
thecolombopost.net වෙබ් අඩවියෙන් එළියට බැස්සෙ හිත රිදෙන අත්දැකීම් පොකුරකුත් එක්ක.ඒකට පාර කපපු පුද්ගලය ඒ අතරෙ කියපු අපූරු කතාවක් තියෙනවා.
මේක මම නැතත් උඹ නැතත් කෙරෙනවා.එහෙම ප්‍රතිපත්ති නැහැ.සල්ලිවලට කවුරු හරි ගන්න පුළුවන්
ඕක තමයි ලංකාවේ මීඩියා කියන්නෙ.එහෙම නෙමෙයි කියල පූර්වාදර්ශ කතා කරල හෝ ඒව ස්ථාපිත කිරීම කතා කර පලක් නැහැ.මම බැහැල ආපු හේතුව ජනමාිා ධ්යයට හෝ පුද්ගල ගෞරවයට කෙතරම් අදාළද පොදු ද කියන එක මගෙ පුටුවෙ ඉද ගන්න කෙනාට අදාළ වෙන්නෙ නැහැ.එහෙම එළියට බැහැල යන්න පෙර මා කළ දේ අදාළ වන්නෙත් නැහැ.
නමුත් මා කළ කී දෑ අදාළ කර ගත්තු මිනිහෙක් හිටියා.ඒ ආයතනය ළඟ,ආයතනය පිටත.
විජේ අයියා
කවුරුත් නොදන්න ඒ මනුස්සය මේ රටේ හැදුණු බොහෝ ක්‍රිකට් වීරයන්ගේ මුල් කාලයෙ බත්පත දුන්නු මනුස්සය.ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජුය නියෝජනය කළ ක්‍රීඩකයො මුල් කාලයෙ කන්නෙ විජේ අයියගෙ බත් එක.ඒකට ගෙවන්නෙ ක්‍රීඩා සමාජයෙන්.සමහර වෙලාවට සල්ලි පරක්කු වුණාම විජේ අයියා ණයක් වෙලා හරි ගෙනත් උයනවා.
මහත්තුරු සල්ලි පරක්කු කරාට කරන්න දෙයක් නැහැ.මහන්සි වෙන කොල්ලොනෙ මහත්තයො....
විජේ අයියා හේතු කියනවා.
දැන් ඉතිං නවත්තල ඔළුව දාලා යන්නම් කියලවත් යන්නෙ සුරංග ලක්මාල් විතරයි....
එහෙම කන්න දීපු අය ගැන විජේ අයිය විස්සෝපයෙන් කොඳුරනවා.ඒත් කහටක් නැති බව දැනෙන්නෙ ‘මම සල්ලි ගත්තනෙ.මගෙ හිත දන්නව සල්ලිවලටම නෙමෙයි කළේ කියලා.වටින මින්ස්සුනෙ.මම දැන ගත්තම ඇති‘ විජේ අයියා තමන් වෙතින් මතුව එන පසුතැවීම හෙමින් සීරුවෙ සතපා ගන්නව.
අන්තිමකාලෙ මම හිටියෙ ලොකු පසුතැවීමක.ඒ ඔය පුද්ගලය එන්නත් ඉස්සර මම මහන්සි වෙලා උවමනාවෙන් ලියූ ඇතැම් දේ ගැන මතුවුණු වැරදි නිර්වචන ගැන.ඒවා නිවැරදිව නොවිසදීම ගැන හිතේ ඇති වූ කළකිරීමට සහ පසුතැවීමට කළ හැකිව තිබූ දේ දුම් උගුරු දිහා බලා සිටීමම පමණයි.
සිගරට් නැහැනෙ.අර කඩවලත් නැහැ.මොකක් හරි හින්ද ඇවිල්ල නැහැ
දවසක් මට විජේ අයියගෙන් ලැබෙන පිළිතුර ඒකයි.නමුත් පිළිතුරෙන් පැය භාගයක් ගෙවෙන තැන මා හමුවන්නට එන මිත්‍රයා මා වෙනුවෙන් මිලදී ගත් සිගරට් දෙකක් ද රැගෙනයි පැමිණෙන්නෙ.
බොරැල්ලෙන්ද ගත්තෙ......?
නැහැ පහළ කඩෙන්...
මේ සංවාදයට පැයකට පමණ පසුව මට නැවත විජේ අයියාගෙන් ලැබෙන්නේ මීට පෙර ලැබුණු පිළිතුරමයි.
එහෙනම් අර යාළුවා මේකෙන් සිගරට් අරං ආවෙ......?
මගේ පිළිතුරෙන් විජේ අයියා ගල් ගැහෙනවා.ඇස්වලට කඳුළු පුරව ගන්නවා.
