Tuesday, October 20, 2015

රේල් පීලි සමඟ අලුත් ගමණක්

මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාවට යන බව මම අසා ඇත්තෙමි.තැන තැන මමද ඒ බව වමාරා ඇත්තෙමි.නමුත් ජීවිතයේ මිනිස්සු ආනන්දය සහ ප්‍රඥාව විසින් වඩා යහපත් දිශාවකට හැරවිය හැකි බව මම වැලිකඩ සිරකවුළු තුළදී අත් විඳින්නට භාග්‍යවන්ත විමි.

මගේ යොවුන් නව කතාවට යම් තරමකට එයට ආසන්නම යන එන පුරවැසි කණ්ඩායමක් සිටින පරිසරයක් පාදක විය.රේල් පීලී තුළ මා කතා කරන ප්‍රේමය ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වන සමාජ විපර්යාසයකට මඟ පෙන්වන සංයුතියක අගය කියාපාන්නකි.එය කෙතරම් සාහිත්‍යමය වශයෙන් පොහොසත්දැයි මම නොදනිමි.එහෙත් ඒ මා විඳි ජීවිතවල හුස්ම ගෙන කළ ප්‍රබන්ධයකි.

මා නැවතත් දෙවන ඡේදය අතහැර පළමු ජේදයට යමි.

මගේ නව කතාව ගැන නිකම්ම කතා බහකින් නොනැවතී මා පළමු ජේදය තුළ ලියූ වෙනස් කළ හැකි මිනිසුන්ට ආනන්දය සහ ප්‍රඥාව ලැබෙන ගමණකට ද මගේ රේල්පීලි මතට සහෘදයන් පිරිසක් එක් කර ගන්නට සිතුවෙමි.

නුදුරු දිනෙක රේල්පීලි ගැන අදහස් දැක්වීමක් සිදුවන්නේය.ඒ අදහස් දැක්වීමට එක් වන්නේ වර්ථමානයේ යොවුන් මාධ්‍ය කලාවේ ජනප්‍රිය සහ අරුත්බර භාවිතාවක නියැලී සිටින සංජක ප්‍රසාද් දොලේවත්ත සහ විමල් කැටිපේආරච්චිය.ඒ හඪට සවන් දෙන්නට මෙන්ම මගේ පොත රැගෙන යන්නටද මගේ සහෘදයන් එතැනට වඩින බව මම විශ්වාස කරමි.

නමුත් මගේ පොත ගැන කතාබහ එම රාමුවෙන් පිටතට එන්නේය.එහි පළමු පියවර වශයෙන් පොත ගැන මේ කතා අසන්නට වන්නේ වැලිකඩ බන්ධනාගාර භූමියට අයත් බිමකය.ඒ බිමට එන ඔබට සහෘදත්වයෙන් කරන ඊ ළඟ ඉල්ලීම වැලිකඩ බන්ධනාගාරයට පොතක් ලබා දෙන්නටය.ඒ පොත මගේ පොතක් විය යුතු නැත.කුමන හෝ පොතක් විය හැකිය.

පොත් ලියන මගේ මිතුරන්ටත් පොත් ප්‍රකාශක හිතවතුන්ටත් මා කියන්නේ එයමය.ඔබ ලියූ එක පොතක්...එසේත් නැතිනම් ඔබ විසින් ප්‍රකාශනයට පත් කරන ලද පොත් අතරින් එක පොතක්.. මේ දායකත්වය වුව මහා විශාල සෙනෙහසකි.ඒ සෙනෙහස සමඟ ඔබ ලබා දෙන පොත කියවන්නේ වැරදි පාරෙන් හරි පාරට එන්නට සිහින දකින්නෝය.එසේත් නැත්නම් ඒ පොතක් එසේ සිතකවත් නොතිබි කෙනෙකුට අඳුරෙන් මිදී ආලෝකයට යන්නට පහනක් වන්නට ද පුළුවන.

