Tuesday, June 3, 2014

සිංහල නොවී ලාංකේය විම පට්ටයි

හුග දෙනෙක්ට මේ දවස්වල බෝ වෙලා තියෙන ලෙඩේ තමයි සිංහල වීම.ඒකට එරෙහි ප්‍රතිශක්තිකරණයක් නැති වීමට බලපාන සාධකය තමයි බෞද්ධවිම.මේ ලෙඩේ ‍රටේ හැම දේටම බලපානවා.හැදිච්ච අය එක දිගටම අන් සියළු දෙනා සම්බන්ධයෙන් තිබිය යුතු රූපකායක් හදනවා.ඇදුම,කෑම වගේම තමන්ගෙ දෛනික අවශ්‍යයතා කර ගත යුතු ක්‍රමවේදයකුත් ඔවුන් නම් කරන අතර එසේ නොකරන අයට මරණ බය සමග ජිවත් වන්නට සිදුවීම දක්වා අනුන්ව මානසිකව වැට්ටීමත් මේ ලෙඩ්ඩුන්ගෙ වැඩක් හැටියට ක්‍රියාත්මක වෙනවා.

මේකෙ සිද්ධාන්තයක් විදිහට සිංහලයෝ නම් බෞද්ධයෝ විය යුතු බවත්,ඒ සිංහල බෞද්ධ පිරිසට අනුව රටේ සෑම දෙනාම කටයුතු කළ යුතු බවත් කියවෙනවා.සිංහල ජාතිය ඉහ මුදුණෙන් පිළිගැනීමට සියල්ලෝ සෑදි පැහැදී සිටිය යුතු අතර,බෞද්ධයෝ සම්බන්ධයෙන් වෙනත් ආගම දැරිය යුතු මතය ද ඒ ආකාරයෙන්ම විය යුතු වන අතර වෙනත් ජාතීන් සහ ආගම් හෙළා දැකීම සහ එම ආගමික සහ ජාතීන්ට අයත් සංස්කෘත වලට ගැරහීම මෙහි නරකම තත්ත්වය වී තිබෙනවා.

කෙනෙක්ගේ නිදහස සහ ස්වාධීනත්වය අහිමි කිරීම බෞද්ධ ලෙස නිර්වචනය වීම සහ ප්‍රදර්ශනය වීම බුදු දහමට හානිකර තත්ත්වයක් ලෙස වර්ධනය වීම නිසා ලෝකයේ පහළ වූ සුවිශේෂීම අහිංසාවාදියා ලෙස පිළිගැනෙන ගෞතම බුද්ධ චරිතය සහ එතුමාණන්ගේ දර්ශනය පිළිබදව කඩතොළු සිදුවීම මෙහිදී නොවැළක්විය හැකි තත්ත්වයක් වෙනවා.ඉහළම ප්‍රජාතන්ත්‍රවාදියා ලෙස පිළිගැනෙන උන්වහන්සේගේ සකල ලෝක වාසීන් කෙරෙහි වූ කරුණාව සිංහල ජාතියේ බෞද්ධයන් කෙරෙහි පැතිර වූ සහ ඔවුන් ගේ අධිපතිත්වයට යටත් වූ ධර්මයක් ලෙස සමාජ ගත කිරීම මෙහිදී සීඝ්‍රයෙන් සිදුවන්නේ,මානව දයාව සහ සත්ව කරුණාව මානව දර්ශනය ලෙස පිළිගත් බෞද්ධයන්ගේ ඉල ඇට කුඩු කරන තරමේ බලපෑමක් මෙම අළුත් රෝගීන්ගේ රෝග ලක්ෂණ හරහා ඇති කරමින්.

මේ ගැන කතා ශරීර සෞඛ්‍යයට අහිතකර නමුත් සිංහල නොවන ලංකාවෙ වීම ගැන පුංචි උදාහරණ දෙකක් ගැන කතා කරන්න ඕනි කියලා මට හිතුණා.

