Thursday, May 22, 2014

ඕං ස්ටාට් කළා

( වමේ සිට හිමාෂි කරුණාරත්න,නිරාශා එදිරිසිංහ,නිහ්මං රණසිංහ,අමිල නිදහස දිසානායක,වසන්ත කුමාර,උදේනි අල්විස් සහ තීක්ෂණ ගම්මන්පිල)
පැලවෙන බොරු සමග නැලවෙන ජිවිත "ගැලවිජ්ජා" ඊයෙ  කිරුළපොන ගන්ධාරා එකේ දි ආරම්භ වුණා.මේක මේ රටේ වෙන මාරම වැඩේ නෙමෙයි.හැබැයි නාට්‍යයක් හැටියට සහෘද දායකත්වය උපරිම විදිහට ලැබිල මේ වැඩේ ගොඩ යයි කියන විශ්වාස තමයි මේකෙ මාර වැඩේ.හෙට කසාද බදිද්දි අද මහ රෑ 12 ටත් බස්සටෑන්ඩ් එකේ හිටියෙ මම නාට්‍ය්‍ය හින්ද.ඒ වගෙම පවුලෙ එකා යකා වුණ මම මගේ ජීවිතයෙ හොදම යාළුවා වුණ මගේ තාත්තගෙ මරණය ගෙදර තියල යෞවන සම්මාන නාට්‍යයෙ ඇක්ට් කරා.හැබැයි මේ අතර මගෙ සමහර අය හිතන විදිහෙ නරක පුරුද්දකුත් තිබුණා.ඒ දැනෙන දේ කියන්න පසුබට නොවීම.ඒ නිසා මම පත්තර පිටුවල නාට්‍ය කරන කෙනෙක් විදිහට අසාධාරණ සහ වැරදි දේ ෂේප් න්‍යායෙන් සාකච්ඡා කළේ නැහැ.ඒ නිසාම අවවාද කිහිපයක් මිත්‍රයො අතරින් ආවෙ මගේ නාට්‍ය ලයිෆ් එකට ඒක හොද වෙන එකක් නෑ කියලා.ඒත් ඉතිං මම මොනව කරන්නද?මම මම විදිහට ජීවත් වෙන්න ඕනි.
                                          කාලයත් එක්ක මට වේදිකාව ස්පර්ශ කරන්න ආරාධනා අඩු වුණා.පස්සෙ නැතිව ගියා.ඒත් මගේ නාට්‍ය උණ එහෙම්ම තිබුණා.මේ අතර වැලිකඩ බන්ධනාගාරයෙ නාට්‍යත් එක්ක මේක වැඩි වෙලා වේවලන්න ගත්තා.90% වුණු නාට්‍යයක්වත් නොබලපු මිනිස්සු මම හොද නාට්‍ය්‍යකට දායක කර ගත්තා.ඒත් ඒකට තියෙන ඉල්ලීමට අනුව තවම නාට්‍යය දුවන්න විදිහක් හදා ගන්න වගේම ඒ නිසා මට වන අවුල තේරුම් ගන්න පවතින බන්ධනාගාර සම්ප්‍රදායට තේරෙන්නෙ නැහැ.
ඒ නිසා නාට්‍යක් කරන්න ඕනි කියල තීරණය වුණහම කර ගන්න විදිහක් නැතිව ලියැවිලා තිබ්බ ගැලවිජ්ජා එලියට ආවා.
                                        අනේක වූ ගැටළු එක්ක ගැලවිජ්ජා ගැලවෙන්න බැරි ගැටළුවක් වෙයි කියල හිතුණා.ඒත් ගැටළු වලින් ගැලවෙන්න තුන පහ පැකට් කරන්න හෝ වෙන දෙයක් කරන්න දන්නෙ නැති නිසා දන්න නිසා හොදට කරන්න පුළුවන් ඒ වෙනුවෙන් යමක් ආයෝජනය කරන කෙනාට සතුටක් දෙන්න පුළුවන් නිසාත් මම ගැලවිජ්ජා ලාංකේය වේදිකාවට ගලප්පන්න උත්සාහ කළා.සහෘදයො සෑහෙන්න මේකට මාව උනන්දු කළා.
                                     ඒත් ගස් වලින් කඩන්නැයි සල්ලි? ඇයි මිනිස්සුන්ගෙන් අහන්න බැරි නාට්‍යයකට උදව් කරන්න බැරිද කියල?තමන්ට කිසිම දෙයක් නොවන දේශපාලන ක්‍රමයක් නියෝජනය කරන්නට සල්ලි වියදම් කරල මිනිස්සු තෝර ගන්න රටක,පිං තකාගෙන දන්සල් වලට කියල අරක්කු ගැලුමක් එක්ක හාල් මුට්ටෙක බත් උයන දන්සල් වලට භක්තියෙන් ආධාර කරන රටක නාට්‍යයක් කරන්න සල්ලි ඉල්ලන එකේ වැද්දක් නැහැ.අපි සහෘදයො කිහිප දෙනෙක් ඒ ගැන කතා කළා.
