Wednesday, May 28, 2014

අම්බපාලි - අරුන්දතී





අම්බපාලී
නුඹේ තරු ඇස
යනෙන එන යළි
කෙටි ගමන් වල
පෑව මග සොම්නසේ අරණට
සෑමදාටම දෙන්න මා වෙත


පාළු වැහිබර කෝඩු අහසට
අදුරු සිත්තම් ඇදුණු හදවත
රිදුණු පෑරුණු තැනින් සම වුණ
ඉතිං අපි පෑහේවී සොදුරිය


වීසි කළ පර මලෙක කදුළුම
මගට නොවැටී රැදෙයි මා ඇස
අන්ධකාරේ එතෙර වෙන්නට
අරුන්දතියව එන්න මා වෙත 

13 comments:

  1. ඒවි ඒවි පහන් තරුව වී ඇය ඔබ වෙත...

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද මචං ලියවිල්ල?

      Delete
    2. කසිම අවුලක් නෑ මචෝ නියමෙට තියනවා. මං ජෝක් එකක් දැම්මේ...

      Delete
    3. සිංදුවකට හිතං ලිව්වෙ කිහිප දෙනෙක් ඉල්ලල තියෙනවා.ඒත් මේව කියන්න කැමති වෙයිද දන්නෙ නැහැ.ආකෘතිය වෙනස්නෙ

      Delete
  2. ඔහොම කිව්වට
    කවුරුත් කැමති නෑ
    අම්බපාලියන්ට

    ReplyDelete
    Replies
    1. මම හැර මචං! මමවිශ්වාස කරන දෙයක් තමයි හිත හොද අම්මණ්ඩි හැමදාම බඩින් කියන එක

      Delete
  3. වැඩේ සාර්ථකයි. සින්දුවකට නං පොඩි වෙනස් කම් ටිකක් ඕන වෙයි වගේ.. අපි ඉතිං අම්බපාලිල දැකල බඩු ගිය අයනේ..

    ReplyDelete
    Replies
    1. චී කැත කතා කියන්න එපා මෙයා ඒ වෙරළුමල් ස්පිරිට් නේ...

      Delete
    2. ස්තූතියි මචං ලා....

      Delete
  4. අරුන්දතියව මගේ ලෝකයට එන්න කියලා කියන අය ඉතින් අද අඩුයි.. තමන්ගේ වැඩේ කරගන්න අය විතරනේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ආදරේ එක කෙනෙක් මත රදා පවතින්න ඕනි දෙයක් ද? මම දන්නෙ නැහැ.ඒ ගැන විවිධ මත තියෙන්න පුළුවන්.හැබැයි ආදරයක් නොදැනෙනවනම් මට නම් මෙලෝ මගුලක් කරන්න බෑ

      Delete
  5. අපූරුයි න්ශ්මන් අය්ය...
    අපූරු පද ටික
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete