Thursday, September 3, 2015

පිං පාට පවු

elephantබොහෝ පාප අප අත් විදින්නේ පිං පාට තවර ගෙන ය .ඒ නිසා ඒවා පිං හෙවත් පුණ්‍ය කර්ම ගණයට වැටෙයි. කැලණියෙන්,රත්නපුර සමන් දේවාලයෙන්, මහනුවර දළදා මාළිගාවෙන් නොනැවතී, ගමේ පන්සලක් පන්සලක් පාසා කඨිනයට ද පෙරහර කරන බෞද්ධ අන්ධ ශ්‍රද්ධාව ද මෙවැනි පිං තැවරූ පාපයකි.
තිරිසන් සතකු පිට උත්තරිතර ධාතූන් වැඩමමවීම ගෞරවයක් ලෙස සිතීම පසුගාමී හීනමාන සිතුවිලි ධාරාවක ප්‍රතිපලයක්ම විය යුතු ය. ධර්මය අවබෝධ කර ගැනීම මිනිසකු වූ පමණින් කළ නොහැකි ඒ සඳහා වූ විශාල බුද්ධියක් ද පැවතිය යුතු වේ.
ඉහත වන්නේ එහි රළු කියවීම ය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු ඇතැම් බෞද්ධයන් ශ්‍රද්ධාව පෙරදැරි කර ගෙන දුවන කල ඔවුන්ට නොපෙනෙන්නේ එම ශ්‍රද්ධාවට යටන් දිවෙන මහා ඛේදණියත්වය ම ය.
දෙවන කියමන බෞද්ධ යැයි ලේබල් නොකළ මනුස්සකමට අදාළ සංවේදීතාව අවදි කරන ඡායාරූප පෙළකින් ගෙන හැර පාන්නට අපි තීරණය කළෙමු.
ඔබ පෙරහරේ කරඬුව වඩම්මන හස්ති රාජයාගේ තේජස, ඇඳුම පැළදුම මෙන්ම එසේ ගමන් කරන අලි ඇතුන්ගේ රංගන, ශ්‍රද්ධාව සහ බාහිර ආයිත්තම්වල ඔපය කතා කිරීමෙන් ඔබ්බට මේ ගැන නොසිතන්නට ඇත. මේ පිං කාර අලි ඇත්තු ඔබේ පිං සිත අවදි කරවන්නට මේ මොහොත එන තෙක් විඳින වද බන්ධන මේ සමඟ වන ඡායාරූපයන්හි සටහන් වී ඇත.
ඔබ බොහෝ භක්තියෙන් පිං පතා සාදු කාර දෙන්නේ,මේ සතුන්ගේ වේදනාව මතින් සසර කෙළවර අමා මහ නිවන් සුව ලබා ගන්නට ය. පිංකාර, වේදනාවකින් තොර සුගතියම අත්පත් කර ගණු පිණිස ය.
කෙනකුගේ වේදනාවෙන් සංතෘප්තිය සෙවීම සැබෑ බෞද්ධකමට අදාළ යයි ඔබ සිතන්නේ නම්, ඔබ විශ්වාස කරන බෞද්ධ හැදියාව, සාර ධර්ම ඒ දර්ශනය තුළ තිබේනම් ඔබට මරණින් මතු අමා මහ නිවනේ දොර විවර කර ගැනීමේ සොදුරු මොහොත ඉක්මනින් උදාවෙනු සැක නැත.
එසේ නොවන්නේනම්;
කෙනකුගේ අතිශය වේදනාකාරි අත්දැකීමකින් මහත් වූ සුව ඇති නිර්වාණය පතා ආශ්වාදයක ගිලුණු බව දැනීමෙන් ඔබේ සිත සුවපත් නොවනු නිසැක ය. පෙරහරේ අලියා ඔබේ බෞද්ධ චින්තනයේ යථාර්ථය රැක ගැනීම පිණිස ඒ ගමන් මඟින් ඉවත් කළ යුතු නොවේද? මේ වේදනාකාරි ඉවසීම සමඟ ඔවුන් වෙතින් වින්දනයක් අපේක්ෂා කිරීම බෞද්ධකම ද?
අලුතින් සිතමු!අහිංසකයකු ගේ වේදනාවේ එල්ලි නිර්වාණයට යාම ගමරාළ අලි නැට්ටේ එල්ලි ගොස් පෙන් වූ දිව්‍ය ලෝකයේ සුඛ විහරණ තරම්ම හාස්‍යයට සහ උපහාසයට කරුණක් ම නොවන්නේ ද?.
නිශ්මං
nismansinghe@gmail.com
ඡායාරූප – සේව් ද එළිෆන්ට්
10626596_457030281149759_1271249720991055202_n
10985442_457030667816387_5349553274938499544_n
11013636_457030631149724_6314051076657208888_n 
11218875_457030637816390_4229736042462058931_n 
11220909_457030594483061_3812102598300590902_n

