයි ආදරයක් නොදැනෙනවනම් මට නම් මෙලෝ මගුලක් කරන්න බෑ
Deleteඅපූරුයි න්ශ්මන් අය්ය...
ReplyDeleteඅපූරු පද ටික
ලස්සනයි
ජයවේවා
ස්තූතියි මල්ලි
Delete