Friday, April 21, 2017

ලංකාවේ දේශපාලනයට සතුන් ඕනෑකර තිබේ


මම මුහුණු පොතේ සැරිසරන විට අද මුහුණු පොත බක්මහ උළෙලේදී අතට අත දී සුබ නොපතන ලෙස දුන් වැදගත් උපදෙසක් දුටිමි.ඒ සමඟ එම මුහුණු පොතේ පහළට යද්දී දුටුවේ රනිල් වික්‍රමසිංහට මුකවාඩමක් නැතිව පැය භාගයක් සිටින්නට නොහැකි වීම ගැන ඒ උපදේශකගේ විවේචනයක්ය.
එයින් ද කෙනෙකුට යමක් දැන ගන්නට හැකි බව මට හැඟේ.එසේනම් ඒ නිර්වචනයෙන් පැහැදිළිවන්නේ විෂබීජයක බලපෑමක් එල්ල නොවී පැය භාගයක් සිටිය හැකි බවය.
සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නට සමාජයට ඉඟැන්වීම නායකත්වයක් බව මට හැඟේ.නිරෝගීකම වෙනුවෙන් එම හැසිරීම වැදගත්ය.නමුත් බොහෝ අයට ඇත්තේ නායකයෙක් යනු සිය සෞඛ්‍යය ගැන නොසිතා කටයුතු කළ යුතු අයෙක් බව හැඟීමක්ය.ඉහත මුහුණු පොතේ සටහන් දෙක පැහැදිළි කරන්නේද එයම නොවේද?හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම හෝ ඒ අනුව කටයුතු කිරීම දේශපාලන නායකයෙක්නම් අනුචිතය.
එසේනම් දේශපාලුවා ශික්ෂණයක් හෝ සංවරයක් නැති සතෙක් වැනි එකෙක් විය යුතුය.ඔහු බුද්ධිමත්ව කටයුතු නොකරන සිතා වැඩ කිරීමේ හැකියාවෙන් තොර සතෙක් වැනි එකෙක් විය යුතුය.
අතැම් දේශපාලනයන්ගේ හැසිරීම සතුන් පරිදිය.ඒ දේශපාලනඥයන් තෝරාගන්නේ මිනිසුන්ය.ඒ ගැන පුදුම වන්නට දෙයක් නැත්තේ මෙවැනි සටහන්වලින් සතුන් ඉල්ලන පිරිස් සිටින බව පැහැදිළි වන නිසාය.
රනිල්ගේ කට හරියෙන්ම වැඩේ නැවතිණ.මුකවාඩම නොදැම්මේනම් පිංතූරයේ පහළට එන්නට සිඳුවනු ඇත.එහිදී සපත්තුව හසුවිය හැකිය.ඒ වර්ගය සහ වන්දියක් ලෙස පොට වරද්දාගෙන කෑගහන රක්ෂණාවරණයේ ලක්ෂය සහ සපත්තුවෙ ගාණත්,සපත්තු දෙකක් නොදා ඇවිදින්නට නොහැකි එකෙක් ලෙස අවමානයත් අලවා විවේචන අරඹනු ඇත.
ඕනෑම කුණු ගොඩක වසන කපුටෙක්,කුණක් ඇඳ කන සහ එහි රිංගන කබරයෙක් හෝ බල්ලෙක් මෙවැනි අදහස් දරණ පිරිස වෙනුවෙන් පත් කර ගැනීමට හැකි වන පරිදි සත්තුන්ටද ඡන්දය ඉල්ලීමේ අයිතිය ලබා දිය යුතුව ඇත.
රනිල් හෝ ඔහුගේ දේශපාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නැත.තමන් දරණ දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමට ද,ඊට විරුද්ධමත විවේචනය කිරීමට ඇති අයිතිය ද අගය කරමි.එහෙත් විද්‍යාත්මකව පිළිගත් සෞඛ්‍ය පුරුදු ප්‍රදර්ශනය කරන විට ඊට අගයක් දීම වෙනුවට සහ එය සමාජ ආදර්ශයක් ලෙස නොගෙන දේශපාලකයා ඌරෙක් බල්ලෙක් හෝ කපුටෙක් ලෙස හැසිරිය යුතුය යන්න සමාජ මතයක් කරන්නට වෙර දැරීමනම් නින්දිතය.
දීර්ඝ සංචාරයකින් පසුව,වෙහෙසකාරි තත්ත්වයක තිබෙන සිරුර වෙනුවෙන් ගත් සෞඛ්‍යමය තීන්දුව එබඳු වුව ද,මිනිසුන් රැඳී සිටින තැන්වලදී ඔහු සමීපව හැසිරිණ.මෙය විනාඩි කිහිපයක වෙනස් වීමකි.එය කාටවත් නොපෙනී මුකවාඩමම ගිල දමන්නට බලන මානසිකත්වය සහ එවැනි මත සමාජයට බෝ කරන්නට යාම අශ්ලීලකමකි.
නායකයා හොඳ පුරුදු ඇත්තෙකි.නායකත්වය ලැබෙන්නේ හොඳ පුරුදු ඇත්තෙක්ටය කියන ආදර්ශය දරුවන්ට කියා දෙනු වෙනුවට නායකයා කියන්නේ සහ හොඳ පුරුදු කියන්නේ ඕනෑම අනාරක්ෂිත තැනෙක (කුණු ගොඩක) සෞඛ්‍ය පිළිබඳව කිසිම සැළකිල්ලක් නැතිව රිංගන ඌරෙක්,බල්ලෙක් හෝ කබරයෙක් වැනි අයෙක් බව ද මේ පහදමින් සිටින්නේ.

