Wednesday, September 9, 2015

බයි ටොයි ටියුන් එක


කාලයක සිට පිරිසක් බයියෝය.පිරිසක් ටොයියෝය.මේ බයි කතාවට පන දුන්නෙ හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී අය - වැය ඉදිරිපත් කර ඇසූ ‘කොහොමද බයියන්ගේ වැඩ කතාව‘ නිසාය.මේ කතාවෙන් ගම්‍ය වන්නට වූයේ මහින්දට බයි කතාවෙන් රිදෙන බවය.මහින්ද කියන ඕනෑම දෙයක් වැළදගන්නා පිරිස ඉන් අනතුරුව ස්ව කැමැත්තෙන් බයියෝ වූ අතර සෙස්සෝ (විශේෂයෙන් යූඇන්පී) ටොයියෝ වූහ.

මේ දෙපිරිසෙන් පැත්තකට මා ද මේ වෙන විටත් දමා ගෙන තිබෙන බව මම දනිමි.නමුත් කිසිවෙකුට මා එම වචනය යොදා නැත.සාමාන්‍ය ජනතාව බයියන් හෝ ටොයියන් නොවන අතර ඔවුන් සියල්ලම බයියන් කර ටොයියන් ලෙස වැජඹෙන්නේ මේ බෙදීම ඇති කරන පිරිසය.දැන් මේ කතාව පැහැදිළි කරමින් ටොයියන් එක පිළක් වී ඇත.මේ පිළ තුඝ සිටින ඇතැමුන් සම්බන්ධයෙන් ඉන් පිටත සිටින අපි නැවතත් බය - ටොයි වාදය මවා ගනිමින් ගැටුම් ඇති කරමින් සිටිමු.හිත පාර ගනිමින් සිටිමු.

මේ දේශපාලන සංස්කෘතිය හිරිකිත වන්නේ මේ බෙදීම් නිසාය.තමන්ට කැමති පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටින්නට ඇති අයිතිය තවෙකෙක්ට රුස්සන්නේ නැත.මේ නොරිස්සීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන්නට යාමෙන් තත්ත්වය තවත් භයානක වන්නේය.තවත් අයකුගේ දේශපාලනය ඉවසන්නට බැරි වීමම ප්‍රජාතන්ත්‍රවාදි නොවන්නේය.මේ බයි - ටොයි බේදය ඇති වීමේ සංස්කෘතික අවුල නිර්මාණය වීමේ තැනය.

දැන් මේ බේද භින්න වූ මතවාදීව හැප්පුණු අය හිත පිරිසිදු කර ගැනීමට පත් වී ඇති ඇමති මණ්ඩලයට බනින්නට පටන් ගෙන ඇත.එහිදි මතු කරන ප්‍රධාන තර්කයද පත් වූ එකා බයියෙක්ද ටොයියෙක්ද යන්න විමසා බැලිමය.මොකෙක් වුව ද උන් ඔක්කොම සිටින්නේ ඇමති මණ්ඩලයේ එකටය යන්න මෙහිදී අපි අමතක කරන්නෙමු.ඒ දැන කරන වරදක් විය හැකිය.නැතිනම් හිතන්නට අමාරු නිසා නොසිතා කරන අවලාද නැඟීමක් ද විය හැකිය.

මුල සිටම වගේ මේ බයි ටොයි චැනල් ටියුන් වන්නේ වැරදියටය.ඒවා පුද්ගල කේන්ද්‍රීයව කරන විවේචන බරපතලය.ඒ විවේචනයට ලක්වන අය සම්බන්ධයෙන් පෙනී සිටින අයට ඔහුව ආරක්ෂා කිරීමට අවශ්‍යය සාධක ලෙස මතු කරන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ සිටින ඊට වඩා නරක අයෙක්ය.නැතිනම් විවේචනයට පිළිතුරු එන්නට ගන්නේ තිත්ත භාෂාවෙන්ය.කවුරුත් වරද වැරදි හැටියට දකින්නේ නැත.ඒ වරදට ප්‍රති පිළේ වරදක් කපා සමාන කරන්නට යාමේදි වරක් විමල් වීරවංශට එකින් එක බෙදූ විට බිංදුව වූ ආකාරයේ උත්තර මැවෙන්නේය.ඇත්තටම එවැනි ක්‍රියාවල සමාජයට ලැබෙන ප්‍රතිපලයනම් බිංදුවමය.

මොන ඇමති ආවත් ඒ ඇමති රටට වැඩ කළ යුතුය.වැඩ නොකරන්නේනම් ඒ සදහ අවශ්‍යය ආකාරයට සිවිල් සමාජය සමග අවශ්‍යය ජනතා මැදිහත්වීමට පෙළ ගැසිය යුතුය.ඒ වෙනුවෙන් උන් එක පිළක් වූ ආකාරයට සාමාන්‍ය ජනතාව වන අප ද එක පිළක් විය යුතුය.බැනගත්තු,කියාගත්තු දේ වල හැටියට එක පිළක සිට එක අරමුණක් වෙනුවෙන් කතා කරන්නට පුංචි ලැජ්ජාවක් ඇති විය හැකිය.එසේත් නැතිනම් ඒ ඒ පිල් වෙනුවෙන් වෙහෙසීම නිසා ලැබුණු පඬුරු පාක්කුඩම් නිසා දිවවල් අඟුළු වැටී තිබෙන්නට ද පුළුවන.නමුත් මේ අඟුළු මහා ප්‍රශ්නයක් නොවන්නේය.ඇමතිවරු එක පිළක සිටින අයුරෙන් අපිටද එක පිළකට ඒමට හැකිය.

