Sunday, May 18, 2014

ගම්මන්පිල හඹා යාම

ගම්මන්පිල කියන්නෙ ප්‍රසිද්ධ චරිතය, උදය ගම්මන්පිල.එයා පළාත් සභා ඡන්දෙ කළේ සම්මාදමෙන්.ඒකට හේතු වුණේ එයා පට්ට දුප්පත් වීම නිසා නෙමෙයි.ප්‍රචාරක මාධ්‍යයක් විදිහට ඒක ආකර්ශණීය වෙන නිසයි.එහෙම ඉල්ලීමක් කරන කොට පේනවා එයාට විශාල මිනිස් කැළක් සිටින බව.ඒකත් එක්ක භාවිතා කරපු උපක්‍රමය නිසා අතේ තියෙන තුට්ටු දෙකත් බේරගෙන ගම්මන්පිල ගොඩ ගියා.
මමත් දැන් කියන්න යන්නෙ එහෙම සම්මාදමක් ගැන.
මේ මගේ අලුත් නාට්‍යය.මේක කරන්නයි සම්මාදම් වෙන්න කිව්වෙ.ගම්මන්පිලට 100 දුන්නෙ රටයි පළාතයි හදල,ලක්ෂරි කාර් පර්මිට් වගේ වරප්‍රසාද ලබා ගැනීමටත් එක්කනෙ.මේකෙ ඇත්ත ඊට වඩා වෙනස්.පසු ගිය අවුරුද්ද පුරාම මම හිටියෙ බන්ධනාගාරය ඇතුළෙ.වරදක් කරල නෙමෙයි.වැරදි කරුවන්ගෙ නාට්‍යමය හැකියාව පෝෂණය කරල ඔවුන් සමග නාට්‍යයක් කරන්න.නාට්‍යයට පාදක වුණේ වීර කැප්පෙටිපොල චරිතය.නාට්‍යය ලියා අධ්‍යක්ෂණය කිරීම සදහා මට තිබුණු අභියෝගය නාට්‍යයට සම්බන්ධ ශිල්පීන් 90% ක් නාට්‍ය බලා නොතිබීම.
මේ කාලය තුළ ඇතැම් වෙලාවට මේ කාර්යයන් සදහා වන ගෙවීම මටම හොයා ගන්නත් වුණා.ඇතැම් වෙලාවට පොරොන්දු වු පරිදි බන්ධනාගාරයට ගෙවා ගන්න බැරි වුණා.එපමණක් නොවේ නාට්‍යය පිටපත රැගුම් පාළක මණ්ඩලයට දීල ආවම පුනරුත්ථාපන නිලධාරියෙක් ගිහිං ඒකෙ බලපත්‍රය බන්ධනාගාර අධිකාරි නමට අරං ආවා.මේත බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීමක් වුණත්,එ් වරදෙ වැඩි කොටස බාර ගන්න වෙන්නෙ රැගුම් පාළක මණ්ඩලයෙ ක්ලාක් ට.
කොහොම හරි කාලය ඉගිළ ගියේ නාට්‍ය ගැන විශාල සමාජ අවධානයක් ඇති කරමින්.ඇතැම් රජයේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යකරුවෙක් වූ නිසාමද මම එහි අධ්‍යක්ෂ බව කියන්නට පැකිලුණා.විද්‍යුත් මාධ්‍ය නාට්‍යයේ අධ්‍යක්ෂඛ පසෙක තබා නිලධාරින් කැදවා නාට්‍යයේ ආකෘතිය ගැන සාකච්ඡා කළා.මේ සියල්ල දරා ගෙන වැඩ කරන අතරෙ ආර්ථික වශයෙන් මාව ටිකෙන් ටික හිදිල බිංදුවක් බවට පත් වුණා.යාළුවො කිහිප දෙනෙක් දුරකතනය සහ අන්තර්ජාලය යාවත්කාලීන කරමින් මාව සංවාද තුළ නිර්මාණ තුළ සමාජය එක්ක තියන්න උත්සාහ කළත් අනිත් දේවල් බිද වැටෙන්න පටන් ගත්තා.
ආගම විශ්වාස නොකරන නිසා අවුලක් නැති වුණත් ඒ ගැන හිතන අයට ගැටළුවක් වෙන විදිහට ගෙදර පවුලේ පිළිකුලට ලක් වෙමින් මගේ මවගේ දෙවර්ෂ පූර්ණ බණ සහ දානය දී ගන්න බැරි වුණා.මානසික අර්බූදයක් නිසා විශේෂ අධයාපනය ලබන පුතා තවම අළුත් වාරෙට පාසල දැකලවත් නැහැ.යාළුවන්ට බල කරන්නත් බැරි නිසා කපපු පෝන් එක දැන් දවස් දෙක තුනක ඉදල එන කෝල් වලට උත්තර දෙන්න සීමා වෙලා.(ගන්න බැහැ කපලා)
මේ ප්‍රශ්න අස්සෙ මේකෙන් ගොඩ එන්න කරන්න පුළුවන් මොකද්ද?ඒ වෙනකොටත් ලියල තිබුණු ඩ්‍රාමා එක කරමු.හුග දෙනෙක් කතා කළා.වචන ශක්තිය කරගෙන මම වැඩේට බැස්සා.උඩ තියෙන බැනර් එන ඒ නාට්‍යයට අදාළයි.22 පුංචියට මුහුරතක් තියලා ආරම්භ කරන්න නියමිතයි.මම සම්මාදම් කරන්නෙ ඒ වැඩේට.සාර්ථක වුණොත් ඩියුටි ෆ්‍රී වාහන බලපත් හෝ වෙනත් මහා ආර්ථික වාසියක් මට ලැබෙන්නෙ නැහැ.පවුලෙ ආසන්නම ප්‍රශ්න (ගෙවල් කුලී,විදුලි සහ ජල බිල්පත්.දරුවන්ගෙ අධ්‍යාපන ගැටළු) විසදගෙන හිනා වෙන්න විතරක් ලැබෙයි.ඊට අමතරව දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විද්‍යාලය සහ බොරැල්ල සිවලි මධ්‍ය මහා විද්‍යාලයේ කලා සහ මාධ්‍ය වැඩ සදහා නොමිලේ දක්වන දායකත්වයටත් පහසුවක් වෙයි. 
දේශපාලකයෙක් විදිහට සමාජය ඉදිරියෙ කරන ඉල්ලීම කලාකාරයෙක්ට කරන්න අයිතියක් නැති බව සිතන අයට මට රිදෙන්න ගහන්න පුළුවන්.මම හරි හොදායි කියල ජඩ දේශපාලන සංස්කාතියක පැවත්ම වෙනුවෙන් අන්දල ගන්න සීයට වඩා මේ පනහ වටිනා දායකත්වයක් කියල හිතන්න පුළුවන් අයත් ඇති කියල මම විශ්වාස කරනවා.
ඒ වගෙම ලංකවෙ අති දැවැන්ත සහ විශිෂ්ටතම නිර්මාණයක් බවට මේ නාට්‍යය පත් වෙන එකක් නැහැ.හැබැයි සිර ගෙදර සියයට 90 ක් නාට්‍යය නොබලපු මිනිස්සුගෙන් සාර්ථක නිර්මානයක් කළ මට ආත්ම විශ්වාසයක් තියෙනවා හොද නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි කියලා.බලමු මොකද වෙන්නෙ කියලා. . .
ආර්එම්එන්එම් රණසිංහ
ලංකා බැංකුව නිදහස් චතුරස්‍ර ශාඛාව
ගිණුම් අංකය 70991900





