Sunday, May 15, 2016

තෙවරප්පෙරුම අරුමයක් ද?

http://adaderana.lk/news_images/1552915888palitha5.jpg
පාලිත තෙවරප්පෙරුමගේ දේශපාලනය මට දිරවන්නේ නැත.නමුත් ඒ පාලිතගේ දේශපාලනය නොවේය.පවතින සමස්ත දේශපාලනයම එබඳුය.වෙනස පාලිත හැංගී හැංගී වෙස් නොබැදීමය.මෙහි අවාසිය පාලිතටය.

පාලිත තෙවරප්පරෙුම කළු කොට විකිණීම පහසුය.ඔහු කළු පාටින් දැකීමට හුරු පුරුදු කළ ප්‍රෙක්ෂකයන් රූපවාහිණියට සිටියි.පුවත්පත්වලට එවැනිම පාඨකයන් සිටියි.මේ නිසා පාලිත තෙවරප්පෙරුම සුදු කර විකුණන්නට පහසු නැත.ඒ නිසාම මානුෂික ඇගයීමක් ඔහුට මාධ්‍ය හරහා ලැබෙන්නේම නැත.

ඔහු පාරේ නිදා ගන්නේද ඉල්ලීමක් දිනා ගන්නටය.විමල් වීරවංශ නිදා ගන්නා ඉල්ලීමට මහත්මා පෙණුමක් ලැබී ඊට වඩා අවංකව පාලිත කරන නිදා ගැනීම රස්තියාදු මොඩලයක් කරන්නේ මාධ්‍ය ඇසය.ඔහු පොදු පෙරමුණේ දේශපාලනඥයෙක්ට පහර දෙන්නේය.දේශපාලනඥයා දෙමළය.පාලිතට ඇත්තේ ඔහු සමඟ ජාතිවාදී දේශපාලන ඇරියස් එකක් නොවේය.ගමේ පක්ෂ දේශපාලනයේ මෝඩ ස්වරූපය පමණි.එය පට්ට ගසන මාධ්‍යය විමල් වීරවංශ ගෝඨාභය ආරක්ෂක ලේකම් සමයේ පිරිසක් සමඟ පැමිණ සිය බලය යොදා නීතිය සිය අතට ගන්නා අයුරු,එහි සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට තිත්ත කුණු හරුපයෙන් කතා කරන්නට ජනතාව පොළඹවා.නිල ඇඳුමේ තොප්පියට ද පහර දීමට සැළස්වීම පාලිතගේ හැසිරීමට වඩා භයානකය.

නමුත් භයානක මැර ක්‍රියාව අදටත් කර තිබෙන්නේ පාලිත තෙවරප්පෙරුමය.ඒ මාධ්‍ය සමාජය මත කර තිබෙන බලපෑමය.ඇමතිවරයෙක් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරිපිට රටේ නීතියට අපහාස වන අයුරෙන්,එය ක්‍රියාත්මක කරන ඉහළම රාජ්‍ය නිලධාරියාගේ (ආරක්ෂක ලේකම්) ආශිර්වාදය ද ඇතිව මහජන සාමය පිළිබඳ ආයතනය වන පොලීසිය මහජනයා ඉදිරියේ බලු කිරීම පාලිතගේ වැඩේට වඩා මටනම් බලුය.

මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පාලිත ජාතිවාදියෙක් නොවන බව ලෝකයටම ප්‍රදර්ශනය කර තිබුණු බැවින් ප්‍රාදේශීය දේශපාලනඥයාට පහරදීම ජාතිවාදී තැනෙකට තල්ලු කර ගන්නට නොහැකි වුව ද,ඇතැම් තැන් හී එවැනි උත්සාහයන් දකින්නට ලැබිණ.එදා ඒ වෙනුවෙන් සිංහල ජාතිකයෙක් ලෙස මෙන්ම හිටපු හමුදා සෙබළෙක් ලෙස ද,මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තෙවරප්පෙරුම කළ දේ මේ රටේ කීර්තිය පිණිස විශාල ලෙස ඉවහල් විය.සිංහල බෞද්ධ විරෝධයක් නොවන සහ හමුදාවන් හී මානසිකත්වය වියරු සිංහල බෞද්ධ ආවේගයක් නොවන බව පාලිතගේ ක්‍රියාවෙන් ලෝකයට විශාල පණිවිඩයක් ගියේය.