11895950_457030314483089_5248141605694392121_n

11913230_457030317816422_2999299635771956275_n

11937935_457030271149760_5534309954239278932_n

11947483_457030277816426_6257431390246512624_n

11949447_457030627816391_7410314083311644224_n

11951397_457030607816393_5834979005360044233_n

11953208_457030507816403_8001109660064064804_n

11953208_457030507816403_8001109660064064804_n

http://thecolombopost.net/?p=190430

8 comments:

  1. ඔභ හැබෑම හපනෙක් විදිහට සිත් කාවදින පණිවුඩයක් වදින්නම ගෙනත් තිබෙනවා ස්තුතියි හිතවත

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, පුළුවන් හැම තැනෙකදිම විරුද්ධ වෙන්න

      Delete
  2. මේකනම් මාරයි නිශෝ........... අපේ අර දළදා මාලිගාවේ භාරකරුත් ආතල ගත්තේ මේ වගේ පිං කරලා

    ReplyDelete
    Replies
    1. අපි පිං කරන්නෙ ඔහොම තමයි.සත්ව නිෂ්පාදන ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කර ගත් රටක මසට,කිරට සතුන් හැදීමට බනින අය ට ඒක පාපයක්.මේක පූජණිය ව්‍යායාමයක්.

      හැබැයි සත්තුන්ට වේදනා දීලා ආතල් ගන්නෙ නැහැ නේද ඒ රටවල්.කෘතිම ක්‍රමවේද යොදා ගෙන මාංශ නිෂ්පාදන වෙළද පොල පවත්වා ගෙන යන්නෙ.ලංකාව ඒ කර්මාන්තවලට යන කොට ඒවට විරුද්ධ වෙන අය විරෝධතාවය දක්වන්න අලි ඇතුන් යොදාගෙන පෙරහැර කරලා තමයි ඒ ගැන කතා කරන්නෙ......ඕකනෙ මචං තත්ත්වය

      Delete
  3. ධාතූන් වැඩමවන අලි පිංකරලා තියෙනවාලු.මෙව්වා දැක්කාම හිතෙන්නේ උන් තරම් පව්කාර අලි නැහැ කියලායි.මේක විහිළුවක් ශ්‍රද්ධාව ඉස්සරහාට දාගෙන අහිංසක සත්තු පිඩාවට පත් කරනවා.

    ReplyDelete
  4. හැම වෙලේම අපි හුරු වෙලා ඉන්නෙ කවුරු හරි කරන දේ ගැන අපි තීරණය අරං ඒක ස්ථීර කරල හිතන්නනෙ.කොච්චර පිනක් ද ඉතිං අලියෙක්ට වුණත් කියලා අපිනෙ කියන්නෙ.අලියට කතා කරන්න පුළුළුන්නම් ඌ කියයි කන්වල ඇඟිලි ගහ ගන්න

    ReplyDelete