15 comments:

  1. අනේ වාසනාවන්, හිරේ ගිය අපේ රටේම මිනිස්සු වෙනුවෙන් යහපත් වැඩක් කරන්න ඉදිරිපත් උන එක කොච්චර දෙයක්ද.

    ReplyDelete
  2. අනිවා නිශ්මෝ මේකට හැකි හැම පැත්තෙන්ම උදව් කරනවා....

    ReplyDelete
    Replies
    1. thanks macho danna ayata kiyala meka duwa ganna help karapan

      Delete
  3. හරිම අගේ ඇති වැඩක්නේ, ඔන්න මමත් හැදුව බ්ලොග් එකක් ඒ පැත්තෙත් ඇවිත් යන්න එන්න පුලුවන් වෙලාවක.

    ReplyDelete
  4. කලයුතු දේවල් කල හැකි මිනිසුන් මහාසමයං නටනවා. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ට්‍රයි කරන එවුන් යමක් කරන්න උත්සාහ කරනවා. අනේ මන්දා බං.
    ඔය වෙනුවෙන් බන්ධනාගාරයේ අරමුදල් නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. මේක රැදවියන්ගේ වැඩක් නෙමෙයි.මේක මගේ වැඩක්.උදව්ව ඕනි මට

      Delete
  5. ජයවේවා!
    මගෙන් පනහක්!

    ReplyDelete
  6. "හිරකරුවෝත් මනුෂ්‍යයෝය" තාප්පයට සීමාවෙලා තිබ්බ ප්‍රකාශයට නව අරුතක් ලැබෙන්න වගෙයි යන්නෙ. සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. හිරකරුවන්ගෙ වැඩේ දැන් නිමා කරල දුවන නාට්‍යයක්.ඒක කැප්පෙටිපොල චරිතය ඇසුරෙන් ලියැවි නාට්‍යයක්.ඔහුගේ ජාතිවාදි නොවන ජාතිකවාදි කාරණා වලට බරක් දෙමින් කළ පිටපතක් සහ අධ්‍යක්ෂණයක්.පුළුවන් වූ වෙලාවක බලන්න.නම "වීරයෝ මරන්න බැහැ"

      Delete
  7. එතකොට මේකේ දැන් රගපාන්නේ රැදවියන් නෙමේද......?

    ReplyDelete
    Replies
    1. රැදවියන් රගපාන නාට්‍යය ගැලවිජ්ජා නොවේ.එය වීරයෝ මරන්න බැහැ.එයට වසරක් පමණ කාලයක් ගත කරමින් වෙහෙස වුණත් තවම බන්ධනාගාර පරිපාලන ව්‍යහුය තුළ එය ප්‍රදර්ශනය කිරීම සදහා නිශ්චිත වැඩ පිළිවෙලක් නැහැ.මගේ මුහුණුපොතේ බන්ධනාගාර නාට්‍යය පිළිබදව තොරතොරු සහ ඡායාරූප සහ වීඩියෝ තිබෙනවා.දැනට බන්ධනාගාර නාට්‍යය රුපියල් 1,25 000 ට ලබා දීමට යම් එකගතාවයක් පැමිණ තිබෙනවා.බන්දනාගාර අධිකාරි ගාමිණි ජයසිංහ ඇමතීමෙන් ඒ ගැන දැන ගැනීමට හැකියි.071 278 71 63

      Delete
  8. කවද්ද නාට්‍යය පෙන්වන්නෙ ??? කොහෙදිද ???

    ReplyDelete
    Replies
    1. අගොස්තු දිනය ස්ථිර කර ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදු වෙනවා.

      Delete
    2. අගෝසුතු 26 සහ 27 හවස 6.00 ට ටවර් රගහලේ දි

      Delete