Saturday, August 30, 2014

වාරියපොලෙන් කොළඹට

පහු ගිය කාලයෙ හරියට වැඩ තිබුණා.නාට්‍යය මාව හිර කරලා තිබ්බා.ඒ බරෙන් සම්පූර්නයෙන් නිදහස් නැහැ.මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස එකතු කරලා මගේ වේදිකා නාට්‍ය්‍ය හීනයක් නොවී වේදිකාව මත පණ ලැබුවා.දැන් තව බරක්.මේ ඉපදෙච්චි එකා නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට වැඩ පිළිවෙලක් කතා කරන අතරෙ මට අමතක කරන්න බැරි උදව් කරපු බ්ලොග් මිතුරන්ට ශීර්ෂ ප්‍රනාමය දක්වමින් අතපසු වූ දෙයක් ලියන්න හිතුවා.

පසුගිය දවස් වල කාගෙත් බයිට් එක වුණේ සෙල්වා සහ ඉමල්කා.ඉමල්කා සමහරුන්ට වීරයෙක් වුණා.ඒකට සෙල්වා දෙමළෙක් වීමත් බලපෑවා.තව සමහරුන්ට සෙල්වා ආරක්ෂා කරන්න අකුරු ආවෙ ඉමල්කා ගැහැණියෙක් වීම නිසා.

මේ ලිංග බේදය සහ ජාති බේදය විසින් සෙල්වා සහ ඉමල්කා අතර ඇති වූ සිද්ධිය බයිට් එකට ගන්න පුළුවන් වෙන අතරෙ 48 න් පස්සෙ අපි ගැහැණු පිරිමි ජාති කුල කියන සංකල්ප වලින් මිදිලා රටක් හැටියට නොහිතපු එකේ සහ නොහිතන එකේ ඛේදවාචකය.

ඔය යෝනියයි පුරුෂයගෙ ශිෂ්නයයි පැත්තකට දැම්මම මේ දෙන්නම මිනිස්සු.මිනිස්සුන්ගෙ හැකියාවල් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මේ ලිංගේන්ද්‍ර දෙකේ ඔතල ඒවෑ හැඩේට මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් සිදු විය යුතු හැටි තීරණය කරන්න යන එක නිසා ඇති වන කලබැගෑනිය මේ දෙන්නගෙ සිදු වීම් එක්ක එළියට පැන්නා.මේ නිරුවත තමන්ගෙ නිරුවතේ කැත පෙන්වන කැටපතක් කියලා නොදැන හුග දෙනෙක් තමන්ගෙ හැදුණුම්පත ප්‍රසිද්ධියෙ එලියට දැම්මා.

රටටත් වෙන පොදු ක්‍රියාවකටවත් කිසිසේත්ම සම්බන්ධ නැති සෙල්වා සහ ඉමල්කා අතර සිදු වූ පෞද්ගලික ආරෝව ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් කර ගත්තු අය අපේ සංස්කාතියෙ අපූරු කලා අංගයක් හැටියට දීර්ඝ කාලයක් තිස්සෙ පවතින කලාංගයක් ජීවත් කරවන්න හදන මේ කෙල්ලො ටික පේන්නෙ නැහැ.මම කියන්නෙ ඉමල්කට ලැබුණු ප්‍රසිද්ධයට වඩා මේ කෙල්ලො හතර දෙනා මේ සමාජය පිලිගත යුතුයි.

පර්සිගෙ සහ සරත් ගෙ වාද බයිලා කලාවෙ හෙට දවස පමණක් නොව ලාංකේය වාද බයිලා කලාවෙ හෙට දවසටත් බොහොම වැදගත් මේ කෙල්ලො හතර දෙනා ඉමල්කට වඩා බොහොම වටිනවා.හැබැයි හුග දෙනෙක්ට ඉමල්කව තමන්ගෙ නිරුවත හෝ ඇදිවත කර ගන්න පුළුවන්.ඒ කියන්නෙ නිරුවත පේන විදිහට කතා කරන්න වගේම නිරුවත වහ ගෙන සමාජය මුලා කරන ප්‍රලාප ටිකක් ඇද බාන්නත් ඉමල්කා හොද මාතෘකාවක්.

