Friday, March 4, 2016

පැමෙලා! අම්මට කියන්න කුලියාපිටියට කතා කරන්න

http://s1.reutersmedia.net/resources/r/?m=02&d=20120222&t=2&i=573896969&w=644&fh=&fw=&ll=&pl=&sq=&r=CDEE81L10X300
මේ ඡායාරුපයේ දකුණෙන් සිටින්නී පැමෙලා ජෙලිමෝය.වම්පස සිටින්නි ඇගේ මව එස්තර් චෙප්ටූය.

මෙහි පැමෙලා කෙන්යානු ඉතිහාසයේ කිසිදාක මැකිය නොහැකි නමකි.ඒ ඇය එරටට පළමු ඔලිම්පික් පදක්කම දිනා දුන් ක්‍රිඩිකාව වන බැවිනි.2008 චිනයේ බිජිං නුවර පැවති තරඟාවලියේදි මිටර් 800 කාන්තා ඉසව්ව ජය ගනිමින් මේ ක්‍රීඩිකාව දැක් වූ දක්ෂතාවයට කෙන්යානු රජය මහත් පුද සත්කාර ගරු බුහුමන් පුදන්නේය.

නයිරෝබි සිට නාන්දි දිස්ත්‍රික්කය දක්වා වැටෙන මාර්ගය නම් වි ඇත්තේ පැමෙලා නමින්ය.ඒ තරමට ගරු බුහුමන් දක්වන පැමෙලාගේ පවුලේ ඇයට සහෝදරයන් තිදෙනෙකි.සහෝදරයන් හය දෙනෙකි.මේ දරුවන් සියල්ලටම එස්තර් අම්මා වුව ද මේ දරුවන්ට පියවරු සිටින්නේ එක දරුවාට එකෙකු බැඟින්ය.ඒ පියාද කවුරුන්ද යන්න ඇය නොදන්නේය.කිරි ගෙවිලියක කීවද ඇය ජීවත්වීම පිණිස දැරූ වෙහෙසේදී ඇයගේ වෙහෙසින් කුස පුරවන්නට එකතු වූ කටවල් ගණන වැඩි වී ඇත.

පැමෙලා ද එවැන්නියකි.ඇය ලොව දිනන තෙක් පියෙකුගේ රැකවරණය ගැන කිසිවක්ම නොදැන උන්නාය.එහෙත් පැමෙලාගේ ජයෙන් පසු එස්තර් ගැන පැවසෙද්දී ඇයගේ වයස,උපන් දිනය යනාදිය සැළකිල්ලට ගත් කිහිප දෙනෙකුම ඩී.එන්.ඒ.පරීක්ෂණයක් හරහා පැමෙලා ගේ පියා තමන් බව සහතික කළ හැකි බව කියන්නට වූවේය.නමුත් පැමෙලා සිය මව පමණක් ජීවිතයට ප්‍රමාණවත් බව කීවාය.

මේ සියල්ල හරහා එස්තර් කවුරුන්ද යන්න එළියට පැමිණියේය.ඇය නිදා ගත් මිනිසුන් ගණන ඇයවත් නොදන්නා තරම් විය හැකිය.ඒත් සිය මව වෛශ්‍යා වෘත්තියේ යෙදුණද ඇය සමඟ නිදා ගත් බව ලෝකයට කියන්නට පසු නොබාන පිරිමින්ගේ ආඩම්බරයට හේතුවක් බවට සිය මව පත් කරන්නට පැමෙලාට හැකි වූවාය.කෙන්යාවට එස්තර් ආඩම්බර මාතාවක් මිස පැමෙලා අවජාතක දියණියක් නොවූවාය.ඒ ආකාරයටම නන්දි දිස්ත්‍රික්කයට යන පාර එස්තර්ගේ නමින් පවතින්නේය.සියළු වරප්‍රසාද සහිත විශේෂ පුරවැසිණියක ලෙස ඇය ඇගයෙන්නේය.

මේ සියල්ල කියන්නට හේතුව අදෘශ්‍යමාන හේතුවක් මත ගමක් හැටියට එකතු වී දරුවෙක්ගේ අධ්‍යාපනය වලලන්නට හදන පිරිසකගේ අමනෝඥ ක්‍රියාවන් හමුවේ අසරණව සිටින මව සහ පුතුය.