ඒ එක්කෙනෙක් රමේෂ් උවයිස්.ඔහු ඩේලි මිරර් පත්‍රයෙ කලා අතිරේකය භාර කතුවරයා.රොමේෂ්ගෙ පිටුවෙ තියෙන ලාකේය හැඩය මොකද්ද කියන එක ඔබ අහන්න පුළුවන්.හුගක් ඉංග්‍රිසි කලා පිටු වල නොතැබෙන සිංහල කලා නිර්මාණ ගැන උවයිස් කතා කරන්න උත්සාහ කරනවා.එතකොට සිංහ නිර්මාණ ගැන කතා කිරීම ද උවයිස් ට ගරු කළ යුතු කාරණය... ලිපිය ඇරඹුමට ඇමණුව වචන එක්ක ඔබ කරකවල අත අරින්න පටන් ගන්නවා.

ලංකාවෙ පත්තර කලාවෙ  සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යවේදියා අතර පරතරය හැදෙන භෞතික සීමාව ගත් විට පරතරය විශාලයි.පහුසවෙන්ම කිව්වොත් පඩිය කියන තැනදි ඉංග්‍රිසි මාධ්‍යවේදියා ලබන පඩිය සිංහල මාධයවේදියෙක් ලබන වැටුපට වඩා බොහෝ ඉහළයි.එහෙම වෙන්නෙ රට හැසිරවීම ලෝකයට සාපේක්ෂව සිදු වන්නෙ ජාත්‍යන්තර භාෂාවෙන් වීම නිසයි.

එ් වගේම ජාත්‍යන්තර භෂාව දන්නා පිරිස් අපේ කොදෙව්ගත සාහාත්‍යය සහ කලාව ඉක්මවා ලෝකයෙ ඉහළ යැයි සම්මත නිර්මාණ විදීමට හැකි ආර්ථික සහ දැණුවත් මානසික පරිසරයක ජීවත් වීමත් මෙහිදී අවධානයට ලක් විය යුතුයි.අන්න ඒ ඉහළ විවෘත සමාජයට සිංහල භාෂාවෙන් කෙරෙන නිර්මාණ බුක්ති විදීමට කරන පෙළඹවීම රමේෂ් අතින් සිදු වෙනවා.ඒ නිසා ඉංග්‍රිසි සහ සිංහල ලෙස වෙන්ව පවතින කාලව සහ සංස්කෘතිය අතර පාළමක් තැනීමේ සමාජ සත්කාර්යයට රමේෂ් ගේ දායකත්වය වැදගත් වෙනවා.

මේ තත්ත්වය නිසා ඉංග්‍රිසි වේදිකාවේ සිට ශිල්පීන් සිංහල වේදිකාවට ප්‍රවේශ වීම සදහා ආර්ථික වශයෙන් වන වාසිය නොතකා කටයුතු කරමින් තිබෙනවා.ඒ වගේම අධික මිලක් ගෙවූ ඉංග්‍රිසි කලාකරුවන් සිංහල කලාවට ප්‍රවේශ වීම හරහා සිංහල කලාවට වානිජ වටිනාකමක් ලැබීමේ වපසරිය පුළුල් කර තිබෙනවා.
සිංහල සහ ඉංග්‍රිසි වේදිකා නාට්‍ය අතර අද විශාල සහසම්බන්ධයක් ගොඩ නැගෙන්නට හේතුව ලෙස අවිඥානිකව හෝ රමේෂ් ලා ගේ මාධ්‍ය කලාව  හේතු වී තිබෙනවා.ඒ නිසා සිංහල සහ ඉංග්‍රිසි ලෙස ඉරි ගසා කොටු ගසා වෙන් කරන ලද සංසකෘතික සමාජ දෙකක පරතරය අවම වෙමින් කාංකේය අනන්‍යතාවයක් සහිත කලාවක් ශක්තිමත් කිරීමට රමේෂ් දක්වන දායකත්වය වටිනාකමෙන් ඉහළ අගයක්   ලබා ගන්නවා.

ඊ ළගට රමේෂ් මේ දායකවන ජාතික කර්තවය සදහා ඔහු අත් පොත් ලබන්නෙ සමාජ උවමනාවන් හදුනා ගැනීමට ඇති ඔහුගේ ඉව හරහා යන්න අප තේරුම් ගැනීම වැදගත්.මරදාන සහිරා නම් වූ 100% ක් වූ මුස්ලිම් පාසලක අකුරු කරන රමේෂ් ජාතික අනන්‍යතාවය ලාංකේය ලෙස වටහා ගැනීම අතිශයින් වැදගත් වෙනවා.අපේ දේ යනු ලංකාවේ දේ ලෙස හිතන්නට රමේෂ් ට තිබෙන ඉව පොළවේ අයිතිය උලා කන්නට,ධර්මයට මුවා වී බොටුව කඩා ලේ බොන්නට දගළන අය සතුව නැති වීම.