                                    මුහුණු පොතේ වැඩේ ලිව්වා.බ්ලොග් එකෙත් ලිව්වා.හුග දෙනෙක් කතා කළා.දීපාල් ගෝමස් වගේ සහෘද කණ්ඩායමේ මිත්‍රයො එළිපිටම උදව් කරනවා කියලා ඇවිත් මුහුරත වෙලාවෙ සහෘද දෑතින් උදව්ව අත මිට මොලවලා ගියා.එහෙම දේවල් වෙනකොට ජීවත් වෙනවා කියලා දැනෙනවා.තවත් අය මේකට එකතු වෙයි කියලා විශ්වාස කරන්නත් ඒ දීපාල්ගෙ සෙනෙහස මගේ බලාපොරොත්තුව පළල් කළා.මුහුණු පොතේ මම දකින තව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා.ඔවුන් පළමු වරට ඔසවා තබන්නට පැනෙන් නොනැවතුණු දේ මම කළා.අරගල කරමින් පෙනී හිටමින් කළ ඒ දේවල් වලටත් මම බලාපොරොත්තු නොවුණු ප්‍රතිඋපකාරයක් මේ වෙලාවෙ ලැබුනොත් යහපත්.
                                   ඒ නිසයි මම කියන්නෙ අවම ගණන රැපියල් 50 ක් පමණයි.ඊට වැඩි වුණාට කමක් නැහැ.ඒත් එහෙම නොවුණ කියල අවුලකුත් නැහැ.මම ආයෙම ලියනවා.මග තොටේ එමුබ වුණාම තේ එකක් බොමු මචං කියලා,අයියෙ කියලා කියන හැමෝම මගෙ තේ ගින්න හිතන්නෙ නැතිව මේ වෙලාවෙ ඒ 50 මගේ ගිණුමට බැර කරන්න.මගේ බඩට දැනෙන රස මිනිස්සු වැඩි පිරිසකට හිතට රස දැනෙන වැඩක් කරන්න මම පාවිච්චි කරනවා.පුළුවන්ද?මම බලා ඉන්නවා නැවතත් මාව ජීවත්වෙන බව පෙන්නන්න සහෘද කැළගේ සෙනෙහස ගැන අපිරිමිත විශ්වාසයෙන්.
                                 මාස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මුහුරත් උළෙල සදහා ප්‍රවීන කලාකරු බුද්ධදාස ගලප්පත්ති,ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධනයේ අධයක්ෂ ෆාහිම් උඩයාර්,ශසික ඩ්‍රයිවින් ස්කූල් අධිපති වීරසිරි විතානගේ ඇතුළු සහෘද හිතවතුන් රැසක් එක් වූ අතර,මුහුණු පොතේ සහෘදත්වය ප්‍රකාශ කරමින් සහෘදයෝ සිමා සහිත සමූහය නියෝජනය කරමින් දීපාල් ගෝමස්,සහ සමුපත් සුදසිංහත් සහභාගි වුණා.
                                නිර්මාණයට රංගනයෙන් නිශ්මං රණසිංහ,උදේනි අල්විස්,හිමාෂි කරුණාරත්න,නිරාශා එදිරිසිංහ,සුරේෂ් හර්ෂජීව සහ තීක්ෂණ ගම්මන්පිලත් එකතු වෙනවා.සංගීතය අමිල නිදහස දිසානායකගෙන් වන අතර,පසුතල නිර්මාණයෙන් දායක වෙන්නෙ හිමාෂි කරුණාරත්න.ආලෝක නිර්මාණය වසන්ත කුමාර ‍විසින් සිදු කරන අතර ඇදුම් නිර්මාණය නිශ්මං රණසිංහ විසින් සිදු කෙරෙනවා.අංග රචනයේ ගැලවිජ්ජා සදහා දායක වන්නෙ සුරේෂ් හර්ෂජීවයි
                               ඔබේ මගේ නාට්‍යය වෙනුවෙන් දක්වන සෙනෙහස ගිණුම්ගත විය යුතු ආකාරය ලංකා බැංකුවෙ නිදහස් චතුරස්‍ර ශාඛාවෙ ගිණුම් අංකය 70991900 නම ආර්එම්එන්එම් රණසිංහ
                                    පහත දැක්වෙන්නෙ මිරර්ග්ර්ල් වෙබ් අඩවිය මේ මුහුරත පිළිබද තැබූ සටහන සහ ඡායාරූප ගොන්නයි.

