
දැන් පොඩ්ඩෝ පොඩි නැත.ශිෂ්‍යත්වය කරන කාලෙ වන විටම ඔවුන් කොහෙන් හෝ හෙළුවැලි පිංතූරයක් කතාවක් බලා අවසන්ය.එසේ නොමැති එකෙකු සොයා ගැනීම දුෂ්කරය.ඒ නිසා මාමලා අයයිලා කුරුල්ලන් හුරතල් කරන්න එන්නේ ආදරයට නොව වෙනත් පරමාර්ථ වලින් බව දැන් ඉන්න පොඩි එව්වන්ට ඉබේ වැටහෙන්නේය.ඒත් තවමත් වෙන දේවල් කියන්නට තරම් වැඩිහිටියා සහ පොඩි දරුවා අතර තිබිය යුතු සමීප සම්බන්ධය නඩත්තු කරන්නට පවුල අසමත්ව ඇත.
තෝ මොකටද එපා කියල තියෙන තැන් වල රිංගුවෙ යනුවෙන් පොඩි එකාටම විරුද්ධව එන පළමු ගෝරනාඩුව නිසා මේ ගැන කියන්නට කට අරෙන්නේ නැති තරම්ය.එහෙත් කොහෙන් හෝ තැනකින් වැඩේ පත්තු වීමට ඇති ඉඩ වැඩිය.
එ් නිසා දැන් කාලයේ පොඩි එකීලා තරමටම පොඩි එව්වෝද පරිස්සම් කළ යුතුය.ඒ සදහා ඉබි යතුරු දමා දොරවල් වසා කොල්ලෝ ගේ ඇතුළට දමා පලක් නැත.කොල්ලන් ගැන ඉවසිල්ලෙන් සහ විමසිල්ලෙන් බැලීම දෙමව්පියන්ගේ යුතුකමය.ඒ කියන්නෙ යන යන තැන හෙවනැල්ල මෙන් පස්සෙන් වැටී සිටිීම නොවන අතර දරුවා සමග මේ කාරණා පිළිබදව විවෘතව කතා කිරීමය.අඩු ගාණෙ පුතේ කාටවත් ඔයාගෙ චූ පැටිය හෙම අල්ලන්න දෙන්න එපා.ඔයා එපා කියද්දි අල්ලන්න ආවෝත් ඒ වෙලාවෙම හරි එදාම හරි මට කියන්න ඕනි.දරුවාට මේ ටික කියා දෙන්නට තාත්තලාට පෞරශයක් තිබිය යුතුය.දැන් කාලේ මාමලා අයියලා පමණක් නොව ඇන්ටිලා සහ අක්කලා ද චූටි කුරුල්ලන් හුරතල් කරන්නට ප්‍රියතාවයක් දක්වන බව පැවසෙන ප්රවෘත්ති වාර්තා වන බැවින් ඒ පිළිබදවද දරුවා ට පෙර උපදේශයම ලබා දී තිබීම වැදගත්ය.
දැන් ඒ වගේම අනිත් පැත්තටත් පුංචි කරුල්ලන් ද දඩයම් සිත් ඇත්තෝ වීමට හැකි බැවින් ඇන්ටිලා සහ අක්කලා ද මල්ලිලාගේ කුරුළු පිණුම් වලට උඩගෙඩි දෙන්නට යාම හොද නැත.ඒ සමහර විට දන්නෙම නැතිව පුංචි කරුල්ලන්ට දඩයම් විමට ඉඩ-කඩ පවතින නිසාය.
ජය වේවා ෆලෝවර් ගැජට් එක දාන්න
ReplyDeleteඅපි තාම එල්ලිලා ඉන්නෙ කන්යාභාවයෙනෙ... තව ටිකක් කල් යයි ඔය කතාව අපේ මිනිස්සුන්ගෙ ඔලුවට යන්න... ගෙවල් අස්සෙ දාගෙන කෙල්ලො පරිස්සම් කළාට වැඩක් නෑ උන්ව බාරගන්න ඉන්න කොල්ලොන්ගෙ ගන්න දෙයක් නැත්තං....
ReplyDeletefriend connector follower gadget එක එල්ලුවා නං හොඳයි... add a gadget එකේ ඇති.... ගූගල් ෆලොවර් එක තාම එච්චර සාර්ථක නෑ....
thanks
Deleteඇත්ත තමා අක්කේ. "කොල්ලොනම් නාවල ගෙටගන්න පුළුවන්" සංස්කෘතිය ට මම විරුද්දයි.
Deleteහිරු කියපු එක එල්ලුවා බලන්නකො අරවිනදටත් තෑන්ක්ස්
Deleteපුංචිකාලෙ හෙළුවෙ වගක් නැත.කුරුල්ලා එලියෙ දමා ගෙන ගමණක් වුව ගොස් පැමිණිය හැකිය.පොඩි තව් කෙනෙක් හෙවත් බාල අපරාධකරුවෙක් නරක අදහසකින් එළියෙ දමා ගෙන සිටින කුරුල්ලා හුරතල් කෙරුවත් කවුරුත් ගාණකට ගන්නෙ නැතේ කොල්ලා තරමටම උගේ පොඩ්ඩාද හුරතල් යැයි සිතන නිසාය.මෙසේ පුංචි කුරුල්ලන් නැට වූ කී දෙනෙක් ඒ නටවා ඇත්තේ දරු සෙනෙහසින් නොවන බවට කරුණු ඒත්තු යන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය.
ReplyDelete