සිගරට් බොනව වැඩි මේ දවස්වල.ප්‍රශ්නයක් ඇති.මට ඒක මොකද්ද කියල අහන්න අයිතියක් නැහැනෙ.ඒත් සිගරට් වැඩි.අපි බීල මැරිල ගියාට මහත්තය වගෙ අය ඉන්න ඕනි.කඩේට කන්න එන සීවලි එකේ පොඩි කොල්ලො මහත්තය උන්ට නිකං උගන්නන්න මහන්සි වුණ හැටි මට කිව්වා...එහෙම අය අද අඩුයි.
හොදට සිගරට් බොන විජේ මගේ සිගරට් එක ගැන හිතන හැටි දැනිලා මටත් ඇඩුණා.
විජේ අයියටත් දිල බීලා ඉතිරි වුණ විස්කි කාලකට කිට්ටු ප්‍රමාණයක් අදත් ඒ කාර්යාලයේ තියෙනවා.
විජේ අයියෙ පොඩි කොටයක් තියෙනවා.හවසට අපි ගහමුද...?
නැහැ නැහැ...ඔය ප්‍රශ්න තියෙන කාලෙ ඉවර කරල බොමු.අද බැහැ.මට සතුටින් ඉන්නකොට තේරෙනවා.එතකොට මම බෝතලයක් දෙන්නම්.....
ට මිරිකුවා.
මම ආයෙ ඔෆිස් එන්නෙ නැහැ.විජේ අයියා බලන්න එනවා.....
ට මිරිකුවා.
මම ආයෙ ඔෆිස් එන්නෙ නැහැ.විජේ අයියා බලන්න එනවා.....
මම අන්තිම දවසෙ පහළට ඇවිත් කිව්වා.
එදා වගේම විජේ අයියගෙ ඇස් තෙත් වුණා.කරගැට පිරුණු අත මගේ අත රදෙන තරමට මිරිකුවා.
මේක ඔයාගෙ තැනක් විදිහටනෙ ඔයා බලා ගත්තෙ.ඇයි එහෙම වුණේ?
ඒක විජේ අයියට දැනිල වැඩක් නැහැනෙ අයියෙ.මට ඔයාව අමතක වෙන්නෙ නැහැ කියල මම එතනින් පිට වුණේ විජේ අයියගෙ කඳුළු මගේ ඇස්වලට බෝ වෙන්න ඉස්සර...
ගිය අවුරුද්දෙ කොල්ලගෙ උපන් දිනයට පන්සලකට අරං යන්නෙ නැහැ කියල බනිද්දි කිරිබත් බාල්දියක දාගෙන පොඩි එව්වො දෙන්නත් අරං ඔෆිස් ආව මම මේ ගමණත් පළමුවෙනිද ඔෆිස් එක ළඟට ආව.ඒ විජේ අයිය බලන්න.
කඩේ එක දොරක් ඇරල තිබුණ.විජේ අයිය කැෂියර් කූඩුව ළඟ පැදුරක් එලාගෙන නිදි.උණ හැදිලා.මාව දැක්කම ඇස්වලට ආයෙමත් කඳුළු ආව.මාව අමතක කළේ නැහැ නේද?ඒ කදුළු එක්ක විජේ අයිය මගෙන් ඇහැව්වා.පැදුරෙ නිදාගෙනම මට අත්දෙක එකතු කරල වැන්දා.මෙච්චර දවස් කඳුළු පිරිලා විතරක් දැකපු ඒ ඇස්වලින් කඳුළු බේරුණා.
මට ඒ පැත්ත බලන්නවත් හිතෙන්නෙ නැහැ මහත්තයො.මහත්තය නැතුව හරි පාළුයි.
මිනිහෙක් එක්ක හිනාවෙලා කතා කරාම.ඔවුන්ගෙ ප්‍රශ්නයකට ඇහුංකං දුන්නම,ඇත්තටම ඔවුන්ට ලෙංගතු වුණාම.මනුස්සයෙක් එක්ක මනුස්සයෙක් විදිහට ඇසුරු කරාම මෙච්චර බර ආදරයක් ලැබෙනවද?මම මගෙන්ම ප්‍රශ්න කළා.
ඔව් මනුස්සකම් ගැන ලියන කතා කරන ලෝකෙට කියා දෙන්න යන මිනිස්සන්ට ඒවා විකිණිම සඳහා සහ පැවත්ම සඳහා වටිනව වුණාට තවත් මිනිස්සු කට්ටියකට ඒව වැදගත් වෙන්නෙ මිනිස්සු විදිහට ජීවත්වෙන්න.ඒත් ඒ මිනිස්සුන්ට වැඩිකල් ජීවත්වෙන්න දෙන්නෙ නැහැ.විජේ අයියටත් ඒ දේම වෙලා අද උදේ එයා අපිව දාලා යන්නම ගිහිං.