නමුත් සියල්ල අයහපත් නොවන්නේය.ඔවුන්ට එල්ල වූ පීඩනය පුපුරා පිටතට පැමිණෙන්නේ අතිශයින් සුබදායි ප්‍රතිපලයක් ලෙසය.පුතුට දොර වැසූ ගමේ දරුවන්ට සිහිනයක් බඳු වූ ත්‍රිත්ව විද්‍යාලයේ දොර මේ පුතුට විවර වන්නේය.බෞද්ධ ගමක බෞද්ධ බහුතරයක් අශිෂ්ඨ ලෙස හැසිරෙන විට බෞද්ධකම මෙයයැයි කියන්නට පසුබා සිටි ලංකාවේ ආණ්ඩුත්,ප්‍රභූ බෞද්ධයෝත් බුදු හාමුදුරුවන්ගේ නියෝජිතයා ලෙස සළකන මහනායක හිමිවරු වැඩ වෙසෙන විහාර අභියසම පිහිටි අන්‍යාගාමික පාසලක් මේ දරුවාට අධ්‍යාපනය දානය කරන්නට ඉදිරිපත් වීම අපූරු සිදුවීමක්ය.

එය පැමෙලාට ද යම් තරමක සමාන කමක් දක්වන්නේය.ඇය ද කතෝලික පාසලක අනුග්‍රහය සහ වරප්‍රසාද නොලැබෙන්නට ලෝකය ජයගත් ක්‍රීඩිකාවක් නොවන්නීය.ඇයගේ මව දෙස සෙනෙහසින් බැලුවෝ මානුෂික සිතුවිල්ලකින් එසේ නොකළෝය.මේ දුප්පත් ගැහැණිය සහ  අැයගෙන් යැපෙන්නට නියමිත දරු පැටව්ගේ කුසවල් වෙනුවෙන් අවශ්‍යය පෝෂණය සම්බන්ධයෙන් ඇය සතු උවමනාව කේවල් කර සිය කාමාශාවන් සංතර්පනය කර ගන්නට අවශ්‍යය වූවෝ පමණක් ඇයව ඇමතූහ.අනෙකුන්ට එස්තර් සමාජ පිළිලයක් පමණක් විය.

ඒ අතරින් බලන විට කුලියාපිටියේ මිනිසුන් සැකයක් පමණක් ඇතිව කරන මේ විරෝධය අතින් කෙන්යාවේ නයිරෝබි වලට සැතපුම් දහස් ගණනක් දුරින් ඇති නන්දි දිස්ත්‍රික්කයේ මිනිසුන්ට වඩා අමානුෂික අතින් ඉදිරියෙන් සිටින්නේය.එහෙත් මේ දරුවා සහ මව එස්තර් සහ පැමෙලා තරම්ම දුංඛිත තත්ත්වයට පත්ව නැති බව පිළිගත යුතුය.

දැන් තත්ත්වය තවත් හොඳය.ඉතිං එස්තර් ඔබ දරාගත් හැටි මේ මවට වැදගත්ය.දරුවන් 10 ක් පියවරු නැතිව ඔබ ඇති දැඩි කළ අතර ඒ දුක් කන්දරා මැදින් ඔබ එකියක් ලොවක් වටිනා දැරියක් කළාය.ඉතිං එක පුතෙක් ඇති කුලියාපිටියේ මවට ඔහු රටක් වටින පුතෙක් කළ නොහැකිද?

ඒ ක්‍රීඩාවෙන් විය යුතු නැත.වෙනත් කුමන කේෂ්ත්‍රයකින් හෝ දරුවාව පෙරටම ගෙන යන්නට ඒ ගමේ දරුවන්ට නොමැති ආරම්භයක් මේ පුතුට සිය අධ්‍යාපනය වෙනුවෙන් විවර වි ඇත.යමක් පරාජය කිරීමට උවමනානම් පරාජය කළ යුතු දෙයට වෛර කිරීමෙන් කළ නොහැකිය.සිය උවමනාව වෙනුවෙන් කැපවිය යුතුය.

දැනටමත් පුතුට ලැබි ඇති පාසල අනුවම කුලියාපිටියේ දරුවන් අභිබවා ඔබේ පුතු ගොස් ඇත.මෙයම ජයකි.සමස්තයක් ලෙස ගත් විට කුලියාපිටිය පමණක් නොව සමස්ත ඊනියා සිංහල බෞද්ධ සමාජීය ශ්‍රද්ධාවම සුණු-විසුණු වි ඇත.දියුණු මනසක් ඇති සියල්ලෝම මිනිසුන් ලෙස පිළිගන්නා සමාජ වටපිටාවක දැණුම,රැකවරනය හිමි වූ පුතු සමඟ,දිනෙක ඔබේ මාතෘත්වයට එස්තර්ට වඩා ඉහළ පිළිගැනිමක් ලැබෙනු ඇත.එතෙක් සන්සුන්ව ඉලක්කය කරා පුතු රැගෙන යන්නට ඔබට දිරිය ශක්තිය ලැබෙනු නිසැකය.


