Tuesday, July 1, 2014

කැත හීන


මම අම්බානෙක හීන දකිනවා.හැබැයි ඒ නින්දෙන් නෙමෙයි.උදහරණයකට ගත්තොත් මේ දවස්වල නාට්‍ය සම්පූර්නයෙන් දැකල ඉවරයි.ලයිට් වැටුණම මේක් අප් ආවාම ඇදුම් හැදුණම මේ ඔක්කොම එක්ක දැන් දර්ශන වාර පනහක් හැටක් ප්‍රදර්ශනය වෙලා තියෙන්නෙ.

ඒත් මේ හීන අතරට ඇස් පියා ගෙන නින්දට වැටුණම පේන හීනත් තියෙනවා.හීතල දවස්වල මේ හීන වැඩියි.හීතලයි හීනයි අතරෙ සම්බන්ධයනම් මම දන්නෙ නැහැ.සමහර විට මාතලන්,අරූ හෝ කකා දන්නව වෙන්නත් පුළුවන්.එහෙම නැත්නම් අපේ වෙන එකෙක් හරි දන්නවනම් හීතලට හීන මෝදු වෙන හැටි ලියපල්ලා.මම දන්නෙ හීතලට මෝදු වෙන වෙන වෙන දේවල්...

මේ හීනෙදි සම්බන්ධ වෙන්නෙ මහනුවර.

පාරවල් ඔක්කොම වහල.බෞද්ධයන්ගෙ කම්මුල් වල තමන්ගෙම අත් වහල.අනේ අපොයි කියා ගෙන පාර බලා ඉන්නවා.මහනායක හාමුදුරුවන්ට එරෙහිව පඩයක්වත් අරින්න ඉදිරිපත් නොවුණු රටක නායකත්වය කිසිත් නෑසුණු ගාණට උන්නාන්සෙලා විරුද්ධ වුණු කාර් රේස් එක පවත්වන්න හදනවා.මහනායක හාමුදුරුවරුන්ගෙ විරුද්ධත්වයෙන් සංතාපයට කෝපයට පත් සිංහල බෞද්ධ පිරිස් නිවි සැනසී නැවත වෛර වී මේ වැඩේට කොහේ හරි හම්බයෙක් සම්බන්ධනම් ඔළුව පලන්න හිතා ගෙන සහ ඒ මදි වුනොත් මරං කන්න බලා ගෙන  දත කට බැදන් බලං ඉන්නවා.

හැමෝගෙම හිතෙ එක අදහසයි තියෙන්නෙ.බුදු හාමුදුරුවො සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස දෙසා වදාළ බුද්ධාගම අලුත් මුද්‍රණයකින් සිංහල ජාතියට අයිති දෙයක් බවට පත් කළ සහ සියළු සත්වයෝ පිළිබද ඇති කර ගත යුතු මෙත් මුදිතාව,සිංහල බෞද්ධ පිරිස පිළිබදව පමණක් ඇති කර ගත යුතු බව කී අපේ කාලයේ සෙකන්ඩ් හෑන්ඩ් බුදුන් නානසැරව දැන් වඩිනු ඇති බවට කාගෙත් විශ්වාසයයි.

මහනායක හාමුදුරුවරු අවසර දෙනවනම් රජය පවා පෙරළන බවට ප්‍රතිඥා දී තිබීමත් නිසා මේ විශ්වාසය තවත් වැඩි වෙලා මේ පිරිස පාර බලා ඉන්නවා.බෞද්ධයො ඇකැපයි කියා සිතන මහානායක හාමුදුරුවරු පවා එපා කියන මේ කාර් රේස් එකට අබ සරණං වෙන්න නානසැරව දෙන හැටි හැමෝගෙම හිත් වල රැව් පිළිරැව් දෙනවා.