22 comments:

  1. මොකා මොකක් කිවුවත් තමන් තමන්ට දැනෙන දේ කෙලින් ප්‍රකාෂ කරන එක හොඳ ගතියක්. ඒ වගේම නාට්‍ය කලාව තුල හොඳ අර්ථවත් දේ ඉදිරිපත් කරන්න උත්සහ කරන උඹට මගේ ප්‍රනාමය ලබාදෙනවා මචෝ.

    ReplyDelete
  2. අමිලයගෙත් මියුසික් පට්ට...
    දෙන්න එකට එක්වුණා කියන්නෙ ආයි අහන්න දෙයක් නැතිවැති...
    වෙනද මොන ඉලව්වක් වුණත් මූනු පොතේ එල්ලන අමිලය මේක එල්ලලතිබ්බෙ නැි එකනෙ වැඩේ කියන්නෙ.. (මං දැක්කෙ නැතිවද මංද)...
    එන්න බැරි වුණා රාජකාරි නිසා...
    සුභපැතුම්...

    හිතට එන දේ
    අහිතක්
    සංස්කරණයක් නැතිව
    එළියට දාන වුංට
    ආදරේ නැති රටක
    පරිස්සමෙන් සහෘදය...

    ReplyDelete
    Replies
    1. වඩේට සහෘද වන ඔබ සැම දෙන ආදරෙන් නැගටිනවා

      Delete
  3. නාට්‍යකරණය හොඳයි. ඇත්තෙන්ම සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට යන නාට්‍යකරණයක් අද අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිළිව සාමූහිකත්වයෙන් යන ගමණකුත් ඕනි

      Delete
    2. එක්කෙනෙක් අත නමාගෙන .අනික් එක්කෙනා අත් දිග ඇරගෙන ශෝයි

      Delete
  4. Replies
    1. එක්කෙනෙක් අත නමාගෙන .අනික් එක්කෙනා අත් දිග ඇරගෙන ශෝයි

      Delete
  5. වනිතා හඩයි දේශකයයි අතර සම්බන්දෙ මොකක්ද ?
    දෙන්නම එකලඟ කොමෙන්ට් දාන්නෙ කොහොමද
    ලියන විදිය එක සමාන ඇයි
    මහ අමුත්තක් දැනෙන්නෙ ඇයිද මන්ද

    ReplyDelete
  6. ජය වේවා සහෝදරයා. ඉස්සරහටම යමු.

    ReplyDelete
  7. නිශ්මං...ජයවේවා!! උඹලාගේ වැඩේට මම ඒ එකවුන්ට් එකට කීයක් හරි දාන්නම්. කරගෙන පලයන්..

    ReplyDelete
  8. ස්තූතියි අදිසි සෙනෙහස

    ReplyDelete
  9. සුබ පැතුම් නිස්මන් !

    ReplyDelete
  10. මේ අහට එන්න කකා තමයි පාර පෙන්නුවේ. පටන් ගත්ත වැඩේට හදවතින්ම සුබ පතනවා, ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  11. සුබම සුබ පැතුම්

    ReplyDelete
  12. mama hama welama hithanne oyage wade sarthaka wanna kiyala mokada kalawata adary ae wnuwan yamak karanna uthsaha karana kanak nisman kiyanne kalawata wetharak nowe kriidawatath ae wagemae nisman aiya mama oyata suba pathanawa ne katauththa sarthaka wanna kiyala

    jaya wewa

    ReplyDelete