Monday, May 5, 2014

හෙට රටට රන් ගේන්න මංගඤ්ඤපං කැකුලො

‍මිට වසර ගාණකට ඉස්සර දෙහිඅත්තකණ්ඩියට ගියෙ ජාතික ක්‍රීඩා උළෙලෙ පාපැදි,මැරතන් සහ ඇවිදීම තරග ආවරණය කරන්න.මේ තරගත් එක්ක ප්‍රාදේශිය වශයෙන් පාසල් එකතු කරල පවත්වන මාර්ග ධාවන තරගයකුත් තියෙනවා.මේ තරගය ජයගත්තු ක්‍රීඩකයා වු‍ණේ ටී ඩබ්ලිව් රත්නපාල.හෙනානිගල හෙම අහල පහල හින්ද මට නිකමට  හිතුනා මේ අකුරු දෙකේ තේරුම තල‍ා වරිගෙ වෙන්න බැරිද කියල.විශාල කාල පරතරයක් තබමින් මේ තරගය ජය ගත්ත රත්නපාල ඇත්තටම තලාවරිගෙ රත්නපාල වුණා.


මේ ආදි වාසිකමයි,හැකියාවයි දෙකම ගත්තම මේ චරිතය ඉදිරියට ගේන්නෙ කොහොමද කියන එක මම කල්පනා කරල බැලුවා.සේරටම කලියෙන් කොළඹින් ගිය ජනමාධ්‍ය කණ්ඩායමට ඉක්මණින් කොළඹ බලා පිටත් වෙන්න ඕනි නිසා මට ඒ බස් එකෙන් බහින්න වුණා.මම බස් එකෙන් බැහැල රෙදි මල්ලත් උස්ස ගෙන වලල ක්‍රීඩා පාසලේ සුසන්ත ප්‍රනාන්දුගෙ මෝටර් සයිකලයට ගොඩ වුණා.තරගෙ දිනපු රත්නපාල කියපු මං සළකුණු ඔස්සෙ රත්නපාල ගෙ ගෙදර හොයා ගෙන ගියා
ප්‍රධාන පාරෙ ඉදල කිලෝ මීටර් 5 ට වඩා දුර පයින් ගෙවා ගෙන තරගෙ දිනපු රත්නපාල ගෙදර ඇවිත් තිබුණෙ ජයග්‍රහණයෙ පණිවිඩය ආදිවාසි ගම්මානයෙන් මෙපිට තබලයි.ඒ නිසා ගෙවල් වලට යන මං සළකුණු අද තරගෙ දිනපු ළමය නේද කියල අහළම අපේ අතේ තියන්න මිනිස්සු ඉදිරිපත් වුණා.ආදි වාසි ගම්මානයෙ ප්‍රවේශයෙදිම හමබ වුණු පාපැදියක නැගුණු කොලු පැටියා ආදි වාසි පරපුරේ රත්නපාල ගැන තොරතොරු දන්න කෙනෙක්.කොල්ල යමින් හිටපු ගමන නවත්තල අපිට පාර පෙන්නන්න තමන්ගෙ පාපැදිය ඉස්සර කර ගත්තා.
ලස්සන වැව් බැම්මක් උඩින් දිවෙන පාර වම් අත පැත්තට තියෙන බෑවුමකින් හරවල අපිට රත්නපාලගෙ ගෙදර පෙන්නුවා.අපිට ඉස්සර වුණු කොල්ල රත්නපාල අක්කලගෙ ගෙදර ගිහිං ඇති බව කියමින් එක්කං එන්න පිටත් වුණා.අපි බෑවුමෙන් මදක් ඇතුළට වෙන්න තියෙන වැලි පාරේ යතුරු පැදිය හසුරුව ගන්න බැරිව දුක් විදල අන්තිමට පරාජය බාර අරගෙන ගේ ළගට යතුරු පැදිය තල්ලු කරං ගියා.
කිලෝ මිටර් 10 ක දුරක් දුවල ඇවිත්,ආයෙමත් ගෙදරට කිලෝ මීටර් 5 ක් පයින් ආපු රත්නපාල මහන්සි නොබල රස්තියාදු ගහන එක ගැන මම ඒ වෙන කොටත් මදක් විමතියෙන් හිටියෙ.විනාඩි කිහිපයකදි ඒ විමතිය දෙගුණ තෙගුණ කරපු රත්නපාල අපිව යතුරු පැදියෙන් බිමට බස්සපු වැලි පොළවෙ පාපැදිය හැසිරුවෙ එක අතින්.ඒ අනිත් අත අක්කගෙ අත දරුවට වෙන් කරල තිබුණු නිසා.
මේ කොල්ල නම් මරු දෙයක් කරයි
