Tuesday, May 13, 2014

හොඩ මහත්තුරු. . .

ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන.
ඕක තමයි ජනප්‍රිය කතාව.අපි වරදකට ගැහැණියක් අල්ල ගන්න කොච්චර මහන්සි වුණත් බැහැ.බලනකොට දන්න කියන පිරිමි හුග දෙනෙක් ඒ වගේ.ඒත් අච්චුව වැදිලා චංචල වස්තුවක් බවට පත් කරල තියෙන්නෙ ගැහැණිය.
පිරිමි ශ්‍රද්ධාවන්තයො...?
මට සාපේක්ෂවනම් මේක වැරදියි නිසා පිරිමි විරෝධතාවයක් ගොනු කරන්න මේ සටහනේ මුලදිම මම ඉදිරිපත් වෙන බව කිව යුතුයි.පිරිමි බබාලා නෙමෙයි.හැම ගැහැණියක්ම වරදෙ බැදෙන්නෙ පිරිමියෙක් එක්ක.අද වෙන කොට සම ලිංගික කටයුතු ඉහළ ගිහිං කියන එක ඇත්ත වුණත් වැඩි වශයෙන් වරදේ බැදෙන ගැහැණිය(මුල්‍යමය පදනමකින් හෝ) ඒක කරන්නෙ ආදරයක් බැදීමක් ඇතිව නෙමෙයි බොහෝ විට.කිසියම් පිරිමියෙක් විසින් අත් කර දුන් ඛේදණිය ඉරණමට දෙස් දෙවොල් තබමින්.
එයාට මම කිව්ව මට අතනට . . . කරනවට ආසයි කියලා. . .
සිය බිරිද පිළිබද සැකයක් ඇති කර ගනිමින් ඇය දමා යන්නට ඉහත වචන හේතුවක් කර ගත් පිරිමි ඉන්න රටක් මේක.සෙල්ලම් බඩුවක් වගේ තමන්ට ඕනි ඕනි විදහට ගැහැණියව යොදා ගනිමින් රති කෙළියෙ යෙදෙන පිරිමියෙක් ගැහැණියෙක් තමන්ට මේ ආකාරයෙන් සතුටක් ලැබෙන බවට යෝජනා කළාම ඒ ගෑණිව සැක කරනවා.
ඒත් ඒ  කාලකණ්නියා අහපු ප්‍රශ්නය මමත් ඇහැව්වා.
ඔයාට කවුරු හරි ඊට ඉස්සර එහෙම දෙයක් කරල තිබුණද?
..........................................................................
පිස්සුද මහත්තයා.ඒ යකාගේ එකට මම එහෙම කරන කොට මටත් හිතුණා මටත් එහෙම වුණා නම් හොදයි කියලා.
ගැහැණියගේ කතාව එබදු  වුව ද සැබවින්ම යමෙක්ට මෙය අලුතෙන් ඉගැන්විය යුතු දෙයක්ද? පිහිනන්න මාළුන්ට උගන්නන්නේ නැත.කුරුල්ලන් පියාඹන්නට ක්ලාස් යන්නේද නැත.
අර මහත්තයා මාරයි.
වරක් එවැනි කාන්තාවක් මට පෙන් වූ පුද්ගලයා ගැන ඇය තුළ ඇත්තේ පැහැදීමකි.
මම ෂෝට් ටයිම් එකක සල්ලි අරං එයා එක්ක නයිට් එකම ඉන්නවා
ඇය ඒ පැහැදීම තව දුරටත් පහදමින් පවසන්නේ ඒ මහත්තයා මගෙන් අහ අහ මට ඕනි හැම දේමත් කරනවා.මමත් එහෙමයි.යනුවෙන් පවසන්නීය.
අප්පට සිරි හරියට බැදල වගේනෙ.
මම යළිත් ඇය ඉදිරියෙ මෝඩ විමි.