ඒත් මේ කෙල්ලො ගැන එහෙම කරන්න බැහැ.කතා කරන්න වෙන්නෙ වාද බයිලා ගැනමයි.හොද හෝ නරක ලෙස කලාවක ඉදිරියට බලපාන කරුණු වල සාධනීය නිශේධනීය කාරණා කතා බහ කරනවා ඇරෙන්න සිය පැවත්මේ න්‍යාය පත්‍රයකට මේ කෙල්ලන්ව දා ගන්න බැහැ.ඒ නිසාම උන් ගැන කතා වෙන්නෙම නැහැ.

බලන්න කතා කරන්නම ඕනි ද කියලා මම කියනවට මේ ලින්කුවෙ
https://www.youtube.com/watch?v=ANC62YL9vJk තියෙන වාද බයිලා ටික අහලා.ඒ වගේම බලමු මේ කලාව රැක ගෙන උන්ට ඉදිරියට යන්න මොනවද කරන්න පුළුවන් කියලා.

30 comments:

  1. දැන් නම් වාරියපොළ ,එපාවෙලා

    ReplyDelete
  2. මටනම් ඒ දවස් වලම එපා වෙලා තිබුණෙ මචං

    ReplyDelete
  3. ආසවීන් ඇහුවට ලේසියි වගේ හිතුවට මේ වාද බයිලා කලාව ලේසියෙන් කෙනෙකුට පිහිටන්නේ නැහැ..
    බොහොම දුලභ හැකියාවක්. බයිලා කාලවේ ඊළඟ පරම්පරාවකුත් දකින්න ලැබුණු එක නම් වාසනාවක්.

    නිශ්මන් ...

    මෙන්න ලෝකෙටම පෙන්නන්න වටිනා වැඩ.

    -----------------------------
    ප.ලි.

    වාරියපොළ යුවල වෙනුවෙන් නාස්තිකිරීමට මට වචන නැත.

    ReplyDelete
    Replies
    1. ඉතාම අසීරු සහ අපූරු කලාවක් අපි ට්‍රයි එකක් දෙමු මේකට වේදිකාවක් හදන්න

      Delete
  4. හොඳයි උඹට ගෑණියෙකුගෙන් හොඳට ගුටි කන්න චාන්ස් එකක් ආවොත් උඹ මොකද කරන්නේ. උඹ ගෑනුන්ට හිරිහැර කරන්නේ නැති නිසා උඹට එහෙම වෙන්නෙ නෑ කියලා උත්තර දීල බේරෙන්න එපා. හේතුවක් නැතුව උනත් පිරිමි පෙන්නන්න බැරි ගෑනු කොටස හේතුවක් හදාගෙන හරි පිරිමියාට කායිකව බැරිනම් මානසිකව රිද්දන්න අවස්ථා හොයනවා. පිරිමින් අතරේ එහෙම අය ඉන්නව නමුත් උන්ටෑහෙම හැසිරෙන්න බැරි සමාජය ඔවුන්ට එරෙහිව තදින් සිටින නිසා. ඒකෙන් කමක් නෑ. උඹ මේ ප්‍රශ්නෙට උත්තරේ දීපන්කෝ. බැරිනම් හැඳිනුම්පත පෙන්නන්නේ නැතුව හිටියැහැකි