ආසන්නම සිදුවීම කළුතර විද්‍යාලයේ සිදුවීමය.පාලිතගේ මැර හැසිරීම ගැන දොඩන කිසිවෙක්ට එම දරුවාට අසාධාරණයක් සිදු වී තිබෙන බව එම ප්‍රවෘත්තිය පුරාම දකින්නට ලැබුණ ද,නොහැඟෙන්නේය.විදුහල්පතිවරයා ගේ ප්‍රකාශ හරහා මතුවන කරුණු වලින් ද,ඒ බව පැහැදිළි වන්නේය.

මේ තත්ත්වය නිවැරදි කරන්නට තිබුණු හොඳම දේ ඉසුරුපායෙන් විසඳුමක් ලබා ගැනීමය.අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හරහා සාධාරණය ඉෂ්ඨ කරවා ගැනීමය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දෙන එවැනි විසඳුම් ඇත්තටම හරිය.පාලිත වැරදිය.නමුත් ඔහු කළුතර විද්‍යාලයට නොගොස් මේ විසඳුම් සොයා ගියේනම් දරුවාට තවත් වසරක් පමණ ඉක්ම ගොස් පාසලක් ලැබෙන්නට හැකිය. මා ඉසුරුපායේ කාර්යක්ෂමතාවය සහ මානුෂිකත්වය හොඳින්ම අත් විද ඇත.ඉසුරුපායේ ප්‍රමාදය නිසා අසාධාරණයකට ලක් වූ දෑස් නොපෙනෙන මවකගේ දරුවෙක් දැන් සිටින්නේ දෙක වසරේය.අමාත්‍යවරයාද මෙහි අසාධාරණයක් වී තිබෙන බව පිළිගත්තේය.

නමුත් හිටපු ලේකම් උපාලි මාරසිංහ මෙන්ම වර්ථමාන ජාතික පාසල් අධ්‍යක්ෂ අයිලප්පෙරුම වෙත ඊට සාධාරණය ඉටු කරන ලෙස යොමු කළ විට ලැබුණු පිළිතුරු නිසාම එම දරුවාගේ පියා තමන් අතින් මිණීමැරුමක් වුවහොත් සිය අඳ බිරිඳට සහ දරුවාට සිදු විය හැකි හානිය ගැන සළකා දරුවාට සාධාරණය ඉටු කරවා ගැනීමට උත්සාහ ගන්නේ නැත.

මේ සිඳුවීම අත්දැක ඇති මටනම් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පළමු කොට දරුවා රකින්නේ ද,සිය නිලධාරියා රකින්නේද යන තීරණය තුළ දෝලනය වෙමින් සිය කුලකය දිනවිය හැකි උපක්‍රම සියල්ල සළකා බලන්නේය.ඒ නිලධාරිවාදයේ සහ වත්මන් දේශපාලනයේ ගති ලක්ෂණවලට අනුව පාලිත තෙවරප්පෙරුම ගත් තීරණය ප්‍රායෝගිකය.ඔහු මහජන නියෝජිතයෙක් ලෙස බලය මහජන සුබ සිද්ධිය උදෙසා යොදවා ඇත.ඒ ක්‍රමය වැරදිය.නමුත් දරුවාට වැරදෙන විදිහට සකස් වී ඇති වැරදි ක්‍රමෝපායන් දහසක් හමුවේ පාලිත අපි අනුමත කරන ක්‍රමවේදයේ ගමන් කළා නම් දරුවාට පාසල ලැබෙන්නේ තුන වසරේදී පමණය.නැතිනම් තැනින් තැනට ඇවිඳ ගොස් එපා වී දෙමව්පියන් සිය උත්සාහය අත් හැර දමන්නේය.