බැදපු එව්වො කොහෙද මහත්තයා එහෙම හිතන්නෙ.බැන්ද නොබැන්ද කියල නැහැ.හුගක් පිරිමින්ට ඒ අයගේ නිමිත්ත විතරක් නෙමෙයි මේකත් දෙයියෝ හදල තියෙන්නෙ ඒ අය කැමති විදිහට පාවිච්චි කරන්න කියලයි හිතං ඉන්නෙ.
ඇය කියා ගෙන යන්නේ ඇය සතු අත්දැකිමෙන්මය.
මමනම් එහෙම නැහැ.මට අවශ්‍යය හැම දෙයක්ම එයාගෙන් ඕන වගේම එයාට ඕන හැම දෙයක්ම මම දෙන්න ඕනි කියලයි හිතන්නෙ.
මම ඇයට මගේ හැඩතල කියන්නට විමි.
මහත්තයටත් නයිට් එකක් ෂොට් ටයිම් එකේ ගාණේන් අදින්න ඕනි වෙලාද?
ඇයගේ පිළිතුරෙන් මම නිරුත්තර විමි.
අපි හැගීම් දැනීම් තියෙන අය.යන්තර සූත්තර වලින් ප්‍රතිචාර නැහැනෙ මහත්තයො.එහෙම ටෙක්නීසියන්ල ආවම අපි කරන්නෙ එයාට ඕනි විදිහට ඇජෙස් කර ගන්න උදව් වෙන එක විතරයි.
ඇය සිය ජීවිතය පිළිබද කෙතරම් පුළුල් තේරුම් ගැනීමක සිටින්නේ ද යන්න මම මේ මොහොතේත් කල්පනා කරමි.
සෙට් වෙනවනම් නිකං හරි ඉන්නවා.නිකං වැඩේ කරන්න බැරි අපේ වියදම් පියව ගන්න ඕනිනෙ.මට පුළුවන් දේ තමයි අර මහත්තයට තියෙන ආදරේ වෙනුවෙන් මම කරන්නෙ.ෂෙෘ්ට් ටයිම් එකේ ගාණට නයිට් එක අදින එක
ඇය යළිත් මීට පෙර පෙන් වූ පුද්ගලයා ගැනම පවසන්නේය.ඒ එවැන්නෙකුගේ අඩුව සහ හිස්තැන මේ ජීවිතය පුරා පිරි පවතින නිසා විය යුතුය.
මටනම් සල්ලි දීල ඉන්න හිතෙන්නෙ නැහැ.එතන මානුෂීය ගණු දෙනුවක් නැහැනෙ.
මම මගේ ප්‍රතිපත්තිමය කාරණා පහදමින් සැබෑවටම ආදරයෙන් වෙලී බැදී සමනය කරගන්නා ලාලාශාවකින් මෙපිට දෙයක් ගැන සිතා ගන්නට අපහසු බව මම ඇයට පැහැදිළි කළෙමි.ඇය ඇසු ප්‍රශ්න වල දී වයස වැනි කාරනා එතරම් සැළකිල්ලක් නොදක්වන කරුණු බවත් පැහැදිළි කළෙමි.
සියල්ල අසා සිටි ඇය නැගී සිටියාය.
සුරංගනා කතා කිව්වට තෙත් වෙන කිසි දෙයක් මගේ ශරීරය පුරාවටම දැන් නැහැ මහත්තයා.හැම ගැහැණියක්ම හැම මානුෂීය ගණු - දෙනුවක් අවසානයේම ඉන්නෙ දුකෙන්.කොයි මොහොතෙ හරි දාලා ගියොත්,අනාත වෙන්නෙ පිරිමියා නෙමෙයි ගැහැණිය.ඔය පොලිස්කාරයො වගේ එව්වො අපිට බනින කොට හිතන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නැහැ.මුං මේ අනාත කරල ජීවත් වෙන්න ක්‍රමයක් හොයා ගන්න පාරට බහින්න සිද්ධ කරල තියෙන්නෙ උං වගෙම හොඩකාරයො කියලා.
ඇයගේ මුවින් ආ අලුත් හොඩ වචනය අපූරුය.ඒ හොඩය දිගු සීමාවෙ සෑම දෙයක්ම තමන් සතු කර ගැනීමට හැකිය.ගහ කොළ පතුරු ගසමින් එවැනි හොඩ කරන අපරාධ හෙන්ඩුව යොදා පාලනය කරන්නට නොයා හොඩය විසින්ම පාලනය කරන්නේ නම් කෙතරම් හොදද?