එහෙත් අපට කණගාටුවන්නට දෙයක් ඇත.මේ ඡායාරූපයේ දැක්වෙන දේ අප හඳුන්වන්නේ ග්‍රෝත්‍රික අංගයක් ලෙසය.මේ පැමෙලාගේ උපන් බිම වන නන්දි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ග්‍රෝත්‍රික නැටුමක්ය.අපි මේ ග්‍රෝත්‍රිකත්වයටත් පසුපසින් සිටීම ඒ කණගාටුවය.

13 comments:

  1. නියම ලිපියක්.
    පුතේ.
    ගිහින් ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ඒ වගේම ඔයාගෙ අම්ම අද දවසෙ විඳින වේදනාව ලොකු වුනාම හොඳින් තේරුම්ගන්න​.

    ReplyDelete
  2. Excellent. Yes we are much behind the tribal people. Hats off to Trinity college.

    ReplyDelete
  3. ඇත්ත තමයි..කිසිම බෞද්ධයැයි කියාගන්නා පාසැලක් මේ ලමයා ගන්ට ඉදිරිපත් උනේ නෑනෙ. අඩුගානෙ අස්ගිරිය පන්සලෙන් පාලනය වන චන්දානන්දෙ වත්! බලාගෙන ගියාම ලංකාවේ වැඩිහරියක් ඔය කියන කුලියාපිටියෙ ගමේ අයට වඩා වැඩි වෙනසක් නෑ.

    ReplyDelete
  4. වටිනා ලිපියක් නිශ්මන්......

    ReplyDelete
  5. නියමයි
    ..පුතේ ඔයා කුලියාපිටිය විතරක් නෙමෙයි රටම බබලවන පුතෙක් වෙන්න

    ReplyDelete
  6. පැමෙලා විතරක් නෙමෙයි අයියේ," මැජික් ජොන්සන්ගේත්" පෞද්ගලික ජීවිතය ඒ රටවල මිනිස්සුන්ට වැදගත්වුනේ නෑ.රටක් විදිහට ඒ මනුස්සයාගෙන් රටට සිද්දවුන මෙහෙය විතරයි වැදගත්වුනේ.ඒත් මේ රටේ මිනිස්සු ඒ තත්වෙට එන්න තව ගොඩක් කල්යයි.

    ReplyDelete
  7. සිංහළ බුද්ධාගමේ සැබෑ තත්වය ලොවට පෙන්වා දීමට කදිම අවස්ථාවක්! දැන් වත් මොලයක් ඇති, සිතන්නට හැකි, සැම දෙනාම සිංහල බුද්ධාගම වෙනුවට බුදුන් දෙසූ සැබෑ ධර්මය පිළිපැදීමට පටන් ගත යුතුයි.

    ReplyDelete
  8. කුලියාපිටියෙ මිනිස්සු නම් එහෙම කුලප්පු වුනේ අකිල විරාජ්ගෙ අනුදැනුම මතයි කියලා හිතන්න ඕනෑවටත් වඩා හේතු තියෙනවා.

    දැන් ළමය අමිම එක්ක “නිදාගන්නව“ යි කියලා අම්මගෙන් වෙන් කරන්න නෙ හදන්නෙ.

    ReplyDelete
  9. අපි දේශපාලන තීරණවලට වඩා කළබල විය යුත්තෙ පරිපාලන තීරණ ගැන.අකිල මනාප පස්සෙ දුවන්නෙ.දහස් ගාණක් ඡන්දද දරුවද කියන තැනදි සාධාරණය අසාධාරණය ගැන තීරණය කිරීමට වඩා ඡන්ද ගොඩ ගැන ඉදල ෂේප් න්‍යාය යෙදීමයි ඔහු කරන්න හදන්නෙ.