    ReplyDelete
    Replies
    1. මමනම් ආපහු ගහනවා ගෑනියෙක්ට අත උස්සන එක අවුලක් ගැහැණිය සියුමැලියි වගේ එවා මා ළග නැහැ.ලිංගයෙන් වෙනස් වුණ තවත් සිරුරක්.පිරිමි වගේම ගැහැණුන්ටත් රට පාලනය කිරීම දක්වා යන්න පුළුවන් නම් මොකද්ද වෙනස.විද්‍යාත්මකව ගන්නකො ගැහැණියක් දරුවෙක් වදන්නෙ පිරිමියෙක් නිසා.එතනදි වැඩේ බෙදිල යන්නෙ ගැහැණියගෙ ස්වභාවය නිසා ඇයට ප්‍රසූතියෙ අපහසුව දරන්න වෙනවා.නමුත් ඇයට මෙන්ම දරුවාගේ නිර්මාණ අයිතියේ කොටසක් පියාටත් පැවරෙනවා.ඔය දෙවිදිහට හිතිල්ල නවත්තන්නකො එතකොට ගුටි කෑම ගැහැණියගෙන්ද පිරිමියාගෙන්ද කියන එක අදාළ නැහැ.ගුටි නොකන විදිහට හැසිරෙන එකයි වැදගත්

      Delete
    2. ගෑනියෙකුගේ ආරක්ෂාව සමාජයේ වැදගත් දෙයක් විදිහට සලකන ක්‍රමයක් ලෝකේ හැම තැනම පොදුවේ දකින්න ලැබෙනවා. අර වාරියපොල පිස්සු ගෑනි වගේ හැසිරෙන්න ගියොත් ඒ වැදගත් කම නැතිවෙන්නේ ඉබේටම. මෙක ගැන තව තොරතුරු හෙලිවෙමින් තියෙන නිසා තව ඉස්සරහට හරියටම මොකක්ද උනේ කියලා දැනගන්න ලැබෙයි. මේ වගේ සිද්ධි වලදි රණ්ඩුව බේරන්න උත්සහ නොකර ඒක කැමරා කරල ෆේස් බූක් එකෙයි හැම රෙද්දකටමයි දාගෙන ගොන් ආතල් ගන්න එක තමයි අනෙක් මල මූසල කම.

      Delete
    3. ගෑණියෙකුගෙන් ගුටිකන්න උනොත් ගුටිකන්න ඕනේ.ගුටිකන වැඩ කරන අයට පිරිමි කියල බලන්නෙ නැතුව ගෑනුත් පෙරලා පහර දෙන්නම ඕනේ. ඒකේ වරදක් නෑ. හැබැයි පිරිමින්ට ඕන විදිහටනම් ගෑනුන්ට අත උස්සන්න දෙන්න බෑ ගෑනියෙක් අතින් වරදක් උනත්. ඒක පිළිගත් දෙයක් ලෝකෙම.

      Delete
    4. මමනම් ආපහු ගහනවා ගෑනියෙක්ට අත උස්සන එක අවුලක් ගැහැණිය සියුමැලියි වගේ එවා මා ළග නැහැ.ලිංගයෙන් වෙනස් වුණ තවත් සිරුරක්.පිරිමි වගේම ගැහැණුන්ටත් රට පාලනය කිරීම දක්වා යන්න පුළුවන් නම් මොකද්ද වෙනස.//
      ඔබ ඔය කියන දේ ප්‍රායෝගික නෑ.ඔබගේ කිසිම වරදක් නැතිව ඔබට ගෑනියෙක් ගැහුව කියමු.ඔබ අනෙක් පැත්ත හැරිල ගැහුවොත් ඔබට හොද පෝරියල් එකක් කන්න වෙනව.සෙල්වගෙ පැත්ත ගත්තෙ වෙන එකක් නිසා නොවෙයි ඔහු පාඩුවෙ ගුටිකාගෙන හිටි නිසා.සෙල්වට නොවෙයි ඔයාටවත් මටවත් අපි කාටවත් වෙන විකල්පයක් නෑ.දුවන්න ගත්තොත් වටේ අය අල්ලගන්නත් ඉඩ තියනව.
      අනෙක් පැත්ත හැරිල ගහල ඊට පස්සෙ ඔයාව පොලිස් අත් අඩංගුවට අරන් උසාවි දානව.එතනදි ඔයාට ගැලවිල්ලක් ඇත්තෙම නෑ.නීති හදල තියෙන්නෙ ගෑනුන්ගෙ වාසියට නිසා.
      මගෙ යාළුවොත් කීප දෙනෙක්ම කිව්ව.උන්ට එහෙම වුනානම් අනික් පැත්ත හැරිල ගහනව කියල.ඒව නිකම් බයිල.සෙල්ව කළේ කරන්න තියන හොඳම එක.එහෙම කරලත් සෙල්වව අත් අඩංගුවට අරන් අතවර චෝදනාවකට.
      සෙල්ව දෙනෝ දාහක් ඉස්සරහ ලිංගය එළියට අරන් සංසර්ගයෙ යෙදෙන්න යෝජනා කර කර පස්සෙන් ආවලු.ඒත් ඒක කිසිම කෙනෙක් දැකල නෑ.ඒක හිනා යන කතාවක්.ඉමල්කවත් ඒක මුලින් කියල නෑ.ඒක දැකල තියෙන්නෙ කොළඹ කාන්තා සංවිධාන එන්ජීඕ කාරයො.