මේ හොඩ කරුවන් සිය සීම‍ාවේ ඇති සෑම දෙයක්ම තමන් සතු සහ තමන්ට ඇවැසි සේ භාවිතා කළ හැකි දේ බවට සිතා ගැහැණිය දෙස හෙලන සෙල්ලම් බැල්මට මා කැමති නැත.
සියළුම ගංගා ඇදට ගලන්නා සේ .....
සෑම ගැහැණියකම වරදේ බැදිය හැකිය.මේ පිරිමි ඔළුවල මැවුණු අපහාසාත්මක නිර්මාණය තුළින් පිරිමියාට අත් කර දි ඇති ශුද්ධාත්මය තුළ වැසී තිබෙන පිරි තිබෙන කුණු ද ගලේ උලා පිරිසිදු කළ යුතු රෙද්දක් තරම්ය.වැරදි කරන ගැහැණුන් මෙන්ම පිරිමින් ද වෙති.වරදේ නොබැදෙන්නෝද වෙති.බොහෝ විට ගැහැණු වරදට පොළඹවා ගන්නෝ සහ වරදේ යොදවන්නෝ පිරිමින්ය යන යථාර්තයද අපි පිළිගත යුතු වන්නෙමු.
පිරිමියා නාවා දෝවා ගෙට ගැනීමෙන් සියළුම වැරදි නිදොස් කර ගත හැකි බව පවසන කියමන නිර්මාණය වී තිබෙන්නේ කෙතරම් අමානුෂීක සහ නින්දිත පිරිමි ඔළුවක් තුළ ද යන්න සිතිමද පුරුෂ ලිංගයක් ඇතිව සිටීම ලැජ්ජාවට පත් කිරීමකි.ගැහැණිය‍ගේ කණ්‍යභාවය පිළිබද සංකල්පය ඒකපාර්ශවික ලෙස ඔළුව තුළ රුවා ගෙන සිටින පිරිමි මානසිකත්වය එය අහිමි වීමේ ඛේදයේ පුරුෂ පාර්ශවීය දායකත්වය නොතකා හරිමින් කරන නිර්ලජ්ජිත සහ ම්ලේච්ඡ අදහස හිරිකිතය.එසේම සංඛේතාත්මකව ජීවියෙක් පිහිටීමට ගැහැණියගේ ඉන්ද්‍රීය පද්ධතිය තුළ තිබෙන හැකියාව පුරුෂ ලිංගික පද්ධතිය තුළ නොමැති කම විවේචනයට ලක් කරමින් පුරුෂයාට එය ලැබුණු වරප්‍රසාදයක් ලෙස සිතන්නට යාමෙන් අපේ උත්පත්තිය සිදුවන ඉන්ද්‍රියට කරන අවමානයද මාතෘත්වය නොසළකා හැරිමක් නොවන්නේ ද?
ඒ නිසා හොඩය සිතූ හැටියට භාවිතා කිරීම ගැන මගේ විරෝධයක් නැත.නමුත් ස්ත්‍රී ලිංගය යනු හොඩයේ යටත් සහ එහි උවමනාවන් වෙනුවෙන් නිර්මාණය වූ සෙල්ලම් බඩුවක් හෝ ගෞරවයෙන් සහ වටිනාකමෙන් අඩු දෙයක් ලෙස සිතන්නට යාම පිළිකුල් සහගතය.
තවත් විදිහකින් කියන්නේ නම් පිරමියෙකුට ගැහැණිය සමග හැසිරීමෙන් කිසිවක් අහිමි නොවනවා සේම ගැහැණියකට ද පිරිමියෙක් සමග ඇසුරු කිරීමට නිදහසක් තිබෙන බවත්.පිරිමියාට හිමි නිදහස නොවන්නේනම් ගැහැණියකට කිසිවක් අහිමි නොවන බවත් සිතිය හැකි පුරුෂ බුද්ධියක් නිර්මාණය කර ගත යුතු කාලය මේ ධර්මද්වීපයට දැන්වත් ළගා විය යුතුව ඇත. 

