මේ මොහොතේ රටේ ඊ ළග ජනාධිපතිවරණය ජය ගන්නේ කවුරුන්ද යන්න සාකච්ඡාවට බදුන් වී තිබෙන මොහොතයි.මහින්ද රාජපක්ෂ ද,රනිල් වික්‍රමසිංහ ද යන්න තීරණය කිරීම පිණිස දැනටත් ගමේ කඩ පොළේ සිට නගරය සුපර් මාර්කට් දක්වා සංවාද කරන මිනිසුන් දැකිය හැකිය.
රාජපක්ෂට ඇති ප්‍රධාන සුදුසුකම ලෙස බොහෝ අය දක්වන දේ අතර ඔහුගේ රැවුල ද සාධකයක් ලෙස කතා බහට ගැනෙයි.එය හොද සාධකයකි.ඔනෑම ජරාවක් පිස දැමීමට එය මුඩුවක් කොට හෝ භාවිතා කළ හැකිය.රනිල්ට සිදු වන්නේ ඒ නිසා ජරාවට බියෙන් සිටින්නටය.නොගා ගෙන සිටින්නටය.එසේම මහින්දගේ පුරුෂකම පැහැදිළි කරන්නට පුතුන්ද සිටින්නේය.ඒ නිසා දැනට ද සිදුවන ආකාරයට රජ පුතුන් ලෙස තාත්තාගෙ ඇවෑමෙන් ඉහළ සැප සම්පත් භුක්ති විදින්නට ද,රටේ සම්පත් බෙදා හදා ගෙන පරිහරණය කරන්නට ද එවැනි දරුවන් සිටීම ගැන ඔහුට පක්ෂපාති ජනතාව ඉන්නේ මහත් සතුටින්ය.හැමදාම කාගේ හෝ බැලයෙක් ලෙස ජීවත්වීමෙන් සංතෘප්තියට පත් වීමට හුරු අපේ වැඩවසම් මානසිකත්වය එය අපහසුවකින් තොරව විදිමින් නැතිකම සහ ඇති කම කරුමය ලෙස අරුත් ගන්වන්නට සමත්තුය.රනිල්ට එසේ බෙදා හදා ගන්නට කිසිවෙක් නැති නිසා එය ඒ වැඩවසම් ක්‍රමයට පට්ටම අවුලක් වන්නේය.
මේ මේ දෙදෙනා ගැන කතා බහය.ඒත් ඊළග යන්නෙන් අදහස් කළේ සැබවින්ම මේ දෙනොගෙන් පසුව මේ පක්ෂ දෙකට හෝ නායකයෙක් සිටීද යන්නය.පේන තෙක් මානයක නැත.ලොකුම අවුල තියෙන්නේ එතැනය.නායකයෙක් නිරුමාණය විය යුතුය.එවැන්නෝ නිර්මාණය කිරීම කළ නොහැකි අතර එවිට බිහි වන්නේ රටට හිතකර අයෙක් විය නොහැකිය.
මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව එවැන්නෙක් නිර්මාණය කරමින් සිටින්නේය.එතුමාගේ නෑ සනුහරේම දැන් දේශපාලනයේ සිටිති.ඒ අය කැබිනට් ඇමතිවරුන්ටත් වඩා බලවත්ය.එය අමුතුවෙන් හංගන්නට දෙයක් නැත.ඇමතියෙක් පමණක් නොව ජීඑල් වගේ ප්‍රාඥයෙක් සිටියද ජනාධිපති නාව උත්සවයක ප්‍රධාන තැන ගන්නේ නාමල් සිටී නම් ඔහුය.ඇමතිවරු විවිධ දේශපාලන ව්‍යාපෘති කර මහ හඩවල් දෙමින් ලකුණු දා ගන්නට කැස ගසා සිටියදී,එතැනට පාත් වෙන නාමල් පීත්ත පටිය කැපීමේ වගකීම දරද්දී,මහා කැබිනට් අමාත්‍යවරයාට සිදුවන්නේ අත්ල ලෙලි යනතුරු මහ හඩින් අත්පොළසන් දීමටය.මේක ඇත්ත ද නැද්ද යන්න තීරණය කිරීම අත්දැකීම් මතම සිදු කර ගැනීමට හැකිය.
රනිල්ගේ යූඇන්පී යේ එහෙම වැඩක් නැත.සජිත් වරෙක නියෝජ්‍ය නායක වන්නේ සහ තවත් වරෙක උප නායක වන්නේ ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොමැති බව පහදමින්ය.එය තුළ තිබෙන්නේ නිර්මාණය විය හැකි අවකාශයක්ය.එය බලය සහ වැඩ ක්‍රියාවෙන් සිදු විය යුතුය.එකක් තුළ එකෙක් හදන්නට හදමින් සිටින අතර එකක් තුළ එකෙක්ට හැදෙන්නට ඉඩ ඇත.මේ අවස්ථාවන් දෙක බුද්ධිමත්ව පරිශිලනය කිරීම වැදගත්ය.