සිතුවිල්ල සැබෑ කරමින් නානසැරව පට්ට ඒසී කාර් එක මතු වුණා.මිනිස්සු සාදු කිව්වා.රියල් ස්ටාර් වගෙ නානෙ අත දාලා සැලියුට් කළා.සාදු එකට ජයවේවා කියලා හඩකුත් එකතු වුණා.මනුස්සය කාර් එකෙන් බැහැල ඒ වෙන කොට ආරම්භ කරන්න සූදානම් කරල බ්රූම් බ්රූම් කියලා සද්දෙ දදා තිබුණු කාර් ටික ඉස්සරහට වැඩම කරන්න පටන් ගත්තා.

වැඩ්ඩ වැඩිල්ලක් සිවුර වෙලේ කියන වේගෙන් වැඩපු උන්නාන්සෙ අතේ බැබලි බැබලි තිබුණු කළු සුදු කුඩය ඊ ළග මොහොතේ සංවිධායකයන්ගෙ හිස් මත පතිත වේය යන ශ්‍රද්ධාවෙන් පිරි කරුණාව පිරි විශ්වාසයෙන් සියළු බෙෘද්ධයෝ සිය අනන්‍යතාවය පැහැදිළි කරමින් සාදු කාර දෙන්න ගත්තා.ඒ වෙන කොට ආරම්භ කරන්න පෝලිම් ගහල තිබුණු වාහන ශබ්දෙත් හොල්මණකට බය වෙච්චි ගාණට වෙව්ලන එකක් වුණා.

නානසැරව කාර් රේස් එකේ ස්ටාර්ට් එකට පෝලිම් කරලා තිබුණු කාර් වලට මුහුණ ලා දකුණු අත පැත්තෙන් හිට ගත්තා.ඉස්සුවා කුඩේ ඉහළට.සාදු කාරය වැඩි වුණා.හඩ තිව්ර වුණා.කුඩය පහත් කළා.කාර් ටික ඉගිල්ලුණා.

'යකෝ කුඩයක් නෙමෙයිනෙ ඒක,කොඩියක්නෙ'

කවුද කිව්වා.ඒ වෙන කොට දළදා උන්නාසෙට මුහුණ ලා නට නටා උන්න රුසියානු රූමතියන් දෙස බලා ගෙන නළලට අත තැබූ නානසැරව සාදුකාරයක් දුන්නා.බෞද්ධ ජහමනයත් ඒකට හයියෙන් සාදු කිව්වා.සාදු සද්දෙයි බ්රූම් සද්දෙයි එකට මුහු වෙලා ආපු සද්දෙට තවමත් නිකං කැරකිල්ල වගේ.

හීන වල හැටි . . .

(පෞද්ගලිකව මම නම් කාර් රේස් වලට විරුද්ධ නැතියෝ)

29 comments:

  1. මරු හීනෙ..නිශ්මන් මේ නොකිය කියන්නෙ නානසාරත් ලොක්කගෙ බළල් අතක් කියන නෙවද..
    හිහි...
    අපේ ජහමනය මොනව වුණත් නොපෙනන තත්වයට නිලංකාර වෙලා ඉන්නෙ..
    ආස්චර්යෙන් ඇස් ගිනි කන වැටිල
    ඔහැක්...

    ReplyDelete
  2. අනේ මන්ද බං.බලහංකො පේන හීන වල හැටි..

    නිකං හැබෑවක් වගේ නේද හිතෙන්නෙ.ඔය වගේ හීන ගොඩක් තියෙනවා.මීට ඉස්සරවෙලා එහෙම දැකපු හීන වල කතා අපේ පොලිසියෙ මාද්දිය ප්‍රකාශකතුමා කී සැරයක් ඒ විදිහටම කියලා හැබෑ කළාද ...

    දන්න කියන අය හීන අස්සන්නනම් එවන්න එපා

    ReplyDelete
  3. මාර හීනනේ පේන්නේ නිශ්මටත්...

