
මේ රටේ ජීවත් වෙන ඕනිම ජාතියක ආගමක මිනිහෙක්ට පොදු පහසුකම් සහිතව ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න බැදිල ඉන්නෙ ආණ්ඩුව.ඒක සිංහල බෞද්ධයන්ට විතරක් අයිතියි කියල හිතනවනම් මානසික අර්බූදයක් නිසා ඇති වෙන තත්ත්වයක්.ඒකෙන් තමයි වෙනත් ජාතීන් වලට අයත් පිරිස් සහ වෙනත් ආගමිකයන් ප්‍රධාන ධාරාවෙන් වෙන් වෙලා කල්ලි ගැහෙන්නෙ.එතකොට මොකද කරන්න වෙන්නෙ පිරිත් නූල් අතේ ගැට ගහල තුවක්කුව අතට දීල ගිහං සිංහල බෞද්ධ විරෝධීන් මරාපිය කියල යුද්ධයට දක්කනවා.ආණ්ඩු යුද්ධෙ පිටින් දාලා ජනතා ප්‍රශ්න අමතක කරලා තමන්ගෙ නියෝජිතයො එක්ක ආතල් ලයිෆ් එකක් ගෙනියනවා.
සාමාන්‍ය ජනතාව යුද්ධය නියෝජනය කරමින් යුධ පිටියෙ මැරෙනවා.සියලු සත්වයෝ නිදුක් නිරෝගිව සුවපත් වේවා කියපු බුදු හාමුදුරුවන්ගෙ බුදු ගුණ ආනු භාවයෙන් සිංහල බෞද්ධ නොවන මිනිස්සු මරන්න යුධ භටයන්ට ශක්තිය ලැබේවා කියලා හාමුදුරුවරු බෝධි පූජා තියනවා.සෙත් පිරිත් ගායනා කරනවා.ඕක අමුතුවෙන් නොකීවට මේ රටේ වුණ බව දැන්වත් කල්පනා කරන්නකො.
දැන් ආයෙමත් විල්පත්තුවට හැරෙමු.කවුද මේ අනවසර තැන් වල පදිංචි කරවන්නෙ.මේ රටේ උන් හිටි තැන් නැති මිනිස්සු.ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් හදා දීමට ආණ්ඩුවට බල කිරීමත් මේ රටේ මිනිස්සුන්ගෙ වගකීමක්.ඒ වගේම රක්සිතය විනාශ කරමින් අනවසර ලෙස කැලෑව සුද්ධ කරමින් කරන වන විනාශය නැවත්වීමේ ආණ්ඩුවේ වගකීම තහවුරු කරමින් ඊට එරෙහිව අරගල කිරීමත් මේ රටේ ජනතාවගේ වගකීමක්.
එහෙනම් විල්පත්තුවේ සටන හරියටම ඇරඹෙන්න ඕනි වන විනාශය නැවත්ීම සදහා සහ එහි සිටින උන් හිටි තැන් අහිමි මිනිස්සුන්ට වහලක් යට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නත් ආණ්ඩුවට කරන බලකිරීමත් එක්ක.
වන විනාශය වහා නවතව්!
උන් හිටි තැන් නැති මිනිසුනගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරව්!
No comments:
Post a Comment