Saturday, May 2, 2015

සැනසිලි සැරසිලි

වෙසක් දවසේ වෙබ් එකේ අජිත්ගෙ පිංතූරයට ලියන කවිය බ්ලොග් එකේ අලවලා යන්න හිතුණා.
වෙබ් එකේ ලින්ක් එක http://thecolombopost.net/?p=110280

බලන්න කියවලා.මේව ඉතිං වෙසක්ම නෙමෙයි.වෙසක් වලට අවුරුදු වලට කියලා අපි කූඩු වගේ අලව ගන්න දේවල් නෙ තියෙන්නෙ.නැත්නම් ජීවිතය හැමදාම එකයි.

kavi

අලවා ගත් හීන රැලි
තනා ගන්නට අපේ කූඩුව
නොවැරදී යා යුතුය අකුරට
පමා කළ නොහැක 
රිදවන්න අකමැතිය ගුරු සිත

දවසෙන් දවස උස යන
අකුරක් නෙලා ගන්නට
ඉණිමං ඕනෑය රුපියල්
වතු පිටි නැති කලට
අර ගෙන ආපු පරපුර
මහමඟ ගෙනත් අතුරන
සවිය පමණයි අපේ උරුමය

කූඩුවක් කියන්නෙ හැඩ ඇති 
කොළ ගොඩක් පමණ නොව
මිල වලින් නොකිය හැකි
වටිනාකමකි දින පතා වැඩි වන
නවතින්න මොහොතක්
රැගෙන යන්නට කූඩුවක්
මිනිස් කූඩුවක සැඟවුණ 
අඳුර දුරු කරනු විලසට

ඡායා – අජිත් සෙනවිරත්න
පද -නිශ්මං රණසිංහ

2 comments:

  1. ඒක තමන්ගේ ජීවිකාව කරගෙන.... අනුන් සතුට වෙනුවෙන් විසිකරන්න සූදානම් සතයෙන් යැපෙන ජනතාව

    ReplyDelete
  2. සැබවින්ම සැබෑවක්

    ReplyDelete