සීතලක් තිබුණේම නැති
දහවලක් වාගේ
ඉර රවා ගෙන
පහර දෙන
ජීවිතය ඉරි තැලුණු
නියං බිමකට සමව
ඇස් වලින් වැටෙන්නට
පොර බදින කදුළු හංගන
පිරිවර සපිැරුනද
තනි වුණු හැගුම් පොකුරක
මිය ගියපු පැතුම් රහසෙම
හිනා වෙන්නට දකින
හීන කප්පරක් පොදි බැද
උහුලන්න බැරි තරම
විදවනා ජීවිතය
ඇසිල්ලක පිපිරෙන
අකුණු සැරයක් වගේ
දෙතොල් පෙති මැද්දට
පනින පොඩි හිනාවට
කිති කවන්නට ඉතිං
පුතේ නුඹ නැති කමට
වාන් දහසක් බැදන්
ඇස් වලින් පිට දාන
කදුළු හංගපු බැම්ම
දෙදරලා ගියා අද
මහ හඩින් කෑ ගසා
සිප ගන්න නුඹේ මුව
ගව් ගණන් දුර ගිහින්
රාත්‍රිය දිගුය මට
මුනින් වැටි ම'පිට මත
බරක් නොව පැටවුණේ
නුඹේ ආදරයෙ රග
තුරුල්ලට තුරුළුවෙන
ඇසිල්ලක් නොවේ පුත
ජීවිතය හරි දිගයි
පළල නොමැනිය හැකියි
නැති කමට දිගු කරන
අතක් හරි හිරිකිතයි
ආදරේ විතරක්ම
එහි තබන අය අඩුයි
සරණ ඉල්ලන විටදි
මිතුරුකම් අසරණයි
සොදුරු හැගුමක් දිගේ
යනෙන දුර හරි කෙටියි
ඉතිං පොළවත් එක්ක
හැප්පෙන්න ඉගෙනගෙන
මගේ දිවි මාවතේ
මග හැරුණු ලකුණු ටික
ඉගෙන ගෙන නුඹ වරෙං
හිස්ම හිස් ඇස් වලට
බලාපොරොත්තුව එයයි....
කාලෙකින් ලියන්නෙ.ඡන්දෙට අහු වුණා.thecolombopost.net එකේ වැඩට ගියා.ඡන්දෙ කාලෙ වගේම ඉස්සරහටත් ඒකෙ අකුරු එක්ක මම පැටලිලා ඉන්නවා.ඒ අතරෙ හදා ගන්න විවේකයෙ මම බ්ලොග් එකත් එක්ක හාදකම තියා ගන්නවා.
මම පුතා ගැන ගොඩක් දේ ලිව්වා.මගේ බ්ලොග් හිතවතුන්ට පුතාව අමුත්තෙක් නෙමෙයි.මානසිකව අඩුපාඩුවක් තිබුණත් ආදරය ලෙංගතුකම පිරුණු ඒ හිතේ පිටාර ගලන කදුළු ගෙදර බිත්ති හතර අස්සෙ අද ඉදන් අහෙන් නැහැ.මහ හයියෙන් කෑ ගහලා උම්මාාාාා කියන්නවත් තාත්තගෙ රත්තරන් ජීවිතේ මම කියන්නවත් මේ උළුවහු ඇතුළෙන් පැන ගෙන හඩ අද ඉදන් අප්‍රේල් වෙනකං අහන්න ලැබෙන්නෙ නැහැ.
අද වීත්තීය පුහුණුව සදහා පුතා පිටත් වුණා.එයා වතුරුගම අමුණකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද ඉදලා නේවාසිකයි.
දරන්න අමාරුයි මේ තනිකම.විදින්න අමාරුයි තනිකම.අඩන්න අමාරුයි ඔක්කොටම වැඩිය.ඇයි අඩන්නෙ කියලා මගේ හිත අහනවා.ගේ ඇතුලෙ තියා ගන්න මගේ ජීවිතය පුරවා ගන්න ඒ අඩුව හිර කර ගන්න මට තියන උවමනාවට වඩා එයාට එයාගෙ අනාගතය වෙනුවෙන් දෙයක් ලැබෙන්න ඕනි.