ඊ ළගට අද ජාත්‍යන්තරයෙ වඩාත්ම කතා බහට ලක් වන ලාකේය චරිතයක් බවට පත් වී සිටින රසල් ආනල්ඩ් වැටෙන්නේත් රමේෂ් ගේ කුලකයටමයි.කොළඹ ශාන්ත පිතර විද්‍යාලයෙන් ඉගෙනුම ලබන ඔහු දෙමළ කතෝලික සම්භවයක් ඇත්තෙක්.නමුත් ලංකාවෙ සංස්කෘතිය ලෙස ගැණෙන අනුරාධපුර වේවා සීගිරිය වේවා තිරයේ දැක්වෙන විට එහි ඇති බෞද්ධ පරිසරය ගැන රසල් විග්‍රහ කරන තරම් හොදින් මීට පෙර ලංකාවෙන් විචාරක අට්ටාලයට ගොඩ වුණු කිසිවෙක් කර නැහැ.

මේ පීතරයෙන් හෝ ඔහු අදහන ආගමික පසුබිමෙන් උරුම නොවුණු දෙයක්.මෙය ලංකාවෙ සංස්කෘතික උරුමය සහ අගය ලෙස රසල් දකිනවා.කාශ්‍යයප රජ්ජුරුවො නිසා සිගිරි ලලනාවන්ට රෙද්ද හැට්ටය අන්දන්න නොයන වර්ථමාන සංස්කෘතික පොලිසි ගැහැණුන්ගෙ ඇදුමේ හැඩය පවා තීරණය කරන තත්ත්වයක රසල් කාශ්‍යයප රජ්ජුරුවො වගේම ලංකාවෙ පුරාතන බෞද්ධ සංස්කෘතියේ ඇති අපූරුවතවය ලාංකේය අනන්‍යතාවය ලෙස සළකා එය හදාරා ලෝකය හමුවේ අපේ නිර්මාණශීලී අනන්‍යතාවය සාක්ෂාත් කරනවා.

එසේම ඔහු වරක් ලෝක කුසලාන ආරම්භක උත්සවයකදි අපේ නැටුම් සම්ප්‍රදායන් ගැන ලෝකය ඉදිරියෙ වර්ණනා කළ අයුරු කිසිවිට අමතක කළ නොහැකියි.උඩරට,සබරගමු සහ පහතරට සම්ප්‍රදායන් මෙන්ම ඒවාට අදාළ නර්තානංගද විග්‍රහ කරමින් ලාංකේය නර්තන කලාව පිළිබද ලෝකය හමුවේ ආනල්ඩ් විසින් තැබූ සදහන අපූරුයි.නමුත් කිසිදු මාධ්‍ය උත්සවයකදි ක්‍රිකට් හරහා ලෝකයට ලාංකේයත්වය ගෙන යන මේ පුද්ගලයාද ඇගයීමට ලක් වන්නේ නැහැ.ඒ ඔහු සිංහලෙන් කතා නොකරන නිසා ද,නැතිනම් සිංහල බෞද්ධ පාසලක නොවන නිසා ද යන්න හෝ සිංහල බෞද්ධයෙක් නොවන නිසා ද යන්න දන්නේ නැහැ.
     

21 comments:

  1. රසල්ව අගය කරයි. විශ්ව විජ්ජාල සිස්සයන්ගේ ඔලුවක් දෙකක් පැලුවනම්. දේශපාලනේට ආවා නම්. ක්‍රිකට් වලින් ලබාපූ කීර්තියෙන් අනුන්ගෙන් කකා හිටියනම්. ගෑණු හතරක් පහක් මාරු කලා නම්. බඩු ගහනවනම්. චන්ඩි පාට් දානවනම්. එහෙම උන් තමයි අපේ උන්ගේ වීරයෝ.