12 comments:

  1. හැම පැතිකඩක් දෙසම දායාර්දව බලා ලියන ලද සටහනක් නිශිමා...හැමෝම හොයනවා නිදහස..ඒත් නැත්තෙත් ඒකම තමා... එයිනුත් කාන්තාවට නිදහස අඩුයි අපේ වන් රටවල. තායිලන්තය වැනි රටවල තත්ත්වය මෙයිට වෙනස්......මේ හැමකක්ම වෙන්නේ නිම් නැති ආසාවක ප්‍රථිපල ලෙසයි.

    ReplyDelete
    Replies
    1. අපි හරි කුහකයි මචං ඒක අදුන ගන්න ඇති අකමැත්ත සහ ලැජ්ජාව තමයි අපි රටක් හැටියට ආ පස්සට අදින්නෙ

      Delete
  2. වරදක් වෙන්න ගැහැණිය, පිරිමියා කියන දෙන්නගෙම දායකත්වය අඩු වැඩි වශයෙන් තියනවා, වැඩි වරද ගැහැණිය පැත්තට යන්නේ අපේ සමාජේ තියන අදහස් නිසයි
    නියම ලිපියක්

    ReplyDelete
  3. >> පුරුෂ බුද්ධියක් නිර්මාණය කර ගත යුතු කාලය මේ ධර්මද්වීපයට දැන්වත් ළගා විය යුතුව ඇත. <<....හෙහ්...හෙහ්.... එහෙම කොහෙ ලගා වෙනවද ඔය දීපෙ බං ....
    හොද පැතිකඩක් නිර්මාණාත්මකව ලෙසටම ලියල...

    ReplyDelete
  4. මේවා වරදවල් විදියට දකින් එක තමයි මුල්ම ගොන් කම.

    ReplyDelete
  5. අගනා ලිපියක්. අපේ සමාජය කුහක ආකල්පවලින් පිරිලා. කවදා වෙනස්වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් මේ ගැන කතා කරල තියෙන හැමෝම පිරිමි.ඒකත් පිරිමි ලෝකයෙ බලය ගැන කදිම නිදසුනක්.ගැහැණු මේ වගේ මාතෘකා ගැන එළිපිට කතා කරන්න බයයි.නිකං දූෂණය වෙයි වගේ හැගීමක් තියෙනවා.මෙන්න මේ හිර කොට බැදෙන එක නැති කර ගන්න ගෑණු උදවියටත් ගට තියෙන්න ඕනි.වෙනස් වෙන ගැජටි කෑලි දෙක එක්ක තියෙන රසායනික ක්‍රියාවලියෙ වෙනස ඇරෙන්න ගෑණු - පිරිමි කියල මහා වෙනසක් නෑ.

      Delete
    2. සහතික ඇත්ත....මේවා කියනකොට සමහරු කියනවා රැඩිකල් වෙන්න යනවා කියලා. මේ රැඩිකල් වීමක් නෙමේ. මේක තමයි ඇත්ත. ඒක ඇත්ත කියලා පේන්නේ නැහැ. බොරුව කියන කවරේ ඝනකම වැඩිනිසා.

      Delete
    3. බම්බා ගැන පොතක් කරපංකො මචං.අර වන් රුපී ඉල්ලන මැන්ටල් බුහා ගැන හෙම.....ජීවතේ රස්තියාදුව නොවිදපු අයට සමහර දේවල් මැජික් වගේ...ඒත් ඇත්ත ඒක තමයි

      Delete
  6. තුටු සිතින් එමි

    ReplyDelete