6 comments:

  1. ඔබගේ තර්කය බොහොම සාධාරනයි.. ඒත් රටේ නායකයාට මුකවාඩමක් නැතුව පැයක් පැය භාගයක් ඉන්න බැරි තැනක සාමාන්‍ය මිනිසුන් ජීවිත කාලය පුරාවටම ජීවත්වෙන්නට හැරීම ගැනත් ඔබගේ තර්කය පැහැදිලි කරානම් අගෙයි..

    ReplyDelete
    Replies
    1. අතින් ඇල්ලුවම ලොඩ බෝ වෙයි කියල හිතෙන කෙනෙක් පැය භාගයක් මුකවාඩමක් නැතුව ඒ පරිසරය තුළ සිටින්න බැරි වීම ගැන අපවාද නැඟිම එක්කය සටහන ලියැවෙන්නෙ.
      මම කියන්නෙ සෞඛයාරක්ෂිතව හැසිරෙන එක සහ හොද සෞඛ්‍ය පුරුද්දක් මත පිහටා කටයුතු කිරීම අපවාදයට අපහාසයට ලක්කිරීම නිවැරදිද?
      මමත් ඔය කුණු ගොඩ තියෙද්දි එහි තිබෙන නිවෙස්වලට ගිහිං තියෙන්නෙ මුකවාඩම් දාගෙන නෙමෙයි.හැබැයි ඒ වෙලාවෙ පරිසරය තිබුණට වඩා මේ මොහොතෙ පරිසරය විෂ සහිතයි.ගමන් මහන්සියේ ඔහුගේ ශරීරය දුර්වලයි.ඒ මොහොතක ඒ දේ තමන්ගෙ ආරක්ෂාවට පැළදීම ඔහුගේ වැඩක්.ඔහුගේ මුකවාඩම ගැන කතා කරන්න යොදන ඉඩ ඔහු ඉන් පසුව කළ දේ ගැන කියන්න ඊයේ වන විට යම් පිරිසකට නිවාස දෙන්නට ගෙවල් කුලිය දෙමින් ඉවත් කරන්නට කටයුතු කිරීම වැනි තීන්දුවලට බලපෑ හැටි ගැන කතා නොකරන්නෙ ඇයි?
      පක්ෂ දේශපාලනය කරන්න,ක්‍රමය වෙනස් කරන්න කියලා මරණ අරං යද්දි ඒක දේශපාලන රැළියක් කරගැනීම වැනි කරුණු අපුලයි නේද?ඒ මිනිස්සු ගැන සහ එහි ඇති සමජ දේශපාලනික ගැන පැහැදළි කිරීමක් මීට පෙර සටහනේ ඇති.ඔවුන් පක්ෂ දේශපාලනයට පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් මාළු විශේෂයක් වැනියි.පාට බලල රහ කියනවට වඩා වගකීමක් අපිට නැද්ද?

      Delete
    2. කුණු කන්දට යටවුනු මිනිස්සුන්ට ගෙවල් දෙන එක බොහොම හොඳ වැඩක්. ඒත් කුණු කන්ද ඒ මිනිස්සුන්ගේ ඔලුව උඩට පෙරලෙනකම් අන්ද ස්භාවයෙන් ඉඳලා ව්‍යසනය උනාම ගෙවල් දුන්නම දේසපාලුවෝ හරිම හොඳ ජනතා සේවයට ලැදි පුද්ගලයෝ කියලද ඔයා මේ කියන්නේ.

