Friday, July 31, 2015

අපේ උරුමය?

මේ මැතිවරණ සමයයි.පොරොන්දු වැසිවලට තෙමී හුස්ම ගන්නත් අමාරුය.ඒ තරමට පොරොන්දුය.මේ පොරොන්දු සෑම එකකම පාහේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ රටේ කෘෂි ආර්ථිකය සම්බන්ධයෙන්ය.ඒ අපිට ලොවට බත සැපයූ රටක් හැටියට ඇති දීර්ඝ ඉතිහාසය නිසාවෙන්ය.

අපට බත සපයන රජ පරපුර (මඩ සෝදා ගත් ගොවියා එබඳු බව නිතර ඇසෙන්නේය) තවමත් සිය කෙත පෝෂණය කරන්නේ විශාල වශයෙන් පුරාණ රජ දවස තැණනු වාරි කර්මාන්ත හරහා ය. අලුතින් තැණුනු දේ කාලයට සාපේක්ෂව ගත් විට නොතැණුනු ගාණය.

බොහෝ අය රජ දවස තැණුන වැව් පිළිබදව කතා කරන විට එය විශ්මයක් කොට තකන්නේය.වැව් පමණක් නොව බොහෝ ඉදිකිරීම එබඳුය.නමුත් දන්නා තරමින් මේ පුරාණ ඉදිකිරීම් තාක්ෂණය මේ රටේ වෘත්තීය ඉංජිනේරු තක්ෂනය උගන්වන ආයතනවලට විෂයක් වී නැත.(එය වැරදිනම් රසික වැනි අයෙක්ට හෝ මේ විෂය ගැන හොදින් දන්නා අයෙක්ට නිවැරදි කරන්නත් විග්‍රහ කරන්නත් පූර්ණ අවසරය ඇත.

මා කියන දේ නිවැරදිනම් ඒ උරුමය ඔස්සේ දැන්වත් දිගු හැදෑරිමකට යායුතු බව මට හැඟෙන්නේය.ඒ ඒ කාලයට සාපේක්ෂව නැවත ඉදි කිරීමට නොව.ඒ තාක්ෂනය පදනම් කර ගනිමින් අලුත් යමක් සොයා ගැනීම පිණිසය.නමුත් අතීත කාමය වළදමින් ඒවා ‘මාර දේවල්‘ හැටියට පෙන්වා දෙන්න උත්සාහ කරනවා විනා මේ තාක්ෂනය නවීනත්වයට රැගෙන ඒමට අපි උත්සාහ නොකරන්නෙමු.

පුරාණ උරුමයන් ගැන තෘප්තියක් ලබනු විනා,ආඩම්බරෙන් කතා කරනු විනා ඒවා අලුත් කොට භාවිතයට ගන්නා ක්‍රමවේද සෙවීම හෝ ඒ අරමුණෙන් හදාරනු හෝ පරීක්ෂන කිරීමක් අප දකින්නේ නැත.

ඊට හේතුව කුමක් විය හැකිද?

පුරාණ රද දරුවන් රටේ ඒඛීයත්වය වෙනුවෙන් සටන් කළෝය.එහෙත් ඒ බර රටේ ජනතාවගේ බඩට හෝ හිතට නොදැනෙන්නට ආර්ථිකය කළමණාකරනය කර ඇත.මේ සියළු ඉදිකිරීම් අපට දෙන පණිවිඩය එබඳු යැයි මට හැඟේ.නමුත් එයින් සුළු ප්‍රතිශතයක් ඉටු කරන පිරිස් තාප්පවල දුටුගැමුණුලා වෙති.පරාක්‍රමබාහුලා වෙති.ඒ අපේ හදවත් තුළ තවමත් වත්මන් දේශපාලනඥයාට අයිති කර ගන්න බැරි කොටසක් ඒ රජදරුවෝ දරන බැවිනි.

දුටුගැමුණුලා විරයෝ කර ගන්නා අය දුටුගැමුණුගේ හොදම දකිති.ඔහුව සම්පූර්ණයෙන් හදාරන්නට විවෘත නැති අධයාපනික දේශපාලන පසුබිමක තත්ත්වය එබදුය.ඒ විවෘත හැදෑරිමකට ඉඩ නොතබා වීරත්වය පමණක් එලියට දමා හදාරන්නට සළස්වන හේතුව ඊට ආදේශ වන්නට වර්ථමාන චරිතවලට ලැබෙන ඉඩ ප්‍රස්ථාව සුරැක ගැනීමය.