    ReplyDelete
    Replies
    1. හීතලනෙ මචං

      උඹලත් නිකමටවත් ප්‍රෙස් කල්බ් යැයි සැක කරන ස්තානයටවත් කතා කරන්නෙ නැහැනෙ

      Delete
  4. මාර හීන නේ පෙන්නෙ ඈ ..මෙව්වා හැබෑ වෙයිද ??

    ReplyDelete
    Replies
    1. හැබෑ වෙමින් පවතියි

      උම්බෑ කියන්නට හැකිනම් ගැටළුවක් නොනගියි

      Delete
  5. ඔය වගේ හීන මටත් පේනවා. හීතලට සුපිරි හීන පේන ඔටෝ ඒ සී නිසා. උඹ මලක් ගහලා තියෙනවද ඒ සී රූම් එකක ඉඳලා. එතකොට ඒ සී බාර් එකක බීලා තියෙනවද? කොහොමද ඒ ආතල් එක. කූල් කියන්නේ කොලිටි දෙයක් අපේ වගේ සමකය ගාව තියෙන රටවලට.

    මමත් කාර් රේස් වලට් විරුද්ධ නෑ. නුවර තියනවට විරුද්ධත් නෑ. ඒත් අර යුද්ධෙ කාලේ වහපු මාලිගාව අද්දරින් ගිය පාර තාමත් වහලා තියෙන එකට නම් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. ඒසී වල බීල වමනෙ කරලත් තියෙනවා මචං මල නම් නැහැ.මාර අවුලක් මාතලන් මට මල වදින්නෙ නැහැ.හොයා ගෙන ගියා ඒක අවුලක් ද කියලා එහෙම එව්වො ඉන්නවලු .කාලකණ්නි නේද?

      Delete
  6. පැරැණ්නො කියලා තියෙනවාලුනෙ රෑට පංසිල් අරන් නිදාගත්තම ඔය භයානක උදවියව හීනෙන් වත් පේන්නෑ කියලා. ඇත්තද කියලා බලන්න කරලා බැලුවා නම් හරි.

    ReplyDelete
    Replies
    1. අත බැදන් නිදා ගත්තත් පේනව බං

      Delete
  7. ඒක මරු හීනෙ! ආස්චර්ය කරා යන සීඝ්‍රගාමී ගමනෙදි ඔය හීන හැබෑ වෙන්නත් බැරිකමක් නෑ.....

    ReplyDelete
  8. පුදුමාකාර හීනයක් නේ..මම මේ නොදන්නා කමට අහන්නේ..නිශ්මන් ට ෂුවර් ද ඔහේ ඇත්තටම නිදා ගෙන හිටිය කියල.

    ReplyDelete
    Replies
    1. මමත් උම කිව්ම මේ කල්පනා කරනවා සහෝදරයා

      කාගෙන් හරි අහල කියන්නම් සාක්කියක් නැතිව මොනවත් කරන්න බයයි

      Delete
    2. නානසාර ගෙන් අහන්න . සාක්කි ඇතුවම හම්බවෙයි.

      Delete
    3. සාක්කි ඉතුරු කරන්නෙ නැහැ මචං

      හැබැයි මැරෙනවා සැපයි වටරැකය වගේ තමන්ම ඇටේ කපා ගත්ත කියලනම් කියන්නෙ නැහැ

      Delete
  9. රේස් එක තියන්න එපා කියලා,ආයෙමත් තිබ්බාට කමක් නැහැ කියලා කියන්න වුණා මහනායක හාමුදුරුවරුන්ට,මොකද හාමුදුරුවන්ට වුණත් හිතෙන්න ඇති තමන්ටත් අබ සරණයි කියලා මේකට ලොකු විරෝධයක් ගොඩ නැගුවොත්.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඊ ලග පාර සංඝයාවහන්සෙලාට තරගයක් තියන්නත් ඉඩ තියෙනවා

      Delete
  10. තව ටික කාලෙකදී මේවා හැබෑ වෙන්න පුළුවන් හීන මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි පිං පව් කියලා දෙකක් තියෙනවලුනෙ.එහෙම වෙලාවක හිත හදා ගම්මු