    ඔයමහත්වරුන්ගේ ක්‍රීඩාවෙනුත් අපි ළෝකයට දායද කළ මහත්වරු අතේ ඇඟිලි ගානටත් අඩුයි. මඩුගල්ල, මහානාම, රසල් හා කුමාර් ධර්මසේන ඒ වගේ මහත්වරු කීප දෙනෙක්. අනික් ඔක්කෝම වගේ හෙන අයියලා. සමහර උන් හිතාගෙන ඉන්නේ ඌගේ අම්මා අප්පගේ බූදලයක්ය කියලා ක්‍රිකට්.

    මුල් කරුණු සඳහන් කිරීමේදි මගේ මතකය එනවා විජය කොරයා සහ සොහාන් වීරසිංහ. ඒ වගේම සින්හලෙන් ගීත් කියපු හිඟන්න්නට් ආර්ථික වටිනාකමක් එක් කරපු භාතිය හා සන්තුෂ්. උන් දෙන්නා තමයි ලංකීය ගීත කලාවට ආර්ථික වටිනාකමක් එක් කලේ.

    ReplyDelete
  2. අනේ පලයන් මාතලන් සනා පට්ට නේ බලපංකො මෙහෙම හිතලා
    අර්ජුනට වඩා සනත් කොච්චර ඉහළ චරිතයක්ද කියන එක කට්ටිය දැන්වත් තේරුම් ගත යුතුයි.අර්ජන ගැහැව්වෙ ක්‍රිකට් ගහන පාසල් දරුවෙක්ට.ඒ වගෙද සනත්.ගැහැව්වෙ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටින විශ්ව විද්‍යාල සිසුන් රොත්තකට ---- පට්ට නේ සනා

    ReplyDelete
    Replies
    1. කැම්පස් බ්ලාස්ටර්... (Campus Blaster)

      බ්ලාස්ටර් නෙමෙයි මූට දාන්නේ බාස්ටඩ් කියලා..

      Delete
    2. එතකොට අර්ජුන ස්කූල් බ්ලාස්ටර්

      Delete
  3. මම වෘත්තිකයෙක් වශයෙන් සේවය කිරීමට ලංකාවට ඇවිත් තාම අවුරුද්දයි. මට තදින්ම දැනුන දෙයක් තමා අද රටේ විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හෝ රජයෙන් අනුග්‍රහය ලබන ඉහලතැන්වල තනතුරු හෝ ව්‍යාපෘති භාරව හෝ එවැනි වරප්‍රසාද හෝ, විශාල වශයෙන් ලැබී ඇත්තේ, ප්‍රසිද්ධ සිංහල බෞද්ධ විද්‍යාලයයි කියනා තැන්වලින් පැමිනි අයවලුන්ට බව.
    මෙය යුද්ධයේ නිමාවේ ඉපෝරියාව නිසා ඇති වූවක් යන්නයි මගෙනම් හැඟීම. එහෙත් එය එතරම් සෞඛ්‍ය සම්පන්න නැහැ මල්ටි එත්නික් රටකට. ඒ බව හොඳින්ම පෙනෙනවා අප ඔවැනි මාතෘකාවන් සාකඡාවට ගැනීමෙන්ම.
    මා කිසිම දිනක ජාත්‍යන්තරයේදි මා ලාංකිකයෙකු මිස සිංහලයෙකු ලෙස හඳුනාගෙන නැත, එසේම ජාත්‍යන්තරයේදී කිසිම දිනක මා ශ්‍රී ලාංකිකයෙකු මිස සිංහලයෙක්ය කියා හඳුනාගෙනද නැත. එනමුදු, ගිය සතියේදී වෘත්තිමය කටයුත්තකට මුන ගැසුන නෝර්වීජියානු ජාතිකයෙකු ශ්‍රී ලාංකික වෘතිකයන් “සින්හලීස් වර්කර්ස්” යැයි අමතනු පලමුවරට කන වැටින.
    එයට පසුගිය අවුරුදු 30 තුල අප රට හා නෝර්වේ ජාතිකයන් අතර තිබු සම්බන්ධය හේතුපාද වන්න ඇතැයි සිතින.
    මේ සැම දෙයම මෙසේ සිදුවන්නේ අප අපව දකින ආකාරය නිසාමයි.