      Delete
    5. ඔබ කියන එක ඉතා පැහැදිලියි. එන්ජීඕ සහය තියෙන්නේ වරද කාන්තාවගේ පැත්තේ උනත් කාන්තාවටමයි.

      Delete
    6. පිරිමියාට විරුද්ධව රහසිගත ලෙස සැකසෙන නීති ගැන මේ රටේ පිරිමින්ගෙන් වැඩි හරියකට දැනුවත්භාවයක් නෑ.

      Delete
    7. කාන්තාවගේ ආරක්ෂාවට නීති තියෙන්න ඕනේ පිරිමින් මොකක් කිවුවත්. ඒව පිරිමින්ට අවාසිද කියන එක කාන්තාවන්ට වැදගත් නෑ. චන්ද්‍රිකා මැතිනිය ඉතා බුද්ධිමත්වයි මේ නීති හදන්න ක්‍රියා කළේ.

      Delete
    8. සෙල්වගේ ලිංගය එලියට අරන් ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදෙන්න නූතන කාන්තාවනම් ඉදිරිපත් වෙන්නේ නෑ. ඔය වෙන මොකක් හරි කතාවක්.

      Delete
    9. අම්මටුඩු වනිතා ආවේස වෙලා

      Delete
    10. ***හැබැයි පිරිමින්ට ඕන විදිහටනම් ගෑනුන්ට අත උස්සන්න දෙන්න බෑ ගෑනියෙක් අතින් වරදක් උනත්. ඒක පිළිගත් දෙයක් ලෝකෙම.***
      ලෝකෙම පිළිගත් දෙයක් වෙනුවෙන්නේ වනිතා ඔය නිතරම පෙනී සිටින්නේ...හැක්

      Delete
  5. වාරියපොල කේස් එකේදී පොලීසිය ගූ ගොඩක්. බුකියත් එහෙමයි. ඒකෙන් පෙන්වන්නේ අපේ සමාජයම තමයි. බයිලා ටික නම් මල් මසුරන්.. ඒත් අද කොලිටි මාකටින් නැතුව මුකුත් කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඒක හරි කවුරු හරි ඒකට උදව් කරානම් ගොඩ දා ගන්න බැරි වෙන එකක් නැහැ ඇගෙ මයිල් කෙලින් වෙනවනෙ මචං

      Delete
  6. කොල්ල දෙමල නිසා ඌ වැරදියි කියනවා නෙවෙයි හැබැයි කෙල්ලගේ අඳුම ගැන අනවශ්‍ය කතාවක් කියන එකත් හරි මදි. නමුත් මමනම් කියන්නේ මේ සිද්ධියේදි කෙල්ල ඕනවට වඩා දුර ගිහින් එයාම රීලා හත්පොලේ ගාගත්තා.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ උන් දෙන්නට ගා ගන්න දීලා ඉන්නෙ නැතිව මේක ජාතික ප්‍රශ්නයක් කර ගෙන අනිත් එවුන්ට ගූ ගා ගන්න හැදුණු අමාරුව ගැන මචං

      Delete
    2. රීල හත්පොලේ ගාගත්තේ කෙල්ලට මඩ ගහන ජරා පිරිමි ටික

      Delete
    3. ඔයත් ඒකම නේද මේ කරගන්නේ?

