Saturday, March 25, 2017

තාත්තයි - පුතයි අතර



රත්නපුර ගල්ලෑල්ල මහා විද්‍යාලය ගැන යූ ටියුබ් එකෙන් මේ වීඩියෝව දැක්කම ලොකු ආසාවක් දැණුනා.මේ මම එකේ ඉදල පහ දක්වා ඉගෙනගත් පාසල.ප්‍රධාන ශාලාවට පසෙකින් පේන ගොඩනැඟිල්ල ඉදිකරන්න පටන් ගත්තු කාලෙ මම හිටියෙ තුනේ පංතියෙ.ඒ ගොඩනැඟිල්ල දෙමහල් එකක් විදිහට ඉදි කරන්න අවශ්‍යය සියළුම ගඩොල් කහවත්ත හුසේන්ස් මැණික් ආයතනය හරහා මම අරං දුන්නා.ඒත් ඒක කාලයක් යනකංම ඉදි වුණේ නැහැ.දැං ඒක ඉදි වෙලා.

මට තුනේ පංතියෙදි ඒ තරම් දෙයක් හොයා දෙන්න පුළුවන් මට්ටමට තාත්තා මාව ගොඩ නඟා තිබීම ගත්තම මම සෑහෙන්න අසාර්ථකයි කියල හිතුණා.ඒ මගේ පුතා ගැන හිතෙද්දි.එයාට දැන් 19 ක්.මම 19 දි ආයතනයක විධායක නිලධාරියෙක්.ඔහු මානසිකව යම් අර්බූදයක ඉන්නවා.ඒත් ඔහු සමාජය එක්ක සුහදව ගණු දෙනු කරනවා.මම එතනට එයා ගේන කොට එයා වගෙ තව දරුවො වෙනුවෙන් වැඩ කරන්න වගකීම් ගොඩක් මම අර ගන්නවා.
ඒ එක වගකීමක් මේ.
https://www.facebook.com/supiri.krida/posts/1346282198761930?pnref=story
ඒවත් තාත්තගෙන් ආපු දේවල්ම වෙන්න ඇති.එයාටත් මම වෙනුවෙන් මගේ මිතුරන් සතුටු කරන්නත් ඕනි වුණා.රත්නපුරේ දුරෙක්කන්දෙ ගෙදර වැඩිම වියදමක් ගියේ පස් කන්ද කපල ගේ පිටිපස්ස මට සහ මගේ යහළුවන්ට සෙල්ලම් කරන මට්ටමට විශාල කරල දෙන්න.හවසට ඇමරේජන් ටිකක් බීලා කෑ ගහන තරුණ සංස්කෘතිය වෙනුවට පතලෙ ඉදන් ඇවිත් ක්‍රිකට් ගහන සංස්කෘතියක් ඒ ගමේ හැදුණා.
ඒ ආසාව නිසා ක්‍රිකට් කියවන්න පත්තර පිටු පෙරලන්න පිිරිසක් පුරුදු වුණා.ඒක රටේ ලෝකෙ ගැන කියවන තරමට පසුව දියුණු වුණා.

ඒ අතින් බලනකොටත් මම තාත්තට පිටුපසින්.මගේ දරුවගෙ සහ ඔවුන්ගෙ යහළුවන්ගෙ අවුරුදු උත්සවය වෙනුවෙන් මම දරන මහන්සිය වගේ සියයට එකක් මහන්සි වෙද්දි තාත්තට මීට වඩා භෞතික ජයක් ලබන්න පුළුවන්කම තිබුණ බව මම දැක්කම මම අසරණ වෙනවා.ඒත් මම ආඩම්බර වෙනවා.හඟක් පුතාලට බැරි තරම් සතුටක් කියන්න පුළුවන් විදිහෙ මතකයක් මට මගේ තාත්තා දීල ගියා කියන එක නිසා.

ඒ ඉතරු කරල ගිය දේ ලබා දුන්නු ආදර්ශ නිසා මගේ පුතා මාව එයාගෙ තාත්තට සුදුසුයි කියල හිතන්න ඇති.මේ තේරීම එහෙම එකක් වෙන්න ඇති.එයාගෙ යාළුවන්ගෙ ගොඩක් තාත්තලට කරන්න බැරි දේවල් මුල් වෙලා මට කරන්න පුළුවන් වෙලා තියෙනවා.යහළුවො අතරෙදි මම තාත්තා කියල හඳුන්වද්දි එයාගෙ මුහුණෙ ඇදෙන හිනාව මට ඒක තේරුම් කරල දෙනවා.ඒ දරුවො වැඩි දෙනෙක් කැමති මගේ උණුසුමට තුරුල් වෙන්න.එහෙම එයාල ඇවිත් මාව බදා ගනිද්දි අයිතිය ගැන ප්‍රශ්න ඇති කර ගන්නව වෙනුවට පුතාට පුළුවන් වෙලා තියෙනවා ඒ ගැන ආඩම්බරෙන් සතුටෙන් ඉන්න.

ඒක පුහුණු වුණේ කොහොමද?මගේ තාත්තත් එහෙමයි.සමහර තැන්වලදි මට වඩා අවධානය මගේ මිතුරෙකුට යොමු කළ යුතු විණිනම් ඔහු එයට පැකිළුණේ නැහැ.සමහර අවස්ථාවල ගෙදර අවශ්‍යයතාවයට වඩා ඔහු කාට හරි පිහිටක් ඇවැසි වූ විට ඒ දේ කැප කළා.

මමත් පුතාත් යම් දෙයක් අද ලබන්නෙ ඒ ජානමය ආශිර්වාදය ඇතිව විය යුතුයි.

පුතේ මම නෙමෙයි පොර...සීයා....

මට එහෙම කියන්න හිතෙනවා.තාත්තා මැරුණෙ පුතාට අවුරුදු දෙකක් වෙන්නත් ඉස්සර.ඒ කාලෙ පුරාම පුතා,තාත්තා ඉන්න වෙලාවට ඒ තුරුළට අපේ තුරුළට වඩා සමීප වුණා.
උඹත් මමත් ලබන යම් දෙයක් වේනම් ඒ නුඹේ සීයාමයි..
මට දුක පුතාට මේක ගැඹුරින් තේරුම් කරල දෙන්න නොහැකි වීම.හැබැයි කොල්ල තාත්ත වගේම මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් හදවත උණු වෙන.දැනට ඉන්න පැත්තෙත් අපිට වඩා එයාව මිනිස්සු දන්න තත්ත්වයට පත් වෙලා ඉද්දිත් උඹ තාත්තටත් වඩා සීයට සමීපවෙලා කියල මට හැඟෙනවා


No comments:

Post a Comment