
දැන් කතාව සේයා ගැනය.සේයා ගොදුරු වන්නට ඇත්තේ කාගේ හෝ සෙක්ස් ඇරියස් එකකට බව පැහැදිළිය.මේ ඇරියස් සීරියස් මට්ටමට වැඩෙන්නට අරින සිස්ටම් එක නොහෙල්ලා ඒක ඇතුලේ මොන දේ කළ ද එක එක විදිහට පිස නියඟලා කෑමට සමය.
සෙක්ස් කියන දේ එකම කාමරය ඇතුළේ දිනපතා නිදා ගන්නා අඹු සැමියන්ට හෝ සංතෘප්තිය දනවන අවස්ථා අපේ සමාජයේ බොහොමයක් දැකිය හැකිය.අනෙකාගේ සතුට ගැන නොසිතා තමන්ගේ වැඩේ කර ගෙන අනිත් පැත්ත හැරෙන පිරිමි බොහෝ අැති බව නොරහසකි.තවත් විටෙක ගැහැණු සිත් වැඩ කරන්නේ තමන්ගේ කායික ආශාවන් සිය සැමියාගෙන් ඉල්ලූ විට ඔහු වැරදියට තමන් දෙස බලාවිය යන හැඟීමෙන්ය.අවශ්‍යයතා වෙන්නෙ මේවා වූ විට ඒ වෙනුවෙන් කරන අධම ක්‍රියාවන් සිර කූඩුවක රඳවා,එල්ලුම් ගහේ එල්ලා හමාර කිරීමට උත්සාහ දැරීම යනු මිත්‍යාවක්ය.
මෙවැනි අවශ්‍යයතාවයන්ට විවර වූ මාර්කට් එකේ සේයාලා බලහත්කාරයෙන් ඝාතනය වීම යනු එක් සිඳුවීමක්ය.එහෙත් සේයාගේ වයසේම හෝ ඊට ආසන්න වයස්වල දැරිවියෝ ද මේ මාකට් එකේ හරඹ කරන බවට මගේ අත්දැකීම වසර 20 ක් ය.
ස්ථානය ගෝල්ෆේස් පිටිය වේ.මිතුරෙක් සංවිධානය කළ නාට්‍යයක් නිමා වී පැමිණ අපි මදුවිතෙන් සප්පායම් විමු.මිතුරා ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන.අද නීති වෘත්තියේ යෙදෙන ඔහු විපුල ප්‍රභාත් හෙට්ටිආරච්චිය.අද විටෙක ඔහු මට බන්ධනාගාරය තුළ දී හමුවන්නේ රැදවියන්ට උපදේශනය සඳහා පැමිණ සිටියදීය.තවත් මිතුරෙක් වූයේ එවකට දෙමටගොඩ දුම්රිය ස්ථානාධිපති වූ සමන් ය.මා ඔහුගේ සම්පූර්ණ නම සිහිකර ගැනීමට උත්සාහ දැරුවද මතකයට නොනඟින්නේය.
මත මදකින් රසට පෙරළමින් ගී පදවලට පැමිණෙමින් තිබිණ.ඔමාර් ඛයියාම්ට අනුව යමින් ළඳුන් උවමනා හැඟීමක් බවට පෙරලෙන බව දත්තෝ හොරගෙල් අහුලමින් එවකට හොද තරුණ වයසේ සිටි අප වටා කැරකෙමින් ඉඟි-බිඟි දෙමින් සිටියහ.ඒ අතරින් බ්ලවුස් එකකින් සහ රෙද්දකින් සැරසි ගැහැණියක් ඉස්සර විය.මතයි තරුණකමයි සමඟ මේ වැඩේට උත්තර දුන්නේ අනවශ්‍යය බව හඟවමින් නොවිණ.
‘අපෝ ඔයාට වඩා තරුණ කෙනෙක් නැද්ද?
මිතුරෙක් ඉස්සර විය.තරුණ නම් නැහැ.ගොඩක් පොඩියි.ඕනිනම් දෙන්න පුළුවන්.හැබැයි කටේ විතරයි මහත්තයො.ඒකනම් නියමෙටම කරනවා.
ගැහැණිය රස වපුරමින් ඇස් නටවමින් කියාගෙන ගියේය.
කෝ කොහෙද ඉන්නෙ?
පළමුව සංවාදයට සම්බන්ධ වූ අය පෙරට පැන්නේය.
‘මේ ඉන්නේ‘
ඇය අතේ එල්ලී සිටි අවුරුදු පහක් හයක් පමණ වූ දැරිවිය අප දෙසට තල්ලු කළාය.
වෙරි හිදිණ.අපි නිරුත්තර විමු.නිහඩතාවය බිදිමින් දුම්රිය සේවකයා ඉස්සර විය.හයේ හතරේ දේහයකට ආසන්න සමන් ඒ ගැහැණිය වෙත කඩා පැන්න ආකාරයට අප නොනැවත්තුවේනම් අද මා වැලිකඩ උගන්නන නාට්‍යයට ඔහුවද සම්බන්ධ කර ගන්නට තිබිණ.දහයකට ආසන්න වූ අපේ රැල සමන්ගේ ඇඟේ එල්ලුනේ ගලිවර්ගේ ඇඟේ එල්ලෙන ලිලපුට්ටන් ලෙස ය.