අවසානයේ ඊළග නායකත්වය ගැන කතා කිරීමට ප්‍රථම ඊළග නායකයා කවුරුන් ද යන්න තීරණය කිරීමට ඇති අපට ලැබෙන බලය ද.කලපනාකාරීව භාවිතයට ගත යුතු වන්නේය.බෙදා ගෙන කෑමද බදා ගෙන කෑමද යන්න එහි දී කලපනාවට ගැනීම නායකයාගේ කවුරුන්ද යන්න තීරණය කිරීම පිළිබදව සැළකිල්ල යොමු කිරීමේදී අතිශයින් වැදගත්ය.
දේශපාලනය කතා කිරීමෙන් ලැබෙන ලබ්බක් නැත. රජතුමා සහ/හෝ ඔහු වටා සිටිනවුන් උදෑසන මළපහ කරන විට ඇතිවන සිතිවිලි සැනකින් රටේ නිතිය වන විට, දේශපාලනයක් කතා කිරීම පලක් නැත.
ReplyDeleteසැබෑවකි.ඒත් මල සුවද දරාගන්නට නොහැකි තැන ඇතිවන අපුල කොහෙන් හෝ පිට කර ගත යුතුය.වැසිකිළියට අළුත් අධෝ මාර්ගයක් හදුන්වා දීමෙන් නොනැවතුණු දෙයක් සිදු වන්නට කාලය පැමිණ ඇති අතර,ඇතැම් විට මේ තත්ත්වය පැවතියහොත් රජවරුන්ගේ ශරීර කෘත්ය්යට අපේ හිස වැසිකිළියක්බවට නිර්මාණය කර දන් දීමට ද සිදු විය හැකිය.
Deleteතවම ටර්නිං පොයින්ට් එකකට සුදානම් ජනතාවක් අපට නැත.. එතෙක් පරණ අච්චුවමයි
ReplyDeleteඋඹ ටර්න් වෙයංකො මචෝ..හරි දැන් එකායිිිිිිිිි එහොම ගනිමු
Deleteඔහොම කිව්වට බෑ.. ඇතත්ටම සිස්ටම් එක හැක් වෙන්න ඕන.
Deleteඕකට ප්‍රධානම හේතුව පක්ෂ තුලවත් ප්රජාතන්ත්රවාදයක් නොමැති වීම..
ReplyDeleteඑකිනෙකා කෙරෙහි විහ්වාසයකින් තොරව කටයුතු කිරීමත් මේකට හේතුව.හැමෝම හැමෝ ගැනය සැකයෙන් ඉන්නෙ
Delete/* ඇමතියෙක් පමණක් නොව ජීඑල් වගේ ප්‍රාඥයෙක් සිටියද ජනාධිපති නාව උත්සවයක ප්‍රධාන තැන ගන්නේ නාමල් සිටී නම් ඔහුය. */
ReplyDeleteමෙල්බර්න් නගරයේ පැවති SLFP දේශපාලන රැස්වීමක ඡායාරූපයක මා මෙය දැක්කා!
පැහැදිලිවම.කැලය මාරු වුණාට පුල්ලි එහෙමමනෙ
Deleteඇත්ත දැන් ඇමතිවරු නමට විතරයි.මහින්දටයි,පවුලේ උන්ටයි ඔක්කොම වුන් යට වෙලා ඉන්නේ.අරූන් මුන්ව යට කරන් ඉන්නවාට වඩා මුන් ස්වකැමත්තෙන් යට වෙලා ඉන්නේ.
ReplyDeleteබඩ වටේ කැරකැවෙන ප්රජාතන්ත්රවාදයක්නෙ බං තියෙන්නෙ
Deleteමචං නිශ්මං.........
ReplyDeleteඇත්තට ම මේ පාර පෙරළන්න වගේ කතා කරන හවුලේ ඉන්න සෙට් එක ඔය කොච්චර කළත් මේක පෙරළෙන්නට දෙන්නේ නැත.. ඔවුන් කොච්චර කළත් දන්නවා රනිල්ගේ ආණ්ඩුවක් සමග මේ කිසිම සෙල්ලමක් දමන්නට නොහැකි බව..ඉතින් සද්දය දම දමා හෝ ඔවුන් මේ ආණ්ඩුව රකිනවා නිසැකයි.. වාමාංශය.... විමල්... ජේවීපීය.... හාමුදුරුවරු ටික කියන පිරිස කීයටවත් රනිල්ගේ ආණ්ඩුවකට කැමති නැත.. සත්‍යයය එයයි.. ඉතින් කුමක් සිදුවේවිද???
මේ සෙල්ලම් නවත්තන්න අවශ්‍යය කෙටි පියවරක් විතරයි රනිල් කියන්නෙ.ඒක දීර්ඝකාලීනව ආයෝජනයක් කරන්න තව පියවරක් තබන්න වෙයි
ReplyDeleteමේ මොහොතේ කලයුතුදේ ඔය වෙන්ඩ නායකලා ඔක්කොම දන්නවා. ඒත් ඒ හැමෝටම තියෙන්නේ බලය සඳහා ඇති ගිජුකමයි. ඔය කාටවත් කෙලින් හිටගන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ, මේ පාර වැඩේ වරද්දගත්තොත්. දෙකක් නැහැ සජිත්ට පිං සිද්ධවෙන්න මේ පාරත් අනාගන්නවා.
ReplyDeleteසජිත් අනාගන්නවා ඔක්කොටම වඩා
ReplyDelete