Sunday, May 25, 2014

නිදිකුම්බා මලේ ඇහරෙන්න

ඇහැරෙන්න නිදිකුම්බා මලේ
දිගු නින්දකට නොවැටී
මා එක්ක එන හෙවනැල්ලටත්
මා ගිය වගක් නොදැනෙන්න දී
මා පා වැදී ඇකලී උන්නු දැන් කල් වැඩී

හිනැහෙන්න තොල් වල පැටලිලා
හැගුමක් නැතේ හිත හුදෙකලා
කදුළක් දිගේ නුඹ එල්ලිලා
මතකයට යළි මගෙ පා තබා
කස පහර දෙන හැටි නට නටා

පැටවුන් එකා පිට ගොඩ ගසා
හිත් තුරුල්ලේ කූඩුව තනා
මල් හීනයක මම හංගලා
සිරකර දමා අගුළුත් දමා

තනි කර මාව ඔබ ඉගිලිලා

අන්න හැමෝම කියපු ෆලෝ ගැජට් එක බ්ලොග් එකේ උඩට ගෙනාවා.කිව්ව අයට ස්තූතියි හඹා එන සෙනෙහස කියලා ඇති

6 comments:

  1. ඒකාකාරිත්වය මදකට බිඳ දමා ඔබේ ලියවිල්ල රසවින්දෙමි. ස්තුතියි.

    ReplyDelete
  2. නිදිකුම්බා මලකට කතා කරන්න ලං වෙන එකත් බොහොම සීරුවෙන්නේ කරන්න ඕන..

    අදයි මේ පැත්තේ ගොඩ වුනේ මම..

    ReplyDelete
  3. මක්කා ලීවත් පට්ට රහයි.. අපි අසරණ වෙලා නෑ... මම කිව්වේ හින්ගල බ්ලොග් කාරයෝ ගැන...

    ReplyDelete