කුලියාපිටියේ දරුවාගේ මෙන්ම කළුතර දරුවාගේ අධ්‍යාපන අයිතිය ද කප්පාදු වි ඇත.ලකුණු 91 ක් ලබා ගත් දරුවෙක් ගෙදර සිටිය දී ඊට වඩා අඩු ලකුණු ලැබූ දරුවන් පාසලට ඇතුළත් කර ගෙන ඇත.ඒ සම්බන්ධයෙන් විදුහල්පති දෙන පිළිතුරුවලින් පැහැදිළි වන්නේ ද ඒ දරුවා ඇතුළත් කිරිම පාසල විසින් නොසළකා හරින ලද ක්‍රියාවක් බවය.එහෙත් අපේ ඔළුවේ හදා ඇති පිංතූරයට අනුව දරුවා වෙනුවෙන් පෙනී සිටි පාලිත තෙවරප්පෙරුමට වඩා විදුහල්පති මරු ය.

අපිට වීරයෝ අමතක වී බොහෝ කල් ය.දැන් අකුරුවලින් රුපවලින් වැඩ කරන අයගේ න්‍යායපත්‍රවලට අහුවෙන රුචිවෙන පිරිසට හැර මිනිසුන්ගේ හදවත්වලට දැනෙන මිනිසුන් කියා කොටසක් නැති තරම්ය.

මේ සිස්ටම් එක ආතල් කියා විසිල් ගසන්නට නොහැකිය.තියෙන සිස්ටම් එකේ දේශපාලනඥයන් බොහෝ පිරිසක් දානපතියන් මෙන් හැසිරෙන සූරා කන්නන්ය.ලොකු ගොඩක් තමන්ට බෙදා ගෙන අනුන්ට කට කට කවන ඉන් ප්‍රචාරය ලබා ගෙන විරයන් වෙන සමාජශීලී,පරිත්‍යාගශීලි දේශපාලකයන්ය.පාලිත ඒ ගණයට වැටෙන්නේ ද නැත.ඔහු අනුන් වෙනුවෙන් කළ දෙයක් මිස තමන් වෙනුවෙන් කරගත් දෙයක් ගැන ඇසෙන්නේද අඬුවෙන්ය.නමුත් කරන දෙය කරනාකාරය අවුල්ය.ඒ අවුල් ආකාරය නිර්මාණය කර ඇත්තේ මේ දේශපාලන ක්‍රමයමය.එය නිවැරදි කීමට නොහැකි වුවත් මටනම් හෘද සාක්ෂියට අනුව පාලිත තෙවරප්පෙරුම වැරදි බව කියන්නට ද දිව නොනැමෙන්නේය.

කෙල්ලක් බෙදා ගන්නට නොහැකිව වැදගත් පුරවැසියන්ගේ දත් උගුල්ලන හෝ ජීවිත අළු කර දමන දේශපාලනඥයෙකුට වඩා, මහජන සේවයක් පමා කරන හෝ මඟ හැර සිටින සමාජයට වගකිව යුතු රාජ්‍ය සේවකයෙක් හෝ ආයතනයකට බලපෑමක් කිරීමට මේ ක්‍රමවේදය විසින් දේශපාලනඥයාට දි තිබෙන තකතීරු බලය යොදා ගැනීම වරදක් නැත.

ඒ මට සිතෙන හැටිය.

7 comments:

  1. ඔබ ඉසුරුපායේ කාර්යක්ෂමතාවය සහ මානුෂිකත්වය හොඳින්ම අත් විද ඇති බව පවසයි මා ඉසුරුපායේ මෙන්ම තවත් පායවල් බොහොමයකමත් පවතින කාර්යක්ෂමතාවය හා මානුෂීකත්වය අත්විඳ ඇත්තෙක්මි. ඒ නිසා ඔබට සිතෙන ආකාරයෙන්ම මටත් සිතෙනවා. මට පමණක් නොව (යට කී ආයතනවල බලධාරීන් හැරුනාම) මේ පෝස්ටුව කියවන තවත් දහසක් දෙනාටත් එලෙසම සිතෙනු ඇත.