      Delete
  11. ඔබ සිහිනයක් වගේ ... හාදු වැස්සක් අරන්.....දීපිකාගේ එක විෂුවල් එකක රොෂාන් රවීන්ද්‍ර එක්ක චතුරිකා ඉන්නවා. මේ රෙද්දවල් හීන විතරයි. අඩියක් ගහලා නිදා ගනින්. මේ පිස්සු යෝනි ලෝකයක්...... D.. D D

    ReplyDelete
    Replies
    1. අඩියක් නෙමෙයි අගලක්වත් නෑ මචෝ

      මේවා බීපු හීනනම් නෙමෙයි මචෝ පෙවෙන හීන

      Delete
  12. පට්ට හීනේ , නානසාරට වික්‍රමබාහු කරුණාරත්න දාපු කින්ඩිය මතක් වුනා

    ReplyDelete
    Replies
    1. නානසාර අපිට දාන කින්ඩිය ඊට වඩා භයානකයි සමහර විට පරම්පරා ගණනක් විදවන්න වෙන එකක් වෙයි ඉවාන්

      Delete
  13. Honda nedda kona kapagena thambiyek unanam??
    Sinhala kalakanni genunta thambi daawa upan awajathakayo umbala..

    ReplyDelete
  14. Lokuwata bara wachana dala amuthu shailiyakata liwwata umbata Saiman Nawagaththegama kenek hari Sugathapala De Silwa kenek hari wenta be ban. Umba maha gonek. Umbatama hariyana awajathayo tikak innawa meke umbe honda kiyala comment karanta. Un umbawa boruwata udin thibbama umbath wine wela wage moda joke danawa. Ei umba hambainta viruddawa liyanne neththe. Thamange jaathiyata katha hadala veerayek venta be. Heena dekapan thamanwa saha thamange jathiya aagama goda daanta puluwan ewa. Umbata penne ohoma kaalakanni heena nam nidaganne nethuwa hitapan. Ehemath nethinam meriyan-eka hondai ohoma kaalakanni heena bala bala innawata wada. Mama hithanne thamange jaathiya paawaadeela wena jathin walata aawadana eun inne sinhala jaathiye vitharai wenta ethi.

    ReplyDelete
    Replies
    1. හීනයෙ නානසාර විතරක් දැක ඒකෙ තියෙන දේශපාලනය නොදකින එකයි අවුල.නූතණ නානසාර දේශපාලනය විසින් කරන්නෙ ඒ දේ තමයි.කාපිය කොටාපිය අනෙකා මරාපිය කියන බෞද්ධ දේශපාලනය මම දන්නෙ නැහැ.රටක් ආගමක් සහ ජාතියක් අනෙක් ආගම් සහ ජාතීන් යටපත් කර බලය විදහා පෙන්වීමෙන් සංවර්ධනය ව බවක් මම අහලත් නැහැ.කිසිම වෘත්තීය සුදුසුකමක් බවට ආගම පත් විය යුතු නැහැ.බෞද්ධයන් සහ සිංහලයන්ගෙ හිගයක් නෙමෙයි මේ රටේ තියෙන්නෙ හොද මිනිසුන්ගෙ හිගයක්.අවුල තියෙන්නෙ කොණේ කියලා හිතෙනවනම් කොණ කපා ගන්න.එතකොට හිත පෑදෙයි.ඊට පස්සෙ හිතන්න ගන්න.මම නම් ඔය කොණෙන් හිතන්නෙ නැති නිසා ඒක අයින් කර ගන්න අවශ්‍යය වෙන්නෙ නැහැ

      Delete
    2. නිශ්මං......අති සාර්ථක ඩෑෂ් ප්‍රහාරයක්!!!!!!!!!!!!!

      Delete
    3. පිස්සු බං මුන්ට.

      Delete