ඇය වේගයෙන් අප වෙතින් ඉවතට ඇදිණ.‘යකෝ මේක මාර වැඩක්නෙ.මේකි කී දෙනෙක්ට සැප දීල ඇද්ද?මුන්ටනෙ අමාරුව.‘ ඒ ඈ ඉවතට ඇඳෙන අතරතුර කී කතාවය.
දැන ප්‍රශ්නයක් තව ඉතිරිව ඇත.ඒ ඈ කී “කීදෙනා“ අතර සේයාගේ ඝාතකයාට අමතරව තවත් අය සිටිය යුතුය.ඇතැම් විට ඒ එකෙක් දෙන්නෙක් උද්ඝෝෂකයන් අතර ද,වෙන වෙස් මුහුණකින් සිටිය හැකිය.
මා වෙස් මුහුණු කතාව කීවේ තවත් අත්දැකීමක් සමඟය.
වරක් මට ගුණසිංහපුර ලැඟුම්හල් සමඟ ලොකු සම්බන්ධයක් තිබිණ.ඔවුන් ඈෂ් හෝ ගංජ බිදක හෝ රස බලද්දී ඊට සම්බන්ධ නැති අරත්තුලෝලීන් සමඟ මා ද ගල් විදුරුවක් හෙමිහිට හෙමිහිට හිස් කරන්නේය.එවකට මාවතේ සිටින පුර අඟනන්ට මෙම ලැඟුම්හල් දොරටු විවර වන සේම ලැඟුම්හල්වලද එවන් සංචිතයක් තිබිණ.
මා ඔවුන්ගේ සමීප හිතවතෙක් වූ පසු එහි සිටින අඟනුන්ද සමීප විය.ඇතැමෙක් විටෙක මධුවිතෙන් සප්පායම් වී කම්මුල් මත හෝ දෙතොල් මත හාදුවක් තබා යන්නේ ප්රසිද්ධියේය.ඒ සමඟම හිතවත්කමට ජීවිතයේ සියල්ල මට කීමද ඔවුන්ට අමුත්තක් නොවිණ.
වරක් එහි පැමිණි අවුරුදු 18 ද නො‘ඉක්ම වූ ‘දීපිකා‘ දවසක් පැවසුවේ ඇයට දිනකට 40 ට වැඩි පිරිසක් සමඟ යහන් ගත වීමට වන බවය.එහෙත් හිතෙන් නොව කයින් කරන ඒ ගණු-දෙණුවේදී ඔවුන් පුරුෂයාගේ ධාතු විනාඩි ගණනක දී පිට කරවා ගන්නා හැටි හෝ,ගණු-දෙණුකරුව අතින් සනස්සවා එළියට දැමීමේ උපක්‍රම ඔවුන් දන්නා නිසා මේ 40 විහාල ගණනක් නොවන්නේය.
දීපිකා අතිශයින් රූමත් නිසා ඒ ඉල්ලුම ලැබෙනවා යැයි සිතූ විට ගණන 40 නම් පාරේ සිටින අයත් ඒ වෙනුවෙන්ම දිනකට රුපියල් 1500 ක පමණ එවකට ශුද්ධ ලාභයක් ලබන මට්ටමේ වූ ත්‍රී රෝද රියදුරන්ද ගත් විට,කොටුව,පිටකොටුව,මරදාන සහ ආමර් වීදීය ආශ්රිත ප්‍රදේශවලත් දිනකට ගැහැණුන් ප්‍රමාණය ඉක්මවා එක ගැහැණියකට පස් හය වතාව ලෙස ගත්තද යහන් ගත වෙන පිරිමි දහස් ගණනකි.එහෙත් මේ අය අතරින් සියයට අනූවක් පමණ ගණිකා වෘත්තීය නීතිගත කිරීම ගැන කතා කළ විට පෙළපාලියට එක් වන්නෝය.
ඒ ආකාරයෙන් බලද්දී මේ සමාජය ගැහැණිය සහ පිරිමියා අතර හෝ ලිංගික චර්යාවන් ඇසුරේ විවෘතව අදහස් හුවමාරු කර ගන්නට තරම් දියුණු නොවූ වට-පිටාවක් සහිත සමාජයකි.වැට කඩුලු එමටය.මේ සියල්ල සිදුවන්නේ ඒ වැට කඩුලු වලින් සිරවුණු පුංචි කොදෙව්වකය .මේ සිතුවිලි සිර කුටියෙන් පැන යන කය කොතැන නවතීද?කුමන දෙයක් කරාවිද යන්න සැකය.ඒ නිසා එක රැයකින් සේයා ඝාතකයා නිර්මාණය නොවූවා සේම,සේයා වැනි මල් කැකුළු අකලට පර කොට දමන්නන්ද එක් රැයකින් නැති කර දැමිය නොහැකිය.
සේයා මකා දැමිය නොහැකිය.නමුත් සේයාවන් මතු නොවන්නට කළ හැකි දේ ඇත්තේය.සේයා ඝාතනය කළ එකෙකුගේ හෝ පිරිසගේ මානසිකත්වය මටනම් ඇය ගැන හඬමින් ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ අයට බෙහෙවින් සමාන බව ද කිව යුතුය.