    ReplyDelete
    Replies
    1. Mamanam hamatanadima mama sinhalayek kiyanne adambarayen. anith ewunta Muslim, Tamil kiyanna puluwannam mata mokada bari sinhala kiyanna. oya ledeta kiyanne heenamanaya kiyala. sorry, i don't have facility to type sinhala.

      Delete
    2. ස්තූතියි දෙදෙනාටම.දෙමළ හෝ මුස්ලිම් හෝ සිංහල යන්න නොකියා ලාංකෙය කියන කාරණය වැදගත් බවයි මගේ හැගීම.ඒක නෛතික පදනමකින් උප්පැන්නෙ ඉදල ක්‍රියාත්මක වෙනවනම් කාටවත් වෙන දේවල් එකතු කර ගන්න අවස්ථාව නැහැ.සිංහලයෙක් කීමට ආඩම්බර පුද්ගලයෙක්ට ඊට වඩා පුළුල් හැගීමකින් ලාංකිකයෙක් කියන්න කොහොමත් පුළුවන්නෙ.මේක හැබැයි වෙන දිශාවක්.මම කියන්නෙ රමේෂ් සහ රසල් ආඩම්බර විය හැකි සහ ගරු කළ යුතු ලාංකිකයන් කියන එකයි

      Delete
    3. හරක් උම්බෑ ගෑවට. අපිත් උම්බෑ කියන්න ඕන නෑ නේ.. ලකීලී අම් හැවින් ෆැසිලිටු ටු ටයිප් ඉන් හින්ගල..

      Delete
    4. අසාරුදීන්ට ,නසාර් හුසේන්ට කැප්ටන් කම දීපු එවුන්ට පිස්සු ඕයි. අම්ලාට කැප්ටන් කම දීලලු ටෙස්ට් වල උන්ටත් පිස්සු ඕයි. ඉම්රාන් තාහිර් ටීම් එකට ගත්ත එවුන්ටත් පිස්සු ඕයි. මාක් රාම් ප්‍රකාශ් ව ටීම් එකට ගත්ත එවුන්ටත් පිස්සු ඕයි. අපෙත් මුරලිලාව , ආන්ල්ඩ්ලාව, නවාස් ලාව , මුබාරක්ලාව ,මහරූෆ් ලාව පිස්සුවට ගත්තද මංදාඔයි . කවුද ඕයි මර්සලීන් ජයකොඩි පියතුමා ලියපු , මොහිදීන් බෙග්,ඉෂාක් බෙග් කියන සින්දු අහන පිස්සෝ . කදිරගාමර්ව විදේශ ඇමති කරපු ගෑනිට කොහොමත් පිස්සුනේ , ඉන්දියාවේ තමයි ලොකුම පිස්සු ඉන්නේ අබ්දුල් කලාම් ජනාධිපති කරාවිය නැත්තම්. තව තියෙනව ඕයි. වැඩ ඕයි නැත්තම් මේක තව දිග වෙනවා ඕයි

      Delete
    5. ඔබාමා ගැන වුණත්...

      Delete
  4. නිස්මන් තෝ පත්තරේක නේද වැඩ කරන්නේ. තොගේ පත්තර කන්තෝරුවේ ගහන පත්තරවල් මේ වගේම චේදයකට පස්සේ හිස් ඉරක් ඇත්තෙ නැද්ද. මෙච්චර පත ඡේද තියෙනවද.. මොනවද බං මේ පොඩි එකාගේ ලියුම වගේ. පත්තරකාරයන්ටත් නෝන්ඩි උඹලා වගේ උන්. උඹගේ කොන්ඩේ නීට් නැති උනාට අවුලක් නෑ. බ්ලොග් එක නීට එකට ලියපන්. උඹගෙ එකට පාර පෙන්නලා, මිනිස්සු මටයි බනින්නේ.

    ReplyDelete
  5. සොරි මචං. උඹ කියන්නෙ ඡේද දෙක අතර පරතරය වැඩියෙන් තියන්න කියලද?