ඒ කුණු වි ඕජස් ගලන අපේ දේශපාලනයේ මෙන්ම ඒවා වටා රොක් වී ආවඩන සියල්ලන්ගේ උරුමයය.අරුමය එය උරුමයක් ලෙස පවත්වා ගෙන යනු විනා මේ සටහනට පාදක වූ අපේ ඉතිහාසයේ ඉදිකිරීම් තාක්ෂණය තවමත් විෂයක් ලෙස හදාරන්නට අවධානය යොමු කර නොතීබීමය.ඒ නිසා ඒ උරුමය වචනවල රහට සීමා වුණු හදවතට රහ දැනෙන දෙයක් වී නැත.

මහා සාගර බඳු ජල කදවල් කළමණාකරනය කර රටේ කෘෂි ආර්ථිකය ලෝකයට බත් දෙන රටක් බවට පත් කළ අපේ උරුමය හදාරන්නට එය වෙනම විෂයක් ලෙස අපේ අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය.ඒ සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අඩුම තරමේ අපේ රටේ ඉංජිනේරු පීඨවල හෝ ස්ථාපිත විය යුතුය.අද අපි සිටින්නේ නියඟයෙන් බැට කන විට ඒ මහා සාගර බඳු වැව් පේන මානයේ ගම්වලට වතුර එකතු කරන්නට කොළඹින් ප්ලාස්ටික් සහ රබර් බැරල් උස්සන් යන තත්ත්වයකය.මේ බර දරන්නට වන්නේ එදා සිට මේ දක්වා එන ගමණ තුළ අපි විසින් අතහැර දමන ලද අපේ මාවත පිළිබද පියෙන් පිය අපට දැණුමක් නොමැති නිසා විය යුතුය.

බ්ලොග් අඩවි මෙන්ම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි ද මේ රටේ තීරණාත්මක සාධකයක් වන තරමට වැඩී තිබෙන බව මම විශ්වාස කරමි.ඒ නිසාම මේ කරුණ පිළිබදව සංවාදයක් ගොඩ නඟන්නට මේ විෂයානුබද්ධ දැණුම ඇති අය ප්‍රමුඛතාවය ගන්නේනම් එය ඉතාමත් වැදගත් දෙයක් වනු ඇත........

9 comments:

  1. දේශපාලනයනම් රත් වෙලා තමා.... ඡන්දෙ ඉවර වුණාට පස්සේ අපිත් රත් වෙන්න ඒපැයි නේද????

    ReplyDelete
  2. අපේ සංස්කෘතික උරුමය කියලා පාසලේ විෂයයක් තිබුණා. මට වාර විභාගයේ දී ඒ සඳහා ලකුණු 96 ක් ලැබුණා!

    ඒ අනුව මේ කියන උරුමය ගැන මගේ නම් ඇත්තේ ප්‍රසාදයක්.

    ReplyDelete
    Replies
    1. මට එහෙම විෂයක් හමුවෙලා නැහැ රසික.විශ්ව විද්‍යාල මට්ටමෙන් ඉංජිනේරු පිටවල අපේ වාරි තාක්ෂනය ගැන ඉගැන්වෙනවද සහ පර්යේෂණ සදහා ඉඩක් වෙන් කර තිබෙනවද?

      Delete
  3. රජ කාලෙට වඩා අපේ මිනිස්සු දැන් දැනුවත්...රජ වරුන්ට වඩා අපේ දේශපාළුවො අපි ගැන නොදැනුවත්

    ReplyDelete
    Replies
    1. මගේ යෝජනාව ඒවම කරන්න නෙමෙයි.ඒව ඉගෙනගෙන දෙයක් අලුතින් හිතන්න.

      Delete
  4. පුරාන තාක්ෂන විධික්‍රම ගැන දැන්නම් ඉගැන්වෙන්නේ නෑ. එක වරක් හිටපු ICTAD සභාපති , Arct: උදුල බණ්ඩාර අවුසදහාමි මහත්තයා ඒගැන කළා බොහොම අහම්බෙන් ලැබුණු අවස්ථාවකදී

    ReplyDelete
    Replies
    1. ඔය උමත් ඉන්නෙ එහෙම සංවාදයක් පටන් ගම්මුකො එෆ් බී ය හරහා

      Delete
  5. පුරා විද්‍යාව යටතේ මේවා හදාරන්න පුළුවන්නේ. මට මතක විධිහට පුරන වාරිමාර්ග ක්‍රම කියල පොතකුත් තියෙනෙව. නමුත් දැන් අතීතයට යන එක තේරුමක් නැහැ කියල මට නම් හිතෙන්නේ. අතීත උරුමයන් හදාරන එක නම් හොඳයි.

    ReplyDelete