    දෙවැන්න අකිලට ඕනි ඒ තිරිසන් ප්‍රහාරයට එරෙහිව සිටින බහුතර ඡන්ද ප්‍රමාණය රැක ගන්නත්.ඒ නිසා ඔහු ළමයට ත්‍රිත්ව විද්‍යාලයට යන්න කැපුණු පාර වහල හරි කුලියපිටියෙ දරුව තියා ගෙන සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය සහ මේ සිදුවීමට එරෙහි බහුතරයගේ ඡන්ද ප්‍රමානය රැක ගන්නයි හදන්නෙ.
    ඒ වගෙම දරුවගෙ වෛද්‍ය සහතිකය පෙන්නල අම්මට තමයි තිබුණොත් අපි දරුව අම්මගෙන් අයින් කරමු කියලා තව අතකින් මෝඩ චූන්ලගෙ ඡන්ද ටිකත් තමන්ගෙ ගොඩටම දාගන්නයි අකිල මේ උත්සාහ කරන්නෙ.දරුවට ස්කෝලෙ ලැබීමේ විරෝධයත් දරුවා වෙන් කර තබා ගැනීම හේතුව පදනම් කරගෙන දුර්වල වෙන නිසා අකිල හැම අතින්ම ගේම ගහනවා.ඒඩ්ස් ගැන ලෝකයම කතා වෙද්දි ඒ ගැන ලුණු කැටයක දෙයක් නොදන්න බව පේන ගමකට අකිල හංගල ගහන තුරුම්පුව අල්ලගන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

    මේ දරුවට අනිවාර්යෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුල්වෙන්න ලැබුණු අවස්ථාව ප්‍රෙයා්ජනයට ගන්න ඉඩ අරින්න ඕනි.ගොං තකතීරුවො විදිහට හැසිරුණ නිලධාරි සහ දේශපාලනඥයො දැන් ඒ ළමයට ඇරුණු පාර අවහිර නොකරනවනම් තමයි හොඳ...
    හැබැයි රන්ජන් ගිය එක නෙමෙයි වැදගත් අර දරුව කාපු චොකලට් එක කාපු එක.අඩුම තරමේ ඔහු මේ මිත්‍යාෙවවත් නැහැ කියන එක ඔප්පු කළා වගේම ඒකෙන් අපිට වඩා සමාජ ආකර්ශනයක් තියෙන චරිතයක් හැටියට දරුව සාමාන්‍ය දරුවෙක් කියල ඒත්තු ගන්වන්න ඔහු කළ දේත් මටනම් වටිනවා
    කවුරුත් තමන්ගෙ බුද්ධියෙන් රන්ජන්ගෙ ආකර්ශනය ගැන මිණුම් දඩු හදන්න ඕනි නැහැ.මොකද එහෙම අය අඩුයි.එහෙම ඉන්නවනම් මේ දරුවට ස්කෝලෙට යන්න ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.ඒ නිසා එහෙම නොවන බහුතරයකගෙ වීරයෙක් හැටියට රන්ජන් දරුවා ගැන තියෙන හුඹස් බිය තුනී කරන්න ගත්තු වෑයමට ප්‍රනාමය පිදිය යුතුයි.

    ReplyDelete
  10. ඒ දරුවා ලෝකය ජය ගන්නවා නිසැකයි...... පුතේ උඹ උඹට පුළුවන් හැම දෙයක්ම කරපන් යයි කියල අපි කියනවා. .... අද මේ දේ නුඹට උනසේම හෙට කාගෙවත් දරුවෙකුටත් මේ දේ විය හැකියි .... නුඹ පව්කාරයෙක් නොවේ පුතේ ....

    නිෂමන් අයියා ... මේදේ ක්‍රීඩාව ඔස්සේ මතුකර දුන්නට ස්තුතියි ... ලෝකය දිනු බොහෝ අය පිටුපස තියෙන්නේ මෙවැනි දුක්ඛිත කතා පමණයි....

    ReplyDelete
  11. නිශ්මෝ,

    ලිපිය බොහොම වටිනවා....

    ReplyDelete
  12. අපේ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද කියලා පේන්නේ මේ විදියේ කටයුතු කරන විටයි.මේ තරම් ත්‍යාගශීලි ජාතියක් කියලා පම්පොරි ගහන උන්ගේ නිරුවත තමයි කුලියාපිටියේ දරුවාගේ සිදුවීමෙන් පෙන්වන්නේ.

    ඒ වගේම මාධ්‍යවල දොස් දකින අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේ සිදුවීමේදී මාධ්‍ය කටයුතු කරපු විදිය ගැන.මේ දරුවාගේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන්න තරම් ශික්ෂණයක් මාධ්‍යවලට තිබීමත් සතුටට කරුණක්.

    ReplyDelete
  13. පැමෙලාට ගරු කරනවා.. අවංකවම ලැජ්ජාවක් දැනෙන්නෙ අපේ අධ්‍යාපන බලධාරීන් ගැන.

    ReplyDelete