    ReplyDelete
  6. රසල් ආනල්ඩ් යනු ශ්‍රී ලාංකිකයෙකු වන්නේ කෙසේද ? කියන පැනයට නියම පිළිතුර සැපයුවෙකි. මට අමතකයි සිංහල බෞද්ධ ජාත්‍යන්තර විස්තර විචාරක "රංජිත් ප්‍රනාන්දු" වරක් රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ තරඟයක් පවත්වෙනවිට පෙන්නපු ගල්විහාර පිළිම වලට "some stone statues of Srl Lanka" කියලා කියනකොට ටෝනි ග්‍රෙග් ගල්විහාරය ගැන ,සඳකඩ පහන ගැන රන්ජියාට කියලා දුන්නා .
    විස්තර විචාරකයෙක් හැටියට ලෝකෙට ලංකාවෙන් දායාද කලානම් ඒ රසල් ආනල්ඩ් , මතක නම් ක්‍රීඩා කරන කාලෙත් තමන් ගැන නොහිතා ටීම් එක ගැන හිතපු ක්‍රීඩකයෙක්. දේශපාලනයේදී වගේමක්‍රීඩාවෙත් මිනිස්සු මෝහනය වෙලා ඉන්නේ . සිංහල කම ගමේ කම , කොස්දෙල් කාපු බව කිව්වම නොගහැව්වත් ඌ වැඩකරු කියලා හිතන්න මිනිස්සු කැමතියි . හරියට අර පට්ට කෑල්ලයි සරල කෑල්ලයි වගේ
    සනත් ජයසූරිය නිසාම සමන් ජයන්ත කැපුනා ,හැබැයි එක පරිපාලනයේ දුර්වල කමක් , එහෙම නොවුන නම් අපිට සනත් ලා දෙන්නෙක් (ක්‍රිකට් වලට පමණක් අදාලයි) ඉන්නවා . අදාළ නැති ඒවත් ලියවුනා සොරි වේවා .
    මාතලන්ගේ පාරදිගේ ආවේ ,

    ReplyDelete
    Replies
    1. ////සනත් ජයසූරිය නිසාම සමන් ජයන්ත කැපුනා ,හැබැයි එක පරිපාලනයේ දුර්වල කමක් , එහෙම නොවුන නම් අපිට සනත් ලා දෙන්නෙක් (ක්‍රිකට් වලට පමණක් අදාලයි) ඉන්නවා .///////

      ඇත්ත ඉවාන්. ෆස්ට් ක්ලාස් රන්ස් 10000කට කිට්ටුව ගැහුවා. වන්ඩේ රන්ස් 400යි. ඇවරේජ් තිස්ගානක්ද කොහෙද තිබුනා. අපරාදේ.

      Delete
    2. හ්ම් එයා ඉන්නකං රංගන හේරත් ගැහැව්වෙත් නැහැ නේද ?

      Delete
  7. උඹ කියන කතාව හරි. මාත් සම්පුරුණයෙන්ම එකගයි.. ඒත් බං ඔය උවයිස්ල වැඩ කරන කොට සිංහල අති උතුම් බෞද්ධයෝ කියන්නේ උන් ඇජෙන්ඩා එකක් හිතේ තියාගෙන වැඩ කරනවා කියලයි.

    රසල් ගැන මීට වඩා හොද දේවල් කියවුනා අපි නොදන්න. මිනිහා ටීම් එකේ ඉද්දි කවදාවත් සීනියර් ප්ලේයර්ගේ ගාන අරගෙන නැහැ. මිනිහ ගන්නෙත් සමානව බෙදෙන ගාන. ඉතිරි ගාන පොඩි කොල්ලන්ට බෙදනව කියල තමා ආරංචිය.. ඉවාන් කිව්ව වගේ එක පාරක් ටෝනි ග්‍රෙග් ඔය රංජිත් ප්‍රනාන්දුගෙන් මොකක් හරි පින්තුරයක් පෙන්නල මේකේ ඉතිහාසය ගැන ඇහුවම, ටෝනි තරංවත් අර යකා ඒ ගැන දැනං හිටියේ නැහැ.. ඔාහොමයි වැඩ. ඒ අතිං රසල් ග්‍රේට්. කමෙන්ට්‍රිය අඩු නැතිව දෙනන කොහෙන් හරි මිනිහට දැනුම තියෙනවා..

    නියමයි නිශී.. අර මාතලං කියන පෝරිසාදයා කියන විදියට හැදියං සුදු අයයේ..