      මල මිනී දේශපාලන වාසි වෙනුවෙන් යොදාගැනීම අවරගණයේ කැත වැඩක්. ඒත් ජීවත්ව ඉන්න කාලෙට වඩා මරුනාම අගය වැඩිවෙන අවමංගල්‍ය පෙරහැරවල් දැක්කේ කුණු කන්දේ යටවුනු මිනිස්සු අරන් ගිය අවමංගල්‍ය පෙරහැර විතරද???

      පාට පක්ෂ නැතුව මේ දේශපාලුවෝ ඔක්කොම අවස්තාවදීන් කියල ඔබතුමාට තවමත් වැටහිලා නැද්ද???

      නිස්මාන්.. වර්තමාන දේශපාලනය පාට පක්ෂ බේදයක් නැතුව හැමදෙනාම බලන්නේ කොතනින් හෝ වාසියක් අරගෙන බලයේ රැඳී ඉන්න හෝ බලයට එන්න. ඒ බව ඔයාලට තේරුනාට ඒ බව කියන්න ඔයාල කැමති නැහැ, එහෙම වෙන්නේ ඔයාල මොකක් හෝ එක පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පක්ෂග්‍රාහී නිසා.

      Delete
    3. මා දිගටම කියා සිටින්නේ මේ මිනිසුන් දේශපාලන පක්ෂයකට නතු කර ගැනීමට පහසුයි.ඊට හේතුව ඔවුන්ගේ සමාජ දේශපාලන ඛේදවාචකය.මීට පෙර ලිපියෙ ඒ ගැන උදාහරණයක් එක්ක පෙන්නල තියෙනවා.
      මා දේශපාලනික රැකියාවක් කරන නිසා ඒ චෝදනාව ගැන කිසිවක්ම මම කියන්නෙ නැහැ.නමුත් පක්ෂ දේශපාලන ධාරාවන් ඒවායෙ අවශ්‍යයතාවයන් වෙනුවෙන් මිනිසුන් යොදා ගැනීමට එරෙහිව කැරලි ගැසීමට වඩා පහසුයි මිනිසුන්ගේ උවමනාවන් සංතර්පනය කිරීම සඳහා පක්ෂ දේශපාලනය යොදාගත හැකි උපක්‍රම කල්පනා කිරීම සහ යෝජනා කිරීම.
      සමාජමය බිද වැටීමකට සෑම දේශපාලන පක්ෂයක්ම වගකිව යුතුයි.ඒක බලය තිබුණා හෝ නැහැ කියන කාරණය මත පදනම්ව වගකීම අඩු වැඩි කර කතා කළ හැකි ගැටළුවක් නොවේ.අසමත්භාවයක්.මෙහිදී මහින්ද පනාගොඩගේ නම කිසිවෙක් කියනවාද?පෙට්ටි ලබා දෙන්නේ ඔවුන්.වැරදි ව්‍යාපාරය කර ඇත්තේ ඔවුන්.එහෙත් ඒ වෙනුවෙන් මුදල් යෙදවීමට තීරණය කරන දේශපාලන තීන්දුව ගත් රජයට පමණයි පහර දෙන්නෙ.ජාතික ව්‍යසනයකදි කවුරු කළත් වැරදි දේ වැරදි හැටියට දකින්න මට තවමනම් පුළුවන්.නමුත් සිදුවීමෙන් ඉනික්බිතිව මේ දක්වා සිදු වී නැති ආකාරයට රජයෙන් සහන ලබා දීමට දක්වන ප්‍රතිචාරය අලුත් කියන එක ගැන මට වටිනාකමක් තියෙනවා.
      අනෙක මීතොටමුල්ල හදිසියේ ලැබුණු දේශපාලන බෝනස් එකක්.මේ සමයේ සූදානම තිබුණෙ සයිටම් මිනියක් විකුණා ගන්න

      Delete
  2. හොද සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කරන්නයි ඕනේ.රනිල් මුකවාඩමක් දාගෙන හිටිය එක විවේචනය කරන්න තරම් දෙයක් වෙන්නේ කොහොමද?ඒ වගේ සිඟිති වැඩ නිසා වෙන්නේ සැබෑ ලෙස විවේචනය කලයුතු දේවල් මගහැරෙන එකයි.

    ReplyDelete
  3. තමන්ලෙ දේශපාලන පක්ෂයේ නායකය කළොත් හොදම එක වෙන එකෙක් කළොත් නරකම එක

    ReplyDelete