දැන් පුද්ගලයා සහ ඇමතිකම කොටස් දෙකකට බෙදා ගත යුතුය.ඔහු ඇමතිවරයා ලෙස කරන දේ කවරේද යන්න මිස පුද්ගලයා ලෙස කළ දේ සිතීම පසෙකට දැමිය යුතුය.ඇමති වගකීම දරන හැටි විමසා බැලීමට කාලයක් අවශ්‍යය වන්නේය.පාසල් අවධියේද දඟයන් හොඳ කිරීමට ශිෂ්‍ය නායක පදක්කම් පපුවේ ගසන අයුරු අප දැක ඇත.මහා අපරාධකාරයන් වැරදි තේරුම්ගෙන ජීවිතය හැඩගසාගෙන හොදින් ජීවත් වෙන්නට අවශ්‍යය වටපිටාව සකසා ගන්නට වෙර දරන අයුරු මා බන්ධනාගාරය තුළ දී දැක ඇත.

ඇමතිවරුන් ලෙස පත් වූ අය එවැනි පුනරුත්තාපනයක් ලබනු ඇතැයි මා විශ්වාස නොකරමි.නමුත් සෑහෙන දුරක් ඔවුන්ට හොද අතට වෙනස් වීමේ හැකියාව නැතැයි මම නොකියමි.ඒ නිසා බයි-ටොයි ටියුන් කිරීම අත හැර ඇමතිවරුන් රට සහ අපි වෙනුවෙන් ටියුන් කරවා ගැනිමට අපි එක පිළක සිට මීටරය කර කැවීමට උත්සාහ ගත යුතුව ඇත.අවශ්‍යය චැනල් එක හොදට ටියුන් නොවුණ ද බර බර ගෑවිල්ලේ හෝ ඇසිය හැකිනම් කවදාවත් අපි ටියුන් කරන වුන් අපිට උන්ගේ චැනල් එක අපේ ලෙස අසන්නට දීම හෝ වෙනස් කර ගැනීමට හැකිවනු ඇත.

තව දුරටත් අපි පිල් ලෙස නොව එක පිලක් ලෙස වැඩ කිරීමේ හැකියාව අත්හදා බලන්නේනම් අමාත්‍ය මණ්ඩලය එක පිලක් ලෙස එක අරමුණකට ගෙන ඒමට එය සාධනීය ක්‍රියාවලියක් වනු ඇති බව මගේ විශ්වාසය ය.

(පත් වූ ඇමති මණ්ඩලය නිවැරදිම හෝ නිවැරදි එකක් ලෙස අර්ථ ගැන්වීම උත්සාහය නොවන්නේය.අපි නිවැරදි අස්ථානයක සිට සමාජය නිවැරදි අවශ්‍යයතාවයන් වෙනුවෙන් සංවිධානය කළ හැකිද යන්න අත්හදා බැලීම වටිනා බව සිතන බැවින් මේ සටහන තැබුවෙමි.) 

8 comments:

  1. අදයි මෙ පැත්තට මුලින්ම ආවෙ.මම අකමැතිම පිරිසක් තමයි දේශපාලන පක්ෂ පාට බදාගෙන ඉන්න පිරිස.මිනිස්සු මෙචිචරටම මෝඩද කියලා හිතෙනවා.දේශපාලඥයෝ වාසි තකා පක්ෂ පාට මාරැ කර කර හැමදාම තමන්ගේ මඩිය තද කරගන්නවා .මෙ මෝඩ මිනිස්සු කැපුවත් කොල කැපුවත් නිල් කියන මතවාදය අස්සේ හිර වෙලා හිතමිත්‍ර ඥාති සහොදරකමි පවා අමතකා කරලා මරා ගන්නවා.අපේ රටෙ ඡන්ද දායකයො ගැන නමි කියලා වැඩක් නැ.

    ReplyDelete
  2. ආවට ස්තූතියි දිගටම රැදෙන්න

    ReplyDelete
  3. අර කුඩ්ඩොත් දැන් අැමතිලා.... කසිප්පුකාරයොත් අැමතිලා... මානසික රෝගීනුත් අැමතිලා.... අරකයි මේකයි දෙකම ඒකයි....

    ReplyDelete
  4. මිනිස්සු සයිවර් කඩෙයි ෆයිව් ස්ටාර් හොටෙල් එකෙයි එක විදිහට හැසිරෙන්නෙ නැහැ.ඒ නිසා හෝටලය කොයි වගෙ එකක්ද කියලා දැන්ම කියන්න අමාරුයි.එක ඒක.දෙක හෝටලේ අපිට ඒන විදිහට හදා ගන්න හැමෝටම වකීමක් තියෙනවා.ඡන්දෙට තිබුණු උනන්දුවම මේකටත් තිබිය යුතුයි

    ReplyDelete
  5. දැන් මචෝ ටොයි බයි බේදයක් නෑ නේ...

    ඔක්කෝම කැඳ හැලියේ වගේ එකට ඉන්නේ කිසි අවුලක් නැතිව...

    ReplyDelete
    Replies
    1. තවම මරා ගන්නව බං.බලපංකො බුකිය

      Delete
  6. කොහොමත් දැන් කිව්ව වෙනසේ ප්‍රතිපලයත් අර විමල්ගේ "බින්දුව"වගේද කියලා හිතෙනවා. බයි-ටොයි එකතුව උන්ගේ පැවැත්මට මිසක් රටේ අනාගතය වෙනුවෙන් නම් නෙමේයි.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ තව ඉන්න වෙනව මනෝජ්.විමල්ගෙ ගාණෙ බිංදුවයි එයාගෙ බිංදුවයි වර්ගයක්නෙ එතන

      Delete