      Delete
  7. ඒ කෙල්ල කරපු වීර ක්‍රියාව අගය නොකර අහංකාර අධිපතිවාදී පිරිමි සේරම කරන්නේ එයාට මඩ ගහන එක. ඇත්තටම මේ වගේ වීර කාන්තා චරිත තවත් මේ රටට බිහිවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ පණේ.. ඔයැයි කොහෙද හිටියේ. මං ඊයේ හෙව්වත් එක්ක..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මම නම් මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ ජාතිවාදී හෝ ලිංගවාදී කෝණයකින් නොවෙයි.මම මේක දැකපු දෘෂ්ටිය මෙහෙමයි.
    සෙල්ව අසභ්‍ය දෙයක් කළා කියල මම පිළිගන්නෙ නැත්තෙ එතන ප්‍රසිද්ධ තැනක්.එහෙම තැනක එහෙම හැසිරෙන්න කාටවත් බෑ.හැසිරෙන්න තබා කුණුහරපයක්වත් කියන්න බෑ.සෙල්ව පැහැදිලිවම අනවශ්‍ය දෙයක් කරල.ඒක තමයි අනුන්ගෙ ඇදුම්වල අඩුපාඩු පෙන්වපු එක.ඒක සෙල්වට අයිති දෙයක් නොවෙයිනෙ.

    ඔය වගෙ මිනිස්සු සමාජයෙ ඉන්නව.සමහරු අනුන්ගෙ දේවල්වලට මැද්දට පැනල ගුටි කනව.පිහි ඇනුම් කාපු අවස්ථාත් තියනව.
    ඔය කෙල්ල තමන්ගෙ අවලස්සනකම ගැන හීනමානෙන් මානසික අසහනයෙන් හිටපු කෙනෙක්.ඔහොම අය රණ්ඩු කෙකි.තමන්ට විරුද්ධ ලිංගිකයන්ගෙන් අවධානයක් නැති බව දන්නව.
    මෙතන පංති ප්‍රශ්නෙත් බලපාන්න ඇති.පොල් කඩන වතු දෙමළ සෙල්ව හැම පැත්තෙන්ම සීමාව ඉක්මවා ගියා.
    ඒත් හැම පිරිමියෙක්ම දැන ගන්න ඕන රටේ නීතිය.ගෑනියෙක් දිහා නොමනා ලෙස බැලුව කියන එකත් වරදක්.පස් අවුරුද්දක් හිරේ යන්න පුලුවන්.චන්ද්‍රිකාගෙ කාලෙ එන්ජීඕ කාන්තා සංවිධානවලින් ඔය නීති හැදුවෙ.1995,1996 දි.
    විවාහ වෙන්න තියන හොඳම ක්‍රමය ප්‍රොපෝසල්. කෙල්ලො යාලුකරගන්න උත්සාහ කරන හැම කොල්ලම පස් අවුරුද්දකට හිරේ යන අවදානම අරගෙනයි ඒක කරන්නෙ.
    අධිකරන බුද්ධිමත්ව ක්‍රියා කරන එක වැදගත්.නැත්නම් මේ වෙනකොට රටේ ඔක්කොම පිරිමි හිරේ.
    මේ නීති ගැන සමාජය දැනුවත්වීම විතරක් නොවෙයි සමාජ කතිකාවතක් ඇතිවීමත් අවශ්‍යයි.මේ නීති අවභාවිතවීමේ අවදානමකුත් තියනවා.මේ සිද්ධියෙදි අන්තවාදී කාන්තා සංවිධාන හැසිරුන විදිය දැක්කනෙ.