මට මගේ හිත කිව්වා.පාසලේ සාමාන්‍ය පෙළ පංතියෙ හිටියත් රත්නපාල ඊට වඩා වයසයි.පාසල් යන අතරෙම ආර්ථිකය එක්ක ඔට්ටු වෙන්න පොඩි පොඩි වැඩ කරන අතරෙ හෙනානිගල වැවේ මත්ස්‍ය සම්පතෙන් බිදක් ගෙදර අයගෙ බඩ - කට පුරවන්න අරං එන එකත් රත්නපාලගෙ රාජකාරියක්.වැඩ ටික ඇහැව්වම මට මැවුණෙ අපි අහල තියෙන ආදි වාසින්ගෙ වගතුග.සත්තු පස්සෙ හති නොබලා දුවන,පනින දඩයම් ලක්ෂණ මේ තරුණයගේ හති නොවැටෙන ජාන වලත් තිබෙන බව මට හිතුණා.ඒත් ඊ ළග අවුරුද්දෙ දකුණු හෙනානිගල කණිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටි සිසුවෙක්  ලෙස එළියට බහින්න නියමිත රත්නපාලට ඊ ළග නිමේෂයෙ උරුම වැව යි බිලී පිත්තයි බව ඒ ගමේ උරුමය ගැන පැහැදිළි කරපු රත්නපාලව පුහුණු කරන ක්‍රීඩා ගුරුවරිය කියල තිබුණා
මේක වෙනස් කරල රත්නපාල රටේ උරුමයක් කරන්න බැරිද?
වෙහෙසක් නොදැනෙන මේ ක්‍රීඩකයා ලංකාවට ජයග්‍රහණ ගේන මැරතන් ක්‍රීඩකයෙක් කරන්නෙ කොහොමද?එහෙම නැත්නම් ඇගෙ ජානවලම තියෙන අනන්‍යතාවය යොදා ගෙන මේ ක්‍රීඩකයව බාධක දිවීමේ ක්‍රීඩකයෙක් කරන්න බැරිද?
ඒ ඔක්කොටම ඉස්සර මේ කොල්ලව රැක ගන්න ඕනි.සමස්ත ලංකා පාසල් මට්ටමේ ජයග්‍රහණ ලබල තියෙන නිසා ඒ හැකියාවන් යොදා ගෙන මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු කර ගන්න වින්ග් කමාන්ඩර් දීපාල් මුණසිංහ තීරණය කරනවා.මගේ මිත්‍රයා මම සොයා දුන් ක්‍රීඩා සම්පත් වලට සිය ක්‍රීඩාවට ගෞරවණීය තත්ත්වයක් ඇති වෙන පදනමක් දැමූ නිසා රත්නපාල පමණක් නොව ගුවන් හමුදාවේම මලල ක්‍රීඩාව ඉහළ තලයකට එසැවී පැමිණියා.
අවුරුදු ගණනක් නමුත් රත්නපාල පිළිබද ගත් තීරන පලදායක වුණේ නැහැ.ඒත් මුල සිටම රත්නපාල යොමු කළ යුතු පුහුණුකරු වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ කුලතුංග බවට මම ගෙනාපු යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ.ඒ නිසා රත්නපාලට ගුවන් හමුදාව වෙනුවෙන් පදක්කමක් නෙලා දෙන්න කුලතුංග හමුවන තෙක්ම බලා සිටින්නට සිදු වුණා.
කුලතුංග කියන්නෙ ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම මැදි දුර ධාවකයා හැටියට පිළිගැනෙන චමින්ද විජේකෝන් වැන්නන් රටට හදුන්වාදුන් පුහුණුකරු වුණත් ඔහු ඔහුට නියමිත කොට ඇදීමේ කාර්යයෙන් ඔබ්බට පෙරහැරවල අදින්න යන්න දගලන්නෙ නැහැ.මේ රටේ තියෙන ක්‍රමයට කවුරුත් පෙරහැර වලට අන්දල එක්ක යන්නෙත් නැති නිසා කුලතුංග හැමදාම හැංගුණ චරිතයක්. 
මේ හැංගිච්ච මනුස්සය ළගට රත්නපාල ගෙන ඒමේ මගේ සිහිනය පල දැරුවට පස්සෙ දවසින් දවස රත්නපාලගෙ හැංගුණ දක්ෂතා මතු වෙන්න පටන් ගත්තා.එහි ප්‍රතිපලයක් විදිහට රත්නපාල ගුවන් හමුදාවට ආවට පස්සෙ ලබපු පළමු ජාතික මට්ටමේ ජයග්‍රහණය අද ලබා ගත්තා.ඒ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියෙ අවුරුදු 23 න් පහළ මීටර් 10000 තරගයේ තෙවන ස්ථානය දිනා ගත්තා.එමෙන්ම ඔහු මෙම තරගාවලියෙදි මීටර් 5000 පස් වන ස්ථානය දිනා ගත්තට අමතරව එම ඉසව් දෙකේම සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කරන්නත් සමත් වුණා.
