Friday, May 2, 2014

අපි සමරන නූතන චිකාගො



ලංකාවෙ මැයි දිනය සමරන හැටි දැක්කම එක දෙයක් පැහැදිළියි.මේ අය සමරන්නෙ 1886 සිදුවීම නම් නොවන බව.කම්කරු අයිතීන් කෙසේ වෙතත් ස්වීය ලාබ ප්‍රයෝජන උදෙසා පොදු අරමුණකින් අරගල කිරීම පසෙක ලා ඕනෑම තක්කඩි හෝ ජඩ වැඩක් කිරීමට සෑදි පැහැදී සිටින පිරිසගේ රංගනයන්ගෙන් තමයි ලංකාවෙ බොහෝ මැයි දින රැළි පිරී යන්නෙ.
පැය අටේ සේවය දිනා ගැනීම සමරනවා ඇරෙන්න අපේ රටේ නූතණ වැඩ කරන පුද්ගලයාගේ භූමිකාවට මේ මැයි දින වලින් ලැබෙන්නේ මොනවාද කියන එක ලොකු ගැටළුවක්.අද වැඩ කරන ජනතාව මත පැටවෙන අදෘශ්‍යමාන ගැටළුව තමයි අධික බදු බර.විවිධ වු ව්‍යාපෘති හරහා එකතු වෙන දැවැන්ත ණය බර පයවා ගැනීමට ගසන බද්දේ දැඩි අපහසුව විදින්නට වී තිබෙන්නෙ පහළ ශ්‍රේණියේ කම්කරුවාටයි. අධික පංති විෂමතාවය විසින් ආර්ථික වශයෙන් සමානත්මතාවය දුරස් කරන තිබෙන පොළවක මිනිසුන්ට තිබෙන පොදු අරමුණ වන්නේ ඒ ඒ තත්ත්වයන්ට සාපෙක්ෂව ගොඩ නැගෙන ආර්ථික පීඩනයෙන් ගැලවීම පමණයි.
ඒ්ත් මේ කාරණය වචන වලට ගොනු කර ඉතිහාස කතා කියන මැයි දින රැලියකට වඩා ලෝකයේ අවධානය රටේ කම්කරු ජනතාවගේ පීඩනය වෙත ළගා කිරීමට සුදුසුම දේ මේ ව්‍යහුය යටතේ තිබෙන කම්කරු දිනය වර්ජනය කිරීමයි.කම්කරු අයිතීන් වෙනුවෙන් කරන්නට දෙයක් නැති,කියන්නට ඉඩක් නැති සමාජ ව්‍යහුයක කම්කරු දිනය පවත්වා ඇති ප්‍රතිපලයක් නොවන බව පවසා සියළු වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනය හකුලා ගන්නට ප්‍රගතිශිලි දේශපාලන ක්‍රියාදාමයන් උනන්දු විය යුතු බවයි මගේ හැගීම.
එසේ නොවන තැන වන්නෙ බජව් දාන කම්කරු රැළි වල වයින් ග්ලාස් වලට වැටෙන කම්කරු රුධිරය වෙනුවෙන් බයිට් හදන්නට අනෙකුත් දේශපාලන ව්‍යාපාර මුක්කු ගැසීමයි.ඒ අතරින් කෞශලයා,අජිත් ලා මීගමුවෙ මැයි දිනය වෙනුවෙන් පැවත් වූ සංගීතය මේ සිස්ටම් එකෙන් එළියට මැයි ආකල්පය අරං යන්න ගත්තු හොද උත්සාහයක්.මේ වෙන දේවල් තෙරුම් ගන්න රහක් ඇති මිනිස්සු ටිකක් හදන්න හරි මේ වගෙ දෙයකින් සමත් වෙනවා.
එසේ නොවන සම්ප්‍රදායික මැයි රැලි වලින් වෙන්නෙ මේ යන ක්‍රියාදාමය ශක්තිමත් කරන්න සිය පක්ෂයේ ධනය නිකරුණේ කාබාසිනියා කිරීම පමණයි.මැයි දිනය නොපවත්වා හෝ මැයි දිනය දිනයේ වචනයක් හෝ කතා නොකර අහිමි වී යන කම්කරු අයිතීන් වෙනුවෙන් දෑත් මුව බැද සත්‍යග්‍රහයක් කරන්නට උත්සාහ කිරීමේ අදහසක් කිසිදු දේශපාලන පක්ෂයකට එන්නේ නැහැ.එසේම කුමන හෝ සංකේතාත්මක ක්‍රියාවලියකින් මුළු රටම එක මොහොතක කම්කරු අයිතීන් දිනා ගැනීම සදහා සංඥාවක් ලබා දීම සදහා පෙළ ගැස්වීමට කිසිදු දේශපාලන පක්ෂයකට මතක් වන්නේ නැහැ.
වෙන එකම දේ බලය ඇති සහ බලය අපේක්ෂා කරන සියළු පක්ෂ නූතණ චිකාගෝ ලෙවල් එකේ මැයි දින පැවත්වීමයි.ෂොට් එකක් දා ගත්තු අය සටන පාඨ ලෙස සිය විරුද්ධ දේශපාලන මතධාරින් කෙරෙහි වෛරය වපුරමින් කියන සටන් පාඨ අනතුරුව වේදිකාවෙ සම්භාවනීය යැයි කියා ගන්නා පිරිසගේ මුවින්ද නිකුත් වීමෙන් ඉනික්බිති පැවත්වෙනසංගිත සංදර්ශනයක බීමත් රැගුම් වලින් සැපයෙන් සැබෑ යථාර්තය අමතක කරන නිර්වින්දන ආතල් එකෙන් පසුව සියල්ලෝ සතුටින් විසිර යති.