    ReplyDelete
    Replies
    1. කාන්තාවගේ ආරක්ෂාවට නීති තියෙන්න ඕනේ පිරිමින් මොකක් කිවුවත්. ඒව පිරිමින්ට අවාසිද කියන එක කාන්තාවන්ට වැදගත් නෑ. චන්ද්‍රිකා මැතිනිය ඉතා බුද්ධිමත්වයි මේ නීති හදන්න ක්‍රියා කළේ.

      Delete
  10. මුළුමහත් ශිෂ්ට සමාජය මෙම පහරදීම හෙළාදකින විට සැබෑ ලෙසම සමාජ අසාධාරණයට ලක්වූ පොල්කඩා ජීවත්වන සෙල්වා අහස පොලව නුහුලන බොරු චෝදනා එල්ල කර හිරේ යවන්නට හදන පිරිමි විරෝධී කාන්තා සංවිධානවල බිහිසුනු බව ගැන ලිපියක්

    http://www.pathula.com/index.php/archives/15177

    ReplyDelete
  11. පැහැදිලි දැක්මක් මේ පිළිබඳව ඇතිකරමින් හරි විචාරක කළාට ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ මේ ප්‍රශ්නය ඒ දෙන්න ළගින් තියලා මේ ලිපියෙ කියලා තියෙන සහ පේන බයිලා කියන කෙල්ලො ගැන කතා කරන්න.වද වෙමින් යන කලාවක කාන්තා සළකුණ වන ඔවුන් සහ වාද බයිලා කලාව වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද?ඉමල්කටයි සෙල්වටයි වඩා රටට වටිනාකමක් තියෙන්නෙ ඒ ගැන.ඒක පැහැදිළිව කියලා තියෙද්දිත් ආපහු ගැහැණු පිරිමි පෝලිම් ගැහෙනවනෙ....

      Delete
  12. මේක මැක්කගෙ කතාව වුණා.තවමත් මේ ප්‍රහ්නය තමන්ගෙ කූඩුවට දාගෙන එහාට මෙහාට පෙර‍ලල බලන එක තමයි හැමෝම කැමති.ඒත් මේ ද්වන්ධ ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් කර ගන්නවට වැඩිය මේ බයිලා කියන කෙල්ලො ගැන කතා කරන එක නේද වෙන්න ඕනි.වනිතා වුණත් මේ කෙල්ලො ගැන කිසිම දෙයක් කියන්නෙ නැහැ.පිරිමින්ට එරෙහිව වෛරී ප්‍රකාශ කරන්න තියෙන තැන් වලට අමතරව මේ වගෙ ටැලන්ට් ගෑණු ගැන කතා කරන එක ඔවුන්ය ආරක්ෂා කරන එක කාන්තා සංවිධාන වල වගකීම්ක් නොවන්නේද?මටනම් මේක ලියපු එක අපරාදෙ කියලා හිතෙනවා.අහක යන දෙයක් ජාතික ප්‍රහ්නයක් කරලා ජාතික වීරවරියො නිර්මාණය කරන්න හදන ජාතික වීරයො නිර්මාණය කරන්න හදනවට වැඩිය වටින්නෙ මේ සටහනෙන් මතු කරන කෙල්ලො හතර දෙනා ගැන ලියන එක.

    මේක පහසු කලාවක් නෙවෙයි.මේක නැති වෙන එකක්.නැවත ගුණාත්මකව ඇති කළ හැනි එකක්.මේකට කාන්තාවො පැමිණිම අලුත් ආලෝකයක් ප්‍රවනතාවයක්.මේකට වඩා සෙල්වයි ඉමල්කයි ද වටින්නෙ?මම ලිපිය පටන් ගන්නෙම ඒ කතාව කියලා.දැන්වත් මේ ෙකල්ලො හතර ගැන කලාව ගැන කතා කරන්න.

    ReplyDelete