දැන් රත්නපාල සූදානම්.තවමත් ඔහු දිහා ආදි වාසියෙක් විදිහට පහත් විදිහට බලන අත දරුවො නැතිව නෙමෙයි.ඒ ඹවුන් අපෙන් උදුරා ගත් දෙයක් නැති බවත් අපි කුවේනිගේ උරුමය පැහැර ගත් 
මංකොල්ලකාරයන්ගේ පරපුරේ බවත් නොදන්නෝයි.මේ මොහොතේ වැදගත් වන්නෙ රත්නපාල හරි මගට යොමු කිරීමයි.
කුලේ අයියෙ කොල්ලව බාධක දිවීමට දාල බලමුද?
මං ඒ වචන වලට අමතරව ඔහුගේ පරවේනි සාධක ද එයට බල පෑ හැකි බව කුලතංගට පැහැදිළි කළා.
ඇත්ත අපි කරල බලමු.26 ක් විතර වුණාට පස්සෙ මැරතන් වලට ගේමු!
කුලතුංග එකග වෙනවා.සමහර විට මේ එකග වීම මම මෙච්චර කල් රත්නපාල දුටුව හැටි හරි ගිය හැටියටම හරි ගියොත්...
සමහර අය වැඩිය මුහුණ දීල කතා නොකරන රත්නපාලගෙ කුලෑටි ගති කැලේ සිරිත් හැටියට දැණුනත් 
ජාතික සූරයන් සූරයන් වී සිටින ඇතමුන්ට පත්තරකාරයාගේ සීමාව ඉක්මවා මව් පියන් ලෙස පෙනී හිටියද අද වෙන කොට කතා කර දුක සැප අසන්නටවත් කෘතවේදිත්වයක් නැති තරමට මනුස්ස කම් කැලෑ වැදී ඇති තත්ත්වයක ...
රත්නපාල ජයග්‍රහණයේ හතියත් සමග ...
නිශ්මං ස්ර් මං තුන් වෙනියා...ගුවන් හමුදාවට ආවට පස්සෙ ගත්ත පළ වෙනි පදක්කම ස්ර් ...යනුවෙන් කිමට මනුස්සකමක් තිබීම ගැන  මගේ හිතේ තියෙන්නෙ ආදරණිය ගෞරවයක්.
ගුවන් හමුදාවෙ පඩියෙන් දුවන දේවල් කරනව ඇරෙන්න සතෙක් ගහල තාත්තා මරුණු ගෙදර අම්මට රෙදි කැල්ලක් අරං දෙන්නවත් දුප්පත් සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කරන්නවත් උඹට අයිතියක් නෑ ලෙස සිතන කාලකණ්නි නිලධාරින් ද සිටින බව මම මීට වසර ගණනකට පෙර දැක ගත්තෙ බහරේන් වලදි.
ධාවන සපත්තු රැගෙන දීමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහය දැක් වූ පුද්ගලයන්ට එය ලබා දිය නොහැකි ලෙස කාලය හරස් කළ කණ්ඩායමේ කළමණාකරු බහරේන් ශ්‍රී ලාංකියන් ඉදිරියේ ප්‍රකාශ ක‍ළේ එම ක්‍රීඩකයන් ධාවනය සදහා හමුදා වල සේවයට බදවා ගත් ඒ සදහා ගෙවීම් ලබන නිලධාරීන් නිසා ආර්ථික අපහසුකම් නැති බවයි.එවැනි පදනමකින් ක්‍රියාත්මක වන ලංකාවෙ ක්‍රීඩාවෙ ඉදිරි ගමන සදහා රත්නපාලට යම් දිරි දීමක් කළ හැකි මාවත් කවරේද යන්න තීරණය කරන්න ඔහුගේ ජීවිතය ඔහුගෙන්ම දැන ගැනීමෙන් ඔබට පුළුවන් වෙයි.
මේ තියෙන්නෙ රත්නපාලගෙ දුරකථන අංකය - 0713748275 
  

2 comments:

  1. නිෂ්මෝ බේ බ්ලොගය සින්ඩිවලට දාපන් මූණු පොතේ ෂෙයා කරපන් වටිනා අදහස් ඇති අඩවියක් ඔන්න මං දදත් ෂෙයා කළා.

    ReplyDelete