    ReplyDelete
  8. රන්ජිත් ගෙ කතාව මේකට ගාවලා ආනල්ඩ්ගේ අැගේ චරාව ගාන හිතුනෙ නැහැ මට.ඒකයි එහෙම සාපේක්ෂව චරිත එක්ක මේක විග්‍රහ නොකළෙ.රන්ජිත් කියන්නෙ මේ රටේ හැදිච්ච අපූරු කලකාරයොත් එක්ක වැටිල හැදුණු මිනිහෙක්.හැබැයි ග්‍රේග් ඉස්සරහා ඇණුනම තමයි දැන ගත්තෙ වැටිල හිටියට හැදිල නැහැ කියලා.


    ග්‍රෙග් අපේ ඉංග්‍රිසි නොදන්න ක්‍රීඩකයන්ව ඉන්ටවීව් කරන්න ඉස්සර ඇවිත් දැනුවත් කළ හැටි එක් වරක් කිය වුණා.එහෙම බලනකොට ඔහු ඇතැම් කළු සුද්දන්ට වඩා ලාංකේය චරිතයක්.

    කොහොමත් මම සිංහල කියන්න කැමති නැහැ.මම කැමති ලාංකික කියන්න.මම ඒ ප්‍රතිපත්තියෙ ඉදන් වැඩ කරන්නෙ.මම දැන් ඉන්න හාමුදුරුවන්ට අනුව මරගෙන මැරෙන බුද්ධාගම් කාරයෙක් නෙමෙයි.හැමෝටම ආදරය කරන බුද්ධ දර්ශනය ගැන හිතන ආගම වහක් කියලා හිතලා සැනසිල්ලෙ ජීවත්වෙන මිනිහෙක්.(සැනසීමක් නැති වෙන්න වෙනත් ගැටළු ඇත.ඒ මගේ ජිවත්වීමට අදාළ කාරණා සම්බන්ධයෙන් මිස අනෙක් ආගමිකයෙක් හෝ ජාතිකයෙක් හිතන පතන හැටි ගැනවත් අදින පළදින හැටි ගැනවත් කන බොන හැටි ගැනවත් නොවේය)

    ReplyDelete
  9. ලාංකීය සත්වයා වසාගෙන සිංහල, දෙමල, මුස්ලිම් සත්වයෝ බිහිවෙන එක අභාග්‍යයක්. ඉංදියානුවන් තුල තම ජාතිය සලකන්නේ දෙවැනි වටයේදී. ඔවුන් ඊට පෙර ඉංදියානුවන්. මට මේ ලිපියත් එක්කම රොක්සාමිලා,මුත්ත්සාමිලා නිලාර් එන් කාසිම්ලා සිහිවුනා.

    නිශ්මං....උඹේ සිතුවිලි හැමෝගේම සිතුවිලි වෙන දවසක හිනාවෙමු!!

    ReplyDelete
    Replies
    1. ස්තූතිම වේවා අරූ.අසනීප ඇග පසෙක ලා නිරෝගි හිත අවදි කිරීම ගැන

      Delete
    2. //ඉංදියානුවන් තුල තම ජාතිය සලකන්නේ දෙවැනි වටයේදී. ඔවුන් ඊට පෙර ඉංදියානුවන්// ඔව්, ඉන්දියානුවන් ආඩම්බර වෙන තැනක ආඩම්බර වෙන්න කැමැති I am an Indian ලෙසයි, ඔවුන් තම ආගම හෝ විශ්වාසය ගැන කියන්නේ පසුවයි. ආගම් භේදයකින් තොර I am a Sri Lankan කියා අප සැමට ආඩම්බර වන්න පුළුවන්නම් දිනක​, එදාට වෙනස් ආගමිකයන් වශයෙන් අප අතර තිබෙන​ පරතරයත් අවම වෙලා ඇති. මේ මනෝභාවය ඇති කරන්න පුළුවන්නේ ඒ ආගමන්ට ආදාල ආගමික ආයතන​, පූජකයන්, විද්වතුන් හා ඒවාට ආදාල දේශපාලනික බලධරයන්ටය​.

      Delete
    3. ග්‍රෝත්‍රික මානසික මට්ටමේ නායකයන්ට පැවත්මට බෙදීම් අවශ්‍යයි.මග පෙන්වන්නන් වෙනුවට එවිට හැදෙන්නෙ වැල යන අතට මැස්ස ගසා බඩ සරි කර ගන්න අයයි

      Delete