එසේනම් මා දිනය කියන්නම්.එදාට අනිවාර්යෙන් එන්න.මගේ පොත ගැන සංවාදයේ සාමාජිකයෙක් වන අතරම රැදවි සොයුරන් වෙනුවෙන් සෙනෙහසේ දායකත්වය දෙන්න.

අලුත් ගමණකට “රේල්පීලි“ මතට ගොඩ වෙන්න ඔබ සැමට සහෘද ඇරයුම්.ඒ  ගොඩවෙන මොහොතෙ ඔවුන් වෙනුවෙන් ඔබේ අතේ තියෙන්න ඕනි කෙටි  කතාවක්,නව කතාවක්,කවි පොතක් කියන සාහිත්‍යමය සීමාව අදාළ නැහැ.සමහර වි කලාවක් ගැන හෝ කලාව ගැන ලියැවි ශාස්ත්‍රීය පොතක් නැතිනම් කුමන හෝ විශයකට අදාළ පොතක් වෙන්නත් පුළුවන්.ඒ වගේම භාෂාව ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.ඒකත් මතක තියා ගන්න.

මේ ගැන මා සමඟ කතා කළ යුතුනම් මගේ අංකය - 0773 815 999

12 comments:

  1. හරි සතුටුයි. දෙසැම්බරයෙන් පසු කියවන්නම්!

    ReplyDelete
  2. පොතක්.............. අපේ කෙනෙක්... සතුටුයි ගොඩක්.... කොහොමහරි කියවන්නම්

    ReplyDelete
  3. හොඳ වැඩක් නිශ්මන්.සුබ පැතුම්...!

    ReplyDelete
  4. ඉතා හොඳ යෝජනාවක්... මේකට පොත් ප්‍රකාශකයන්ගේ සහයෝගය උඹට ගන්න පුළුවන්නේ...

    ReplyDelete
    Replies
    1. කියනවා මචං කොහොම වෙයිද දන්නෙ නැහැ ඒත් මොකුත් නැති එකේ පොත් 50 - 60 ක් හරි එකතු වෙයිනෙ උමල වගෙ අයගෙන් හරි

      Delete
  5. එහෙනම් අපිට දිනය කියන්න

    ReplyDelete
    Replies
    1. 16 දා මචං.පස්වරු 4.30

      බන්ධනාගාර පුහුණු පාසල

      දිනය 2015 නොවැම්බර් 16
      වේලාව පස්වරු 4.30
      නිමිත්ත - රේල්පීලි යොවුන් නව කතාව පිළිබද විමසා බැලීමක්.දේශන සඳහා සහභාගි වීම සංජක ප්‍රසාද් දොලේවත්ත සහ විමල් කැටිපෙආරච්චි
      ස්ථානය-වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි බන්ධනාගාර පුහුණු පාසල
      මාර්ගය-බොරැල් රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිටින් වැටී ඇති මාවතේ පැමිණි විට බන්ධනාගාර ක්‍රීඩාපිටිය අසළ (ක්‍රීඩාපිටියට ඇති මාර්ගයේ ඉදිරියට එන්න)
      විශේෂ ඉල්ලීම-මගේ පොත මිලට ගෙන කියවනවට ම කැමතියි.ඒ්ත් ඔබ ලේඛකයෙක්නම්,පොත් ප්‍රකාශකයෙක්නම් හෝ සාහිත්‍ය රසකාමී මිත්‍රශිලි සහෘදයෙක්නම් ඒ මගේ පොත නොවන වෙනත් සාහිත්‍ය හෝ කුමන හෝ විශයකට අයත්,කුමන් හෝ වෙනත් භාෂාවකට අයත් තවත් පොතක් මට දෙන්න බැරිද?ඒ පොත වැලිකඩ බන්ධනාගාර රැදවියන් වෙත.ඔවුන්ගේ අතටම භාර දෙන්න.
      https://www.facebook.com/events/788794777915041/

      Delete