    ReplyDelete
  2. මූලිකම කරුණ මේකයි,
    කෙල්ලක් බෙදා ගන්නට නොහැකිව වැදගත් පුරවැසියන්ගේ දත් උගුල්ලන හෝ ජීවිත අළු කර දමන දේශපාලනඥයෙකුට වඩා, මහජන සේවයක් පමා කරන හෝ මඟ හැර සිටින සමාජයට වගකිව යුතු රාජ්‍ය සේවකයෙක් හෝ ආයතනයකට බලපෑමක් කිරීමට මේ ක්‍රමවේදය විසින් දේශපාලනඥයාට දි තිබෙන තකතීරු බලය යොදා ගැනීම වරදක් නැත.

    ReplyDelete
  3. නිශ්මා.....දේශපාලනය කියන කුණු වලෙන් එලියට අරන් බැලුවාම මට පාලිත කියන්නෙ හිත හොඳ මිනිහෙක්. මේ පවතින පරිපාලන ක්‍රම්වේදයන් නිවැරදිව පවත්වාගෙන යනවානම් පාලිතලා වගේ අයට හිතහොඳ චන්ඩියාගේ භූමිකාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වෙන දවසක් පේන්නත් නැහැ. එතකම් තව පාලිතලා බිහිවෙයි. ඒක හොඳ ආදර්ශයක් නෙමේ. උඹ මොකද හිතන්නේ.

    (මට උඹත් එක්ක කයියක් ගහන්නත් ආසයි. මට මේල් එකක් දාපන් )

    ReplyDelete
    Replies
    1. ප්‍රථම ප්‍රාදේශීය සභා පත්වීමෙන්ම ඔහුගේ බලප්‍රදේශයේ සිදුකල වෙනස අදටත් කිසිවෙකු කිරීමට සමත්ව නැත

      Delete
  4. මම ඔහුව අල්ලන්නෙ එතැනින්ම තමයි.ඔහු සිස්ටම් එක ඇතුලෙ ඉදන් ඒකට චැලෙන්ජ් කරන ගතියක් තියෙනවා.නමුත් ඒකත් පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි.හැබැයි ඊට වඩා සාරවත් පෙණුමක් දීල අපි අදහන සිස්ටම් එක ඇතුලෙ යථාර්තය ඊටත් වඩා අවුල්.
    එතැන ඉදලයි පාලිත ගැන මම කතා කරන්නෙ.ඒක කැමති විදිහකට කැමති කෙනෙක් ගනියි.
    උඹ සම්පූර්ණයෙන්ම වාෂ්පවෙලා හිටියෙ ඇයි...?මෙන්න මේල් එක
    nismansinghe@gmail.com
    0773 815 999

    ReplyDelete
  5. නිශ්මන්ට සිතෙන හැටි වැරදි නැත.

    පාලිත නාහෙට අහන්නේ නැති මෝඩ දේශපාලනඥයකු බව සැබැවී.නමුත් ඔහු කපටි හිවලෙක් නම් නොවන හැඩයි.පාලිත මේ විදියට දරුවෙක් පාසලට ඇතුලත් කරගැනීම ගැන විනය ක්‍රියාමාර්ග ගන්නවාට වඩා විනය ක්‍රියා මාර්ග නෙමේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනේ හොරු ඕනෑ තරම් ඔය උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි දකින දෙයක් තමයි ගංවතුරක් නියඟයක් අපු කලෙක (දේශපාලනයට එන්න කලින් ) ගෙවල් වාහන උකස් තියලයි මිනිස්සුන්ට කන්න බොන්න යැවුවේ. බත් පැකට් දහස් ගණනක් වතුර ඒවා කොඉතරම්ද

      Delete