සමහර වෙලාවට වඩු වෘත්තීය.පෙදරේරු වෘත්තිය,එමෙත් නැත්නම් කෘෂිකර්මය.පුතාගෙ සීමාවන් ඔය ටික අතරෙ සීමා වෙයි.එතනින් එහා අපිට වගේම එයාටත් හීන තියෙනවා.ඒත් එයාගෙ හීන සහ අපේ හීන වලට වඩා වැදගත් ආයතනයක් සාක්ෂාත් කර ගන්න බලාපොරොත්තු වෙන සුදුසුකම් වලින් පුතාට යන්න පුළුවන් දුරයි.
බලමු මට හදල තියන්න බැරිවෙච්ච ගෙයක් උඹවත් හදා ගන්න ඉගෙන ගනිං.මම බලා ඉන්නවා.මගෙ පුතාට මම ආදරෙයි.ඔක්කොම එකතු කළාම ඒ වචනෙට වඩා විශාල දෙයක් නැහැ.
ජයවේවා!

හොඳ අනාගතයක් පතමි.
ReplyDeleteකවිය කියෙව්වට පස්සෙ මොකක් කියන්න්ද කියල හිතාගන්න බැරි වුණා...
ReplyDeleteසමහර වෙලාවට අපිත් අත්තටම ගොළුවෙල වෙලාවල් තියේ අපිටම ඒ අත්දැකීම විදින්න නොවුනත්...
පුතාගේ අනාගත සිතුම් පැතුම් කාර්යයන් සර්වප්රකාරයෙන් සාර්තක වේවා පතමි
ස්තූතියි මහේෂ්
Deleteඒ ටික ඔහු කරනවා නියතයි......
ReplyDeleteස්තූතියි!
Deleteපුතාගේ අනාගතය සාර්ථක වේවි, එසේම වේවා කියා පතන්නම් ...ඔහුට ජය
ReplyDeleteස්තූතියි ඉවාන්
Deleteපුතාගේ අනාගතයට සුභ පතනවා! ඔහු ඒ බලාපොරොත්තුව ඉහලින්ම ඉටුකරාවි!
ReplyDeleteස්තූතියි බස්සියෙ හ්ම්!හ්ම්!
Deleteඋඹ බය වෙන්න එපා... දරුවා වෙනුවෙන් ඉවසහං.. බොලාට ජයම වේවා...
ReplyDeleteඉවසන එක මාර අමාරු වැඩක් බං.ළමය කළබල වෙයි කියලා දැන්ම කතා කරන්න එපාලු.ඒක දරන් ඉන්න බැහැ බං
Deleteපුතාට ජයම වේවා...!
ReplyDeleteඒ වගේම උබත් හැදෙන්න බලපන්..
අර ලාල් කාන්තගෙ නෝනා කිව්වා වගේ..
හැදෙයි හැදෙයි බලමු
Delete@මාතලං...
Delete//ඒ වගේම උබත් හැදෙන්න බලපන්..//
එම‘මයි මටත් කියන්න තියෙන්නෙ.
පුතාට ජයපතමි
ReplyDeleteබෙහෙවින් තුති
Deleteපුතාට ජය වේවා...!
ReplyDeleteඋඹට නැති වුනාට; ජීවිතය ගැන/අනාගතය ගැන හීන පුතාට තියෙනවා.
මටත් තියෙනවා බං හීන ඉදපංකො සැබෑ කරල පෙන්නන්න
Deleteකවියයි කතාවයි කියවලා හිත පොඩ්ඩකට නැවතුනා.. හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ වගේම හැමදාම වරදින්නෙත් නෑ.. ඔබේ පුතාගේ හොඳ කාලයත් ඉදිරියේදී ලැබෙවි. බලාපොරොත්තුසහගතව ඉන්න දිරි! ජය ශ්‍රී!
ReplyDeleteජය ශ්‍රී ඔබටත්
Delete