මම සතුටු වෙච්චි දවසක බෝතලය අරං දීල ගියානම්.......
මට එහෙම හිතෙන්නෙ මම දුකෙන් ඉන්න එක ගැන දුකෙන් හිටිය උඹ ඒ දුකත් දරාගෙනම මරණයට ගිය නිසා.මට සමාවෙයන් උඹ මාත් එක්ක ගොඩ නගාගත්තු මානව සබඳතාවයට උඹ නික්ම යද්දි මට ඒ වෙනුවෙන් උඹට සතුටවත් දීල තියන්න බැරි වුණා.
තමන්ගෙ වැටුප සහ පැවත්ම වෙනුවෙන් අනුන්ගේ දරු පවුල් සහ ඔවුන්ගේ විනෝදය දඩයම් කරන ගහලයන් පොරවල් වෙන සමාජයක....උඹ වගේ මනුස්සෙක් අඩුවීම......
ඇත්තටම විජේ අයියෙ උඹ හැදුවෙ හිස්තැනක්!
ඇස් දෙක තෙත් වුන ලියවිල්ලක් නිශ්මං අයියෙ. මම අදයි දන්නෙ මේ විස්තරේ! :/
ReplyDeleteජීවිතේ ඔහොම තමයි.අපි අනුන්ගෙ දේවල් අපේ කියල හිතුවට සැබෑ අයිතිකාරයො ඉන්නව
Deleteසමහරු කියල යනව, සමහරු නොකිය යනවා, තවත් සමහරු යනවා කියල අපිව යවන්ඩ හදනවා, ලංකාවේ මිනිස්සුනම් හරි කුහකයි, හැබයි සිංහ ලේ.
ReplyDeleteහැම එකක්ම පැවත්ම උදෙසා....කොච්චර වුණත් අර ගහලය අවංකයි පොර ටෝක් දෙන එව්වන්ට වැඩිය.
Deleteමේක මම නැතත් උඹ නැතත් කෙරෙනවා.එහෙම ප්‍රතිපත්ති නැහැ.සල්ලිවලට කවුරු හරි ගන්න පුළුවන්//
සල්ලිවලට වැඩ කරන්න මොකවත්ම අදාළ නොවෙන එකෙක්ට වැඩිය උට අවබෝධයක් තියෙනවා
මේ විජේ අයියත් නියම මනුස්සයෙක්......
ReplyDeleteඅපේ බ්ලොගයෙත් දවසක් විජේ අයියා ගැන පෝස්ටුවක් දැම්මා..... වෙනස් පුද්ගලයෙකු වුණාට ඒත් නියම මිනිහෙක්....................
පුළුවන්නම් ඒ ලින්ක් එක දාන්න
Deleteමේ කතාව මම සුරේකාගේ සටහනත් එක්කම කියෙව්වා. ඇත්තෙන්ම හිතට දැනුන හැඟීම බොහොම දුක්මුසු වචන කරන්නවත් නොතේරෙන එකක්. බහුතරයක් මාධ්යකාරුවන් බඩවඩාගන්න ලියන කාලේ අවංක හෝ ලියන මාධ්‍යවේදියෙක් වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නෑ.
ReplyDeleteඉක්මණින් ඔබේ දුකත් වියකිලා හොඳ රැකියාවකුත් ලැබේවි. විජේ අයියා අපිත් දන්න කෙනෙක්වගේ මේ කියවීම අස්සේ. ඔහුට සාමය ලැබේවා...
මිනිස්සු තනිවෙන්නෙ නැහැ
Deleteතනි කරන්නත් බැහැ.
මම මිනිස්සු එක්ක ඉන්නවා
විජේ අයිය අඳුනන්නේ නැති උනත් විජේ අයියගේ නික්මයාම ගැන සංවේගයක් ඇති උනා.. හොඳ මිනිස්සුන්ට කොතනත් වැඩි ආයුෂ නැහැ..
ReplyDeleteජීවත්වීම අවාසනාවක් වගෙ කියල හිතෙන්නෙ ඒවිටයි
Deleteබොහොම සංවේදීයි මේ සටහන...
ReplyDeleteවිජේ අයියා කියන්න කවුද කියලා මම නොදන්නවා වුනත් බොහොම "මනුස්සකම්" තියෙන කෙනෙක් කියලා තමයි දැනෙන්නේ...
මිනිස්සුනව කියවන එක අමාරු වැඩක්......
Deleteතව විජේල ඇති.අපිට බලන්න කණ්නාඩි හදලනෙ තියෙන්නෙ.
ඒ නිසා එක පාරට පේන්නෙ නැහැ.
ස්තූතියි සටහනට