වර්ථමානයේ මැයි දිනය ගැන නොදැන හෝ දැන සැබෑම පිංතූරය එලියට ආවේ තොණ්ඩමන්ගෙන්ය.ඔහු ගේ වීඩියෝව දැනටමත් විවිධ ආකාරයෙන් අන්තර්ජාලයෙන් විකාශය වෙමින් තිබෙන අතර නියමාකාරයේ චිකාගේ චන්ඩියෙක් ලෙස ඔහු කැමරාකරුවෙක්ද වීසි වෙන සේ තල්ලු කරමින් සිය නායකත්වය සහ දේශපාලනය ප්‍රකට කරද්දි අර තල්ලු වූ පුද්ගලයා නියෝජනය කරන පංතියෙ ජනයා සිය නායකයාට හුරේ තබමින් ආහිර්වාද කරන අයුරුද කැමරාකරුගේ බෙල්ලෙන් අල්ලන්නට දිගු කළ දෑත අනතුරුව වනන අයුරින් පැහැදිළි වෙයි.
ඒ එදා චිකාගෝ කම්කරු අරගලයට තුඩු දුන් වර්ථමාන චිකාගෝවේ පවතින ජඩ සංස්කෘතිකාංග වල ලක්ෂණම ගෙන එන්නකි.මාෆියා ව්‍යාපාරයේ ප්‍රධානීන්නට විරුද්ධ වන්නන්ට හෝ කුමානකාරයක හෝ බාධාකාරීන්ට සමාවක් නැත.ඔහුගේ අනුගාමිකයන්ගේ ආශිර්වාදය නායකයාගේ පැවත්ම වෙනුවෙන් වචණයකින් හෝ විරුද්ධයැයි හැගෙන ඔනෑම කෙනෙකු මරා දැමීමට හිමි වන්නේය.මේ මිය යන්නේ කාගෙ කවුද යන්න හෝ ඒ තමාගේ මට්ටමේම අයෙක් යන්නද වැදගත් නැත.ආත්මාර්ථය සහ නිවට සහ බයාදුකම දායාද කර ගත් ඒ සංස්කෘතියේ ප්‍රතිරූපනය දකින නූතණ මැයි දිනයක දෙපයින් නැගිටීමට කම්කරුවාට ශක්තිය සබයනු වෙනුවට දෙදනණින් වැටී සිය නායකයන්ට නමස්කාර කිරීමත්,මිනිසුන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමත් ප්‍රසිද්ධියේ කරන්නට තරාතිරමකින් තොරව සියල්ලෝ එ්කත්පස්ව සිටිති.
මැයි දිනය සැමරිය යුතු චිකාගෝ සිද්ධිය අපට අමතකව ඇත.ඒ සටන එ් දක්වා  නොවුණු සටණක් ලෙස ඇවිලී ගියෙන් ලෝකයට වැදගත් වුණි.අද ඒ සටන්කාමින්ගේ මතකයට නිගා දෙනු වෙනුවට ඔවුන්ට අභිමානය ගෙනෙන්නට වත්මන් කම්කරු අයිතීන් කප්පාදුව වෙනුවෙන් මැයි දිනය සැමරිම පිළිබදව මීට වඩා නිර්මාණශීලිව සිතිය යුතුව ඇත.නැතිනම් වන්නේ අරගලයේ නිමිත්ත සහ ස්වභාවය නූතණ චිකාගෝ නුවර මැර සහ ජඩ සංස්කෘතියත් සමග මුසු වී සැබෑ අරගලයේ කීර්තිය සෝදා පාළුවට ලක් වීමය.
මංපැහැරීම්,ප්‍රසිද්ධියේ සිදුවන මංකොල්ල,සමුහ ස්ත්‍රී දූෂණ වැනි කාරණා සාමාන්‍යයෙන් චිකාගෝ ලෙවල් එකේ වැඩ ලෙස හදුන්වයි.ඒ නූතණ චිකාගෝවේ ගති ස්වභාවයය. එවැනි යාන්ත්‍රණයක් හිස ඔසවන්නට බලපාන සමාජ දේශපාලනික කාරණා හිස ඔසවමින් තිබෙන තත්ත්වයක කවුරුත් කරන්නන් වාලෙ කම්කරු දිනය සමරන්නේ ද නැද්ද යන්න පවතින ප්‍රගතිශීල යැයි කියා ගන්නා දේශපාලන පක්ෂ සිය න්‍යාය පත්‍ර ඇතුලේ තදින්ම කල්පනා කළ යුතුය.

4 comments:

  1. තොන්ඩා කැමරාකාරයෙක් තල්ලු කරන එකට වඩා මැයි දිනයේ යතාර්තය හොඳින් දිස් උන තැනක් තමයි පවිත්‍රා කාල් මාක්ස් ඉදිරියේ වැඳ වැටීම.

    ReplyDelete
  2. ඒකත් ලිය වුණා මෙතන......
    දෙදණින් වැටී සිය නායකයන්ට නමස්කාර කිරීමත්,

    ReplyDelete
  3. අනේ මන්දා නිශ්මං අපි කොහේ යනවාද කියලා. තොන්ඩාගේ අධිපති මානසිකත්වයයි, පවිත්‍රාගේ කොන්දේ අමාරුවයි, දයාසිරිගේ අධෝ මාර්ගයේ වේදනාවයි දැක්කාම යන එන මං නැතිවුනා.

    නිශ්මංගේ පත්තර වලට ලියු ලිපිනම් මම කියවලා තියෙනවා. ඔබට ජය!!

    ReplyDelete